Dec 25, 2013

සංකලනී - 6 වැනි කොටස (පමාවට සමාවුව මැනවි)


පහුගිය කොටස් - 1 2 3 4 5


බස් එකේ ෙමහ සෙනගක් මැද්දේ දැකපු මිතුලගේ මූණ නිසා සංකලනී එකපාරටම තිගැස්සුණා. එදා පන්සලේදි වුණ හැමදෙයක්ම සංකිට මතක් වුණා. මේ යකා බස් එකේ මොන නාඩගමක් නටාවිකියලා කෙල්ල කල්පනා කලා, කොහොම වුනත් හොඳම දේ නොදැක්කා වගේ පාඩුවේ ඉන්න එක තමයි කියලා සංකි තීරණය කලා. බලෙන්වගේ තමන්ගේ උකුල උඩින් තියපු බෑග් එක දිහා එක බැල්මක් හෙලපු සංකි ජනේයෙන් එහා පැත්ත බලාගත්තා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් එලියට ඇවිත් වටරවුමෙන් හරවලා ටෙලිකොම් එක ඉස්සරහින් කොටුවේගොඩ පැත්තට සේන්දුවුණා. එතකොට කොන්දොස්තර ටිකට් නිකුත් කරමින් සල්ලි එකතු කරනවා. ඒ අතරේ සෙනතෙරපෙනකොට මිතුලට ටිකක් ඉස්සරහට යන්න වුණා. දැන් සංකිව හොඳට පේනවා. ඒත් කෙල්ල ගල් පිළිමයක් වගේ ජනේලයෙන් පිටපේන මාකට් හරස්පාර පැත්ේ වාහන දිහා බලාගෙන ඉන්නවා.

“මහත්තයා  ‍කොහේටද..?“


කොන්දොස්තර ඇවිත් ටිකට් පොත දිගඇරගෙන මිතුලගෙන් ඇහුවවේ මිතුල සංකි දිහා බලාගෙන කල්පනා කරනකොටමයි. මිතුලට එකපාරට හිතුන දේ කරා.

“ටිකට් දෙකක් දෙන්න බෝ ගහ හන්දියට“
මිතුල එහෙම කිව්වම කොන්දා අමුතු විදියට බැලුවා.

“කව්ද දෙන්නා?“ මුටත් ඕන නැති රෙද්දක් නෑනේ.

“මමයි...අන්න අර සීට් එකේ වාඩි වෙලා ඉන්න හැඩකාර නංගියි...“

කොන්දට ඒකට පැණි හිනාවක් ගියා. කොන්දා ටිකට් දෙක කඩලා අතට දීලා රුපියල් පනහ අරගෙන හතරක් ඉතුරු සල්ලි දුන්නා.

ඊට පස්සේ දිගට ටිකට් කඩාගෙන ගියා. ටිකින් ටික සංකි ඉන්න තැනට ආවා. සංකි කොන්දොස්තරට සල්ලි දීලා ටිකට් එකක් ඉල්ලුවා බෝගහ හන්දියටම.

“ඔයාට ටිකට් අරගත්තා....ඉස්සරහින්..“

සංකිගේ මූණ දෙක වුනා. කුතුහයෙන් වගේ ලැජ්ජාවෙන් මූණ රතුවුණා. මිතුල හීන් හිනාවක් රඳවගෙන සිද්ධිය දිහා බලාගෙන හිටියා.

ටිකට් ගත්තා...කව්ද ගත්තේ?

 සංකි කොන්දට ගිරිය පුප්පලා සද්දේ දාලා ඇහුවේ. අහල පහල ඉන්න අයත් ඒක බැලුවා. මේකිගේ පෙනුම හැටියට අනේ මන්ද තරහගියාම සද්දේ නම් සෑහෙන්න වැඩියි.

“අර ඉස්සරහා සර් කෙනෙක් ගත්තේ..“

කොන්දොස්තර ඉස්සරහ පෙන්නුවම සංකි ඉස්සරහ බැලුවා. තාමත් මිතුල වගේම ඉස්සරහ හිටපු කීපදෙනෙක්ම සිද්ධිය දිහාලාගෙන හිටියා.

