Dec 3, 2010

සාපරාධී යුධ අපරාධ චෝදනා මත ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ තැතක් හෙලිවේ

තිස්වසරක කුරිරැ යුද්ධය අවසන් කල ජනපතිතුමන් සාපරාධී යුධ අපරාධ චෝදනා මත ලන්ඩනයේදි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති බවට අද ජාත්‍යන්තර වෙබ් අඩවි කීපයක්ම හෙලිදරව් කලා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇමරිකානු රහස් හෙලිකලායයි චෝදනා ලැබ සිටින විකිලීක්ස් වෙබ් අඩවිය විශේෂ හෙලිදරව්වක් කරමින් පවසා සිටියේ මෙරට අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලියවිල්ලක් පිළිබදවයි. නැවත වතාවක් අමරිකානු රජය මගින් අදාල වෙබ් අඩවියට රතු නිවේදන නිකුත් කිරිමට මෙය තවත් හේතුවක් විය.

තවද ජනපතිවරයාගේ බිරිතානී සංචාරයට පෙර එරට අගමැති සිදුකල අභූත චෝදනාවත්..චැනල් 4 ​වීඩීයෝවේ නැවත දර්ශනයත්..දමිළ ඩයස්පෝරාවේ උඩුබිරැමත් එක සිදුවීමක පුරැක් ලෙසින් සම්බන්ධ වෙමින් ඇති අතර අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලිපියද මෙහි තවත් පුරැකකි. මෙම සිදුවීම් දාමයේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ කොටි කාඩරයන් පරාජය කල රාජ්‍යය නායකයා සාපරාධී චෝදනා මත ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමයි. නමුත් එය කෙසේ හෝ වැලකිම යහපතකි

1 comment: