ඡායාරූපය - ලසිත ගයාන් සචීන්ද්‍ර
විටින් විට ලෝකයේ විවිධ ආශ්චර්යය මතුවෙති. ඉන් බොහොමයක් ආගම් හා ජාතීන් මූලික කරගෙන සිදුවෙති. මෑත කාලීනව අපේ දෘශ්ටි පථයට හසුවන මට්ටමේ පුදුමාකාර දේවල් වලට ලද සුප්‍රසිද්ධිය ලද සිද්ධාන්ත කීපයක් වෙති. ඉන් එකක් නම් සෝමාවතියේ දේවතා එලි මතු වීමයි. හුදී ප්‍රඥාසම්පන්න බෞද්ධදා මෙම ලිපිය කියවන්නට ආරම්භකරන මොහොතේ කුමන ආකල්පයකින් මගේ ස්වතන්ත්‍ර මතය පිලිබඳ සැලකූවත් ලිපිය අවසානයේ හුදෙක් තම පුද්ගලික අදහසට එකතුවූ නව යමක් වෙත්නම් එය පිළිබඳව පමණක් අවධානයෙන් මෙම ලිපියට ප්‍රවේශය තබමි.
මෑත කාලීනව පුවත්පත් වලට සෝමාවතිය වස්තු බීජයක් වන්නේ මානුෂික මෙහෙයුම් වලින් අනතුරුව මුදවාගත් සෝමාවතියට ජන සන්නිපාතයක් ඇදීයාමත් සමගය. නමුත් මිට දශක ගණනකට පෙරාතුවත් සෝමාවතියෙන් මෙන්ම අසදෘශ්‍ය චෛත්‍යරාජයාණන් ලෙසින් අප හඳුන්වන රුවන්වැලි මහා සෑ රදුන් ගෙන් සහ කතරගම කිරි වෙහෙර භූමියෙන්ද දේවතා එලි සහ බුදුරැස් දර්ශනය වීම සිදුවීම හා ඒ පිළිබඳ විවිධ කටකතා සහ මාධ්‍ය වාර්ථා ප්‍රචලිත වීම සිදුවිය. එය නැවත වතාවක් ජනගහණයෙන් වැඩිවන විට සෝමාවතිය අන්තයෙන් නැවත ඉස්මතුවන වකවානුවක මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මෙම සිද්ධිමාලාව ස්පර්ශකර එය තුලට වැද සත්‍ය සෙවීමය.
පසුගිය දිනවල පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය වල ඡායාරූප පවා පල කර තිබූ අතර ඒවායේ සෝමාවතිය කොත්කැරැල්ල,දේවතා කොටුව හා ආසන්න සලපතල මලුව ප්‍රදේශවල දැකිය හැකි ආලෝක ප්‍රතිදීපන හා වර්ණ ලප වැනිදෑය. මේවා ඇත්තටම දේවතා එලිද? නොමැතිනම් අන්යමක්ද යන්න පිළිබඳ විද්‍යාත්මක නිරීක්ෂණයකට මෙය අවස්ථාවක් කර නොගනිමි. නමුත් ජනතාව මෙලෙස දේවතා එලි හා අද්භූත දේවලා දුටුවා යැයි පැවසීමට හේතු කීපයක් ඇත.
- අතීශ්‍ය ශ්‍රද්ධාව හා පහන් සංවේගය මෙන්ම චිත්තප්‍රීතිය කරණය කරගෙන මෙවැනි දුර්ලභ සිද්ධස්ථාන වලදී බෞද්ධ ජනතාව විවිධ අද්භූත දේවල්වලට මුහුණ දීම.
- දේවතාවන් පවා වන්දනාමාන කරන පූජස්ථානයක් තමන්ටද දේවතාවන් සමග වන්දනයට ඉඩකඩ ලැබුණාය යන ප්‍රකාශයෙන් ඇතිවන හුදු මමත්වය සහ සමාජ තත්වය.
- බෞද්ධාගමික සිද්ධස්ථාන ලෝකාරක්ෂක සම්‍යක්දෘශ්ටික දෙවිවරුන් පවා වන්දනාමාන කරන බැවින් එය අන්ආගම්වලට වඩා ඉහලින් තැබීමට සාධක කර ගැනීම.
- ලෝක ඉතිහාසයේ භූත විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස ලද විවිධ ඡායාරූපවල භූතාත්ම වැනි කොටස් (විශ්වාසය අනුව) වර්ණ ලප හෝ එලි වශයෙන් සිටිනු දැක තිබීම සහ එය අවස්ථානුකූලව උපකල්පනය.
