Jul 14, 2012

ස්ත්‍රී දූෂණ රැල්ල කොතනටද?



රැල්ලට යාම යන ක්‍රියාපදය සාමාන්‍යයෙන් ආසියාතකි රටවලට වඩාත් පොදු ලක්ෂණයකි. මෙහිදී රැල්ලට යාම ලෙස හඳුන්වන්නේ එක්තරා විශේෂ සංසිද්ධියක්(අවධානය දිනාගන්නා) සිදුවූ පසු එය පසුපස තවත් එවැනිම සංසිද්ධීන් ගණනාවක් ඇදීයාම නැතහොත් සිදුවීමයි. මෙයට හේතුව වන්නේ පුද්ගල ආකල්ප ද නැත්නම් වෙනත් සාධකද යන්න අතීතයේ සිටම සමාජ විද්‍යාඥකයන් පර්යේෂණවල යෙදෙන්නාවූ ක්ෂේත්‍රයකි. මේ දිනවල ලංකාව පුරා සතර අතින් ඇසෙන ස්ත්‍රී දූෂණ සිදුවීම වැලද රැල්ලට යන්නක්ද යන්න මුලින්ම සොයාබැලිය යුතුය. විශේෂයෙන්ම මෙම රැල්ලට අඩුවයස්වල කුඩා ගැහැණු දරුවන් හා තරුණියන් හසුවීම තුල සමාජ විපර්යාසයකට මගපෑදෙන්නාවූ කාරණයක් වී තිබීම මත මේ පිළිබඳ සොයාබැලීම ඉතා වැදගත ්ය.

     මින් පෙර මෙවැනි රැලි ගැන අප විමසා බැලිය යුතුය. නුදුරු අතීතයේ පැවති “ග්‍රීස් යකුන්ගේ“ සිදුවීමද මෙවැනි එක සිද්දියකි, එසේම ඒ හා සමාන නොවුනත් “ආසනික්“ සිදුවීම, “බුද්ධරූපවලට බුදුරැස් පෙනීම“ සහ අතීතයේ “හංදිවල සිටි නින්ජාවරු“ දක්වා මේ සිදුවීම දිගුවන බව මතක තබා ගත යුතුය. බොහෝමයක් සිදුවීම ලංකාව තුල මහාවිපර්යාස ඇතිකල සිදුවීම්ය. මෙහිලා ග්‍රීස් යකුන්ගේ සිදුවීම මෑත කාලීනව ඉතාමත් පෙරලියක් සිදුකල සිදුවීමකි. නමුත් වර්තමානය වන විට එම රැල්ල අවසන්ව ඇති අතර එම සිදුවීම බොහොමයක් අදාල සිද්ධිවලට ප්‍රායෝගිකව මුහුණ දුන් ඇත්තන්ට පවා අමතකව ඇත.

    එසේම මෙවන් සිදුවීම්වල පොදු ලක්ෂණයනම් සීමිත කාල පරිච්ඡේදයක් තුල එකපිට එක සිදුවීම දාමයක් සිදුවීම, එක ප්‍රදේශයක් කේන්ද්‍රකරගෙන නොව බොහෝවිට ලංකාව පුරා පැතිරීම, ඉහල මාධ්‍ය අවධානයක් දිනාගැනීම, ජනතාව තුලින් දැඩි ප්‍රතිචාර මැවීම, දේශපාලන තන්ත්‍රය පවා දැඩිලෙස මැදිහත්වීම. ඉහත ලක්ෂණ හේතුවෙන් මෙම රැල්ලට යන්නාවූ කාරණා පොදු දෙයක් බවට පත්ව ඇත. නමුත් ඉහත සිදුවීම් බොහොමයක් සමාජ අපරාධ ගණනාවකට හේතුවීම අභාග්‍යයකි.


