Jul 17, 2012

හේමකුමාර නානායක්කාර The Rising

හේමකුමාර නානායක්කාර යනු ශ්‍රී ලාංකේය දේශපානයේ කලින් කලට විවාදාත්මක තීරණ මෙන්ම පියවර ගන්නා චරිතයකි. එසේම ඒ තීරණ බොහෝවිට පවතින දේශපාලන ප්‍රවාහයට දැඩි බලපෑම් එල්ල කරන්නා වූ සාධක වී ඇති බව දේශපාලන ඉතිහාසපොත පෙරලීමේදී අවබෝධකරගත් හැක. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගත් සිය දේශපාලන ගමන්මග තුල ජනතාව අතර සිට ප්‍රායෝගිකව පොලවේ පයගසා දේශපාලනය කල පුද්ගලයෙක් ලෙස හේමකුමාර වට දේශපාලනිකමය වශයෙන් ස්ථාවර කාඩර්වරු පිරිසක් බිහිවී තිබීම ඔහුගේ ප්‍රධානතම ශක්තිය වේ. එක්සත් ජනතා නිදහස් සංධාන රජය බිහිවී එය ශක්තිමත් වෙද්දී ජනපති දෑත් සවිමත් කිරීමේ අභිලාෂයෙන් එතෙක් කල රැඳුනු කොල පැහැ සාටකය අත්හැරි හේමකුමාර එජාපයට පිවිසෙන්නෙත් වාමවාදී දේශපාලනික බෞතීස්මයෙන් අනතුරුව මතවාදීමය ගැටළු නිසාවෙනි.

Jul 14, 2012

ස්ත්‍රී දූෂණ රැල්ල කොතනටද?



රැල්ලට යාම යන ක්‍රියාපදය සාමාන්‍යයෙන් ආසියාතකි රටවලට වඩාත් පොදු ලක්ෂණයකි. මෙහිදී රැල්ලට යාම ලෙස හඳුන්වන්නේ එක්තරා විශේෂ සංසිද්ධියක්(අවධානය දිනාගන්නා) සිදුවූ පසු එය පසුපස තවත් එවැනිම සංසිද්ධීන් ගණනාවක් ඇදීයාම නැතහොත් සිදුවීමයි. මෙයට හේතුව වන්නේ පුද්ගල ආකල්ප ද නැත්නම් වෙනත් සාධකද යන්න අතීතයේ සිටම සමාජ විද්‍යාඥකයන් පර්යේෂණවල යෙදෙන්නාවූ ක්ෂේත්‍රයකි. මේ දිනවල ලංකාව පුරා සතර අතින් ඇසෙන ස්ත්‍රී දූෂණ සිදුවීම වැලද රැල්ලට යන්නක්ද යන්න මුලින්ම සොයාබැලිය යුතුය. විශේෂයෙන්ම මෙම රැල්ලට අඩුවයස්වල කුඩා ගැහැණු දරුවන් හා තරුණියන් හසුවීම තුල සමාජ විපර්යාසයකට මගපෑදෙන්නාවූ කාරණයක් වී තිබීම මත මේ පිළිබඳ සොයාබැලීම ඉතා වැදගත ්ය.

     මින් පෙර මෙවැනි රැලි ගැන අප විමසා බැලිය යුතුය. නුදුරු අතීතයේ පැවති “ග්‍රීස් යකුන්ගේ“ සිදුවීමද මෙවැනි එක සිද්දියකි, එසේම ඒ හා සමාන නොවුනත් “ආසනික්“ සිදුවීම, “බුද්ධරූපවලට බුදුරැස් පෙනීම“ සහ අතීතයේ “හංදිවල සිටි නින්ජාවරු“ දක්වා මේ සිදුවීම දිගුවන බව මතක තබා ගත යුතුය. බොහෝමයක් සිදුවීම ලංකාව තුල මහාවිපර්යාස ඇතිකල සිදුවීම්ය. මෙහිලා ග්‍රීස් යකුන්ගේ සිදුවීම මෑත කාලීනව ඉතාමත් පෙරලියක් සිදුකල සිදුවීමකි. නමුත් වර්තමානය වන විට එම රැල්ල අවසන්ව ඇති අතර එම සිදුවීම බොහොමයක් අදාල සිද්ධිවලට ප්‍රායෝගිකව මුහුණ දුන් ඇත්තන්ට පවා අමතකව ඇත.

