Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jan 17, 2012

අරුන්දතී සමග ගමට යාම..


“තව දුරද බන්..“

මිතුරියන් පිරිස අසන්නේ ගව්වෙන් ගව්ව දිගුවෙන ගමන ගැන නිශ්චිත අදහසක් නැතිවය.අරුන්දතී සිනාමුසු මුහුණින් තම මිතුරියන් දෙස බැලුවේ තමන්ට නොදැනෙන විඩාව මිතුරියන්ට දැඩි ලෙස දැනෙන බව දත් හෙයිනි. අරුන්දතීට විඩාව නොදැනෙන්නේ කාරණා දෙකක් නිසාවෙනි. එකක් කලකට පසු තම ගම්පලාතට යන්නට ලැබීම ඇරත් මිතුරියන් රොත්තත් සමගින්ම. අනෙක් කරුණනම් මේ ගමන අරුන්දතීට බෙහෙවින් හුරුපුරුදු ගමනක් වීම නිසාය.


“වැඩිය නෑ බං තව ටිකයි“

ඇයගේ ප්‍රකාශයෙන් මිතුරියන් තව තවත් දුර්මුඛ වූ බව පෙනෙන්නට විය.විශාල ගමන් මලු එල්ලාගෙන නිවාඩුවට මිතුරියගේ නිවසේ දින කීපයක් ගත කිරීමට යන මිතුරියන්ට මේ ගමනේ ගමන් විඩාව දැඩිව දැනෙන්ට වූ මොහොතක් විය.

“අනේ මන්ද බං..යනවා යනවා පයින් ඉවරයක් නෑ..ඇත්තටම අරූ උඹලගේ තාත්තට බැරිවුණාද ගේ ටිකක් ලඟින් හදාගන්න “

කටකාරියන්ගේ කතාවට අරූ ඇතුලු පිරිසම හිනාවූ අතර ගමන් විඩාවට සිහිල් සහනයක් වන්නට එයට හැකිවිය. අරුන්දතීගේ ගම් පලාත බෙහෙවින් ග්‍රාම්‍ය සුවය හා සංස්කෘතිය රැකී තිබෙන සුන්දර පලාතක් වීමම මිතුරියන් සිත් ප්‍රබෝධවත්ව ගමනට එකඟවීමට හේතුව විය. නගරයෙන් බොහෝ ඈතට වන්න පිහිටි ගමට මිතුරියන් සමග යන්නට සිතුනේ තමන් කුඩාකල සිට සිත්පුරා විඳගත් ඒ සුවය නිර්ලෝභීව මිතුරියන් සමග බෙදාගන්නටය.

එක රෑනක් ලෙසින් ගමන් මලු ඔසවාගෙන නුපුරුදු ගමනක යන කටකාර සරසවි සිසුවියන් දෙස ගම් පලාතේ වැසියෝ ආගන්තුක බැලුම් හෙලන්නට විය. නමුත් පිරිස ඉදිරියෙන්ම එන අරුන්දතී දුටු කල්හි ප්‍රති උත්තර නොමැතිවම කාරණය තේරුම් ගැනීමට ගැමියන්ට හැකිවේ.

“අරුන්දතී දුවේ..කාලෙකින් දැක්කේ..මේ යාළුවෝ වෙන්න ඇති“

“ඔව් නැන්දේ..කැම්පස් එකේ යාළුවෝ..නිවාඩුවට අපේ ගෙදර යනවා“

එවැනි සිත් පිනවන වදන් මැදින් පිරිස බඩවැටි හා වෙල් එලි පසුකරමින් පියවර තබන්නට විය. නියර මැදින්  ගමන් කිරීම මිතුරියන්ට අපහසු බව අරුන්දතීට දැනෙන්නට විය.ඇය සරදමකින්ම එය පවසන්නට විය.

“උඹලා දන්නවද..හරි ගැමියෙක්ට විතරයි නොවැටී ඉක්මණින්ම නියර දිගේ යන්න පුළුවන්“

අරුන්දතීගේ කතාවට මිතුරියන් ඇස් නළල මත තබාගත් වනම බලන්නට විය.එහෙත් කතාවේ ඇත්ත නැත්ත තේරුම් ගැනීම ඔවුන් පසෙකට තැබීය.