     ඇතැමෙක් පවසන පරිදි මෙම සිදුවීම් දාමයට හේතුව වන්නේ එක් සිදුවීමක් සිදුවූ පසු එය සමාජයේ අවධානය දිනාගැනීම හේතුවෙන් හුදු අනුකරණවාදී මෙන්ම විකෘති මානසික පසුබිමක් සහිතව හෝ අනියම් ලාභ අපේක්ෂාවකින් තවත් පාර්ශව එවැනිම සිදුවීම් සිදුකරන බවයි. එහි යම් සත්‍යතාවක්ද ඇත. එය ග්‍රීස් යකාගේ සිදුවීමෙන් හා නින්ජා සිදුවීම් වලින් සනාථ කල හැක. නමුත් මේ දිනවල නිමක් නොමැතිව රැල්ලට යන ස්ත්‍රී දූෂණ රැල්ල පිළිබඳව ඒ කෝණයෙන් බැලිය නොහැක. ඒ මන්ද ස්ත්‍රී දුෂණ අනන්තවත් දිනකට ගණනාව බැගින් රට තුල එදත් සිදුවිය අදත් සිදුවෙයි. වෙනසනම් මෙවර දැඩි ලෙස එය මාධ්‍ය විසින් ග්‍රහණය කර ගැනීම හා එය මාධ්‍ය මගින් සංදර්ශනාත්මක ලීලාවෙන් සිදුවීම මගින් වෙනදාට වඩා ඒවා හෙලිදරව් වීම හා ඒවාට විරුද්ධව සමාජ මතයක් ගොඩනැගීම සිදුවී ඇත, ඒ අතර දේශපාලන අඳබාලයන්ද සිටීම හේතුවෙන් ප්‍රවෘත්තිමය වටිනාකම තවත් වැඩිවී ඇත, අනෙකුත් කාරණය නම් බොහෝවිට මෙයට හසුවන්නේ අහිංසක කුඩා දැරියන් වීමය.


    පශ්චාත් යුධ සමයේ රටේ ප්‍රශ්න වෙනදාට වඩා මදක් අඩුය. වැසියන් මරබිය අමතක කර බෑන් චූන් වලට එලඹ ඇත, ඒ අතරතුර කාමුක මානසිකත්වය තවත් වර්ධනයවී ඇත. දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා ජනරජයේ කේන්දරයටද මේ දිනවල ඒ හා සමාන ග්‍රහබලපෑමක් එල්ලව ඇත. මේ සියල්ල හේතුවෙන් දීර්ඝව සිදුවන ස්ත්‍රී දූෂණ රැල්ල යන්නේ කෙලවරකට නොව, මෙයට එරෙහිව ජනමතයද පෙනෙන තරම් ප්‍රබල නැත. අපරාධකරුවන් නිසි දඬුවම් ලැබේනම් මෙහි යම්හෝ පාලනයක් දැකිය හැකිවනු ඇත. මේ අතරම මාධ්‍ය විසින් ඔසවා තැබූ රෝයල් පාක් තරුණියගේ ඝාතනයේ වරදකරුවාට අධිකරණය මගින් ලබාදුන් මරණ දඬුවම තීන්දුව නිසා රටතුල යම් පාලනයකට හේතුසාධකයක් වනු ඇති. නමුත් එය සිදුව පැය 48 ක් ඉක්මයන්නටත් පෙර නාවලපිටියෙන් හමුවූ ව්‍යාපාරික පුතෙක්,ත්‍රී රෝද රථ රියඳුරෙක් අතින් කීපවරක් කෙලසුන හා ඒ අසාධාරණය පිළිබඳ පරීක්ෂණයට පැමිණි පොලිස් නිලධාරීයා නැමති කාමාතුරයා අතින්ද නැවත වරක් කෙලසුනු දැරිය  ගැන පුවතත් සමග සියල්ල නැවත බිංදුවේ සිට සෘණ මට්ටමට ඇද දැමීය. මෙවැනි අපරාධකරුවන් තවදුරටත් රකිනවාද නැත්නම් අධිකරණය මගින් පෝරකයට යවනවාද යන්න දැන්ම තීරණය කල යුතුය. නැත්නම් ජනතාව ඊළඟට ඒවාට තම අතින්ම එල්ලුම් ගසේ තොණ්ඩුව සකසනු ඇත.

14 comments:

  1. මම නම් කියන්නේ දඬු කඳේ ගහන්නම ඕන ඔහොම මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. දඬු ක‍‍ඳේ ගැහුවොත් ඉතිං හැමෝම වැරදි කරන්න ගනී‍.. උල තියන්නයි ඕන :D.