- සමාජ මාතෘකාවක් බවට පත්කිරීමට ඇති කැමැත්ත.
ඉහත හේතුමත මෙම දේවතා එලි සිදුවීමට අත්තටු ලැබුණා විය හැක. නමුත් මෙය පිළිබඳ තර්ක කරන ඇතැමෙක් බුද්ධ චරිතය හා ජාතක කතා ආශ්‍රයෙන් මෙන්ම විවිධ සංසිද්ධි ආශ්‍රයෙන් අතීතයෙත් දෙව් බඹුන් සහ අසුරයන් බුදුන් වන්දනය කල බවත් වර්තමානයෙත් බුදුන්ගේ ධාතූන් වහන්සේලා වන්දනය කිරීම බැහැර හෙලිය නොහැකි කාරණයක් බවය.
නමුත් බෞද්ධ සාහිත්‍ය ගෙන බලන කල්හිදී කමටහන් සාහිත්‍යයේ බොහෝ කාරණා වලින් ප්‍රත්‍යක්ෂ වූයේ බුද්ධ වචනය හා ශ්‍රවක ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවල දැනුම අනුව බුදුන්ගේ දහම ධර්මයකට එහා ගිය දර්ශණයක් බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික මිනිස් පුත්‍රයෙක් ලෙස ඉපිද මිනිසෙක් වශයෙන් ජීවත් වූ අතර මනුස්සාති මනුස්ස බැවින් සාමාන්‍ය මිනිසෙකුට කල නොහැකි අවබෝධ සත්‍යයන් වටහාගෙන නිර්වාණය අවබෝධ කරගත් බැවින් අවසන දේවාති දේව බවටත් පත්වූ ලෙසටයි. එබැවින් බුදුරජාණන් වහන්සේ අමුතු මැජික් කරුවෙක්ගේ භූමිකාව රඟ නොදැක්වූ බව සත්‍යය.
එසේනම් බුද්ධ චරිතයේ එන යමාමහ පෙලහර, සෘද්ධි චංකමනය, සහ සීමාව ඉක්මවා ගිය අද්භූත දේ බෞද්ධ සාහිත්‍යයට එක්වූයේ කෙසේද. එය සිදුවුනේ විවිධ සමයන්හීද බුදු දහමට එරෙහිව රාජ්‍ය පාලකයන් හා විවිධ අන්‍යාගමික කොටස් එක්ව දියත්කල ව්‍යාප්තවාදී හා හිංසාකාරී න්‍යායන් හේතුවෙන් බොහොමයක් බෞද්ධ ලබ්ධිකයන් බුදුදහම අතහැර අන්‍යාගම් වැළඳගන්නට විය. නමුත් බෞද්ධ සාහිත්‍යයේ ලේඛකයා සිය ලේඛන හැකියාවේ හිනිපෙත්තේ සිට බුද්ධ චරිතය ආශ්චර්යමත් චරිතයක් ලෙස මැවීම හේතුවෙන් ව්‍යාප්තවාදයට සාර්ථකව මුහුණදිය හැකිවිය. තෙවලා දහමද බේරාගත හැකි විය. නමුත් බෞද්ධ සාහිත්‍යයට සත්‍ය අන්දරයන් ලෙසින් එක්වුනු කතාන්තර විශ්ම ජනක පුවත් ලෙස ඉතිරිවිය. පවිත්‍ර චේතනාවෙන් කල දෙයක් අද වැරදි ක්‍රියාවන් වලට හේතු සාධක වී ඇත.
මීට වසර කීපයකට පෙර ලංකාව පුරා බුදු පිළිම වලින් බුදු රැස් විහිදි බවට පැතිර ගිය කටකතාව හේතුවෙන් සිදුවූ සිදුවීම් මාලාවේ අවසානයේ නිශ්චය වන්නට ගියේ තත්කාලීන බෞද්ධයා ශුද්ධ බෞද්ධයෙක් නොව හින්දු හා මිෂනාරි මිත්‍යාදෘශ්ටික ප්‍රතිපත්ති හදවතේ තබාගෙන පිටතින් පමණක් බෞද්ධ පිරුවටය පොරවාගෙන සිටින්නෙක් බවයි. නමුත් බුදුදහම එලෙසින් ආශ්චර්යවත් ආගමක් බවට පෙන්වනවාට වඩා එහි සාරගර්භයේ පවතින් උත්තම සංකල්පය කිසිවෙකුට හෝ හරියාකාරව වටහාගත හැකිවෙනවානම් එදාට බුදුරැස් හෝ දේවතා එලි තව දුරටත් මැජික් නොවනු ඇත. මන්ද බුදු දහමේ හර සංකල්ප වලින් මීට වසර දෙදහස් පන්සියයකට පෙර කියා ඇති තෙකල්හිම බලපාන න්‍යායාත්මක හා භාවිතාමය සත්‍ය ,දර්ශනවාදය හෝ විද්‍යානුබද්ධ ව්‍යායාමවලින් සොයාගත නොහැකිවූ සත්‍ය කියා ඇති ආකාරය දැකිය හැකිනම් සියල්ලටම වඩා ඉහල පුදුමය එය වනු ඇති.අවාසනාවකට එය එසේ නොවේ. දිනෙන් දිනම ප්‍රතිපත්තිමය බෞද්ධයා වෙනුවට බිහිවන්නේ මිත්‍යාප්‍රබන්ධික බෞද්ධයාය.
