Dec 3, 2010

විකිලික්ස්....තහනම් කලේ ඇයි???.....ඇත්තම කතාව

අදවන විට අමරිකාව මූලික කරගෙන ලෝකයටම නවමු පුවත් යාවත්කාලීන කල විකිලීක්ස් වෙබ් අඩවිය ම​තභේදාත්මක හේතූන් මත අඩපණ කර ඇත. රටක රහස් ලොවට හෙලිකිරීම යහපත් හා සාධාරණීය කරණය කිරීමට අපේ ඉසව්ව ඉදිරිපත් නොවෙයි. ඒත් ඒ හෙලිකල රහස් අතර අපේ ලංකාවද රැදී තිබීම යනු අපද එම කතාවට තවත් එක් මාතෘකාවක් සපයා ඇති බවට හෙලිවීමත් සමගම අපි ඒ පිළිබද සත්‍ය තත්වය හෙලිදරව් කරගැනීම වඩා යෝග්‍ය බව අපි අවබෝධකරගත යුතුය.

අමරිකාව පවසා ඇති ආකාරය අනුව විකිලීක්ස් වෙබ් අඩවිය කර ඇති වැරැද්ද නම් අමරිකානු රහස් ​විකිලික්ස් වෙබ් අඩවිය හරහා ලොවට හෙලිදරව් කිරීමයි. ඒ හේතුවෙන් මීට පෙර අමරිකානු රජය අදාල වෙබ් අඩවියේ හිමිකරැට රතු නිවේදනය නිකුත් කලත් ඉන්පලක් නොවූ අතර විකිලික්ස් තවදුරටත් අමරිකාවට මෙන්ම ලෝක දේශපාලනයටද වැදගත් වන රහස් රැසක් අමු අමුවේ ලොවට ගෙනහැර දැක්වීය.

එය ලෝකයටම උණු උණුවේ කැවුම් මෙන් පුවතක් විය. නමුත් අමරිකාවටනම් එය එසේ නොවීය. ඉරාක යුද්ධයේ අසමත් වූ තැන්..ජනසංහාර සිදුවීම්..ඇප්ගනිස්ථාන යුද්දයේ සිදුවූ වැරදීම් හා සංහාර පමණක් නොවෙයි පෙන්ටගනය හරහා ලෝක තහනම් සංවිධාන පෝෂණය කරමින් ලෝක සාමය ගැන පොලිස් පාට් දැමීමේ සැබෑ පුවත් ​විකිලික්ස් හරහා ලොවටට එලිදරව් වීම අමරිකාවට දරාගන්නටම බැරිවිය.


අවසානයේ තහනම් කිරිමට ඔන්න මෙන්න තිබියදී තවත් ඓතිහාසික හෙලිදරව් කිරීම් දෙකක් සිදුකලේය. එකක් නම් රැසියානු අගමැති වරයා සම්බන්ධ පුවතකි. අනෙක් කරැණෙන් කියවුනේ ලාංකික අපගේ ඇග කිලිපොලා යන පුවතකි. ඉන් කියවූයේ ලංකාව පිළිබද රහස් තොරතුරැ රැගත් ලිපියක් අමරිකානු තානාපති කාර්යාලය හරහා අමරිකාවට යවා ඇති බවයි. එහෙත් මේ පුවත එලිවීමත් සමගම වාගේ විකිලීක්ස් තහනම් විය.

අමරිකාව නොසිතූ නොපැතූ පරිදි මුලුගැන්වී කල නැටුම් පෙන්ටගනයෙන් පාරට පැන නිව්යෝර්ක් වොෂින්ටන් පමණක් නොව ඉන්දියාවේ ලංකාවේ වීදි වලද තෙනා කෙලින්නට වීම අමරිකාවේ නිරැවත ලොවට පෙන්නන්නක් විය. අමරිකාවේ වෙබ් අඩවියක් මගින් අමරිකාව පතුරැ ගැසීම ගැන එක පැත්තකින් දුකය. එක පැත්තකින් හිනහය තවත් පැත්තකින් භයානකය.


නියර මෙහෙමනම් කුඹුර කොහොමදැයි උපකල්පනය කරගත හැකිවාක් මෙන් මේ එලියට ආවේ සාම්පල් පමණය.තම කොපමණ ඇත්දැයි දන්නේද අමරිකාව පමනය. ඔය ආවේ කසකාරයාය....පෙරහැර තාම මග එති. එබැවින් තව තව ඒවා හෙලිදරව් විය හැකිය. ආරංචියේ හැටියට නම් මෙය ආරම්භකලේ විකිලික්ස් පමණක් වුවත් එය දිගට කරගෙන යාමට ලෝක පරසිදු පුවත් වෙබ් අඩවි ගණනාවක් සුදානමින් ඇති බවයි. එය එසේනම් අමරිකාව දැන් වැඩ වරද්දාගෙන තිබේ.

හිටපු අමරිකානු ජනපති බිල් ක්ලින්ටන් මේ වෙනුවෙන් පවසා​ සිටියේ මෙම කර්තව්‍යය නිසා සිදුවන්නේ බොහෝ දෙනෙකුගේ රැකියා නැතිවීමත් බොහෝ​ දෙනෙකුගේ ජීවිත නැතිවීමත් බවයි. අමරිකාව රහස් සංවිධාන (කොටි සංවිධානය ද ඇතුලුව) පෝෂණය කිරීමෙන් ලොවට කිරීමට බලාපොරොත්තුවූ කොඩිවිනය දැන් ආපස්සට හැරවී ඇත. එය විකිලීක්ස් තහනම් කිරිමෙන් නැවැත්විය හැකියයි අපි විශ්වාස නොකරයි. එබැවින් මේවා අතිසාරයට අමුඩ ගැසීම වැනි දෑය. එබැවින් අයාගත් දෑසින් කොඩිවිනය කෙටූ ඇත්තන්ටම එය හැරවී පල දෙන අයුරැ සයිබර් අවකාශයට වී අපි බලා සිටිමු.

5 comments:

  1. සහතික ඇත්ත මචං ... ඇමරිනාව චේට කලෙත් ඔය ටිකම තමා...
    මේ ගැන අපි වැඩි සැලකිල්ලක් දැක්වුවෙ නැත්නම් කේස් තමා අපිටත්..

    ReplyDelete
  2. අමරිකාව හැමදාම කලේ තමනගේ ආධිපත්‍යයවාදයට විරැද්ධවේච්ව ​එවුන් යටිකූට්ටු වැඩකරලා නැතිකරලා දාපු එක

    ReplyDelete
  3. අඩවිය වැහුවට වහලා තියෙන්නේ නෙම් සවර් එකෙන් පමණයි
    කෙලින්ම සර්වර් එකට ගිහින් බලන්න පුලුවන් අයි පි ඇඩ්ඩර්ස් එකෙන්
    සයිට් එක තාම වැඩ

    ReplyDelete
  4. http://www.wikileaks.ch/ meke balanna puluwan.. anika wikileaks eke ayaawa maruwath news tika eliyata ena eka walakwanna ba eyala auto publish karanawalu..

    ReplyDelete
  5. බොහොම ස්තූතිය සත්‍ය තොරතුරැ ජනතාව අතරට අරගෙන යන්න දක්වන දායකත්වයට

    ReplyDelete