Jan 16, 2012

ඉක්මණ් සුවය ලැබේවා “සිත් අහස“ ට...


සිංහල සයිබර් අවකාශයේ සැරිසරන ඔබ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන “සිත් අහස“ බිලොග් අඩවියට අකුරු කරන අප හිතවත් ප්‍රාර්ථනා සෙව්වන්දි සොයුරිය සැත්කමක් හේතුවෙන් රෝහල් ගතවී සිටිනවා. බ්ලොග් අවකාශයේ හැමදෙනාම එක්ක බොහොම මිත්‍රශීලීව ඒ වගේම ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරු මිතුරියන් සමග නිතරව නිර්ව්‍යාජව අදහස් හුවමාරුකරගන්නා ඇය පසුගිය දිනක ගාල්ල රූමස්සලදී පැවති සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පවා සහභාගීවුනා. ඒ වනවිටත් මෙම සැත්කම සඳහා දින ලබාදී තිබුණා.

සුළු සැත්කමක් බැවින් එතරම් අවදානමක් නොවන බව ඇය කලින්ම ප්‍රකාශකර තිබුණා. ඇයගේ අතේ ඇතිවී තිබෙන තත්වයක් හේතුවෙන් සුළු ශෛල්‍යකර්මයක් සිදුකිරීමට අද ඇය රෝහලගත වුනා. කෙසේ වෙතත් තවමත් සුපුරුදු ලෙසින්ම විනෝදයෙන් රෝහලට වී කල්ගත කරන බවත් දැනගන්නට ලැබෙනවා. රෝහලේ කාර්යමණ්ඩලය හා රෝගීන්ට සිංහල බ්ලොග් කලාව පිළිබඳ දේශන පවත්වමින් ඇය සැත්කම සඳහා සූදානමින් සිටිනවා. අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ඇයගේ සැත්කම කරන්නට නියමිත බව ඇය ප්‍රකාශකලා.

ඇයව හොඳින් හඳුනන මෙන්ම මොනයම් ආකාරයකින් හෝ ප්‍රාර්ථනා සමග හිතවත්කම් ඇති අප සැම මේ මොහොතේ ඇයට ශක්තියක් වෙමින් මෙම සැත්කමට ධෛර්ය සම්පන්නව මුහුණ දීමට මෙන්ම ඉක්මණ් සුවය ලැබීමට දිරි දීම අපේ යුතුකම බව විශ්වාස කරනවා. එබැවින් මුලින්ම “අපේ ඉසව්ව“ වෙනුවෙන් ඇයට ඉක්මණ් සුවය හා ධෛර්ය ශක්තිය මේ මොහොතේ ප්‍රාර්ථනා  කරනවා.

එසේම ඔබත් එසේ ඇය වෙනුවෙන් කරනවා ඇතැයි විශ්වාස කරනවා. සැත්කමට පෙරාතුව තවමත් ජංගම දුරකතනය අතැතිව රෝහලේ ඇඳ මත සිටින ඇයට ඔබත් සුබ පතනවා ඇතැයි විශ්වාස කරනවා. ඇමතුමකින් කෙටි පණිවුඩයකින් හෝ නිර්ව්‍යාජ පැතුමකින් ඔබගේ පැතුමත් ඇයට එක්කිරීම ඇයට ශක්තියක් වනවා ඇතැයි විශ්වාස කරනවා.

37 comments:

  1. අපේ ප්‍රාර්ථනා අක්කිට ඉක්මන් සුවය පතනවා. ජනා අයියගේ උත්සහය අගය කරනවා! :)

    ReplyDelete
  2. අප්පටසිරි! :O ......
    ඉක්මන් සුවය පතනවා!

    ReplyDelete
  3. ඉක්මන් සුවය ලැබේවා කියලා අපිත් පතන්නම් !

    ReplyDelete
  4. ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොඳ කතා ටිකකුත් අරන් එන්නකෝ

    ReplyDelete
  5. ඉක්මන් සුව ලැබේවා..!

    ReplyDelete
  6. ඉක්මන් සුවය ලැබේවා!!

    ReplyDelete
  7. මගේ අක්කියාට කිසිම කරදරයක් බාධාවක් නොවී, සැතකමට මූණ දීළා, ඉක්මණීන්ම සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  8. ඉක් මන් සුව පතමි..!!
    ඇ ලග සිටින විට දැනෙන්නෙ අපේ ලොකු අක්කා ගේ උණුසුමමය :)

    ReplyDelete
  9. ඉක්මන් සුවය ලෑබේවා....

    ReplyDelete
  10. ප්‍රාර්තනාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  11. ප්‍රාර්ථනා නංගිට ඉක්මන් සුව පතනවා !!

    ReplyDelete
  12. ඈ මට එදා ගාල්ලෙ දි හමු වුනා ... සුහදව කතා කළා .. නමුත් ඇත්ත නම දැන හිටියේ නෑ..
    [සිත් අහස කියලයි ඇය කීවේ .. මගෙ නම දුන්නම කන්නා කියලයි මම කීවේ..]
    කොහොම වුනත් ප්‍රාර්ථනාට ඉක්මන් සුවයට ප්‍රාර්ථනා ...

