Mar 17, 2012

මානව හිමිකම් රැකීමේ හා ලෝක සාධාරණත්වයේ සුර දූතයා චැනල් 4

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතර අමරිකා එක්සත් ජනපදය ලෝක මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ භාර දූර කාර්යභාරයේ භාරකාරයා වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීමේ හා නැවත නගා සිටුවීමට පියවර නොගැනීමේ චෝදනාව ඉදිරිපත් කරමින් යෝජනාවක් ගෙන ඒමට එළඹෙන සතියේ බලාපොරොත්තුවෙන් සිටී. එයට පක්ෂ මෙන්ම විපක්ෂ මත පලකරන රටවල් මේවන විටත් අප දන්නා අතර නොදන්නා කාරණය වන්නේ මෙම යෝජනාවත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන්නට දත කමින් සිටින බලවේග නැවතත් ඉතාමත් වේගයෙන් නැගී සිටින ආකාරයයි.


  විශේෂයෙන්ම ගියවර මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ගෙන එන අවස්ථාවේ කරලියට පැමිණි එංගලන්තයේ ලන්ඩන් කේනද්‍ර කරගෙන ක්‍රියාත්මකවන “චැන්ල් 4“ නාලිකාව මගින් ප්‍රසිද්ධියට පත්කල Sri Lanka's Killing Fields නැමති වීඩියෝව බොහෝ පාර්ශව සලිත කල මෙන්ම ලංකාවට අවාසි සහගත බලපෑම් කල සාධකයක් විය. ලෝක සාධාරණත්වය හා මානව හිමිකම් සුරැකීමේ සුර දූතයා වන චැනල් 4 නාලිකාව නැවත් වරක් මෙවරද සුපුරුදු ක්‍රියාමාර්ගයම පසුගිය දා ක්‍රියාත්මක කරමින් එහි දෙවනි වීඩියෝවද නිකුත් කලේ ලෝක අවධානය නැවතත් ඒ දෙසට යොමුකර ගැනීමේ අරමුණින්ය. එයට ගැලපෙනම උපහැරණය ලබාදී තිබුනේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික මාධ්‍යවේදීන්ගේ වෙබ් අඩවියයි. ඔවුන් හඳුන්වාදුන් ආකාරයට එය ජිනීවා මානව හිමිකම් චිත්‍රපට උලෙල වෙනුවෙන් නිපදවූ අපුරූ චිත්‍රපටයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධ මිත්‍ර හා ප්‍රති තර්ක ලෝකය පුරා මැවෙමින් පවතී. ලංකාවේ දෙමළ සංහාරයක් කර ඇති බවත් ඒ හා සමානවම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මහා පරිමාණව සිදුකර ඇති බවට ශ්‍රී ලාංකීක සිංහල පුරවැසියන්ම කියාපාද්දී තවත් කුමක් ප්‍රකාශකරම්ද යන පසුතැවිල්ල පමණක් ඉතිරි කර ඇත.

   නව වීඩියෝවේ අවධානය දිනාගන්නා අංග අතර වේළුපිල්ලේ පිරභාහරන්ගේ බාල පුත්‍රයාගේ වෙඩි වැදී මියගිය සිරුර හා ලංකා දේශපාලනයේ ශ්‍රියා කාන්තාව ලෙසින් 1994 දී ජනාධිපති ධූරයට පත්ව 2004 වර්ෂයේ යන්නට ගිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියගේ ප්‍රකාශයද වේ. ඇයගේ ප්‍රකාශයට අනුව චැනල් 4 පලමු වීඩියෝවේ කරුණු ඇය පිළිගන්නා බව වක්‍රාකාරව උපහැරණයක් මගින් ඇය පෙන්වා දෙයි. එසේම ඇය පෙන්වා දෙන කාරණයට අනුව ලාංකිකයන් බහුතරයක්ද මෙම වීඩියෝවේ කරුණු සත්‍ය බවට පිලිගනිති. චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය දැන් මහින්ද රාජපක්ෂ හා රජය මත ඇති විරෝධය රට මතට තබා ලඝු කොට එය රට කෙරෙහි විරෝධයක් බවට පත්කර කටයුතු කිරීමට දිය යුතු පිළිතුර කුමක්ද යන්න ප්‍රශ්නකර සිටිමි.

