May 14, 2012

ආයෙමත් ආදරෙන් - පලමු කොටස

“ආ...මඩිහ හෝල්ට් එකේ බහින කට්ටිය ඉස්සරහට එන්න..මඩිහ බහින කට්ටිය ඉස්සරහට එන්න“

සුපුරුදු කෑගහන මේ සද්දේ නුපුරුදු විදියට ඇහෙනකොට ගැස්සිලා ඇහැරුනේ පුරුදු විදියටම තමයි. මාතර ටවුන් එකේ ඉඳන් මඩිහට ඕනමනම් කිලෝමීටර පහක් ඇති. වැලිගම බස් එකට ඒ දුර යන්න විනාඩි විස්සක් විතර ගියාට ගාල්ල බස් එකක් නම් විනාඩි දහයෙන් එනවා. මේ කිලෝමීරට පහටත් නින්ද යනවා මොන මගුලක්ද මන්දා. යන්තම් ඇස් දෙක ඇරගෙන නැගිටිනකොට එකට බස් එකට නැගලා එක සීට් එකේ ආපු අතිජාත පාපතර මිත්‍රයා අදත් මාව චාටර් කරන්න මඩිහ හෝල්ට් එක පෙනි පෙනී සද්ද නැතුව ඉන්නවා. අසමජ්ජාති යාළුවෝ. අපොයි මුනුත් එක්ක ඉන්න අපිත් පින් කරලා තියනවනේ.

“ අවලමා තෝ මොකද මාව ඇහැරෙව්වේ නැත්තේ...යකෝ තව ඩිංගෙන් අදත් එදා වගේ යන්න වෙනවා මට තල් අරඹටම“

මම කෑගැහුවේ අහල පහල හිටපු අයටත් නිදිමත යන්න එක්කම.

“ මොකක්ද බන් දිස්නක..මටත් මේ නින්ද යාගෙන ආවේ...“


ඒ මගේ මරු මිත්‍රයා සමීර.අපොයි තව ඩින්ගෙන් අදත් යනවා තල්අරඹට.  ගිය සතියේ සිකුරාදා වැඩ ඇරුණෙත් පරක්කු වෙලා බස් එකේදී නින්ද ගිහින් මඩිහත් පහුවෙනකන්. මූ මාව නැගිට්ටෙව්වේ නෑනේ. 

බස් එක හෝල්ට් එකට එනකොට දඩි බිඩි ගාලා බෑග්එකත් අරන් සමීරයා තල්ලු කරගෙනම පුට් බෝඩ් එක ලඟට ආවා.

“මේ ඒක නෙවෙයි දිස්නකයෝ...අර උඹලගේ නැන්දගේ අසල්වාසී ගෙදර පොඩි නංගි හරි කියුට් බන්...මට දරුකමට හදාගන්න හිතිලා තියෙන්නේ“

බහිද්දි සමීරයා කියපු කතාවට මගේ ඇස්දෙකත් උඩ ගියා. මූ අපේ නැන්දලගේ ගෙදර ආවේ දවසයි නැත්නම් දෙ කයි. අල්ලපු ගෙදර බාල නංගි කොහොම දැක්කද මම දන්නෙත් නෑ. රබර් ඇස්.

“හා හා මම ඒකිට කියන්නම්කෝ..හැබැයි ඒකි උඹව කියුට් කරලා ගනීවි“

මම බස් එකෙන් බහිනකොට සමීරයගේ පල් හිනාව ඇහෙනවත් එක්ක. මඩිහ ප්‍රජා ශාලාව ඉස්සරහින් බැහැලා පාර දිගේ මාතර පැත්තට හෙමින් හෙමින් ආවා. හවස හයටත් ලඟ නිසා වාහන ගොඩක් පාරෙ එහා මෙහා යනවා. කොළඹ - මාතර ප්‍රධාන පාර හැමදාටම මෙහෙම බලන් ඉන්නවා ඇති හැඟීමක් නැතුව උදේට බස් එකට එන එහෙම්ම හැඟීමක් නැතුව බස් එකෙන් බැහැලා යන මම දිහාත්.