“කෝ කව්ද?..“

“අන්න අර සර්..සර් මේ නංගිට නේද ටිකට් ගත්තේ?..“

කොන්දා මිතුල පෙන්නලා එහෙම අහනකොට මිතුලට කෙල ගිලෙන්නෙත් නැතුව ගියා. මිතුල තත්පරේට අනිත් පැත්ත බලා ගත්තා. සංකිගේ මූණ රතුවුණා, සීමාව පනින තරමටම තරහා ගියා.

“කරුණාකරලා ඒ සල්ලි එයාටම දෙන්න...මේ සල්ලිවලින් මට ටිකට් එකක් දෙන්න..“

කොන්දා හා කියලා ටිකට් එකක් කඩලා දුන්නා සංකි තරහටම ටිකට් එක ගුලිකරලා බෑග් එකේ දාගෙන බිම බලාගත්තා. ඒඅතරේ කොන්දොස්තර මිතුල ලඟට ආවා.

“මොනවද සර්..සර්ලා කරන වැඩ නිසා අපි තමයි චාටර් වෙන්නේ..මෙන්න සර් සර්ගේ සල්ලි..“

මිතුල හිනාවක් දාලා කොන්දගේ දිහා බැලුවා. ඒ වෙලාවෙම තමයි අනිත් පැත්ත බලන් හිටපු මිතුල ඔලුව හැරෙව්වෙත්.

ඕනන ඕක තියාගන්නවා මනුස්සයෝ...දැන් ටිකට් එක කඩපු එකනේ..කෙල්ලෝ ඔහොම තමයි..හරි ලැජ්ජයිනේ..

කොන්දා ඒකටත් හා කියලා ගියා. මොකකෙන් තමන්ටත් ලාභයිනේ. මිතුල හෙමීට සංකි දිහා බැලුවා. කෙල්ල තරහට තාමත් බිම බලාගෙන ඉන්නවා. මිතුලගේ මූණට හීන් හිනාවක් ආවා.. වෙලාවෙම සංකි ඔළුව උස්සලා බැලුවා..මිතුලගේ හිනාව දැක්කම කෙල්ලට තවත් යකා නැග්ගා..මූණ රතුකරගෙන ඔරවලා බැලුවා මිතුල දිහා..මිතුල ඇහැක් ගැහුවා..සංකි යෙත් ජනේලෙන් පිට බලාගත්තා. බෝගහ හන්දියේ බහිනකම්ම හිටියේ හෙම්මයි.    


                                * * * * * * * *

දවස් දෙකකට විතර පස්සේ මිතුල යාළුවොත් එක්ක ඉස්කෝලේ පිට්ටෙනියේ සෙල්ලම් කලා. හොඳටම දාඩිය දානකන් සෙල්ලම් කරලා බැට් කර තියාගෙන යෙත් එනවා. පාර දිගට හිනාවෙවී විහිලු කර කර කට්ටියම එනවා බෝගහ හන්දිය පහුකරලා රාජු මාමගේ කඩේ ඉස්සරහින්.

“මොකද බං උඹේ ලව් සීන් එකට වුනේ?“

තඩි සිසුරුවා මිතුලගෙන් ඇහුවේ අතේ තිබුණ බෝලෙන් මිතුලට ගහලා.

“මොන ලව් සීන් එකද බං...“

ඇයි අර උරචක්කර මාලේ...සංකලනී...“

සංකලනිගේ නම ඇහෙනකොට සෙට් එකම කණදාලා විස්තරේ අහගන්න ලංවුණා. 

ඒකද...පහුගිය දවසක බස් එකේදි මං ඒකිට ටිකට් අරගෙන ඒක මට රැව්වා මචං බඩ බොක්ක දාලා යන්න..“

“නෑ...ඊට පස්සේ මොකද වුනේ..“

ඉෂාරයා තාව මැදට පැනලා ඇහුවා. මිතුල කතාව රසකර කර කියන්න ගත්තා.

