Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Oct 11, 2011

හමුවුණා...අනේ හමුවුණා - අවසන් කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11  12
**********************************************


රාජගිරියේ නිවසට යනකන් අපි හතරදෙනාම හිටියේ හරියට ගොළුවෙලා වගේ. වචනයක් හුවමාරුවුනේ ගොඩක් අඩුවෙන්. ගෙදරින් පිටවෙද්දිම මුහුණ දෙන්නට වුණු අසුභදායී සිදුවීම නිසා හැමෝම හිතින් බයවෙලා වගේ හිටියේ. ටිකක්හරි දිරිමත් හිතක් තිබුණු ධනංජය අයියා පවා මේ සිදුවීමත් එක්ක ගොඩක් කැළඹීමට පත්වෙලා හිටියා. ඒත් ඉරුදිකා මේ කිසිදෙයක් නොදැනුනා වගේ වාහනේ පිටිපස්සේ අසුනේ කවුලුවෙන් පිට බලන් යන විදිය දැක්කම මට පුදුමත් හිතුනා. කණ්ණාඩියෙන් එයා දිහා බලද්දි එක සැරයක් එයා ඒක දැක්කා. සුපුරුදු හීන් හිනාව මූණෙ ඇඳුනෙ ඔයා බයවෙන්න එපා සදීප අයියා..මරණෙටවත් අපි දෙන්නා වෙන් කරන්න බෑ කියනවා වගේ. වෙලාවකට පුදුමත් හිතෙනවා මේ කෙලපොඩ්ඩ ගැන.


  ඉඳුරුවේ සිංහරාජ හෝටලයෙන් කෑම කෑවට හිතේ පිරියකින් කෑවෙ නෑ කියලා හැමෝටම දැනුනා. රාජගිරියෙ පුංචි අම්මලගෙ ගෙදරට එද්දි ටිකක් දවල් වෙලා. එයාලා බොහොම ආදරෙන් අපිව පිළිගත්තා. පුංචි අම්මා හා බාප්පා ඇරෙන්න එහේ හිටියේ පාසල් යන ඒ දෙන්නගේ එකම කොළු පැටියා විතරයි. ඒ දෙන්නාගේ ප්‍රතිචාර වලින් එයාලා ඉරූට කොච්චර ආදරේද කියලා මට ගියපු වෙලාවෙ ඉඳන් දැනුනා.

..මේ පුතා ඉන්න එක ලොකුදෙයක් අක්කලාට..අනේ මේ දරුවට රත්නත්තරේම පිහිටයි...

පුංචි අම්මා දවල් කෑම මේසෙදි මම දිහා බලලා කිව්වේ හදවතින්මයි. ඒ කතාවට මගේ හිතත් ටිකක් විතර උණුවුණා.

..ඔව් නංගි..අපි බෙහෙත් අතඇරලා දාලා තියෙද්දි මේ දරුවා තමයි හැමදේටම මහන්සි වුනේ..අපි පහුගිය ටිකේ ඉස්පිරිතාල ගානෙ දුවලා හති වැටිලමයි හිටියේ..

කලින් ඉරුදිකා ජාතික රෝහලට ගෙනාපු වෙලාවෙත් අම්මලා නැවතිලා ඉඳලා තියෙන්නේ මෙහේම තමයි. අම්මා ඒ උදව් පදව් සේරම මතක් කරා. 

   ජීවන්ත ඉරුදිකාව එක්කගෙන එන්න කිව්වේ එදා හවස. ඉතින් හවස ගමන යන්න හිතට මහා බයක් දැනුනත් හැමදේම ඉරූගෙ ඇස්දෙක දිහා බලලා අමතක කලා. 

  හවස ලංකා හොස්පිටල්ස් වෙත ගිහින් ඉරුදිකා  එක්කම ජීවන්ත මුණ ගැහුනා. ජීවන්ත යාළුවෙක් වෙලා මේ හැමදේම කරලා දෙන්නේ සංසාරෙ කොහේදි හරි කරපු උදව්වක් ගෙවන්න වෙන්න ඇති කියලා මට හිතුනා. ජීවන්ත විවිධ ආකාරයෙන් ඉරූව පරික්ෂා කලා. ස්කෑන් කිරීමත් කලා. ඒ අතරේ තවත් වෛද්‍යවරයෙක් එකතුවුනා.