Jul 13, 2012

෴ “ගී මිහිර “ 3 වැනි වැඩසටහන ෴(සිංහල රේඩියෝවේ මිහිරිම අවකාශය)


ගී මිහිර රසික සහෘද ප්‍රතිචාර මැදින් දැන් සෙමෙන් එහෙත් සොඳුරු ගමනක යෙදෙනවා. අන්තර්ජාලය ඔස්සේ විකාශනයවන ගීත වැඩසටහන් අතර වෙනස්ම ආකාරයේ රසයක් ශ්‍රාවක ඔබ වෙත තිළිණ කරන වැඩසටහනක් විදියට අද “ගී මිහිර“ 3 වැන වැඩසටහන ඔබට තිළිණ කරනවා. අද වැඩසටහන තුලින්
  • වික්ටර් රත්නායක ශූරීන්ගේ “ස“ රුහුණේ අවසන් ප්‍රසංගයේ වැඩිපුරම රසික ප්‍රතාචාර ලැබූ ගීතය..
  • “ගී මිහිර“ ලැබූ සොඳුරු ශ්‍රාවක ප්‍රතිචාරයක් පිළිබඳ වචනයක් සමග රසික ඉල්ලීමකට ප්‍රතාචාර...
  • පොප් රජු මයිකල් ජැක්සන‍්ගේ මතකයෙන් බිඳක්..
  • සිංහල බ්ලොග් අවකාශයේ සොඳුරු නිර්මාණයක් පිළිබඳව විවරණයක්...
  • හින්දි සිනමාව දෙසට මෙන්ම හින්දි ගීත රසය දෙසට ගී මිහිරේ බැල්ම යොමුවූ වග...
  • සරසවියේ බිහිවුණු සොඳුරු පෙමක් පිළිබඳ කණට ඇහුණු කතාවක් සංවේදී අයුරකින් විඳින්න ලැබුණු අවස්ථාවක්..

Jul 10, 2012

ආයෙමත් ආදරෙන් - ( අවසාන කොටස)

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16


ගතවන තත්පරයක් තත්පරයක් පාසා හිත නොසන්සුන්කමකින් වදදුන්නා, අද හවස තුන වෙද්දි මොනවා වෙයිද ඒ වෙන දේවල් වලට කොහොම මුහුණ දෙන්නද කියලා හිත හරි පැහැදිලි විවරණයක් දුන්නේ නෑ. ඒත් ඊයේ ජිත්මි මාව මුණ ගැහෙන්න හිටියා කියලා කියනකොට එයාගේ මූණේ තිබුණේ එච්චර හොඳ ලකුණක් නෙවෙයි. ඒක හිතේ ලොකු බයක් ඇති කරා. ඔට්ටුව පරදීවිද මම? ලක්ෂෙනම් බල්ලට ගියාවේ..ඒත් ජිත්මි නැතිවුනොත්...ඒ මදිවට අර ගොබ්බයට අයිතිවුනොත් කොහොමද වාවන්නේ..හිත එක එක දේවල් කිව්වා.


“හිතට හයිය ගනින් බං...තව දවස් හයකින් සේරම ඉවරවෙන්න තියන එකේ අද ඒකට එක අඩියක් හරි තියපං...“


සමීර කතාකරලා බොහොම බරපතල වචන ටිකක් කිව්වා. ඇත්ත ඒ කතා සේරම ඇත්ත. හිත බොහොම අමාරුවෙන් ශක්තිමත් කරගෙන හවස ගමන යන්න ගියා.


මාතර බෝධිය පහුවෙද්දි ඉබේම හිතට මොකක්දෝ වෙනසක් දැනුනා. හිතට නැති හයියක් ආවා..

Jul 8, 2012

කාලය සහ සංගීතයට එකතුවන මිහිරියාව - “ගී මිහිර“ 2 වැනි වැඩසටහන්


අද ගී මිහිර 2 වැනි වැඩසටහන. පලමු වැඩසටහන් බොහොම අපහසුතා මධ්‍යයේ අඩු පහසුකම් යටතේ ඉදිරිපත්කරත් එයට ලැබුණු ප්‍රතිචාර හදවතින්ම බාර ගෙන දෙවැනි වැඩසටහනට ඒ අදහස් උදහස් එකතු කරගන්නට හැකිවුණා. අද පලමු වැඩසටහනට ටිකක් එහා ගිය ගුණාත්මකභාවයකින් ගීමිහිර දෙවැනි වැඩසටහන ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

තාක්ෂණක සංගීතය හා ජනසංගීතය එක්කල සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සිට 25 වසරක අනුස්මරණ සිහි ගැන්වූ ජෝතිමත් ජෝතිපාලයන්ගේ පැත්තෙන් සමුගන්නට පියවර තබන වික්ටර් රත්නායකයන්ගේ “ස“ දක්වා අද “ගී මිහිර“ පෙල ගැස්වෙනු ඇති.