“මේකි කොන්දට කිව්වා මගේ සල්ලි ආපහු දෙන්න කියලා..මම ගත්තේ නෑ..මම ඇහැක් ගැහුවා ෂේප් එකේ..මේ යෝදි ඊට පස්සේ මගේ දිහා ආසාවට බැලුවේ නෑ..අනේ මන්දා මේකි ඉටිපන්දම් කාලාද මන්දන්නෑ..“

කට්ටියම මිතුලගේ කතාවට බඩවල් අල්ලන් හිනාවෙනවා. කොහොම වුනත් කට්ටියම දන්නවා දැන් මිතුල සංකලනිට ට්‍රයි කියලා. 



හරි හරි මචං..අපේ පූර්ණ සහෝගය උඹට...වැඩේ ගොඩදාගන්න..උඹ අපිට වෙන්න ඕන දේවල් කියපං..අපි පුළුවන් තරම් දේවල් කරන්නම් මචං..උඹ ගොඩ ගියාම ඉතිං අපි ගොඩ ගියා වගේ තමයි..

ඇහැක් ගහලා ඕෂධ කියපු කතාවට කට්ටියම කියපු කතාවට කට්ටියම හිනාවෙද්දි මිතුල බැට් එකක් අරන් එලවලා ගිහිං ඕෂධට එකක් ගැහුවා ජෝක් එකට..

මම දන්නවා බං..බලමුකෝ ඉස්සරහට වෙන දෙයක් ගැන..

අනිවා මචං..

ඒත් මචංලා සංකි අමුතුම චරිතයක්...ලේසියෙන් ආදරේට හරවන්න අමාරුයි..ඒත් හරිගියොත් මාර වටිනවා බං... I like her style “

කට්ටියම ඒ කතාවට අත්පුඩියක් ගැහුවා.

අන්න කතාව මචං..


---- පේ ඉසව්ව Facebook පිටුව ----------                

14 comments:

  1. ඇයි මේ පාර පරක්කු.

    පුදුමයි කොන්දා අයියා මිතුලගෙ සල්ලි මිතුලටම දුන්නා.

    ReplyDelete
    Replies
    1. අධික වැඩ රාජකාරී නිසා ලියන්න මගහැරුණා මිත්‍රයා..ඉතිරි කොටස් ටික ඉක්මණට ලියන්න බලනවා

      Delete
  2. කතාව අමතකම වුනාම තමා කෑල්ලක් දාන්නෙ නේද.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න ඒපා මිත්‍රයා ටිකක් විතර පරක්කු වුනා..

      Delete
  3. මේක කියෙවුවට මුල් කොටස් බැරි වුණා යාලු .. ඔයා දක්ෂයෙක් ,, අකුරුවල මොකක් හෝ දෝෂයක් තියෙනවා ඒක හැදුවනම් හොදයි

    ReplyDelete
    Replies
    1. දෝෂය නිවැරදි කලා අපූර්වි..බොහොම ස්තූතියි ඔබගේ දිරිමත් කිරීමට..හොඳ දෙයක් ලියන්නයි හැමවෙලාවෙම උත්සහ කරන්නේ

      Delete
  4. අකුරුවල බෝල බෝල මොකද මිතුල.........ආ වැරදුනා ජනරඟ..?

    සමාව නම් දෙන්නෙම නෑ පරක්කු කළාට.....ග ර් ර් ර් ර් ර්........

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න රෙහානි සහෝදරී...ඉදිරියටවත් පමා නොවෙන්න කටයුතු කරන්නම්කෝ මම

      Delete
  5. කෙල්ල කොච්චි කරල නේ

    ReplyDelete
    Replies
    1. අපොයි කෙල්ලෝ කොහොමත් එහෙමනේ..විශේෂයෙන්ම ආදරේදි

      Delete
  6. ලියන්නකෝ ඉතුරු හරියත්.

    ReplyDelete
  7. අලෙ පට්ටයි, ඇත්තම ලව් ස්ටෝරියක් වගේ

    ReplyDelete
  8. අඩෝ මාත් කැමතියි ඒකිට :(

    ReplyDelete