පර්දාව මදකට මෑත්කර
නිල්මිණිවන් නෙතු දෑල
විදහා
බලන්න එකවරක්
දෙතොල් පෙති තදකරන්
දැනෙන ලෙස හදවතින්...
ඇස පියවෙන්නට මොහොතකට කලින්
ස්ථීර නිමේෂයක හෝ
සීමා මායිම්
මොහොතකට අවකාශයට
මුදාහැර
බලන්න ලොව දෙස
නොපෙනුන තරමට සුන්දරය
නොදකින තරමට පින්බරය
සුන්දරියේ ඔබට
ඔබ දකින ලොව
නරක නෑ...............!
ReplyDeleteඅයියෝ මේ කමෙන්ට්ස් වලට දාලා තියන වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරන්න!
ReplyDeleteබොහොම පින්
ReplyDeleteGood Idea
ReplyDeleteගොඩක් ලස්සන අදහසක් ......
ReplyDelete