...සදීප මේ ඩොක්ටර් අනූපම් නායිදු..මම ඔයාට කිව්වේ..

... Anupam this is my one of best friend in my school time..Mr. Sadeepa..

...Hello Sadeepa..nice to meet you..

ඩොක්ටර් අනූපම් අපි දෙන්නම අඳුනගත්තා..පස්සේ එයාගෙ මතය කියන්න ගත්තේ ඉරුදිකාගේ වාර්තා නැවතත් පරික්ෂා කරලා බලලා.

...Actually my point of view is this is not a kind of difficult one..but she has to be stronger than previous  time..so we'll be able to examine further about this..

..yes doctor..do you think she will be able to get some relief after this operation..

මම මගේ ඇත්තටම හිතේ තිබුනු ප්‍රශ්නෙ ඇහුවා.

.. yes..of course we expect that..this operation is difficult..but we know we can go through this..Jeevantha will explain all the things..don't be afraid both of you..

ඇත්තටම ඩොක්ටර් අනූපම්ගේ වචන වලින් හිත ගොඩක් හැදුනා. අවසානයේ සැත්කම සඳහා දින දුන්නේ දිනකට පසුවයි. එය එකම සැත්කම නොවෙන්න පුළුවන් කියලා ජීවා කිව්වා.

 හවස ගෙදර ඇවිත් සියල්ල පැහැදිලි කරාම අම්මගෙත් ටිකක විතර බිය පහව ගියා. ඒත් සියල්ලම නෙවෙයි.

*************************************************

...අයියේ..මාත් එක්ක හවස පොඩි ගමනක් යන්න එනවද?..

කොළඹ ගිහින් පහුවෙනිදා හවස මම එළියේ වාඩිවෙලා පත්තරයක් බලද්දි ඉරූ ඇවිත් මගේ උරේට අතක් තියලා ඇහුවා. ඒ වෙද්දි ධනංජය අයියත් කොහේදෝ ගිහිල්ලා හිටියා. මම ඉරූ මගේ උරේ තියපු අත අරගෙන ඒ මූණ දිහා බැලුවා.

..කොහේද මගේ කෙල්ලට යන්න ඕන?...

මගේ හුරතල් වචන වලට හැමදාමත් කම්බුල් රතුවෙන ඉරූ මගේ ලඟට ආවා.

..මට බෙල්ලන්විල පන්සලට යන්න ආසයි...

ඉරූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කිව්වා.

...ඉතිං බබා අද මෙහේ පන්සලේ හවස බෝධි පුජාවක් ලේස්ති කරානේද පුංචි අම්මා?...

..කමක් නෑ ගිහින් එමු..මම අම්මට කියන්නම්.

හවස 4 ට විතර දෙන්නම යන්න පිටත් වුනා. ඉරූ ඇඳන් හිටියේ හොඳට මතක හිටින ඇඳුමක්. දිග සුදු සායක් හා ගොඩක් චාම් හැට්ටය ඉරූ සමන් පිච්ච මලක් වගේ මගේ ලග පිපිලා හිටියා. පාක් එකේ වාහනේ නතර කරලා මල්,හඳුන්කූරු අරගෙ අපි දෙන්නා අත් අල්ලගෙන හෙමින් හෙමින් බෙල්ලන්විල පන්සල ඇතුලට ගියා.

  මල් පහන් පූජ කරලා ගොඩක් වෙලා අපි දෙ න්නම එක තැනකට වෙලා වැන්දා. ජීවිතේ පලවෙනි වතාවට ඉරූ එක්ක පන්සලකට ආවත් ඒක එච්චරම හිත නිදහස් දවසක් නොවීම හිතට දැනුනා. පස්සෙ අපි දෙන්නා ගොඩක් පන්සල වටේම ඇවිද්දා. එක තැනක අපි නැවතිලා වාඩි වුනා. ගොඩක් සෙනග විහාර භූමිය පුරා එහෙ මෙහෙ යනවා.

..සදීප අයියේ..දෙයක් කියන්නම්..

මම වාඩිවුණු සීමා ගල අසලින්ම මගේ ඇගටම හේත්තුවෙලා වාඩිවුණු ඉරුදිකා මගේ අතක් අල්ලන් කිව්වා.