Jul 7, 2012

ආයෙමත් ආදරෙන් - 16 වැනි කොටස (අන්තිමේදි ආදරේ සහ ඔට්ටුව...)

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15 




“කොහොම වුනත් බන් දැන් කෙල්ල හරියටම උඹේ කටින්ම අහගත්ත නේ..දැන් ඒකි කියන දෙයක් තමයි“

සමීර කෝල් කරපු වෙලාවක කිව්වා. මගේ හිතේ තිබුණේ ඊලඟට මොනවා වේවිද දන්නේ නෑ කියලා. එදා හිතේ  තිබුණු දේවල් වලින් පොඩ්ඩක් හරි ජිත්මිට කියාගත්ත එක ලොකු දෙයක්. නැත්නම් මාස තුනක් ඉවරවෙනකම්ම මම කරපු දෙයක් නැති ගාණයි.

“තව සතියයි බං තියෙන්නේ..මම අද වෙනකං බලන් හිටියේ අඩුම ගාණේ ජිත්මි මට බනීවි කියලාවත්..එහෙම වත් නෑ බං..“

මම කතාකලේ හිතේ තිබුණ ලොකු කළකිරීමත් එක්ක කියලා සමීරටත් තේරිලා තිබුණා. සමීර හැම වචනයක්ම කිව්වේ මගේ හිත හැදෙන්නත් එක්ක වගේ.

Jul 4, 2012

ආයෙමත් ආදරෙන් - 15 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14 




ජිත්මි කියන නම ඇහෙද්දිත් හිතේ විදුලි කොටන මට්ටමට මම එයාට ආදරේ කරන්න පටන් අරගෙන. ඒත් ඇස් ඉදිරිපිට ටිකෙන් ටික ඒ හීනේ ඈත් වෙලා යනවා, කරන්න කියලා තියෙන හැමදේම කරත් ඒ එක දේකින්වත් ප්‍රයෝජනයක් නැතිවෙලා යනවා.ඒ ඇස්දෙක, හිනාව අමතක කරන්නේ කොහොමද..රුපියල් ලක්ෂයක්නම් ආයෙත් මොනවාහරි කරලා හොයාගන්න පුළුවන් වෙයි..ඒත් ඒ වගේ කෙනෙක්..අනේ මන්දා හිත ගොඩක් අසරණවෙන ප්‍රශ්නයක්.

    නෙත්මි අනිවාර්යයෙන්ම ජිත්මි එක්ක කතාකරන්න ඇති..ඒ කොහොම වුනත් ජිත්මි එක්ක කෙලින්ම කතාකරනවා කියලා මම තීරණය කරගෙන හිටියේ...තව සති දෙකකට වැඩිය කාලයක් නෑ ඔට්ටුව ඉවර වෙන්න..ඔට්ටුවත් එක්ක ආත්ම ගෞරවය, හිතේ සතුට විතරක් නෙවෙයි ආදරෙත් හේදිලා නැතිවෙලා යන්න කලින් කරන දෙයක් තමයි. අපරාදේ කියන්නේ සමීරත් හැමවෙලේම වචනයකින් හරි උදව් කරන්න හිටියා..ඒ හයියත් ගොඩක් වැදගත් දෙයක් වෙලා තිබුණා.

Jun 30, 2012

ආයෙමත් ආදරෙන් - 14 වැනි කොටස ( ආයෙත් ඔට්ටුවට පිවිසීම..)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10  11  12  13 


දැන්නම් ඇඬෙන් සයිස් එකටම තත්තේ බරපතලයි. මෙච්චර දවස් නොහිතුවට, නොදැනුනාට දැන්නම් ඇත්තටම මටත් හිතෙනවා මෙහෙම ගියොත් ඔට්ටුව පරදීවි කියලා..වෙලාවකට හිතෙනවා සමීරයා විකාරෙන් වගේ කිව්වට මේක කුමන්ත්‍රණයක් වගේ කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් ජිත්මි වගේ කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි... ඒත් සමහර වෙලාවට දෙකට ගණින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ කරන ඒවා දැක්කම විශ්වාස නොකරත් බෑ..කොහොම වුනත් ඔට්ටුව අල්ලලා මාස දෙකක් ගතවෙන්නත් ලඟයි..ඔට්ටුවේ ප්‍රගතියක් නැතිවීම සහ රුපියල් ලක්ෂයක මුදලක් කාබාසිනියා වීම ආසන්නයේ හිටපු මට දැන් කරන්න කියලා දෙයක් නොතිබුණු ගානයි..