    ReplyDelete
  13. ඉක්මණටම ස්‌වය පතනවා ප්‍රර්ථනාට !!

    ReplyDelete
  14. ප්‍රාර්ථනා නංගිට ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
  15. ප්‍රාර්ථනා නගේ....ඉක්මනින් සුව වේවා!

    ReplyDelete
  16. ඉක්මණ් සුවය ලැබේවා ප්‍රර්ථනා අක්කට.....

    ReplyDelete
  17. ඔබට ඉක්මන් සුවය ලැබේවා...

    ReplyDelete
  18. ඉක්මන් සුවය ලැබේවා!

    ReplyDelete
  19. ප්‍රාර්ථනා නංගියට ඉක්මන් සුවය ලැබෙන්න එක සිතින් ප්‍රාර්ථනා..!!!!

    ස්තූතියි සහෝ. මේ බවක් දැන්වුවට.. :)

    ReplyDelete
  20. get well soon Prarthana (සිත් අහස)
    Shaaanu.

    ReplyDelete
  21. ප්‍රාර්ථනා අක්කන්ඩි.ඉක්මනින්ම සුව වෙන්න.කතා කරන්න නොලැබුනත් එදා ගාල්ලෙදි මමත් ඔයාව අඳුනගත්ත.ආපහු ඉක්මනටම ඔයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනව :)

    ReplyDelete
  22. කතා ඇති.. මේ ඉක්මනට එන්න ඕන ප්‍රාර්ථනා අක්කේ‍‍.. කොමෙන්ට් එකක් ගහන්නවත් කවුරුත් නෑ දැං.. :/
    හොද වෙලා එන්නකෝ..
    අපි ඉන්නෝ බලං ඈ..

    ReplyDelete
  23. නිරෝගී සුවය ලැබේවා මගේ අක්කේ :))

    ReplyDelete
  24. ප්රා ර්ථනා නංගී, එදා ගාල්ලේදී ඇති උන මිතුරු දම හැමදාමත් අරගෙන, ඉක්මන් සුවය ලබා ගන, ලගදීම ආයෙත් සිත් අහසට ගොඩ වෙන්න පුළුවන් වේවා කියලා ප්රා ර්ථනා කරනවා .
    ජනරග බොහොමත්ම ස්තතියි මේ බව හැමෝටම දැනුම් දුන්නට

    ReplyDelete
  25. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!

    ReplyDelete
  26. නම්බර් එක නම් නෑ මල්ලී.ඒ හන්දා ඩිරෙක්ට් කියන්න විදියක් නම් නෑ.ඒත් ප්‍රාර්ථනා නංගිට ඉක්මණින් සුවය ලැබෙන්න කියලා මමත් පතනවා.ඒ එක්කම සැත්කම 100%ක්ම සාර්ථක වෙන්න කියලත් පතනවා.

    ReplyDelete
  27. ඉක්මනින්ම සුව වෙලා ගෙදර එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා අක්කට!! සැත්කමත් කිසිදු කරදරයකින් තොරව සිදු කරගන්න කියලා එක සිතින් පතනවා...දලදා සමිදු පිහිටයි!!!

    ReplyDelete
  28. ඉක්මන් සුවය....
    අතේ සැත්කමක් නේද ? මම හිතුවා ,අර හිනා වෙන කොට ලස්සනට පේන දතවත් අයින් කරන්න යනවදෝ කියලා.... හරියට නහය එක්ක තරහ වෙලා මූණ කපා ගත්ත වගේ....
    වැරදුනා...
    ඉක්මන් සුවය පතනවා ප්‍රාර්ථනා නඟේ

    ReplyDelete
  29. ඉක්මන් සුවය පතනවා ප්‍රාර්ථනා නඟේ

    ReplyDelete
  30. ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා නංගි. කිසිදු ආපදාවකින් තොරව නැවත අප අතරට පැමිනේවා..

    ReplyDelete
  31. ඉක්මන් සුවය ලැබේවා!!

    ReplyDelete
  32. අද තමයි බ්ලොග් එක දැක්කෙ.. මේ වෙකොට ඔපරේෂන් එක කරලත් ඇති සාර්ථකවම.....ඉක්මනින් සුව වෙලා එන්න....කතා ගොඩකුත් අරගෙන...

    ReplyDelete
  33. අප්පට බොල... දන්නෙ නෑනෙ මේ වගක්... ගෙට් වෙල් සූන් මචං..

    ReplyDelete
  34. ඉක්මනින් හොඳ වෙන්න අක්කියෝ... :)

    ReplyDelete
  35. පෝස්ටුව දැක්කෙ දැනුයි....සැත්කම සාර්ථකව නිම කරන්නට ඇතිය කියා විශ්වාස කරනවා වගේම ඇයට ඉක්මන් සුවයත් පතනවා...

    ReplyDelete
  36. ඉක්මන් සුවය ලැබේවා.

    ReplyDelete
  37. ප්‍රාර්ථනා නංගෝ ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඔනේ.. :) මේ කියනකම් මම මේ වගක් වත් දන්නේ නෑ නේ.. :(

    ReplyDelete