Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jul 13, 2010

දිවිය මොනතරම් සුන්දර දෝ..දුකම කොයිතරම් සතුටක් දෝ..[ ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]





" තවත් මේ හැම දුකක්ම හිතේ තියන් ඉන්න අමාරුයි දුලාන්"
සචිනි දුලාන්ට ලංවෙලා කිව්වේ ගොඩක් කණගාටුවෙන්. දුලාන් හිටියේ නෙත් දෙක බිමට යොමාගෙන.

"මම හිතුවේ නෑ මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා..සචී..මම එහෙම දැනන් හිටියනම් කවදාවත්
ඔයාට දුකක් දෙන්න ඔයාට ලන්වෙන්නේ නෑ"
දුලාන් කිව්වේ ගොඩක් දුකෙන් වගේ.

" නෑ මගේ රත්තරන් ...ඒක මට දුකක් නෙවෙයි..මට බයයි..මේ සේරම වෙන්නේ මට ඔයා නැතිවෙන්න යන විදියටයි..ඉතින් මම කොහොමද මේවා බලන් ඉන්නේ.."
සචිනි දුලාන්ගේ අතින් අල්ලගත්තා.

"මේකේ ඉවරයක් තියෙන්න ඕන දුලාන්..මට බෑ වෙනකාගේවත් වෙන්න..එත් අපේ ගෙදර ය ඔයාව නැතිකරන්න හොයනවා..මට බෑ ඒක පැත්තකින්වත් ඔයාව නැතිකරගන්න.."

සචිනි කඳුළු වගුරවමින් කිව්වා..දුලාන්ට මහා දුකක් සචිනි ගැන ඇතිවුනා.හැමදාටම මේ රත්තරන් හිතත් එක්ක ජීවත් වෙන්න තිබුනානම් කොච්චර හොඳද කියලා හිතුනා..

"අපි දෙන්නට වෙන්වෙලා ඉන්න බෑ සචී..එහෙම ඉන්න සිද්දවුනොත් අපි දෙන්නට හැමදාටම විඳවන්න වේවි.."
දුලාන් හිතේ තදකරන් හිටපු දුක පිටකරන ගමන් කිව්වා.

දෙන්නා මොහොතක් වැළඳගෙන හිටියා. හිතේ දුක පිටවෙන්න දෙන්නම හොඳට ඇඩුවා.ඒ දුක පිටකරගන්න දෙන්නටම ඕන වෙලා තිබුනා.

"මේ අපි මුණගැහෙන අනිතිම දවසද දුලාන්..අනේ අපිට වෙන්වෙන්න වෙයිද ?"
සචිනි කඳුළු වගුරමින් ඇහුවා.
දුලාන් අයෙත් ඇයගේ අත්දෙකෙන් අල්ලගත්තා .දෙන්නම වෙරළ තීරයේ ඉදන් රේල් පාර දීගේ ආපහු එන්නට ආවා.

දෙන්නා තාමත් අත්දෙක අල්ලගෙනම කෝච්චි පාර දිගේ ඇවිදිමින් ආවා.

"අපි වෙන්වෙන්න හොඳ නෑ..'
සචිනි දුලාන් දිහා බලලා කිව්වා.

"අපි වෙන්වෙන්නේ නෑ.." දුලාන් ස්ථීරවම කිව්වා..

"මේ හැමදේම නැතිවෙන්න දෙන්න බෑ..මේ දුකම අපිට සතුටක් වෙයි..දුලාන්"
සචිනි දුලාන්ගේ ඇත තදින් අල්ලගත්තා. දෙන්නටම ඈතින් 'රුහුණු කුමාරියේ " හූ හඬ ඇහෙන්නට වුනා .
දෙන්නම අත්දෙක තවත් තදකරල අල්ලගත්තා,දුලාන් සචිනිගේ මූණ දිහා බැලුවා.කවදාවත් නොතිබුණු විදියක
ආදරණීය නිර්භීත බවක් ඒ මූනේ තිබුනා. දෙන්නම එක සැරයක් හිනාවුනා.

"රුහුණු කුමාරිය " මේ ආදරණීය හිත්දෙක නවත්තන්න තව තව හය්යෙන් හූ හඬ පිටකලා. එත් මේ හිත්දෙක වෙන්කරන්න කිසිම දෙකට නොහැකි වුනා. දුම්රිය ලංවෙද්දි දෙන්න තදින්ම බදාගත්තා. අයෙත් කවදාවත්ම වෙන්වෙන්නේ නැතිවෙන විදියට. දුලාන් සචිනි වෙන්කරන්න කාටවත් බැරිවුනා..ඒ හිත්දෙක සදහටම
එක්වුණා..හරියටම " දුකම කොයිතරම් සතුටක් දෝ කියන්න වගේ"


සංසාරේ දුර ඈත
යන්නට පෙර හමුවෙමු ආයේ
එක දිනයක..
වෙන්වෙන්නට නොවේ අපි
බැඳුණේ සදාකල්
වෙන්නොවෙමු සසරේ
යලි යලිත් බැඳෙමින් ...

ආදරණීය සචී...



[සත්‍ය සිදුවීමක් ඇසුරෙන්..නම්ගම් මන :කල්පිතයි ]
මේ සංවේදී කතාව ඔබට දැනුනානම්..ඔබේ අදහස අපිට ලියල යන්න..නැත්නම් ඊ මේල් කරන්න wijaindu@hotmail.com

5 comments:

  1. දුක් විඳිමින් ජීවිතයට මූණ දීම ඊට වඩා සුන්දර නැත්ද?.නිර්භීත නැත්ද?.....ඒ දුක කෙතරම් සතුටක් දෝ...:(....

    ReplyDelete
  2. ඇත්ත..එත් වෙන්වෙලා විදවනවට වඩා..එකතුවෙලා මැරුනොත්..කවදාහරි එකට ඉපදේවි

    ReplyDelete
  3. මම ඒ සිදුවීම සාධාරණව දකින්න උත්සාහ කරනවා එක අතකින්...

    ReplyDelete
  4. එකේ සාධාරණ පැත්තකුත් තියනවා

    ReplyDelete
  5. හ්ම්.. හරි වුනත් වැරදි වුනත් ඒ ආදරේ නම් අවංකයි. සියදිවි නසාගන්න ගිහින් දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙද්දි අනිත් කෙනා පණ බේරගන්න මේ වගේ ලෝකෙක දෙන්නා එක්ක එකට ජීවිතෙ පූජා කරනව කියන එකත් උතුම් පරිත්්යාගයක් විදියටයි මම දකින්නේ..

    ReplyDelete