Dec 7, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 5 වැනි කොටස

පසුගිය කොටස් - 1  2  3  4


බ්‍රිතාන්‍යයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනාගනිමින් මහාචාර්ය ඩෙවන්ස්ගේ අවසන් කටයුතු ගැමන්ටන් දේවස්ථානයේදී සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ මෙවන් උතුම් හා වටිනා පුද්ගලයෙක් බ්‍රිතාන්‍යයට අහිමිකල ත්‍රස්තවාදීන් සොයා උපරිම දඬුවම් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය හා ආරක්ෂක අංශ බැඳී සිටින බවයි. අවසන් කටයුතු සිදුවන අතරේ පවා ස්කොට්ලන්ඩ්යාඩ් බුද්ධි අංශ සීරුවෙන් සිටියේ අවමගුලට සහභාගීවන්නේ කව්ද සහ ඔවුන්ගේ හැසිරීම් සහ සහභාගී නොවන්නේ කව්ද යන්නය.

අවසන් අවස්ථාවට මහාචාර්යවරයාගේ අතිජාත මිතුරා වශයෙන් සිටි රුඩී මැන්ඩල් ද සහභාගීවී සිටිය අතර ඔහු නුපුරුදු නිහඬතාවයකින් සිටීම කාහටත් ගැටළුවක් විය. එසේම විද්‍යා හා තාක්ෂණ සංගමයේ ආදී ප්‍රමුඛයන්ව සිට දැන් එය සමග සම්බන්ධව නොසිටින මහාචාර්යවරුන් ලෙස මැක් විසින් ලයිස්තුගත කල මහාචාර්ය බෙල් රින්ඩස්, වෝඩර් බින්ස් හා ඩෙවිස් කොන්ටෝ යන් සියළු දෙනාම සහභාගීවී සිටියහ.

“අපිට මේ හැම පාර්ශවයක් ගැනම සෝදිසියෙන් සිටින්න වෙනවා.මම හිතනවා අපි යන මාර්ගය හරි කියලා. ඒ මාර්ගය වැරදිනම් අපට ඉක්මණටම එය දැන්ගන්න ලැබෙනවා“ 

ගානර් අවමගුල් අවස්ථාව අතරේදී තම සහයකයන් දෙදෙනාට පැවසීය.

“ඔව් සර්.විශේෂයෙන්ම අපි මේ රුඩී මැන්ඩල් කියන පිස්සු යකානම් ඉක්මණින් හමුවිය යුතුමයි. මොකද ඒ මිනිහා තමයි අන්තිමට මහාචාර්යතුමා එක්ක කටයුතු කරලා තියෙන්නේ“

මැක් තම අදහස ඉදිරිපත් කලහ.

“ඔව් අපි ඒ ගැන හෙටම විපරම් කරලා බලමු“

*************************************

පසුදා උදෑසන තිදෙනාම ගානර්ගේ මෝටර් රථයෙන් ලීඩ්ස් බලා පිටත් විය. ඒ වනවිටත් උදෑසන නවය පසුවී තිබුණු අතර ඔවුන්ගේ අරමුණ වූයේ මහාචාර්යවරයාගේ මිත්‍රයාව සිටි රුඩී මැන්ඩල් නිවසේදීම මුණ ගැසීමයි. ඇන්තමා පටුමගේ ඔහුගේ සුපිරි නිවසට ඇතුල්වීමට ආරක්ෂක අංශයට තම රහස් පරීක්ෂක හැඳුනුම්පත පවා ඉදිරිපත් කරන්න සිදුවිය. බ්‍රිතාන්‍ය පුරා සුපතල ගානර්ගේ නාමයට හා රාජකාරී ඉතිහාසය හේතුවෙන් ඔහුගේ හැඳුනුම්පතට ඉහල වටිනාකම් ලැබේ. 

ගානර්, ස්ටීවන් හා මැක් නිවසට ඇතුල්වී අසුන් ගත්හ. ස්ටීවන් සුපුරුදු ලෙස තම සටහන් පොතද ගෙන සුදානමින් සිටියහ. මොහොතකින් මැන්ඩල් ඔවුන් වෙත පැමිණ අතර ඔහුගේ මුහුණේ මිත්‍රශීලීභාවයක් නොවීය.

“මේ මහත්වරු මොන අරමුණකින් ආවත් මහාචාර්යතුමාගේ මරණය සම්බන්ධයෙන් මමත් දැඩිලෙස කණාගාටුවන බව අමතක කරන්න එපා“

කතාවට ප්‍රවේශය ලබාදුන්නේ මැන්ඩල් මහතාමය. ගානර් මොහොතක් නිහඬව සිට සිය හඬ අවදිකලහ.