     ලෝකයේ අනෙක් තැන්වලට මෙසේ කරද්දී ලංකාව මෙසේ කිරීම මේ ආකාරයේ කෝණයකින් දකින්නේ ඇයිද යන්න මා විමසන්නේ නැත. එසේම මෙසේ එක් එක් පාර්ශව තමන් කුණු තබාගෙන අප දෙසට ඇඟිල්ල දිගු කරන්නේ ඇයිද යන්න ද මම ප්‍රශ්න කරන්නේ නැත. නමුත් ප්‍රශ්න කරන එකම කාරණය මෙම ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි. චැනල් 4 නාලිකාවට ලංකාව සමග පුද්ගලික ප්‍රශ්නයක් ඇත. එනම් මානුෂික මෙහෙයුම් සමයේ ලංකාවේ පුවත් විකෘති කරද්දී වීසා තහනම් කර ලංකාවෙන් එලවූ පලිය ගන්නවා විය හැක. නැතිනම් අවංකම මානව හිමිකම් වෙනුවෙන් හා ලංකාවට දඬුවම් දී ලෝකයේ මානව හිමිකම් කඩකරන රටවලට අවවාද කිරීම විය හැක. එසේනම් අනික් පාර්ශවයන්ට ලංකාව සමග ප්‍රශ්නයක් ඇතිද නැතිනම් ඔවුන්ද මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සුරදූතයන්ද.

     නමුත් අප මෙයින් යම් වැදගත් දෙයක් දකී.එනම් රටේ පොදු මතයක් යම්තාක් දුරට හෝ එකමුතුම ජාත්‍යන්තරයේ ගැටළුවට මුහුණ දිය යුතු බවට මතුවීමයි. එය වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැලකිය යුතුය. එහෙත් සුනන්ද දේශප්‍රිය ලා, පාක්කිසෝත්ති සරවනමුත්තුලා ලංකාව මරණයේ දේශයක් ලෙස හඳුන්වද්දී ලංකාව තුල හා ලෝකයේ බොහෝ රටවල වෙසෙන ලාංකිකයන් මෙලෙස එකතුවීම අගය කල යුතුය. 

   ලංකාවට මෙය කෙසේ බලපෑවත් ජාත්‍යන්තරය තුල ලංකාවේ නම කැත නොකර ගැනීමටනම් ලංකා රජයට මෙන්ම ජනතාවට බොහෝ දේ කල යුතුව ඇත. දැන් දන්නා පරිදි චැනල් 4 ලංකාව වෙත දමාගසන බොහොමයක් සාවද්‍ය වීඩියෝ දර්ශන මානුෂික මෙහෙයුම් සමයේ සෙබළුන්ගේ ජංගම දුරකතන වලින් හා මාධ්‍ය වේදීන්ගේ කැමරාවල ගැටුණු දසුන් වීම අභාග්‍යයකි. එසේනම් නොදැනීම උඩබලා කෙළගසාගත් පිරිසක්ද ඇත. එබැවින් ලංකාවට හදාගත යුතු වැරදි බොහොමයක් හදාගැනීමට මෙය කදිම අවස්ථාවකි. නැත්නම් අනාගතයේ දිනක පිරභාහරන් වීරයා වී මානුෂික මෙහෙයුම ජයගත් පාර්ශව අපරාධකරුවන් වූවත් පුදුම වීමට නොහැකිවනු ඇත.

18 comments:

  1. සහෝදරයා මෙය නැවත නැවත මොවුන් විසින් සිදුකර හැකියි. තව මාස 6කින් නැවත නැවත... මේ ‍චෝදනා නිසා "ශ්‍රී ලංකාව" නමත් එයට එහි පිරිසට වෛර කරන පිරිසකුත් ලෝකයේ බිහිවෙනවා. මෙය නැවැත්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝ විට.එකම චෝදනාව එකම ආකාරයෙන් නොනවත්වා එල්ලවීම මත එය වඩාත් සත්‍ය පදනමකින් පිළිගන්නා පිරිසක් බිහිවීම වලක්වන්න අපහසුයි