      Delete
  2. එල්ලන්න ඕන, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ බලය තියන අය අහින්සකයන්වත් ඔය පිටින්
    පෝරකයට යවන්න උත්සහ කරන්න බැරි නෑ, මේක ලංකාවනේ

    ReplyDelete
  3. අනිවාර්යෙන් සහෝදරයා ඔයා කිව්වා වගේ ජනතාව අතින්ම වැඩි කල් නොගිහින් එල්ලුම්ගහේ තොන්ඩුව සකසාවි!.

    ReplyDelete
  4. මගේ යෝජනා කරන්නෙ ගණිකා වෘත්තිය නීතිගත කරන්න....

    පාලනය කළ නොහැකි ලිංගික පීඩනය සුදුසු තැනක් තියෙන්න ඔන. හැබැයි ස්ත්‍රී දූෂක මානසිකත්වය මෙයින් සංසිදෙන්නෙ නෑ.

    මාත් පටන් ගත්තා ප්‍රහාරය

    ReplyDelete
    Replies
    1. ඉතිං මෙහෙ (කටාර් වල) ගණිකා සේවා නීති ගත කරලා ය ඔය ප්‍රශ්න විසඳන්නේ?

      Delete
  5. මමත් අද හරියටම උදේ 10.25 ට මගේ දැන් කෙල්ල ඇගේ කැමැත්තෙන්ම දූෂණය කලා.උදේ 8.00ට කෙල්ලෙක් වාගෙ ගෙදරින් ආපු එයා දවල් 1.00ට ගෙදර ගියෙ ගැහැණියක් වෙලා. :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලොකු වැඩක් කරලා ඇවිත් මෙතන කියෝනවා !!

      Delete
  6. මිනිස්සුන්ට ලිංගික නිදහස 9 ගණිකා සේවය නීතිගත කිරීම, පූර්ව විවාහ සංසර්ගය දෙස ඇති අයහපත් ආකල්ප තුරන් කිරීම ) දුන්නා කියලා දූෂණ අඩුවෙන්නේ නෑ.නමුත් සැලකිය යුතු ලෙස අඩුවෙන බවනං කියන්ඩ ඕනේ.කොහොමත් බලය කියන සංකල්පය පවතින තාක් අසාධාරණය කියන සංකල්පයත් පවතිනවා.

    ReplyDelete
  7. මේවා ගැන නම් කතා කරලා වැඩක් නෑ අප්පා. මිනිස්සු තිරිසන්නුන්ටත් අන්ත වෙලා !!

    ReplyDelete
  8. මමත් කියන්නේ දැන් බලන්න කොල්ලො කෙල්ලොන්ට කතා කරන්නවත් ඉඩ නොදී අතින් අල්ලන් ඉන්නවත් ඉඩ නොදී යන එන මං නැති කරල පීඩනය එන්න එන්න වැඩි උනාම ලොකු මහල්ලා නෙවෙයි මොකා උනත් මෝල බස්ස ගන්නවා. හැබැයි මුන් වගේ උන්ට අපි කොච්චර බැන්නත් ඡන්දයක් ආවම ගිහින් කතිරේ ගහන මිනිස්සුත් අඩු නැතුව ඉන්නවා.ඕක තමයි අර මොකෙක්ද එකෙකුත් කිව්වේ අපේ මිනිස්සුන්ට ඕන දෙයක් මතක් තියෙන්නේ සති 2යි කියලා

    ReplyDelete
  9. නියම පිරිමි ඔය වගේ දේ කරන්නෑ..
    වැඩේ වෙලා තියෙන්නේ දැං පිරිමි අඩු වීමයි..
    ඒක විද්‍යාත්මකවත් ඔප්පු වෙලා ඉවරයි..

    ReplyDelete
  10. පහුගිය වසරේ ළමා දූෂන විතරක් 600ක් වාර්තා වෙලා තියනවා කියලා මං පත්තරේක කියෙව්වා! ලක්ෂ 200ක් ඉන්න රටක 600ක් ළමයිම විතර්ක් දූෂනය වෙනවා කියන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක්! මං හිතන්නේ මරණ දඩුවම ක්‍රියත්මක කිරීම තුලින් සැලකිය යුතු ප්‍රමානයකින් මේ ප්‍රශ්ණය විසඳගන්න පුලුවන් වෙයි! කවුරු උනත් ජීවිතයට ආසයිනේ ආතල් වලට වැඩිය!

    ReplyDelete