“ඔව් අපි ඒක දන්නවා. මහත්මයා අපිට අවශ්‍ය මහාචාර්යවරයාගේ මරණය සම්බන්ධ ඉතා සුළු කරුණු කීපයක් ඔබගෙන් දැනගැනීමටයි“

ගානර් තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කලහ.

“හැතැක්ම ගානක් එහා සිදුවෙච්ච එතුමන්ගේ මරණය ගැන මගෙන් මොනවා දැනගන්නද? එතුමන් ජීවත්වෙලා හිටපු සමයේ දෙයක් පමණයි මට කිව හැක්කේ“

“ඔව් ඔබ හරි..මට දැනගන්නත් ඕන ඔහු ජීවත්වෙලා හිටපු සමයේ සිදුවුණු දෙයක් තමයි“

“ ඒ මොකක්ද?“

ගානර් තම අසුනින් නැගිට මදක් සාලය තුල සක්මන් කර තම අවශ්‍යතාව ඉදිරිපත් කලේය.

“මහාචාර්යතුමා මිය යන්නට පෙර අවසන් වතාවට මුණ ගැසුනේ ඔබ. අපි දන්නවා එම හමුවීමෙන් පසුව මහාචාර්යවරයා සිටියේ දැඩි කලකිරීමෙන් බවත් තමන්ගේ මරණය පවා ඔහුට දැනුණු බවත්....මට දැනගන්න ඕන මොනවදා ඒ හමුවීමෙදි ඔබ දෙදෙනා අතර වුනේ“

“එහෙම විශේෂ දෙයක් සිදුවුණේ නෑ.පුරුදු විදියට අපි දෙදෙනා හමුවුණා..එච්චරයි“

“එතකොට ඇයි මහාචාර්යතුමා ඒ වගේ ප්‍රකාශයක් කලේ“

ස්ටීවන් ප්‍රශ්නය යොමුකලේ සෘජුවමය.

“මම දන්නේ කොහොමද“

නොරුස්සනා ලෙස මැන්ඩල් ප්‍රකාශ කලහ.ඔහු දැඩිලෙස කලබල වී ඇතිබව පෙනෙන්නට විය. ගානර් මදක් මැන්ඩල් අසලට ලංවිය.

“මම මගේ උපකල්පනය කියන්නද මැන්ඩල් මහත්මයා...ඔබ සත්‍ය ප්‍රකාශ නොකරන නිසයි මට මෙහෙම උපකල්පනය ඉදිරිපත් කරන්න වෙන්නේ. කරුණාකර මාව නිවැරදි කරන්න වැරදි නම්... ඔබ අපි හැමෝම දන්නවා මහාචාර්ය තුමා පසුගිය දිනවල කලේ විද්‍යා හා තාක්ෂණ සංගමයේ හිටපු මහාචාර්යවරු කීපදෙනෙක් නීතිවිරෝධී උපකරණ නිපදවලා විදේශයන්ට විකුණලා මුදල් උපයන ජාවාරමක් කරන බවත් එයින් එංගලන්තයට දැවැන්ත තර්ජනයක් එල්ල වන බවත්“

“ඔව් මම ඒක දන්නවා...ඒ වගේම මට ඩෙවන්ස් ඒ බව කිව්වා“

මැන්ඩල් ප්‍රකාශකලේ නොසැලකිලිමත්වය.

“ඔව්..මහාචාර්යතුමා පරීක්ෂණ කටයුතු කරමින් ඒ ජාවරම සිදුකරන මහාචාර්යවරුන් පිළිබඳ සොයාබලනවා...මෙන්න ඒ පරීක්ෂණය කරගෙන යන අතරේ ඉන්නවා තමන්ට සුපුරුදු පුද්ගලයෙක් ඒ ජාවාරමේ කෙලවරක..ඒ කව්ද...මහාචාර්යතුමාගේ අතිජාත මිත්‍රයා රුඩී මැන්ඩල් මහත්මයා....“

“දෙයියන්ට ඔප්පු වෙච්චාවේ...තමුසේ කරන්නේ ප්‍රසිද්ධියේ මගේ චරිත ඝාතනයක් බව අමතක කරන්න එපා...මේ රටේ අපහාස නීතියක් හා එයට දඬුවම් තියන බව අමතක කරන්න එපා“

තම අසුනින් නැගීසිටි  මැන්ඩල් ඔලුවේ දෑත් ගසාගෙන බෙරිහන් දෙන්නට විය. එයින් නොසැලුනු ගානර් කතාව දිගින් දිගටම කියන්නට විය. සහයකයන් දෙදෙනාද වික්ෂිප්තව බලාසිටීම සිනහ උපදවන්නක් විය.


“මහචාර්ය තුමාගේ මිත්‍රයා මැන්ඩල් මහත්මයා හමුවන්න මහචාර්යතුමා එන්නේ බොහොම කලකිරීමෙන්..මැන්ඩල් මහත්තයාගේ නිවසට එන අන්තිම දවසේ මහචාර්යතුමා මේ පිළිබඳව මැන්ඩල් මහත්තයට හෙලි කරනවා..මැන්ඩල් මහත්තයා දැනගන්නවා තමන් සූක්ෂම විදියට මහාචාර්ය ඩෙවන්ස්ගේ ඥානයට අහුවෙලා ඉවරයි දැන් තමන්ට ගැලවීමක් නෑ කියලා..එහිදී මුලින්ම මහචාර්යතුමාගෙන් සමාව ඉල්ලනවා තවදුරටත් මේ නීති විරෝධී ජාවාරම් නොකරන බවට...නමුත් මහාචාර්යතුමා ප්‍රකාශ කරනවා තමන් නීතියෙන් බැඳිලා ඉන්නේ අපරාධ කරුවන් නීතියට හසුකරලා දෙන්න කියලා..එවිට යක්ෂයා එනවා මැන්ඩලින් මහත්තායේ ශරීරයට..එවිට සුන්දර මැන්ඩලින් මහත්තයා මහාචාර්යතුමාට මරණ තර්ජන කරනවා...


 ... ඊට පස්සේ මහචාර්යතුමා එක්ක දැඩි විවාදයක් ඇතිවෙනවා..ඊට පස්සේ දැඩි කලකිරීමෙන් මහාචාර්යතුමා ගෙදර එනවා...මැන්ඩලින් මහත්තයා තීරණය කරනවා මේ ජාවාරම ගැන බාහිරින් දන්න එකම පුද්ගලයා වන මහචාර්යතුමා වල පල්ලට යැව්වොත් තමන්ට යහතින් තව දුරටත් මහරැජින යටතේ නිවි හැනහිල්ලේ ඉන්න පුළුවන් බව...ඊට පස්සේ හැමදේම ක්‍රියාත්මක වෙනව...“


“මේක යක්ස කතාවක්නේ උන්නැහේ...තමුසේ හිතන් ඉන්නේ තමුසෙගෙ ඔය සුරංගනාකතා වලට මම බයවෙයි කියලා“


මැන්ඩලින් කෝපයෙන් බෙරිහන් දෙන්නට විය.


“සුරංගනා කතා නෙවෙයි මහත්මයා මේක තමයි තිත්ත ඇත්ත“


“තමුසෙලා මට තර්ජනය කරත් මම මේවා පිළිගන්නේ නෑ..තමුසෙලට මේ අපහස කරන ඒවට වන්දි ගෙවන්න වෙයි...තව මොහොතක්වත් මම තමුසෙලා එක්ක කතා කරන්න රැදෙන්නෑ“


මැන්ඩලින් සාකච්ඡාව අවසන් කර කෝපයෙන් පිටවීමට සූදානම් විය.


“මැන්ඩලින් මහත්මයා...මම දැනට දන්නේ ඒ කාරණා ටික විතරයි..නමුත් මට තාමත් අපැහැදිලියි තාක්ෂණ සරසවියේ අරතරම් ආරක්ෂාවක් තියෙද්දි..මීටර් ගණනාවක් උඩ පැනලා හරි කොහොමහරි මහාචාර්තුමාට වෙඩි තිබ්බේ කව්ද සහ කොහොමද කියන එක...මම හිතන්නේ ඉදිරියේදී ඔබ අපිට ඒක පැහැදිලි කරයි“


බොහොම සන්සුන් ඉරියව්වෙන් සාකච්ඡාව අවසන් කර යන්නට සූදානම්වූ ජෙෆ් ගානර් ප්‍රකාශ කලහ.


එයට සමච්චල් හිනාවකින් පිලිතුරු දුන්නේ රුඩී මැන්ඩල්ය.


“තමුසෙලා දන්න මගුලකුත් නෑ දැනගන්න ලැබෙන දේකුත් නෑ...“


මැන්ඩල් යන්නට ගියහ. මැක්, ස්ටීවන් ගානර් පිටුපසින් ඇදෙන්නට විය.


