Apr 30, 2020

අපේ ඉසව්වට අවුරුදු 10 යි! දැන් ඇති වගේ..


අපේ ඉසව්ව බ්ලොග් අඩවියට අවුරුදු 10 යි. අවුරුදු දහයක් කියන්නේ පොඩි පහේ කාලයක් නෙවෙයිනේ, ඒක නිසා අවුරුදු 10ක් ඇතුලේ මොනතරම් දේවල් වෙන්න ඇතිද. කොහොම වුනත් ජීවිත කාලයෙන් දශකයක්ම ගෙවුණ මේ බ්ලොග් එක කියන්නේ ලිවීම කියන එක හිතට දැනෙන්න කරන්න හැදුණු සුන්දරම තැන. ඒ වගේම ජාතික පුවත්පතක ලියන්නෙක් වෙන තැන දක්වාම රැගෙන ගියපු බ්ලොග් එකක්.

මීට අවුරුදු 10 කට කලින් මගේ සොහොයුරා ජනිත ප්‍රේමරත්නගේ ආරාධනාවක් අනුව ඔහුගෙන් ලද තොරතුරු අනුව තමයි බ්ලොගර් ෆ්ලැට්ෆෝර්ම් එකේ අපේ ඉසව්ව බ්ලොග් එක හැදුනේ. නම යෝජනා කලෙත් ඔහුම තමයි. ඒ නිසා මේ වගේ අවුරුදු දහයක් මතක් කරන වෙලාවේ ඔහු අමතක කරන්නම බෑ. අනිත් එක තමයි, අපේ ඉසව්ව එක්කම තවත් බ්ලොග් අඩවියක් පටන්ගත්තා කවි ලියන්නම 'සිතිවිලි පලස' කියලා එතකොට ඒකටත් අවුරුදු දහයක් වෙනවා.

මේ බ්ලොග් එක එක්ක ලංකාවේ සිංහල බ්ලොග් ලියන කීදෙනෙක්නම් අඳුනගන්න ලැබුණද, ඒ වගේම ලියවිලි කියවන කීදෙනෙක්නම් අදුනගන්න ලැබුණද, තව අකුරක් අකුරක් ගානේ කියවන්න කැමති කීදෙනෙක්ට යන්තම් හරි දෙයක් දෙන්න ඇත්ද කියලා හිතද්දිම හිතට පුංචි නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. ඒ එක්කම දැන් මේ බ්ලොග් එක නඩත්තුකලා ඇති කියලත් හිතෙනවා.

කොහොම වුනත් මේ දක්වා අවුරුදු දහයක් අපේ ඉසව්ව එක්ක මාත් එක්ක රැඳුනු, කියවපු හැමදෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි. ස්තූති කරලා නිකන් ඉන්නේ නෑ, අවුරුදු දහය සමරන වෙලාවේ මං නිර්මාණය කරපු අලුත්ම කෙටි චිත්‍රපටය පහතින් ඔබට තිළිණ කරනවා. ඒක පුංචිම පුංචි තෑග්ගක් වෙයි, බලලා විඳින්න..


3 comments:

  1. සුබ පැතුම් ! දිගටම කරගෙන යමු.චිත්‍රපටිය ගැනනම් කතාකරන්න දේවල් තියෙනවා.

    මම
    අත්තම්මගෙ පෙට්ටගම
    ලියන ලොකුජෝන්

    ReplyDelete
  2. දශකය ට සුභ පැතුම්! දශකයෙන් අර්ධයක් මමත් මෙතනට ආවා ගියා. සෑහෙන දෙයක් ගත්තා. මමත් දැන් ලියන්න පටන් අරගෙන අවුරුදු 8ක් වෙනවා. එත් මම නම් කියන්නේ දිගටම ලියමු කියල. 10 කියන්නේ නවත්තන්න තැනක් නෙවේ නේද?
    චිත්‍රපටියත් බැලුවා. ඒක ගැන විචාරයක් නම් ලියන්න යන්නේ නැහැ, ඒත් හැම ගමකම විතරක් නෙවේ නගරෙක උනත් ඒ වගේ පැත්තක් තියනවා නේද..

    ReplyDelete
  3. සුබ පැතුම් ! දිගටම කරගෙන යමු.චිත්‍රපටිය ගැනනම් කහාකරන්න දේවල් තියෙනවා.

    මම
    අත්තම්මගෙ පෙට්ටගම
    ලියන ලොකුජෝන්

    ReplyDelete