..කියමුකෝ බලන්න ඉතිං..

මම කිව්වේ ගොඩක් ආදරෙන් එයා ලංකරගන්න ගමන්.

..මට පොරොන්දු වෙන්න මට මොනවා හරිම වුනොත් ඔයා මට වඩා ගොඩක් හොඳ කෙනෙක් ඔයාගෙ ජීවිතේට ලංකරගන්නවා කියලා...

ඉරූගේ වචනයි, ස්වරයයි දෙකම මාව ගොළුකරා,අසරණ කලා. ඒ මදිවට හිතට තරහකුත් ආවා.

..මගෙන් එහෙම පොරොන්දු ගන්න එපා..ඔයාට මොකුත් වෙන්නේ නෑ..මම එහෙම වෙන්න දෙන්නෙත් නෑ..

මම කිව්වෙ ටිකක් තරහින් ඉරූගෙ අත අල්ලලා.

..නෑ අනේ පොරොන්දු වෙන්නකෝ..නැත්නම් මම හෙට ඔපරේෂන් එකට යන්නෑ..ඕන දෙයක් වෙද්දෙන් කියලා මාතර යනවා..

මාතර කෙල්ලන්ගේ පුරුදු මුරණ්ඩු කම අඩුවක් නැතුව තියනවා කියලා පෙන්නන්න වගේ ඉරූ මුරණ්ඩු උනා. ඒත් මාතර කොල්ලෙක් විදියට එහෙම පොරොන්දු වෙන්න පුළුවන්ද?..

..බෑ බෑ..කවදාවත් මම එහෙම පොරොන්දු වෙන්නෙ නෑ..මම දන්නෑ ඉතිං ඔයා හෙට නොගියොත් මට තමයි හැමෝගෙන්ම බැනුම් අහන්න වෙන්නේ.

මේ කොල්ලත් එක්ක කතාකරලා දිනන්න බැරිබව දන්න නිසා ඉරූ පාඩුවෙ පොරොන්දු ගන්න එක නතර කරලා මගේ අතක එල්ලුනා. හවස ඉරපායන ලස්සන බලාගෙන අපි දෙන්නා තුරුල්වෙලා ගෙදර ආවා. ඒ අන්තිම දවසටද එහෙම ඉන්න වෙන්නේ කියලා හිත ගොඩක් ප්‍රශ්න කලා.

************************************************
..සදීප සර් පොඩ්ඩක් හෙට ඇවිත් චෙක් ටික සයින් කරලා දෙන්න පුළුවන්ද..අද බොස් මගෙන් ඇහුවා..ඒවා අර්ජන්ට් ලු..

නරක වෙලාවට මොනවා වෙනවද දන්නෑ කියන්න වගේ එදා රෑ මොකක්දෝ හූනියමක් පාත්වුනා. ඔපීස් එකට හෙට යන්න වෙනවා කියලා ඒ පණිවිඩෙන් තේරුනා. ඒත් ඉරූ හෙට ඔපරේෂන් එකට ගනිද්දි මම නොහිට කොහොමද. මම රෑ අම්මටයි අයියටයි කිව්වා. ඉරූට කිව්වෙ නෑ.

...මල්ලි ඒ වැඩේට යන්න මමයි, බාප්පයි ඉන්නවනේ..මේ වැඩ නිසා රාජකාරි වැඩ මිස් කරන්න එපා කොල්ලෝ..

අයියා කිව්වේ දරාගන්න බැරි සහෝදරකමක් හිතේ තියාගෙන.

..හරි අයියා..ඉරූ උදේ වෝඩ් එකට ගත්තම මම යන්නම්.මම හවස ආයෙත් එනවා..ඒත් ඉරූට කියන්න එපා මම ගියා කියලා..එයාට සිහිය එද්දි මම කොහොමහරි ලගට එනවා.

පහුවෙනිදා පාන්දර ඉඳලම හිතේ තිබුණු අනියත බයත් එක්කම කට්ටියම සූදානම් වුනා. මොකක්දෝ නුහුරු දෙයක් හිතේ හොල්මන් කරා. රෝහලට යන්න කලින් ඉරූ සේරටම වැන්දි. වඳින් වඳින අය අඩද්දි මට හිතාගන්න බැරිවුනා. ඉරූ මටත් වැන්දා.මගේ ඇස්දෙකට කඳුළු එද්දිත් මම හිනාවෙලා මගේ කෙල්ලට ශක්තිය දුන්නා.