“සර් ඔබ කොහොමද ඒ කතාව උපකල්පනය කලේ...අපිට එතරම් සාක්ෂි නෑ නේද එච්චර කතාවක් ගොතන්න තරම්“


ස්ටීවන් ගානර්ගෙන් ඇසීය. මැක්ද තම අදහස නොපමාව එක්කලහ


“ඒත් ස්ටීවන් මට පැහැදිලි සැකයක් තියනවා මේ මිනිහා ගැන..ඒත් මට හිතෙනවා මෙතන ඊට වඩා යමක් තියනවා..ඇත්තටම සර් ඇයි එහෙම කතාවක් කියලා මිනිහගේ තත්වය බිඳින්න මෙච්චර ඉක්මන් වුනේ“


සරල හා සුකුමල හිනාවකින් පිලිතුරු දෙමින් රථයට නැග පණ ගැන්වූ ගානර් එයට පිලිතුරු දුන්හ.


“ පොඩිකාලේ ඉදන් මම ආසයි සත්‍ය සිදුවීමට ආසන්නම උපකල්පනය අරන් කතාවක් ගොඩනගන්න..අවාසනාවට මැන්ඩල් මහත්තයගේ ඇත්තම කතාවත් මගේ උපකල්පනයට ආසන්නයි වගේනේ...“


ස්ටීවන් හා මැක් තම ප්‍රධානියාගේ චින්තන සීමාව හා උපකල්පනය පිලිබද විශේෂ අවබෝධයක් එයින් එක්කර ගත්හ.


“ ඒ වගේම මැක් තව දුරටත් පරීක්ෂණ වලදි මහාචාර්ය ලින්ඩස් අතෑරලා දාන්න...මොකද ඔහු තාක්ෂණ සංගමය එක්ක එදිරිවාදී වුනත් දැන් විද්‍යා නිර්මාණ කරන්න පුළුවන් තරම් සෞඛ්‍ය තත්වයක ඉන්න කෙනෙක් නෙවෙයි...ඇරත් මිනිහට සල්ලිවලින් අඩුවක් නෑ..ඒ දිගටම නිලධාරීන් යොදවලා ඉතිරි මහාචාර්යවරුන් දෙදෙනා මහාචාර්ය බින්ස් හා කොන්ටෝ ගැන අවධානයෙන් ඉන්න“


“හොඳයි සර්..ඒත් ඔවුන්ගේ කටයුතු අධ්‍යයනය බොහොම අමාරුයි. මොකද මැන්ඩල් මහත්තයා වගේ නිතර ඔවුන් එලියට පහලියට එන අය නෙවෙයි“


මැක් සැබෑ අපහසුතාවය ගැන ප්‍රකාශ කලහ.


“අන්න ඒකම තමයි මෙතන තියන ගැටලුව මැක්....“










෴ සැකකරුවන් තිදෙනෙක්...අපරාධයේ සුලමුල කොතනටද....
       6 වැනි කොටස මෙතැනින්෴

7 comments:

  1. පට්ට කතාවට ජයවේවා! :D

    ReplyDelete
  2. තවත් ලස්සනම ලස්සන කොටසක්.. නියමයි ජනරඟ. ගොඩක් කාලෙකට පස්සෙ මගේ බ්ලොග් එකෙන් කමෙන්ට් එකක් දාන්න ලැබුණෙ. අපි එක්ක තරහා වෙලාද මන්දා.. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න. හොඳම රහස් පරීක්ෂක කතා ලියන කෙනා වෙන්න ලැබෙන්න කියලා සුබ පතනවා!

    ReplyDelete
  3. @තනි අලියා - ස්තූතියි යාළුවා..ඒ වචන ගොඩක් ලොකු හයියක්

    @හංසි - ස්තූතියි හංසි.තරහවෙනවද එහෙම.

    ReplyDelete
  4. මම ඒත් බලාගෙන හිටියේ මේ කොටස පරක්කු මොකද කියලා...

    බ්ලොග් එකෙත් ලොකු වෙනස්කම් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  5. ඔව් දිනේෂ් සහෝදරයා.පෙනුම ටිකක් වෙනස් කරලා පැහැදිලි කලා..කතාවනම් පරක්කු වුනේ විභාගේ තිබුණු නිසා

    ReplyDelete
  6. හනෛ අම්මො මේ කොටස ඉයවන්න කොච්චර කල් පෙරුම් පිරුවද.. එල එල ඉක්මන්ට ඉතුරුවත් දාමු... විභාග වැඩ එහෙම ඉවරයි නම්.

    ReplyDelete
  7. බොහොම ස්තූතියි මිත්‍රයා. එහෙනම් මම හිතුවටත් වඩා කතාව සාර්ථකයි..ගොඩක් වටිනවා අදහස

    ReplyDelete