Dec 2, 2010

බිරිතානිය ලැජ්ජාවිය යුතුය....ඒත් එසේ ලැජ්ජාවක් නැති බව ද දනිමු

පසුගිය දින කීපයේ සිදුවූ සිදුවීමු අනුව තවමත් එල්.ටී.ටී.ඊ හොල්මන් ජාත්‍යන්තරය අතර හොල්මන් කරන බව මනා කොට පෙන්වීය. තිස් වසරක යුද්ධය නිමාකල අතිගරැ ජනාධිපතිදුන් ගේ එංගලන්ත සංචාරය ආරම්භකල මොහොතේම ලන්ඩනයේ ආරක්ෂාව වැඩිම හා වැඩිම පිරිසක් ආගමනය විගමනය වන ගුවන්තොටුපල බවට බිරිතානිය පාරම්බාන හීතෲ තොටුපලට රැස්වූ එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාවේ කාඩරයන් උඩුබුරන්නට පටන්ගත්හ. කිසිදිනක බල්ලන්ගේ උඩුබිරැමට සිංහයන් බිය නොවන බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ මැතිදුන් තම ගමන නැවතීම සිදුනොකලහ

දරැණු යුද්ධයක් පැවති සමයේ පවා රාජ්‍ය නායකයින්ට යහතින් සිය කර්තව්‍යයන් කිරීමට තරම් සිරිලක් බිම සවිමත් වෙද්දී ලෝකෙට ලොක්කන් බවට නරිවාදන් දෙසා බාන බිරිතානියට ගරැගාම්භීර රාජ්‍ය නායකයෙක්ට ආරක්ෂාව සැපයීමට නොහැකිවීම ගැන ලැජ්ජා විය යුත්තේ නොවේද?

අද ලංකාවේ ඊලාම් කොඩියක් දිග අරින්නට හදන මොනයම් කාඩරයෙක්ට හෝ වේවා වෙන දෙය ඔබව වැටහෙනවා ඇත. ලංකාව කොටි අවසන් කර ඇත.බිංදුවටම අවසන් කර ඇත. නමුත් බිරිතානියට තහනම් සංවිධානයක් වන කොටින් ගේ නාඩගම් නතරකර ගැනීමට බැරිවීම විලිසංහදිය ඇති අයෙක්ට හිටගෙන මුත්තරා පිටවෙන වැඩකි

හැමදෙයින්ම පේන්නේ මේ පුංචි රට කොටි පැරැද්දවීම ගැන තවමත් ලෝකෙට ලොක්කන්ට හොදටම දැනී ඇති බවයි. ඒ ලැජ්ජාවට කරන්නට ඇති එකම දේ මෙය පමණක් බව අපට සිතාගත හැක. ඒත් හෙට දින වුවද එංගලන්ත අගමැති මේ සිරිලකට ආවොත් අවසන් සටන පැවති බිමට පවා ගෙන ගොස් පිරබාහරන් නැමති අලුගෝසුවා මරාදැම්මේ මෙහියයි පෙන්නන්නට තරම සවිමත් රණවිරැවන් පිරිසක් මේ රටේ සිටීම සිරිලක් අම්මාට මහා ආඩම්බරයකි.

මේ මොහොතේ බොරදියේ මාලුන් දඩයම් කරන්නන් සිටින බවද පෙනෙන නමුත් එදත් කොටින්ට අතදුන් සිංහල කොටින් ගේ පුල්ලි දැක බලා ගත හැකි තවත් ස්වර්ණමය අවස්තාවක් බව අප කිවයුතුමය. අපි මේ මොහොතේ ලාංකිකයන් වශයෙන් එකාවන්ව සිටිය යුතුය.

මේ පිළිබද ඡායාරෑප සහිතව අපේ අනෙක් අඩවියේ ලිපියකින්ද අනාවරණය කර ඇත. එය ඔබට මෙතැනින් එම ලිපිය බැලිය හැක.

මේ වකවානුව චැන්ල් 4..අල් ජසීරා..හියුමන් රයිට් වැනි ආයතන ලංකාවට සාපරාධී යුධ අපරාද චෝදනා එල්ල කරන සමයකි. එබැවින් සියලු දේ කනින් අසා නුවණින් කටයුතු කල යුතු සමයකි. එබැවින් ලෝකය ඉදිරියේ අපේ රට පෝරකයට ගෙනයාමට එරෙහිව අප පෙලගැසිය යුතු අවස්ථාවකි.


4 comments:

  1. බොහොම හොඳ ලිපියක් !

    ගොඩක් අය කියනවා, දේශනය අවලංගු වීමෙන් ජනාධිපතිතුමාට ජාත්‍යන්තරව අවමානයක් වුනාලු.
    ඒත් ඒ ගොබ්බයො දන්නෙ නෑ, අත්අඩංගුවට ගැනීමට නීතීඥයෝ වරෙන්තු ඉල්ලන නිසා , ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන ඔවුන්ට සහතික වෙන්න බැරිනිසයි දේශනය ඔවුන් අවලංගු කළේ කියල.

    ReplyDelete
  2. මට ඔය ඩයස්පෝරාවෙ උන් මරාගෙන මැරෙන්න තරම් කේන්තිය.නෝර්වේ,ස්විස්,uk වලට වෙලා සරණාගත වීස වලින් ලොක්කො වාගෙ ඉඳගෙන උන්ට ඒක නැතිවෙනවට බයේ තමන්ගෙ වාසියට උඩු බුරණ එවුන්.

    ReplyDelete
  3. ඇත්ත..මේ වගේ වෙලාවක රටක් විදියට අපි එනට ඉන්න ඕනේ

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි...යථාර්තය වටහාගෙන මේ හැමදෙයක්ම දිහා උපේක්ෂාවෙන් බලනකොට හැමදේගැනම හැබෑ අවබෝධය ලබාගන්න පුලුවන් කියලා මම හිතනවා

    ReplyDelete