 උදේ දහයට ඉරූ වෝඩ් එකට ගන්න ජීවා ඇවිත් හිටියා. සියලු දේ සූදානම් කරලා ඔපරේෂන් එකට අවශ්‍ය දේ සූදානම් කරන කාමරේට එක්ක යන්න හදද්දි ඩොක්ටර් අනූපම් ආවා. මම ඉරූට ලංවෙලා අත තදින් අල්ල ගත්තා.

..සේරම හරියයි මගේ වස්තුවේ..ඔයා ඉක්මණට හොඳවෙලා එන්න..අපි ඉක්මණටම අපේ වෙමු..

මගේ අත තදින් අල්ලගෙන ඉරූ හිනාවුනා.නෙත් අග නොවැටුනු කඳුලක් තියාගෙනම ඉරූ ට්‍රොලියෙන් මගේ ඇස්මානෙන් පිටවුනේ හිතට මහා බරක් තියලා. අනිත් හැමෝම කඳුළු පුරවගෙන බලන් ඉඳිද්දි මගේ කෙල්ල ඔපරේෂන් තියටර් එකේ හිටිද්දි මම කොහොම යන්නද? ඔපීස් එකෙන් සැරින් සැරේට කෝල්ස් එනවා. ජොබ් එක දමලා ගහන්න හිතුනා. ඒත් හිත හදන් මාතර එන්න පිටත් වුනා. මාතරට එද්දි හවස් 2.30

***************************************************

වැඩ කටයුතු ඉවරකරාට හිත තිබුනේ කොළඹමයි. වැඩ නිසා ඇමතුමක් දෙන්නවත් ඉස්පාසුවක් ලැබුණේ නෑ. අන්තිමට යන්තම් ගැලවුනේ හවස 4 ට. වාහනේට නැගපු ගමන් ධනංජය අයියට කෝල් එකක් ගත්තා.

...කොහොමද අයියේ ඉරූට?..

...තාම දන්නෙ නෑ මල්ලි..එකට විතර ඔපරේෂන් එකට ගත්තේ. අර ඔයාගෙ යාළුවයි, ඉන්දියන් ඩොක්ටයි තව ඩොක්ටර්ස්ලා දෙන්නෙක් එක්ක ඇවිත් කතාකරලා තමයි ගියේ තියටර් එකට..අපි තවම එළියේ..

..එහෙමද අයියා..මම මේ එනගමන්..මම පුළුවන් තරම් ඉක්මනට එනවා..

..එහෙම කියලා රේස් එන්න එපා කොල්ලෝ...අපිට උඹත් වටිනවා මල්ලා...

හදවතින් කියපු ඒ කතාවට ඇහුම්කන් දෙන්න හිත මෙලෙක්වුනේ නෑ. ඇල්ටෝ පොඩ්ඩා වේගයෙන් ඇදුනා. හවස 7 විතර වෙද්දි මම හිටියේ මොරටුව හරියේ..වාහන වේගයෙන් යනවා. ටිකක් නතර කරලා නැවතත් අයියට ඇමතුමක් ගත්තා.

... අයියා ඉරූ ආවාද?..ඉස්පාසුවක් නැතුව මම ඇහුවා.

..ඔපරේෂන් එක ඉවර කරලා ඩොක්ටර්ස්ලා ටික දෙනෙක් දැන් ගියා..තාම මල්ලිගේ යාළුවා ආවෙත් නෑ..තාම විස්තරයක් නෑ මල්ලි

වෙලාවකට මට හිතුනා මෙහෙම කියන්නේ මගේ හිත හදන්නවත්ද කියලා. නැවතත් වාහනේ වේගවත් වුනා. කොරළවැල්ල හරියෙදි කැබ් එකක හැප්පෙන්න ගිහින් නූලෙන් ගැලවුනේ. ඒත් මට ඕන වුනේ ඉක්මණට ඉරූ ලගට යන්න.