දිස්නක ලොකුගේ. උප්පැන්නේ අතින් අරගෙනම ඉපදුනේ දෙනිනායේ. ඒ කියන්නේ මාතරට ටිකක් විතර දුරින්. ජීවිතේ ඉස්කෝල කාලේ පහුකරලා රැකියාවක් කරන්න ආවේ මාතරට. ඉස්කෝලේන් අස්වෙලා විදුලි කාර්මික තාක්ෂනේ ඉහලට ඉගනගත්තු එක ප්‍රයෝජනයක් ගන්න බැරිවුන තැන ක්‍රිකට් සෙල්ලම් කර කර කාලේ ගතකලා. ඒත් දවසක් ක්‍රිකට් තරඟාවලියක තෑගි දෙන්න ආපු මාතර ඩීන් එකේ නජීබ් ඩීන් මහත්තයා මගේ විස්තර අහාලා සුදුසුකම්වලටත් වඩා වැඩි රැකියාවක් නොදෙන්න තාමත් ජීවිතේ එක තැන.

මාතර ජීවිතේ ගත කරන්න තිබුණු එකම තැන නැන්දගේ ගෙදර. මාමා නැතිවුනු දවසේ ඉඳලා නැන්දා හිටියේ එකම පුතයි ලේලියි තාම පුංචිම පුංචි මිනිපිරියි එක්ක. ඒ ගෙදර මගේම ගෙයක් වෙන්න ගතවුනේ ටික කාලයයි. පාඩුවේ වැඩක් කරගෙන ඉන්න මට චූටි පුතා කියලා කටපුරා කියවුනු නිසා මඩිහේ පුබුදු මාවතේ පලුවෙනි හරස් පාරේ නැන්දලගේ ගෙදර මට මගේම ගෙයක් වුනා. පුලුවන් හැම සති අන්තෙම දෙනියායේ එන්සල් වත්තේ අපේ ගෙදරට ගිහිල්ලා සුව දුක් බලලා එන එකත් පුරුද්දක් වුනා.

පුබුදු මාවත දිගේ මම හෙමින් හෙමින් ඇවිත් හරස් පාරට හැරුණා. වම් පැත්තේ හතරවෙනි ගේ අපේ නැන්දලගේ. පස්වෙනි ගේ........ හරි පස්වෙනි ගේ තමයි අර සමීරයා කියපු අල්ලපු ගේ..හොඳ මිනිස්සු ටිකක්. දැක්ක තැන අංකල් ඇන්ටි කතාකරනවා. ලොකු පුතා ටිකක් පාඩුවේ ඉන්න කෙනෙක් ඒත් හොදයි වගේ...

  ඔක්කොටම හරියන්න ඉන්නවා එහෙ මරු දූලා දෙන්නෙක්..මටත් ඉතින් වැඩ නෑ මේවා හොයන්න..ලොකු නංගි..ඔව් ලොකු නංගි පන්ති යනවා යනවා කියලා යනවා දෙයියනේ එහෙම විභාගයක් මගෙ ජීවිතේට දැකලා නෑ...නම ජිත්මි...ඒත් ගෙදර ආදරේට කියන්නේ ජිප්පි...මරු නම තමයි..අපේ නැන්දගේ පුතා ඒ කියන්නේ ලොකු අයියා කියන විදියට ඒක පට්ට නමක්...නංගි නෙත්මි..තොටමුණ පැත්තේ කෙල්ලො නෙවෙයි කොල්ලොත් පරාදයි කටට. ගෙදරම හොල්ලගෙන ඉන්නේ කටෙන්..එයත් මම හිතන්නේ උසස් පෙල පටන් ගත්තා විතරද කොහෙද පන්ති යනවා යනවා ඉවරයක් නෑ. අන්න ඒ කටර් එක ගැන තමයි සමීරයා කිව්වේ.

පුදුමයි සමීරයට ජිප්පි නොපෙනුන එක.එයා තමයි පවුලෙන් ලස්සනම..එහෙම තමයි එයා හිතන් ඉන්නවා ඇත්තේ ඒත් මටනං එහෙම වෙනසක් නෑ. නෙත්මි ගෙදරට මිකී..ඒකිත් හරි ලස්සනයි..ඒත් කට ඇරියම ඒ ලස්සන ගහගෙන යනවා. නෙත්මි ටිකක් දඟලන නිසා නිකමටවත් සමීරයා දිහා බලන්න ඇති. ඒත් ජිප්පි නෙවෙයි මලාට ඔලුව උස්සලා බලන්නේ. මමත් දැකලා තියෙන්නේ ජිත්මිගේ ඉස් මුදුන විතරයි මම හිතන්නේ.ඇයි බිම බලාගත්තු ගමන්නේ.

