Jul 1, 2010

බුද්ධ රතනං....ධම්ම රතනං

අපේ ලොව්තුරා ශාන්තිනායක බුදුරජානන්වහන්සේ පරිනිර්වාණයට ආසන්න මොහොතේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල් උයනේ සැතපී ඉන්නවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන ගිහි පැවදි දහස් ගණනක් පිරිවර මේ සන්වේදිදායක දසුන බලන් ඉන්නේ බොහොම කම්පාවෙන්.හැමදෙනාටම නිවනට යන්නට මග කියලා දීපු මහාකාරුණිකයන් වහන්සේ තමන්ගේ පිරිවර හැරදමා නිවනට යන්නටයි සූදානම. එත් උන්වහන්සේගේ නිර්මල දහම ශ්‍රාවකයන් අතරට හොදින් ස්ථාපනය කරලයි උන්වහන්සේ මේ ගමන යන්න සූදානම් වෙන්නේ.

කෙමෙන් කෙමෙන් කාලය ගතවුණා. ලොව්තුරා බුදුන්වහන්සේගේ පරිනිර්වාණය වනතෙක්ම ආනන්ද මහා තෙරුන් වහන්සේ අරහත් භාවයට පත්වී සිටියේ නෑ. ආනන්ද තෙරුන් ඒ මොහොතේ බුදුහාමුදුරුවන් සමීපයටම වී සිටිය. එත් බුදුරදුන්ට මේ කිසිවක් දැනුනේ නේ. ආනන්ද තෙරුන්ට තිබුණු ලොකුම ගැටලුව තමන්ගේ රහත් භාවය පිළිබඳව නොවෙයි. ආනන්ද තෙරුන් කල්පනා කල බුදුන්වහන්සේ වැඩසිටිනා කාලය තුල ධර්මය හා විනය පිලිබඳ ගැටළු වලට උන්වහන්සේ ධර්මයෙන්ම අගනා පිළිතුරු ලබාදුන්සේක. නමුත් උන්වහන්සේ පිරිනිවනට සැරසෙයි.

ආනන්ද තෙරුන් සම්මා සම්බුදුන් අසලට වැඩි සේක. උන්වහන්සේ බුදුරදුන අමතා කතා කළහ." බුදුරජානන් වහන්ස, ඔබ වහන්සේ පිරිනිවන් පෑ පසු අප ලෝකයාගේ ධර්ම හා විනය ගැටළු සඳහා කෙසේ පිළිතුරු ලැබෙයිද ? ඔබ වහන්සේ සමතැන්හි තැබීමට සුදුසු කෙනෙක් නැත්තාහ එසේනම් මින් ඉදිරියට අපේ සාසනයට ඔබවහන්සේ වන්නෙක් කොහින්ද?

මහාකාරුණිකයන් ආනන්ද තෙරුන්ගේ ගැටලුව මැනවින් වටහාගත් සේක. උන්වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ.
"ආනන්ද මා හා සමතැන්හි තැබීමට කෙනෙක් ඇත..එනම් මා විසින් දේශනා කරන ලද්දාවූ ශ්‍රී සද්ධර්මය හා විනය දේශනාවන්ය..එබැවින් නොතැවෙන්න ආනාන්දයනි මා වැඩසිටි සමයෙහි මෙන්ම ..මා නැති කලද ධර්ම හෝ වේවා විනය හෝ වේවා ගැටළුවක් පවතීනම් එය මා දේශනාකළ ධර්මය අසුරුකරන් විසදීමට හැකිවනු ඇත..ඒ සද්ධර්මය තරම් මා සමතැන්හි තැබීමට වෙනකිසිවක් සුදුසු නොවෙති..එබැවින් එම ධර්මය මනාකොට පිළිපදින්න.."

5 comments:

  1. වැදගත් ලිපියක්........

    තෙරුවන් සරණයි....

    ReplyDelete
  2. කාමුක දේවල්, සිත ඇදීයන, සිත වසඟ වන දේවල් නිශ්පාදනය වන ලෝකයක, ශ්‍රී බුද්ධ ධර්මය දේශනා කිරීම ඉතා අගනේය. ඔබට ලැබෙන ප්‍රතිචාර ඉතා මද වශයෙන් වීමට පිලිවන. ඒ ගැන කනගාටු නොවන්න. පසු නොතැවෙන්න. අධෛර්ය නොවන්න. බොහෝ දෙනා දුවන්නේ කම්සුව පතාගෙනය. වසර සියයකට අඩු අපගේ මේ ආයුශ ප්‍රමානය බොහෝ දිගයයි සමහරු සිතති. ඒ නිසාම ආලයක් ගැන, ගෑනු ලමයෙක් ගැන අඬන, කියවන, ලතවෙන අය බොහෝය. පන්චස්කන්ධය දෙස බලන විට ඒ ඉපදී නැතිවී යන සිතිවිලි පමනය. සිතිවිලි සමග බොහෝ විට අකුසල් ද සිදුවේ. මෙය තෝරා බේරා ගෙන යහ මගට යන දරුවන් දිරිගැන්වීමට අපි උපකාර වන්නෙමු. - තෙරුවන් සරණයි

    ReplyDelete
  3. ඉලන්දාරියගේ හා සරත් ගුණතුංග මහතාගේ ඇගයීම් වෙනුවෙන් බොහොම ස්තූතිය පුදකරමි..ඇගයීම් ප්‍රමාණය කොපමණ වුවත් මගේ ප්‍රයත්නය වටිනා දෙයක් වෙබ් අවකාශයේ සිංහල දන්නා සැමට ලබාදීමයි. ධර්මයේ අගය මැනවින් වැටහෙන වර්තමානයේ ධර්ම දානයට අපි කැපවිය යුතුය යන්න මගේ විශ්වාසයයි

    ReplyDelete
  4. යෝ ධම්ම පස්සති සෝ මං පස්සති

    ධර්මය දකින්නා බුදුන් දකී

    ReplyDelete
  5. උතුම්ම දානය ධර්ම දානයයි..

    ReplyDelete