 රෑ 8 ට ලංවෙද්දි මම රෝහල තුලට ආවේ වාහනේ වත් අගුලුදාන්නේ නැතුව දුවගෙනයි. මම යද්දිත් අයියයි, අම්මයි, පුංචි අම්මයි අවිනිශ්චිත විදියට බලං ඉන්නවා.

..අයියේ ඉරූ කෝ..?? මම ප්‍රශ්න කලා.

..තාම ගෙනාවෙ නෑ මල්ලි...ඩොක්ටර් ආවෙත් නෑ...

මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. මම එහෙම්ම තියටර් එක පැත්තට ඉක්මණින් යන්න ගියා. අයියත් මගේ පස්සෙන්ම ආවා..මම කොරිඩෝව දිගේ යද්දි ඈත කොනෙන් මතුවුනේ ජීවාගේ හා අනූපම්ගේ රුවයි. දෙදෙනා ආවේ ලොකු සාකච්ඡාවකයි. දෙදෙනාගේම මුහුණේ සුබ ලකුණක් දක්නට නැතිවුනා....මගේ හදගැස්ම වැඩිවුනා..තව තවත් වැඩිවුනා..
  
  ඒත් එක්කම මම දැක්කේ ජීවාගේ පිටුපසින් ට්‍රොලියක තබාගෙනෙන රෝගියෙක්..මුළු ඇගම සුදු රෙද්දකින් වසා තිබුණු..දෙයියනේ ඉරූ..මගේ ඉරූ කෝ ඔයා..හිතාගන්න බැරි විදියට හිත කෑගැහුවා.

  මාව දැකපු ගමන් ජීවාගේ මුහුණ වෙනස් වුනා.තෙහෙට්ටුවකින් වගේ දෙදෙනාම පෙලුනා. මියගිය රෝගියා ගෙන ආ ට්‍රොලිය දෙස මම බැලුවා. එය මා අසල නතර නොකර දිගටම ගෙනගියා.

...මචං..දැන් තමයි එලියට එන්න ලැබුනේ...ජීවා මගේ උරේට අතක් තබා කිව්වා.

..මචං ඉරූට කොහොමද බං...මම බිඳුනු ස්වරයකින් ඇසුවේ මා පසුකර යන් ට්‍රොලිය දෙස බලන ගමන්.

..හැමදෙයක්ම හොඳින් වුනා බන්..අපි හිතුවටත් වඩා හොඳින්..ඉරූ ගොඩක් හොඳින් ඉන්නවා..දැන් තමයි සිහිය ආවේ...උඹ ඩොකටර් අනූපම්ටයි අලුත් තාක්ෂනේටයි පින්දිපන්..අපිට පුළුවන් වුනා ඉරූගේ ස්නායුවලට බලපෑම් කරපු දේවල් ඉවත් කරන්න..ඉරූට දැන් සනීපයි..

හිතේ ඇතිවුනු සතුටට කෑ ගහලා උඩ පනින්න හිතුනා. අත්දෙකෙන් එකවරම ජීවා හා අනූපම් බදාගත්තා.

..Thank you very much..again and again doctor..

..it's ok sadeepa..now she is ok..you can talk with her..and also i wish you..

මට මහා සතුටක් ඉතිරි කරලා ජීවා හා අනූපම් පිටවෙලා ගියා. එතකොටම් අයියා සහා ඒ පිටුපසින් අම්මා  සහ පුංචි අම්මා ආවා.

..අම්මේ ඔපරේෂන් එක සාර්ථකයි..ඉරූ හොඳින් ඉන්නවා..අපේ ඉරූ හොඳින්..අම්මා හා අයියා එකටම මාව බදාගත්තා..හරියටම එක පවුලක් වගේ අපි එකට කඳුළු සැලුවා..

අපි එක්කෙනා බැගින් ඉරූ බල්නන ගියා දැඩි සත්කාර ඒකකයට. අම්මා සහ අයියා ගියාට පසුව යන්න මම තීරණේ කලා. අයියා ගිහින් ඇවිත් මම ලගට ආවා.

..උඹව හොයනවා මල්ලි..කෙල්ලට උඹවයි ඕන දැන්..