“මචං...මේක එහෙම අතෑරලා දාන්න පුළුවන් වැඩක් නෙවෙයි බං..“

සමීර පුරුදු විදියට ඔෆීස් එකේ කෑම වෙලාවේ කිව්වා. ඒත් තත්වේ ගැන තේරෙද්දි තව දුරටත් මේක මත්තේ මැරෙන්න හිතෙන්නෙත් නෑ..ඒ වගේම අතෑරලා දාන්න හිතෙන්නෙත් නෑ.

Jun 27, 2012

“සිරිවර්ධන“ නම්වූ තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ

සිරිවර්ධන හෙවත් වඳුරඹ මහත්තයා ගැන අලුතින් යමක් කීමට ඉතිරිව ඇතැයි මා සිතන්නේ නැත. එසේම යම් කෙනෙක්ට ඔහු පිළිබඳව වඩාත් තොරතුරු අවශ්‍යනම් මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතයෙන් එය සම්පූර්ණ කරගත හැක. නමුත් මා අදහස් දක්වන්නේ “සිරිවර්ධන නැමති තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ“ පිළිබඳවයි. මිනුම් දණ්ඩක් යනු යමක් මැනීම නොඑසේනම් ප්‍රමාණ සමීක්ෂණයක් සඳහා යොදාගන්නාවූ පොදු නිරපේක්ෂ මාධ්‍යකි. නැතහොත් අගයකි. එසේනම් සිරිවර්ධන නැතිනම් වඳුරඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අමුතු ධර්මයක් දේශනා කරන්නාවූ මේ පුද්ගලයා තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩක් වන්නේ කෙසේද?

    අප දන්නා පරිදි වර්තමානයේ බුදු දහම ශේෂව පවතින්නේ රටවල් කීපයක පමණි. එමෙන්ම බුදු දහමේ හර දර්ශනයෙන් සුපෝෂිත ථේරවාද බුදු දහම ඉතිරිව ඇත්තේද රටවල් කීපයක පමණි. එයින් ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයකට පත්වන්නේ බුද්ධ කාලීනව මෙන්ම එයින් පසු සමයන්හීද බුදුදහමේ උන්නතියට කටයුතු කල රාජ්‍යයක් වශයෙන්ය. නමුත් වර්තමානයේ බුදු දහම පවතින්නේ මොන තත්වයේද හෝ කුමන මට්ටමකද කියා මැනීමට මිනුම් දණ්ඩක් නොමැත.

Jun 26, 2012

ආයෙමත් ආදරෙන් - 13 වැනි කොටස ( දිස්නකට මොනවා වෙයිද?)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10  11  12 


ගෙදර ගිහිල්ලා හිටියේ කොහොමද කියලා මතකත් නෑ. පෝය දවසේ සිද්ධ වෙච්ච හැමදේම නිකං හීනයක් වගේ. හිතේ තිබුණු හයිය සේරම කඩන් වැටුණා වගේ වුනා කධිර කැෆේ එකේ දිලූපත් ජිත්මිත් ඉන්න හැටි දැක්කම. අම්මපා මරාගෙන මැරෙන්න හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ජිත්මි දිලූප එක්ක එච්චර කුළුපගව කතාකරනවා දැක්කම නැතිවෙන රුපියල් ලක්ෂෙ ගැන නෙවෙයි නැතිවෙන හිතේ ශක්තිය සහ ආත්ම අභිමානය ගැන පුදුම දුකක් ඇති වුණා. ඔට්ටුව ඉවරවෙන්න මාස දෙකක්ම තියෙද්දි හැමදේම ඉවරවෙලා යන්න හදනවා නේද කියලා හිතෙද්දි හිතට ලොකු අසරණ කමක් දැනෙනවා. මේ වගේ ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමෙත් නොවන නිසා තවත් හිතට අවුල්.

    ඒ දවස් කීපෙම මඩිහ පැත්තට ඉරා පෑයුවේ නැති ගාණට ගෙවිලා ගියා. ජිත්මි කීප වතාවක්ම මූණට මුණ ගැහුණත් හිනාවෙන්නවත් මූණ බලන්නවත් හිතක් තිබුණේ නෑ. මම එහෙම යනකොට ජිත්මිගේ මූණේ මොනවගේ විපර්යාසයක් වෙනවද කියලවත් බලන්න මට හිතුනේ නෑ.