කොහොමහරි නැන්දලගේ ගේට්ටුව ඇරන් ඇතුලට යනකොටම නැන්දලගේ  වැට පැත්තෙන් අල්ලපු ගේ පේනවා. සූකිරි නංගිලා දෙන්නා තාලෙට ඔන්චිල්ලාවේ පැද්දෙනවා. අපෝ මුන්ගේ හුරතල්. මම දැක්ක ගමන් ජිත්මි බිම බලාගත්තා..මම නෙත්මි එක්ක හිනාවුනා..ඒකි මහ කැත විදියට විරිත්තුවා. අපෝ හිනාවුනාට මෝඩවුනා.

“ආ චූටි පුතා මොකෝ පරක්කු?“

ඉස්තෝප්පුවට එද්දිම නැන්දා ඇහුවා.

“බස් එක පරක්කු වුනා“

හිතේ තිබුනු තරහටත් එක්ක නැන්දට කිසිම කාරුණික ගතියක් නැතුව මම කිව්වා. තරහ තිබුනේ මම හිනාවුන එකට අර පොඩි කෙල්ල කරපු වැඩේට.

“ඒක නෙවෙයි නැන්දේ...අර අල්ලපු ගෙදර පොඩි කෙල්ලට මොකුත් මොලේ අමාරුවක් තියද?“

මම එකපාරටම අහපු ප්‍රශ්නෙට නැන්දගේ ඇස් උඩ ගියා.

“ඇයි පුතා ඒ?“

“නෑ මම මනුස්සකමට හිනාවුනාම ඇටි කෙහෙල් කාපු හැලි වැඳිරි වගේ විරිත්තුවා“

මම අල්ලපු ගෙදරටත් ඇහෙන්න කියපු දේට නැන්ද හිනවුනා.




37 comments:

  1. // ඇටි කෙහෙල් කාපු හැලි වැඳිරි වගේ විරිත්තුවා“//

    හික්ස්ස්.. වැදීරියොත් ඇටි කෙහෙල් කනවාද? :D මරු!!

    ඊළඟ කොටසත් ඉක්මනට දාන්නකො අයියේ!!

    ReplyDelete
    Replies
    1. වැඳිරියෝ තමයි අනේ වැඩියෙන් කන්නේ...තැන්කූ නංගා

      Delete
    2. ඇයි හිතූ වෙලාවකට ඔයත් ඉන්නේ ඇටි කෙහෙල් කාලා වගේ... ;)

      Delete
    3. අපිනම් දන්නේ නෑ ඕවා...හිකිස්

      Delete
    4. අපේ පැත්තේ ඇටිකෙහෙල් කන්නේ උගුඩුවො!!
      කමක් නෑ ඉතින්.. ජනරඟ අයියත් කනවා නම් ඔන්න ඔහේ කාලා දාන්න..

      එල කතාව! ඉක්මනට ඉතිරි කොටස් ටික දාන්න!!

      Delete
    5. ඒ උඹලගේ පැත්තේ නේ බන්..දැන් අපේ පැත්තේ වඳුරොත් හරි රැඩිකල්...ගොඩක් ස්තූතියි මලයා...ඉතිරි කොටස සිකුරාදා

      Delete
    6. ආ.. මේ ලොක්කයියා.. මම ඇටි කෙහෙල් කන්නෙ නෑ හරී :/ නිකන් බොරු කියන්නෙපා..:p

      Delete
  2. දැන් ඉතින් ඉඳපන්කො සිකුරදා වෙනකන්.. ඉක්මනට ඕක දපන් කොල්ලො..