මම සතුටු කඳුලු පිහිදමින් ඇතුලට ගියා. මැෂින් ඉවත්කර තිබුනත් හෘද ස්පන්දනය පරික්ෂාකරනය පමණක් ක්‍රියාත්මක වුනා. ඒ අතරින් ඉරූගේ ඇස්දෙක මා දිහා බැලුවා. හීන් හිනාවකින් මට සංග්‍රහ කරා.

..මගේ රත්තරනේ ඔයාට හොඳයි නේද?..

කෙල්ල මගේ අතින් අල්ල ගත්තා. සේලයින් කටුවට නොදැනෙන්න මම අත් අල්ල ගත්තා.

..ඔව් මගේ අයියේ..ඔයාගේ කෙල්ල හොඳන්...ඔයා වෙනුවෙන් තවමත් ජීවත් වෙනවා..

මම කෙල්ලගේ උරේට ඔළුව තියාගෙන ලොකු සුසමක් හෙලුවා. ඉරූ එයාගෙ කම්බුල මගේ නලලේ වද්දලා ඒ සෙනෙහසේ නොවෙනස් බව කිව්වා.

..දැන් සේරම හරි මගේ වස්තුවේ..දැන් ඔයා මට ඉන්නවා..මොනවා නැතිවුනත් මට කමක් නෑ..මම ඔයාට ගොඩක් ආදරෙයි කෙල්ලේ..

ඉරූට ඇඬුම් ආවා.සතුටු කඳුළු බේරෙන්න ගත්තා. අපි නලලට නලල තියන් ඇඬුවා. 

..ඔව් මගේ අයියේ..මමත් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි..ඔයා නිසයි මට ජීවිතේ ලැබුනේ...

ඉරුගේ වචන මගේ හිත පසාරු කරමින් ආදරේ හොයන් ගියා.

..මගේ ජීවිතේ ඔයානේ..ඉතින් මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද..අපි මාතර යමු ඉක්මනට..අපේම වෙමු..මුළු මාතරටම ඇහෙන්න කෑගහලා කියමු අපේ ආදරේ..

නළලට නලල තියන් මුළු ජීවිතේටම ඇතිවෙන්න මමයි ඉරූයි හිනාවුනා.

නුඹ තියන් මේ පපුව මත
තදකරන් හිටි හැම දෙයම
වෙලා නුඹේ හසරැල්ල
ජීවිතයම අරං ඇවිත් මට
ආදරෙයි නුඹට
හදවත පණ ගැහෙනා තුරාවට
හමුවුණා..අනේ හමුවුණා
නුඹ ලඟදී 
ජීවිතයම මට





෴නිමි෴

( මාතර හදවත් දෙකක් එක්කල මාගේ කුළුඳුල් සයිබර් නවකතාව සමගින් තුන් මසක් රැඳී සිටි ඔබ සැමට හදපිරි තුති - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර)

33 comments:

  1. මැරුවෙ නෑ නේ හික්ස් ඊලග පාරවත් ට්‍රයි කරමු මරන්න

    ReplyDelete
  2. //අයියේ..දෙයක් කියන්නම්..

    මම වාඩිවුණු සීමා ගල අසලින්ම මගේ ඇගටම හේත්තුවෙලා වාඩිවුණු ඉරුදිකා මගේ අතක් අල්ලන් කිව්වා.

    ..කියමුකෝ බලන්න ඉතිං..

    මම කිව්වේ ගොඩක් ආදරෙන් එයා ලංකරගන්න ගමන්.

    ..මට පොරොන්දු වෙන්න මට මොනවා හරිම වුනොත් ඔයා මට වඩා ගොඩක් හොඳ කෙනෙක් ඔයාගෙ ජීවිතේට ලංකරගන්නවා කියලා...

    ඉරූගේ වචනයි, ස්වරයයි දෙකම මාව ගොළුකරා,අසරණ කලා. ඒ මදිවට හිතට තරහකුත් ආවා.

    ..මගෙන් එහෙම පොරොන්දු ගන්න එපා..ඔයාට මොකුත් වෙන්නේ නෑ..මම එහෙම වෙන්න දෙන්නෙත් නෑ..

    මම කිව්වෙ ටිකක් තරහින් ඉරූගෙ අත අල්ලලා.