“ඒහි පස්සිකෝ“ සංකල්පය අනුව ධර්මය දකින්නට ආරාධනා කල අතර එහි හරය වටහා ගත නොහැකිනම් යන ලෙසටත් අති නිදහසක් ලබාදුන් බුද්ධ දර්ශනය තුල බුදුරදුන් කිසි දිනෙක දේවතාඑලි වලට චූන් වෙන, බුදුරැස් දකින්නට දරුවන් කිහිල්ලේ ගසාගෙන හන්දියක් හන්දියක් ගානේ කුණු ගොඩවල් අස්සේ පවා ඉදිකර ඇති බුදු පිලිම අසලට දුවන, බුදුන්ට පෙර දෙවියන්ට වඳින අනුගාමිකයන් පිරිසක් නොපතන්නට ඇත. එහෙත් බුද්ධ වචනය වූයේ “ධර්මය දකින්නෝ බුදුන් දකියි“ යන්නයි. එයට දේවතා එලි හෝ බුදු රැස් දකින්නට අවශ්‍ය නැත. ඒවා සතප කරන්නට ද අවශ්‍ය නැත.
බොහොම වැදගත්.
ReplyDeleteබොහොම හොඳ ලිපියක්. මමත් මෑතකදී සෝමාවතියට ගියා. එතන ඔය රැස් විහිදුනයි කියන පොටෝ හිටං දාලා තියෙනවා. ආච්චිලා සීයලා ඒවට සාදුකාර දෙනවා. එතන හිටපු අංකල් කෙනෙක් මගෙන් ඇවිත් ඇහුවා පුතා මේවා ඇත්තටම රැස් විහිදුන ඒවද කියලා. ඒ වෙලාවේ මම මගේ අතේ තිබ්බ කැමරාවෙන් අඩු ශටර් ස්පීට් එකෙන් අතන දාලා තිබ්බ විදිහෙම පොටෝ එකක් අරං අර අංකල්ට පෙන්නලා විස්තර කළා. ඒ අංකල් බොහොම කණගාටු උනා එතන එහෙම පොටෝ දානා නොදන්න මිනිස්සුන්ව මුලා කරන එක ගැන.
ReplyDeleteඅද බෞද්ධ 'භක්තිකයෝ' ඉන්නේ! හේතුවාදයෙන් අනාත්ම ධර්මයෙන් බැහැර වෙලා විජ්ජාවල් පස්සේ දුවනවා.
(පුළුවනම කරුණාකරලා බ්ලොග් එක ඕපන් කරනකොට මැද්දෙන් මතුවෙන විකාරේ අහක් කරන්න.)
නියම ලිපියක් මල්ලී... එකෙක් මඩවලවල් පිරිත් කරනවා... තව එකෙක් බෝ ගස් වල බුදුපිළිම මතුවෙනවා කියනවා, තව තැනක රැස් විහිදෙනව කියනවා... උපාසක අම්මලත් සාදු සාදු කිය කිය පස්සෙන් දුවනව. පන්සලකට පය ගහන්න හිතෙන්නේ නෑ බුද්ද රූපේ දෙපැත්තෙනුත් දේව රූප. අන්‍යාගමිකයෙක් පේන්න බෑ එලව එලව පහර දෙනවා....
ReplyDeleteගොයම් කන්නේ හරක් නෙමේ බන් වැටයි නියරයි..... අන්න ඒකයි දුක....
මන් මේ ලිපිය ගොඩක් අගය කරනවා. මොකද අද සමාජයේ උස් පහත් බේදයකින් තොරව මේ වගේ අන්ධ විශ්වාස වල එල්බ සිටිනවා. මෙවැනි සමාජ ආකල්ප වෙනස් කරන්න දරන උත්සාහන් අගය කර යුතුයි.