      Delete
  2. චැනල් 4 පලමු විඩියෝව සැහෙන්න බරපතලයි , විධිමත් සාක්ෂි නොවුනත් ඔවුන් මතුකරන තර්ක හා රූපරාමු වල ප්‍රභලතාවය ප්‍රතික්ෂේප කරන්න බෑ , දෙවන විඩියෝ අලුතෙන් මතුකරන එකම බරපතල කාරණය වෙන්නේ ප්‍රභාකරන්ගේ පුතා අල්ලාගත් පසු මැරුවාය කියන එක . ඡායාරූපයක තියන වෙඩි සලකුණු අනුව අදාල විශේඥයා දෙන විදිහේ නිගමන දෙන්න හැකියාවක් තියනවද කියන එකේ විද්‍යාත්මක පදනම මම දන්නේ නෑ , ඒත් එහෙම පුලුවන් නම් සහ ඔහුගේ තර්කයන් නිවැරදි නම් ඒක අනිවාර්යයෙන්ම බරප්තල චෝදනාවක්

    මේ දේවල් සිද්ධවෙන්නේ මූලිකව අපේ රජයේ කල්මැරීමේ ප්‍රතිපත්තියෙන් ,භාහිර බලපැම් එන්න කලින් උගත් පාඩම් කොමිසම සක්‍රියව ක්‍රියාත්මක කිරීමට ආර්ම්භයක් ගත්තා නම් චැනල් 4 හුදාකලා හඬනැගීමක් පමණයි , නමුත් මේ වගේ වෙලාවක ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපයට බරපතල හානියක්

    ReplyDelete
    Replies
    1. ඔවු දෙවන වීඩියෝවෙන් වැඩිමනක් ඔවුන් අන්තර්ගත කරලා තියෙන්නේ පලමු වීඩියෝවට ලද ප්‍රතිචාර හා ඒ පිළිබඳ සංවාද පැවති අවස්ථා.එය සාපේක්ෂව පලමු වීඩියෝව හා ගනිද්දි ප්‍රබලත්වයෙන් අඩුවූවත් පලමු වීඩියෝවේ වගේ සාවද්‍ය තැන් පෙන්වලා නිරවද්‍ය කරන්න අපහසුයි. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කල් ඇරීම සැහෙන බරපතල කාරණයක්.මොකද එහි නිර්දේශ එතරම්ම ක්‍රියාත්මක කිරීමට අපහසු දේවල් නොවෙයි.නමුත් විවිධ පාර්ශව ඉන්නවා එයට අකමැති,ගැටළුව වන්නේ එම පාර්ශවයන් ප්‍රබල වීමයි.

      Delete
    2. ඔය පාර්ශව තමයි රජයත් රටත් විනාශ කරන්නේ , ඒ ලිං මැඬියන්ව පයින් ගහල ආණ්ඩුවෙන් එලවනවා නම් නිදහස් පක්ෂයේ හොරාකන දේශපාලකයො එක්ක වුනත් රට මීට වඩා ඉස්සරහට යනවා ,

      මේ පාර කරුණු වලට වඩා හදවතට දැනෙන්න හදපු කථාවක් වගේ ගොතාගෙන යැමක් තියෙන්නේ ,හොඳම උදාහරණය ගොඩක් කරුණු ඔප්පු කරන්න විකිලික්ස් වලින් අරගත්තුවා භාවිතා කරල තියනවා ඒත් එක්සත් ජනපදය , බ්‍රිතාන්‍ය වගේම ආසියානු බලවේගත් ඇතුලු කිසිම රටක් ඒවා නිල වශයෙන් පිලිගන්නේ නෑ , ඒ නිසා ඒවායින් තහවුරු කරන්න හදන කථා වලට වලංගු තාවයක් නෑ . හැබැයි සම්පූර්න විඩියෝව බලත්දි ලාංකිකයෙක් නොවෙන කෙනෙක්ගෙ හිතේ කලකිරීමක් ඇති කරවන්න නම් ඒවගේ දේවලුත් නරකම නෑ

      Delete
  3. ඔන්නොහෙ ක්‍රිකට් මැච් එකක් බලාගෙන ඉම්මු අපි...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් අපේ රටට හෙන ගැහිලා ගියත් බොට මොකද

      Delete
    2. අනේ දුවේ එහෙම කියන්නෙ ඇයි ? අපේ රටේ ඉන්න කට්ටියටත් මුකුත් කරගන්න බැරිව ඉන්න කොට වෙන රටක ඉන්න මං මොනවත් කරන්නෙ කොහොමද ? කරන්න දෙයක් නැති කමට විහිළුවක් කරල නිකා හිටිය මිස ඇනෝගෙ වගේම මගෙත් රට වන ලංකාවට තාම හදවතින්ම ආදරෙයි. මෙහෙ ඉන්න සමහරු නිමාඩුවක් සහ සල්ලි ටිකක් තියෙන කොට ලෝකෙ පුරා සංචාරෙ කරද්දි මගෙම කියල නෑයොත් නැති ලංකාවට අවුරුද්දකට සැරයක් කොහොම හරි ඇවිල්ල යන්නෙ ඇයි කියලද හිතේ ?