    ..නෑ අනේ පොරොන්දු වෙන්නකෝ..නැත්නම් මම හෙට ඔපරේෂන් එකට යන්නෑ..ඕන දෙයක් වෙද්දෙන් කියලා මාතර යනවා..//

    ------------------------------------------

    මේක ප්‍රබන්ධයක් වෙන්න ඇති, ඒත් තැනත් පුද්ගලයත් විතරක් වෙනස් වෙද්දි ඉහළ උපුටා තියෙන සංවාදය වචනෙක අඩුවක් නැතිව අහගන්න ලැබීම... අනේ මංදා අර මොකක්ද සරදම් කියන්නෙ මේවට වෙන්න ඇති..

    ඒ අවසානෙත් කථාවෙ අවසානෙට සමාන උනානම් කොච්චර දෙයක්ද.

    සුභපැතුම්!

    ReplyDelete
  3. @කිඩෝ - අනේ ඉතිං උඹනම් හදන්න බෑ..

    @ගයාන් - මට ඇත්තටම තේරුනේ නෑ මචං උඹ කියපු දේ...

    ReplyDelete
  4. පූජව ඉස්පිරිතාලේ නවත්තන්න කලින් දවසේ මමත් පූජත් මේ වගේම බෙල්ලන්විල ගියා.. මට පන්සලට යන හැම වෙලාවකම අපි දෙන්න හිටපු හැටි මැවිලා පේනවා..

    ලස්සනයි යාළුවා කතාව.. එදා මටත් අනුපම් වගේ ඩොක්ටර් කෙනෙක් මුණ ගැහුනනම්.. අද පූජා මං ලග..

    තව කතාවක් ලියන්න යාළුවා.. ඔබට ජය...

    ReplyDelete
  5. ස්තූතියි දිනේෂ්..මම දැනගෙන හිටියේ නෑ ඔබේ කතාපුවත මෙතරම් මෙයට ලඟ බව..කොහොමවුනත් හැමදාමත් මාව දිරිගැන්වූවට බොහොම තුති..අදහසක් තියෙනවා වෙනස් විදියෙ කතාවක් නැවත ලියන්න

    ReplyDelete
  6. ජොඩුවම මාතර ආහ්..... එල එල...

    ReplyDelete
  7. අනිවාර්යයෙන්ම..මොනවා කලත් අපිට අපේ මාතරකම අමතක කරන්න බෑනේ බං

    ReplyDelete
  8. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ...!

    මම කියපු වැඩේ කළා නම් හොඳ නැද්ද ? හිතලා බලන්න සහෝ...!

    ආසාවෙන් කියවපු කථාවක්... හොඳ නිර්මාණයක්... ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete
  9. ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවා. මට ඉඩක් ලැබුණු ගමන්ම..

    ReplyDelete
  10. අදමනේ මේ පැත්තට ආවෙ, මල කෙළියය්, නව කතාවක්නෙ, දැන් ඉතින් මුල ඉඳලම කියවන්න වෙනව.

    ReplyDelete
  11. කමෙන්ට් කරන්න තෙරෙන්නැ.. අනේ මංදා.. දුකක් එක්ක තව මොනාදෝ එක්ක මං පාවෙනවා වගේ..

    !! ජය වේවා..!!

    ReplyDelete
  12. @ඔබ්සර්වර්- මමනම් ඔබතුමාගේ බ්ලොග් අඩවියට නිතරම අඩිය තියනවා..ස්තූතියි සාදරයෙන් පිලිගන්නවා

    @බනියා - ඇත්තටම මේ කතාව ගොඩක් සංවේදියි..මට අනුවත්..ස්තූතියි බනියා

    ReplyDelete
  13. එක දිගට කියවගෙන ආව... මටත් හොරා මගේ ඇස් වල කඳුළු.... මාතර කොල්ලෝ තාම සංවේදී මචන්.... කොච්චර දේවල් කලත් තාමත් පොඩි දේටත් ඇඩෙනවා............. ජයවේවා...!!!!

    ReplyDelete
  14. බොහොම ස්තූතියි සහෝදරයා..මාතර කොල්ලෝ ගැන හොඳ නිර්වචනයක් දුන්නේ සහෝදරයත් සුරපුර සදිසි මාතර පුර කොල්ලෙක්ද?