    ReplyDelete
    Replies
    1. චුට්ටක් ඉවස‍මුකෝ ලොක්කයියේ..තව ටික දවසයිනේ

      Delete
  3. නියමයි නියමයි.. අළුත් කතාවක ආරම්භයක්.. ලස්සනයි.. දැම්ම ඉතින් වැඩි දෙයක් කියන්න බෑනේ.. බලමු ඉතිරි කොටසුත්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...මම ඉතින් දිනේෂ් සහෝදරයා පුළුවන් තරම් හොඳට ලියන්න බලනවා..ඉස්සරහට බලමුකෝ

      Delete
  4. ඔන්න මාත් කියනවා :)

    ReplyDelete
    Replies
    1. කියවලා හොඳයි කියන්නකෝ

      Delete
  5. හා හා ආයෙත් ආදර කතාවක් ඇවිල්ලා වගේ.. ඔන්න බලන් ඉන්නවා කියවන්න.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙත් සිකුරාදා හමුවෙමුකෝ

      Delete
  6. මටනම් දැන්ම ම ජිත්මි ගෙ බිම බලා ගැනිල්ල මීටර්....

    පොල් පැලේ දැක්කා-ගොනා දැක්කා.....;)

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතින් අලුත් දේවල් නෙවෙයිනේ සුමිත් අයියලට...දැන් තාත්තලා උනාට..නේද?

      Delete
  7. තවත් කතාවක්.... එල එල...කියවන්න සීරිස් කතා අඩු වේගෙන ගිහින් තිබුනේ....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි අක්කේ..ඉස්සරහට තව එල වෙයි හොදේ

      Delete
  8. ඔන්න තකහනියක්ම කතාව කියවලා හොරෙන්ම ඔපීසියෙන් කොමෙන්ටුවක් දැම්මා. සිරා කතාව මල්ලී....

    ReplyDelete
    Replies
    1. අපොයි අක්කණ්ඩියේ ඔයා කතාව කියෙව්වට කමක් නෑ ජොබ නැති කරගන්න එපා..අනිත්පාර ඒකටත් මාව අහුවෙයි..

      Delete
  9. //උඹලගේ නැන්දගේ අසල්වාසී ගෙදර පොඩි නංගි හරි කියුට් බන්...මට දරුකමට හදාගන්න හිතිලා තියෙන්නෙ//

    මටත් ඔහොම අනන්තවත් හිතිලා තියෙනවා :-))

    බලමු ඉතිරි කොටසුත්..

    ReplyDelete
    Replies
    1. දැන් කී දෙනෙක් එහෙම හදාගන්න ගත්තද මචං...තැන්කූ හොදේ

      Delete
  10. කෝ ඉතිරි ටික... ඉක්මනට දාන්න. කතාව රසවත් වගේ පේනවා.

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික 18 වැනි සිකුරාදා...සෑම සඳුදා සහ සිකුරාදාවකම හොඳද..

      Delete
  11. කොල්ලෙක්ට කෙල්ලෙක්ව පේන්න බෑ කියන්නේ වැඩේ හරි.. එහෙම අය තමා අන්තිමේ ....... :D ලස්සනයි ජනරඟ.. ඊළඟ කොටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? එතකොට ඔයාට කොල්ලෝ කී දෙනෙක් පේන්න බෑ කිව්වද සෙව්වන්දියේ..හිකිස්..ගොඩක් ස්තූතියි අදහසට

      Delete
    2. :O :O මලා... එහෙම නෙවෙයි අනේ... හයියෝ මම අහගත්ත දේ මෙයාට අනම් මනම් කියන්න ගිහින්... :P

      Delete
  12. හුරේ ! ජයවේවා... තවත් සීරිස් එකක්...

    ස්තුතියි මචං සහෝ, පොරොන්දුව ඉෂ්ඨ කලාට... හැබැයි ප්‍රමාද කොරන්න එපා හොඳේ... අපේ රසය හානි වෙනවා...! :P

    තවත් රසබර කොටසක් ලබන සතියේ !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මචං..මේ සැරේ ඒක නිසා තමයි සතියට අනිවාර්යයෙන් දවස් දෙකක් දා ගත්තේ..එතකොට මට වගේම අනිත් අයටත් ලේසියිනේ...ගොඩක් ස්තූතියි මචං අදහසට

      Delete
  13. ටැංකූ මචෝ ලින්ක් එක දුන්නට. උඹ ඒ නංගිව මට කතාකරපංකෝ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ආපු වෙලාවක මම එක්කගෙන යන්නම්කො... මට ෂුවර් උඹටත් අංගොඩම නවතින්න වෙනවා

      Delete
  14. කෝ ඉතුරු ටික තාම නැවේද

    ReplyDelete
    Replies
    1. ඉතුරැ ටික අද දැම්මා

      Delete