      Delete
    3. බොහොම වටිනවා ඒ ක්‍රියාව ඇත්තටම..මේ රටේ මිනිස්සු හැමදාම අර්බුද මතම ජීවිතය ගැටගහගන්න පුරුදු වෙලා.ලෝකෙ කොහේ ජීවත් වුනත්

      Delete
  4. බුවාගෙන් අහන්නෙ,

    බුවා ලංකාවේද වෙන රටකද ඉන්නෙ කියලා මම දන්නැ..... වෙන රටකනම් ඉන්නෙ, මට මේ ගැන දැනුවත් කරන්න පුලුවන්ද කරුණාකරලා.

    මෙවැනි වීඩියෝ සහ විවිධ සංවිධාන වලින් ලංකාව ගැන කියවෙන මෙවැනි පුවත් නිසා ග්‍රී ලංකාවෙන් විදේශ ගත වෙලා ඉන්න සාමාන්‍ය පිරිස් අපහසුතාවයට පත්වෙලා තියෙනවද? එයින් අදහස් කරන්න බලාපොරොත්තු උනේ මේ වීඩියෝ පටවල ඇතිදේ වෙනත් රටවල සාමාන්‍ය ජනතාව අතර පැතිරිලා ඔවුන් ඒවා විශ්වාස කරනවද කියන එක.

    ReplyDelete
    Replies
    1. @බුද්ධි - මම ලංකාවේ ඉන්නේ , ඒ නිසා ඔය ගැන හරියට කියන්න අමාරුයි . විදේස් ගතවෙලා ඉන්න මිතුරන් හා ඥාතීන් නම් පලවෙනි විඩියෝව ගැන කණගාටුවෙන් කථා කරල තියෙයි , ඒ රටට වෙන හානිය ගැන , ඔවුන්ට අපහසුතාවයක් ඇතිවෙච්ච බවක් නම් මා එක්ක කියලා නෑ , ඔබා අය්යා , අරුණි අක්ක එහෙම නම් ඔය ගැන දන්නවා ඇති .

      සාමාන්‍ය ජනතාව නම් විශ්වාස කරනවා විය හැකියි , මොකද ලංකාවේ තිබුන තත්වය ගැන අපි දරන ආකාරයේ මතයක් ඒ අයගේ ඇතිවෙන්න හේතුවක් නැහැනේ

      Delete
    2. මෙයට යම් පිළිතුරක් දෙන්න මට පුළුවන්. ඉතාලියේ මිලානෝ ප්‍රදේශයේ වාසය කරන මගේ ලාංකික මිතුරෙක් මට ප්‍රකාශකල ආකාරයට ඔහු වාසය කරන ප්‍රදේශයේ බොහොමයක් ලාංකික දෙමළ හා දකුණු ඉන්දියානු දෙමළ පිරිස් වාසය කරන බවත් ඔවුන් බොහොමයක් ලංකාවට විරුද්ධ දෙමල සංවිධානවල යාවජීව සාමාජිකයන් ලු. ඔවුන් බොහෝ කල් ඉඳලා අදාල ප්‍රදේශයේ වාසය කරන නිසා ඉතාලි ජාතිකයන් හා ඔවුන් අතර ලොකු සබඳකමක් තියනවලු. ඔවුන්ගේ මතය ඉතාලි ජාතිකයන් පව ඉතා ඉහලින් පිළිගෙන ඇති නිසා මේවන විට ලාංකික සිංහලයන්ට විවිධ ගැටළු වලට මුහුණපාන්න වෙලා තියනවා

      Delete
    3. බුවා,
      ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඇත්තටම මටනම් වැඩිපුරම කණගා‍ටු ඔය සාමාන්‍ය ජනතාව ගැන.

      ජනරංජන,
      මැලේසියාවේ තත්වෙත් ඔයිට දෙවෙනි නෑ. සමහර නගර වල ක්‍රීඩා පිටිවලට ඇතුල් වෙන්නත් අපිට බැරි උනා. මේ සාමාන්‍ය පාක්. සවසට සෙල්ලම් කරන. එවා පාලනය කරන්නෙ දෙමළ අය. ශ්‍රී ලංකාවේ කිව්වම ඒ ගොල්ල අහන්නෙ දෙමළද කියලා. නෑ සිංහල කිව්වම එයාලා ඇතුල් වෙන්න වත් දුන්නෙ නෑ.