    ReplyDelete
  15. මුළු කතාවම ටික ටික කියෙව්වා..හැමදෙයක්ම හොඳින් ඉවර වුනේ නැත්නම් අවසානය සුකක්‌ වෙන්නම එපැයි..
    කොහොම වුනත් කතාව නියමයි අයියේ..සිරා!!!!

    ReplyDelete
  16. ගොඩක් ස්තූතියි සහෝදරයා..අවසානය හිතට දුකක් දෙන වගේම හරිම ව්‍යාකූල බවක් ඉතිරිකරන කතා අනන්තයි. මේකත් වෙනස් විධියක අවසානය සතුටක් ඉතිරිකරපුක කතාවක්

    ReplyDelete
  17. අම්මෝ අයියේ,මම අද තමා ඔයාගේ bolgඑකට ආවේ...මම ඔක්කොම මුල ඉඳලම කියෙව්වා..ඒක මරූ,මම හිතුවා අවසානය කඳුලක් ද කියලා...හරිම සංවේදියි....මේක නම් මරූ..තව ලියන්න...ඔයාට ජය වේවා!නොදැනිම නෙතේ කඳුලක්,,හික්ස්z........මට මේ linkඑක දුන්න ashita ස්තූතියි.....

    ReplyDelete
  18. අයියේ මටත් හිතුන කතාවක් ලියන්න......මමත් ලියනවා එකක්.....ස්තූතියි ආදර්ශයක් දුන්නට,.......

    ReplyDelete
  19. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - සුරපුර සදිසි මාතර පිබිදෙන නව නගරය කැකනදුර කොල්ලෙක්....:D හ

    ReplyDelete
  20. එක දෙයයි කියන්න තියෙන්නේ... එල...

    දේව්දාස්...

    ReplyDelete
  21. අනේ...මං ඇඟේ ලේ වතර වෙලා හිටියෙ ඉරූට කරදරයක් වෙයිදෝ කියලා...

    ReplyDelete
  22. wow..short n sweet.. <3

    ReplyDelete
  23. එකෙන් පටන් අරන් ඔක්කොම කියවලා ඉවර කලා.... එළකිරි... වෙන වචන නෑ කියන්න,,,,,

    ReplyDelete
  24. eka harima lassana kathawak. colombo indagena matara kathawak kiyawaddi harima asa hithenawa

    ReplyDelete
  25. iduruwe SINHARAJA eka thiyenne Aluthgama

    ReplyDelete
  26. mama kathawqa kiyewwe eka digatama ada, anthime mage asin kaduluth evith thibuna, Sujeewala Madarala keleban Dakune kollek gena matath adambarai
    Galle..Y

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබට..අලුත් කතාවක් පලකරලා තියෙන්නේ..ඉඩක් ලැබුණොත් බලන්න

      Delete
  27. very nice story keep it up brother.....

    ReplyDelete
  28. aiye eka harima lassana katawak,godak hitata weduna...... mokada sadeepa iru ta katakarapu vidihata mata kata karapu aiya kenek hitiya bt eya mata edare kale nm ne bt mn eya gena godak hituwa.... e nisa me katawa kiyawadhai mata edewal matak una.....ethtatama aiye oya godak hodata katawa liyala tiyenawa godak eka hitata weduna......me wagema oya eith hoda kata liyanne aiye.
    all da bst...!!

    ReplyDelete
    Replies
    1. ඔබ කව්ද කියලා දන්නේ නෑ මම..ඒත් ඒ වචන ටිකට ගොඩක් ස්තූතියි..ඒ වගේම දැනුන අදහස් හංගන්නේ නැතුව කිව්වට...අලුත් කතාවක් පලවෙනවා..ඉඩක් ලැබුණොත් කියවන්න

      Delete
  29. අද තමයි මේ කථාව හම්බවුනේ.. "ආයෙමත් ආදරෙන්" එකට වඩා මාරම විධියට හිතට වැදුනා.. 1වෙනි කො‍ටසෙ ඉදන්ම එක හුස්මට කියෙවුවා.. ආයි.... සිරාවටම සිරා බන්...

    ජය ශ්‍රී...

    ReplyDelete
  30. Kathiawar gena kiyanna wanna a ne. Mage suba pet hum....

    ReplyDelete