“හා අරූ එතකොට උඹ කියන්නේ උඹට විතරයි මේකේ යන්න පුළුවන් කියලා හරියට...හරි මම ගිහින් පෙන්නන්නම් කෝ..මේක අල්ල ගනින් රූපා..“

මිතුරියක් තම බෑගයදී දී නියර දිගේ වේගයෙන් ඇවිද යන්නට විය. සමබරව දෑත් දෙපසට විහිදවමින් ඇය ලැසි ගමනින් පියවර තබමින් ගමන් කරන්නට විය.විටෙක සමබරතාවය ගිලිහුණත් ඇය පහසුවෙන් යන අයුරු අරුන්දතී මෙන්ම මිතුරියන්ද පුදුමයෙන් බලා සිටින්නට විය. ඇය පසුපසින් මිතුරියන් පිරිස යන්නට විය. 

විටෙක අරුන්දතීට සිතුනේ ඇය පහසුවෙන්ටම නියර තරණය කරයි යන්නයි.නමුත් අවාසනාවකට අරුන්දතී සත්‍යය බව පසක් කරමින් මිතුරිය නියර මැදදී සමබරතාවය ගිලිහී දිය බැඳ තිබූ මඩ කුඹුරට වැටිනි. මිතුරියන්ගේ හූ හඬ සහ කොක් හඬ දුන් සිනහවත් සමගම වැටුනු තරුණිය ඇඟපුරා මඩ සමග නැගිට මිතුරියන්ට පිලිතුරු දෙන්නට විය.

“හරි හරි ඕකට ඔච්චර නටන්න දෙයක් නෑ..පොඩ්ඩක් ලිස්සුවා..අරූ වරෙන් මාව ගොඩ ගනින්“

අභියෝගය බාරගත් මිතුරිය දෙස සිනාසී බලා තම ගමන් මල්ල මිතුරියක් අතට දී දකුණත දී මිතුරියට ගොඩගන්නට සූදානම් විය.දිගුකල අරුන්දතීගේ අත මඩේ සිටි මිතුරිය ඇද්දේ එවිටමය. කෑ ගැසීමක් සමගම අරුන්දතී මඩට වැටුණු අතර පියවරෙන් පියවර ගමන් මළු තබා අනෙක් මිතුරියන්ද මඩට පැන රිසිසේ නුපුරුදු එහෙත් සුන්දර මඩ අත්දැකීම විඳින්නට විය.

“ඒ බන් අපි මෙහෙම මඩේ නටනවා ටවුන් එකේ එකෙක් දැක්කොත් උන් කියාවි අපි මී හරක් වගේ කියලා“

තරුණියක් මඩේ නටන අතර තුර අදහසක් ඉදිරිපත් කලහ.

“මඩේ නටලා හරි මේ වගේ දෙයක් නොවිඳින අපි ද මී හරක් නැත්නම් උන්ද?“

සිනාහඬ වෙල් යාය පුරා සැරිසරන්නට විය.

14 comments:

  1. ඒක ඇත්ත... ඒ වගේ අත්දැකීමක් කවදාවත්ම ගන්ට අවස්ථාවක් නොලැබෙන මිනිස්සුන්ට ඒම කියනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ නෙ...

    මොනා වුනත් පව්, අර අහිංසක ගොයි රාළගෙ කුඹුර....
    ළඟදි වපුරපු එකක් ද දන්නෙත් නෑ....
    :D

    ReplyDelete
  2. සහතික් ඇත්ත යාළුවා..ඒක අකලට පුරන් වූ කුඹුරක් වෙන්න ඇති..

    “අකලට පුරන් වූ කුඹුරක් දකිනවිට
    ඇඟපත කසන ගතියක් ඇත ගොවියෙකුට
    ආවේමි කුඹුර අස්වද්දන හැඟුම පිට
    සින්නකක්ර කුඹුරු නැතුවා නොවෙයි මට“

    :D :D

    ReplyDelete
  3. හ්ම්ම් කතාව ඇත්ත

    ReplyDelete
  4. මඩ ආතල් එක විඳලම බලන්න ඕන. කිව්වට බෑ.
    අනික කෘෂිරසායන වලින් වැඩි කරදරයක් නොවිච්ච කුඹුරකනම්
    ''මඩ" හොඳ චිකිත්සක අමුද්‍රව්‍යක්..