      ස්තුතියි ඔබගේ පිළිතුරටත්

      Delete
    4. බොහොම ස්තූතියි බුද්ධි ගෝලීය වශයෙන් වර්තමාන තත්වය පිළිබඳව ඔබට හැම මානයෙන් අපව දැනුවත් කලාට

      Delete
  5. @ බුද්ධි,
    හුඟාක් වෙලාවට බුද්ධි [ලඟක් වෙනකම් අපේ රටේ වගේම] මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය වලින් එන තොරතුරු නිවැරදියි කියල පිළිගන්න මං ඉන්න රටේ සාමාන්‍ය ජනතාවත් නැඹුරුයි කියල හිතෙනව. එකට වැඩ කරන හෝ එදිනෙදා හමුවෙන අයට ඇත්ත තත්වය පහදල දුන්නම පිළිගන්නව කියලත් හිතෙනව. ඒ වුනත් ප්‍රශ්නෙ බුද්ධි ඇත්ත කියල මම හෝ වෙන ලාංකිකයෙක් කියන්නෙත් ඇත්තද කියල අපි දන්නෙත් නැති එක මට නම් මානසික වධයක්.

    ReplyDelete
  6. ලොකුම අවුල ඒක තමා. රූපවාහිනී, රේඩියෝ සහ අනෙකුත් මුද්‍රිත මාධ්‍ය ගැන මිනිස්සු තවමත් ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නෙ. ඒ අයට තේරෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා එක්කෝ මේවා බලයට පත් වෙච්ච රජයක් විසින් හරි එහෙම නැතිනම් ව්‍යාපාරිකයෝ පිරිසක් හරි පාලනය කරන්නෙ කියලා.

    අනිත් අතට මම ඇත්තයි කියලා කියන දේ තහවුරු කරන්න තියෙන හැකියාව. ඒක තීරණය වෙන්න කියන කෙනාගෙ කතා කිරීමේ හැකියාවත් බලපානවා. එහෙම උනත් අපි කී දෙනෙක්ට කියලා පැහැදිලි කරන්න ද?

    ඇත්තටම මම මුලින් නම් කලේ ඔබා මාමා ඉස්සෙල්ලා කමෙන්ට් එකේ කියලා තියෙන විදිහට පාඩුවේ කැමති දෙයක් කරගෙන හිටපු එක. කන එකෙක් කාපල්ලා රට. පුලුවන් එකෙක් හදපල්ලා රට කියලා. ඒත් රටින් පිටට මේ ප්‍රස්ණෙ ගියාම නම් කණගාටුයි. නිදහස හොයාගෙන හරි, කීයක් හරි හම්බකරගෙන එන්න හරි ගිය අයට මේක බලපානව කියන්නෙ ඒක හරිම කණගාටුවට කරුණක්. දැනට මට හිතෙන්නෙ එහෙමයි. සාධාරණ හේතුවක් කිව්වොත් වෙනස් වෙන්ඩ බැරි කමකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. //නිදහස හොයාගෙන හරි, කීයක් හරි හම්බකරගෙන එන්න හරි ගිය අයට මේක බලපානව කියන්නෙ ඒක හරිම කණගාටුවට කරුණක්//

      නිදහස හොයාගෙන ගිය අයට නම් කමක් නෑ බුද්ධි, ඒ අය නිදහස හොයාගෙන වෙන රට වල ඉඳීවි. කීයක් හරි හම්බ කරගෙන එන්න ගිය කට්ටියට බලපාන එක තමා ලොකුම කනගාටුව.

      Delete
    2. කොමිසමක් හදලා ඒකට සුදුසු අය පත්නොකරපු එක නිසා මේ වීඩියෝවේ කරුණු ඇත්තයි කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇත්තටම ඒකම තමා වෙලා ඇත්තෙත්...මේ මොන බයිලා කිව්වත් ඇමරිකන් කාරයෝ එයාලගේ යුධ සිරකරුවන්ට වද දුන්නු හැටි ගැන වීඩියෝ තියෙද්දි ලංකාවේ බොරු වීඩියෝ වලට ලංකාව විනාස කරන්න හදන එවුන්ට නම් හොඳක් වෙන්නේ නෑ

      Delete