ReplyDeleteබෞද්ධයා දේවතා එළි ගැන කියනකොට ඒවා දකින යුරෝපීයෙකු වෙත් නම් ඔවුන්ට ඒවා UFO's වෙනවා.., මුසල්මානුවාට ශයිතාන්ගේ නියෝජිතයන් වෙනකොට ඒවා කතෝලිකයින්ට දෙවුලොවෙන් එන දිව්‍ය අංගනාවෙන් ලෙස හඳුන්වන්නට පටන් ගනීවි.., කෙනෙකුගෙන් කෙනෙකුට යමක් දකින ආකාරය වෙනස් වෙනවා වගේම ඒ පිළිබඳව ප්‍රතිචාර දකවන ආකාරය වෙනස් වෙනවා.., සමහරුන් ඒ මතින් ජනප්‍රසාදය මැදින් ජනප්‍රිය වෙනවා සේම සමහර විටෙන හරසුන් බව නිසා ජන අප්‍රිය වෙන්නටත් ඉඩ කඩ තියෙනවා.., අද බෞද්ධයා දුවන්නේ මිරිඟුවක් පසු පස කියල මට හිතෙනවා.., නැතිනම් මෛත්‍රී බුද්ධත්වයට පත්වච්ච සිරිවර්දන අංකල්ලා වත්, කුඩු විකුනලා දේවත්වයට පත් වෙච්චි ලොකු සීයලා පොඩි සීයල ඉපදෙන්නේවත් නෑ.,
ReplyDeleteහැමදේටම මුල අපි ඒ දේ දෙස බලන විදියයි..!
අපූරු ලිපියක්..!
ස්තූතියි..,
අගය කරනවා.. උඹේ ඔය හිතන විදිය සහ ලෝකය දකින විදිය...
ReplyDeleteවැදගත් කරුණු කාරණා එක්ක ලිය උන හොද ලිපියක්.. කෙනෙක් දෙයක් දිහා බලන විදිහ අනුව තමයි මේවා තිරණය වෙන්නේ..
ReplyDeleteඉතා වැදගත් ලිපියක්. ආසාවෙන් කියෙව්වා. ඔබේ අදහස් ඉතාම අගය කරනවා.
ReplyDeleteකතාව අැත්ත! :)
ReplyDeleteබ්ලොග් එක ලෝඩ් වෙච්ච හැටියෙම මැද්දෙන් මොකද්ද විකාරයක් ලෝඩ් වෙනවා.
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් සහෝ !!! සම්මා දිට්ඨිය හැමෝටම පිහිටන්නේ නෑ. තම තම නැණ පමණින් තමා ධර්මය වටහා ගන්න ඕනේ ! අමෘතය වුනත් බලෙන් පොවන්න බෑ... ආසාවක් නැත්නම්...
ReplyDeleteමෙච්චර කියලත් ඇත්ත තේරුම් බේරුම් කර නොගෙන අන්ධ විශ්වාස වලම එල්ලෙන අය ඉන්නවා... එයාලට බනිනවට වඩා හොඳයි අනුකම්පා කරන එක... මොකද, හැමෝගෙම වටහාගැනීමේ ශක්තිය එක වගේ නොවෙන නිසා...
වැදෙන එකාට වදින්න... හැදෙන එකාට හැදෙන්න හොඳ ලිපියක්... අඳුරට බනින වෙලේ එක පහනක් හරි දැල්වීම වැදගත්... ජය !!!
බොහොම වටිනා ලිපියක්, හොදින් කරුණු පැහැදිලි කරලා තියෙනවා....
ReplyDeleteමේ අදහසම ටිකක් වෙනස් විදියට කකාගේ පෝස්ට් එකක කමෙන්ටුවක් විදියට දාලා ඇනෝ කෙනෙක්ගෙන් කාඩ් එකකුත් ගස්සවා ගත්තා මම "සයන්ටලොජිස්ට්" කියලා.