    ReplyDelete
  5. මම නම් කවදාවත් ඔහොම අත්දැකීමක් ලබලා නැහැ, මඩේ නෑම

    ReplyDelete
  6. @වර්ණා - මමනම් මෙහෙම අත්දැකීම් දෙපාරක්ම ලබලා තියනවා..ඇත්තටම එහෙම මොහොතක හිතේ කොච්චරනම් සතුටක් රැඳෙනවද..ඒ සතුට වෙනුවෙන් නේද සමහර ලක්ෂ කෝටි ගණන් කැපකරලා ජීවිතේ කැපකරලා දුවන්නේ

    @සුමිත් - පැහැදිලිවම..චීනය තායිලන්තය හා කාම්බෝජය කියන රටවල් ආගමික උත්සව සඳහාද මෙවැනි චාරිත්‍ර යොදාගන්නවා..එහි සැඟවුනු අරුථ පුද්ගල සෞඛ්‍යයේ යහපැවැත්ම

    ReplyDelete
  7. අනේ මමත් දැන් ගමක හිටියට පොඩි කාලෙ හිටියෙ ගමක නොවුන නිසා ඔච්චර සුන්දරත්වයක් විදින්න හම්බ වෙලා නෑ.අනික දැන් ඔහොම කරන්න ගියොත් අපේ අම්මා කියයි මට පිස්සු කියලා.

    ReplyDelete
  8. ගැමියෙක්ට පුළුවන්ද ඒත් මට බැරි වුනානේ අපි ඔහොම යන්න ගිහින් සෙරප්පු කුට්ටම් අහිමි කරගත්තා අදටත් රබර් සෙරප්පුව ෆොසිල වෙනවා ඇති කුඹුරේ....ඇත්තටම සුන්දර අත්දැකීමක් තමයි ඔහොම තැනක මඩ නාපු එල්ලේ ගහපු නැති ජීවිත අත්දැකීම් මක්කටැයි

    ReplyDelete
  9. @නිසුපා - ඒකත් ඇත්ත ඒ සුන්දර අත්දැකීම් විඳන්න ඇති ඉඩකඩ අල්ප වෙලා..ලෝකය ආකෝචනය වෙලා ඇත්තටම

    @ගැමියා - මමත් අහපු කතාවකට අනුව ලියපු දෙයක් තමයි මේක...අපිට නම් යන්න පුළුවන්..පොඩිමකාලේ වැටිලා තියනවා ඒත් දැන් අක්කර 400ක් විතර වෙන වෙහෙරහේන වෙල්යායේ එහා කොනේ ඉඳන් මෙහා කොණට සුළු වේලාවකින් යන්න පුළුවන්..ඒත් ලඟදිනම් යන්න බැරිවුනා

    ReplyDelete
  10. මට නම් ඔය වගේ අත්දැකීම් අනන්තවත් තියේ මගෙ පොඩි කාලෙ!!
    සරුන්ගල් ගස් වල ගැට ගහල.... මඩේ අල්ලන ඔට්ටු දාල එහා පැත්තෙ තිබුන නාන ළිඳෙන් නාල සරුන්ගල් ටිකත් බාගෙන රෑ වෙන්ට කලින් කවදාවත්ම ගෙදර නොගිය හැටි..... වහ්.... අපේ වත්ත කෙළවර ඉතින් තනි කිඹුරු යායක්මනෙ....

    ReplyDelete
  11. මට නම් ඔය වගේ අත්දැකීම් අනන්තවත් තියේ මගෙ පොඩි කාලෙ!!
    සරුන්ගල් ගස් වල ගැට ගහල.... මඩේ අල්ලන ඔට්ටු දාල එහා පැත්තෙ තිබුන නාන ළිඳෙන් නාල සරුන්ගල් ටිකත් බාගෙන රෑ වෙන්ට කලින් කවදාවත්ම ගෙදර නොගිය හැටි..... වහ්.... අපේ වත්ත කෙළවර ඉතින් තනි කිඹුරු යායක්මනෙ....

    ReplyDelete
  12. එහෙනම් මේක කියවන කොට පවනි කොල්ලට අතීතේ මතක් වෙන්න ඇති නේද

    ReplyDelete
  13. ජනා පුරන් වෙච්ච කුබුරු මඩවන්න යනකොට ගොවි හාමිනේ ඇවිත් ජනාට මෙහෙම කිව්වලු.

    අකලට පුරන් වූවත් ලොව දහම උඩ
    අඳගොවියෙකුට මෙම කුඹුරේ නොමැත ඉඩ
    ටැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නඟුලක් රැගෙන විත් මොනවද කරන වැඩ

    ReplyDelete
  14. අන්න රෙප් මහත්තයා පිළිතුරු කවිය..මට ඕක අමතක වෙලා තිබුණේ..

    ReplyDelete