අපේ බෞද්ධ අභිධර්මයේ ලියැවී තියෙනවා, පරමාර්ථ ධර්මයන් කිහිපයක්. ඒවා චිත්ත චෛයිතසික රූප නිර්වාන වශයෙන් හැඳින්වෙනවා. ඒ අතරින් රූප වර්ග 28ක් ඇති බවද කියවෙනවා. එයින් මනුශ්යට වූ අපට දකින්න පුලුවන් එකම එක රූප වර්ගයයි. අනෙක් රූප දකින්න පුලුවන් අධිචිත්ත උපදවා ගත් අයට පමණයි. ඒ අධිචිත්ත උපදවා ගත හැක්කේ නිතර භාවනායෝගීව වසන්නා වූ පුද්ගලයන්ට පමණක් බවත් සඳහන් වෙනවා. අපේම අවාසනාවකට ( වසර පන්සියයක් යටත් විජිත වාසීන්ව ගත් කල නිසා) බුදු දහම බොහෝ සේ පිරිහී ගොස් තිබෙනවා. ඒ නිසා අපේ බෞද්ධ පූජාවල් ආමිස පූජා වලට සීමා වී තිබෙනවා. නමුත් අනෙක් ථේරවාද බුද්ධාගම පවතින රටවල මීට වඩා උසස් අන්දමට බුද්ධාගම පවතිනවා. පරචිත්ත විජානන ඥාණය ඇති ධුතාංග භික්ෂූන් තවමත් ජීවත් වෙනවා. උදාහරණයක් වශයෙන් ඉතා වයස් ගත වූ එක්තරා කාන්තාවක් තම භාවනානුයෝගීව සිටියදී දුටු කරුණක් නිසා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හමු වීමට පැමිණියා. ඇය දුටුවේ සිය ශරීරයෙන් හටගත් සියුම් නූලක් ඇයගේ ලේලියගේ කුස තුලට සම්ප්රානප්ත වීමයි. ඒ ලේලිය එවකට ගැබ් ගෙන සිටි හෙයින් නිසැකවම මරණින් පසු ඇය ඒ ලේලියගේ කුසෙහි ඉපදෙන බව එයින් පෙන්නුම් කලා. මේ කාන්තාව ඊට කැමති වූයේ නැත. ඒ ස්වාමීන් වහන්සේ සිත් මෙහෙයවා ඒ නූල කඩා දැමීමට ඇයට පැවසුවා. සිත මෙහෙයවා ඒ නූල කඩා දැමීමට ඇයට හැකි වූවා. කරුණු මෙසේ හෙයින් සීමිත දැනුමක් ඇති අපි අපේ ඇසට නොපෙනෙන දෙ පිලිකෙව් කිරීමට පුරුදු වී සිටින්නෙමු. එසේම අපේ මිනිස් ඇස මිනිම් දණ්ඩ කොට ගෙන ඊට පෙනෙන්නේ නැත්නම් එවැනි දෙයක් නොමැත යන නිගමණයට වහාම එලඹෙන්නෙමු. ඒ මදිවට සැමදා වෙනස් වන (සංඛත ) ධර්මයන්ගෙන් ගහණ වූ විද්යානවද සාක්ෂි කොට ගන්නෙමු... සත්ය වශයෙන් සත්යය කුමක්ද?
ReplyDeleteහරියටම මොකද්ද යන්න කිසිදා දැනගත නොහැකි වනු අැත. නමුත් සොයා බලා සාධක මත ලබාගන්නා දැනුම සත්‍යයට අාසන්න වියයුතුය!
Deleteඑකගයි. මම විශ්වාස කරන දෙයක් තමයි බුදු දහම විනාශ වීමට(දහම විනාශ කරන්න බෑ. ඒත් මිනිස්සු ඒකෙන් වෙන වෙන පැතිවලට අපගමනය කරන්න පුළුවන්) බලපාන හේතු තියෙන්නෙ බුද්ධාගම අදහන සමාජය තුලින්මයි. මේව ඔක්කොම බුද්ධාගම වගේ, බුද්ධාගම ලගින් යන ඒත් බුදුදහමට අදාල නොවන දේවල්.
ReplyDeleteවැඩි දෙයක් ඕන නෑ අපේ පොඩි කාලෙ සහ අද ගත්තොත් බුදු දහම පිලිපදින ආකාරයේ විශාල වෙනස්කම් තියනව. හොද බෞද්ධයා කියන්නෙ නිවැරදිව බුද්ධ දේශනාව පිලිපදින්නා මිසක් එක එක විකාර ඇගේ තවරගෙන ඉන්න උදවිය නෙවේ. ඒත් කරුමෙක මහත! වැඩිපුර ඉන්නෙ ඒවගේ උදවිය.
හොඳ ලිපියක්..අගේ කරමි..
ReplyDeleteවටිනා ලිපියක්! ඊ මගින් හුවමාරු විය යුත්තේ මෙවැනි ලිපි මිසක් බහු භූත නෙවෙයි!
ReplyDelete