Jul 19, 2012

සන්තාප මාවත...[කෙටි කතාව]

මම තකමස්තු නගරේ ගිනිගහන මද්දහන වෙලාවේ වුවත් නෙත් සිත දෙකම යොමු වුනේ කිලෝමීටර සීයකට නොවැඩි දුරින් පිහිටි තොකුෂිමා නගරය දිහාවට. ඒ නගරය කොතරම් සැමරුම් දරනවද අපි දෙන්නගේ. නක්හිරුගේ සොඳුරු ඇස්දෙක මුලින්ම දැක්කේ හිම වැටෙන කාලෙක සකුරා බලන්න තොකුෂිමාවේ පා ගමන් චාරිකාවේ යද්දි. තාමත් දස දහස් ගණන් දෙනා තොකුෂිමාවේ පාද චාරිකාවේ යෙදෙනවා ඇති සකුරා බලන්නට, ඒත් අපි දෙන්නගේ ඇස් මුණ ගැහේවිද ආයෙමත්. තකමස්තු නගරයේ  මහල් හතලිස්පහක ගොඩනැගිල්ලක  විසි දෙවනි මහලේ පුද්ගලික කාර්යාලය තුලින් පෙනෙන ඈත් ඉසව්ව දෙස බලාගෙන මොෂුරි කල්පනා කලා.

“ඔයා හිතන්නේ ජීවිතේ හරි සුන්දරයි කියලද?...ඒ සුන්දර බව මැද්දේ තියෙන කටුක බව මගේ ජීවිතය දවනවා..“

හරියටම දවස් කීපයකට කලින් අන්තිම වතාවට දුරකතන ඇමතුමක් දීපු නක්හිරු කතාකලේ ඉකිබිඳින වදනකින් නෙවෙයි. බොහොම ස්ථිරසාර කටහඬකින්.


“ඇත්ත ඒ ජීවිතේ කටුක බව මම හොඳට හඳුනනවා..ඒත් ඒ කටුකබව කියන දේ නැතිකරන්න තමයි පොඩිකාලේ ඉඳන් මහන්සිවුනේ..අද යම්තාක් දුරට මම ඒ කටුක බව ජයගෙන තියනවා...ඒත් ඇයි ඔයා ඒ කටුක බව ගැන කියලා අපි දෙන්නා අතර දුරස්ථබව මතු කරන්නේ..“

ටික වෙලාවක් නිහඬවෙලා හිටපු නක්හිරු ආයෙත් කටහඬ අවදිකලා. පුරුදු විදියටම ජපන් යුවතියන්ගේ සාම්ප්‍රදායික බව ඉක්මවලා ගියපු මෙන්ම අන්තගාමී රැඩිකල් බවෙන් මත්වෙලා හිටපු නක්හිරු ආදරේ ගැන කතාකලෙත් ඒ රැඩිකල් විප්ලවවාදී මානසිකත්වයෙන්..

“මොෂුරි ඔයා ජීවිතේ කටුක බව ඉක්මවලා වෙන්න පුළුවන්...ඒත් අනිත් කටුක බව තුලින් පිඩා විඳින...ඇඟට වදින හුලඟ පවා මානසික වදයක් හෝ චිත්තාවේගයකට පෙරලෙන සාධකයක් කරගන්නා අය ගැන හෝ ඔවුන්ගේ කටුක ජීවිතය අමතක කරන්න පුළුවන්ද ඒකෙන්..ඒක හරි ආත්මාර්තකාමී හැඟීමක් මොෂුරි..ඔයා ඔය හිතන බොළඳ මට්ටමට වැටිලා මට ආදරේ ගැන හෝ ජීවිතය ගැන හිතන්න බෑ...මොකද සමාජය ගැන වගේම ජීවිතය ගැනත් මම බලන්නේ සංවේදී කෝණෙන්..“

නක්හිරුගේ වදන් ටික ටික ආවේගශීලී වෙද්දි හංඟගෙන ඉඳපු මගේ තරහා මෙන්ම තකමස්තු පුරේ වැසියෙක්ට උරුම වේගවත් කතා මාලාව මතුවුනා..මොකද නක්හිරු කතාකලේ හරියටම මම ජීවිතේ කටුක බව පසෙකලා නැගිටපු ජීවිතේ ඉණිමගට පයින් ගහලා සැලෝලයිට් ජීවිතයක් ගෙවන කෙනෙක් ගාණට හිතාගෙන නිසා.

“ඔයා හිතන්නේ මම ඒ දුක්විඳින මිනිස්සුන්ගේ කටුක බව දන්නේ නෑ කියලාද...නැත්නම් මට ඒ කටුක බව හා යථාර්ථවාදී සමාජ දෘශ්ටිය අමතක වෙලා කියලද...නෑ මම ඒ කටුක බව ජයගන්න මාර්ගයක් හොයාගත්තා..ඔයා ඉපදුනේ ඒ කටුක බව දැනෙන පරිසරයක නෙවෙයි මහා මන්දිරෙන්  බැහැපු ඔයා කටුක බව පොතින් පතින් ඉගනගෙන පසුකාලීනව ඒ කටුක බව ගැන කතාකරාට මම ඒ කටුක බව තුල අදටත් ජීවත්වෙනවා..ඒ තුල ඉන්න අය සමග බෙදාහදාගන්නවා..ඒක සමාජයට පේන්න හෝ ආත්ම තෘප්තිය වෙනුවෙන් පමණක් කරන දෙයක් නෙවෙයි...“

නක්හිරු වේගෙන් හුස්ම ගත්තා.

“හරි මම ඒවා කරන්නේ පටු අර්ථයකින්...“

“නෑ මම එහෙම නෙවෙයි කියන්නේ...ඒ සාධක ඈඳාගෙන ආදරේ කියන මාතෘකාව දිහා බලන්න එපා...මඩ ගොඩේ පිපෙන නෙළුම නෙලුමක් නෙවෙයි කියන්න කාටවත් බෑ..සොඳුරු විලත් මඩගොහොරුවත් නෙළුමකට සමබිමක් විතරයි..“

මගේ වචන වේගවත් වෙද්දි නක්හිරු තවත් ආවේගශීලීවුනා.

“ඒත් අමතක කරන්න එපා මොෂුරි අමතකවීම සහ හීන ලෝකවල ජීවත්වීම ජීවිතේ නොවන බව...මම හැමදේ ගැනම තාර්කිකව සහ සියලුම සාධක එක්ක සංකලනයෙන් බලද්දි අන්තිමට තේරෙන්නේ ආදරෙත් බොරුවක් කියලා...විශේෂයෙන්ම ඔයාගේ...“

ඒ වචන පපුවට කිඳාබැස්සේ සමුරායි කඩුවක දිග පලලත් ඉක්මවා තියුණුම විදියට..

“ඔයාට ඒක එහෙම දැනෙනවනම් මම ඒක වෙනස් කරන්නේ නෑ...“

තත්පර කීපයක නිහඬතාවෙන් පසුව නක්හිරු කතාකලා

“අපි මේ කතාව නවත්තමු...මම තියන්නම්...බායි...“

“හොඳයි...“

නක්හිරු ඇමතුම විසන්ධිකලා..ඇමතුම පමණක් නෙවෙයි හැබ සම්බන්ධතාවයක්ම


                                   ෴ අවසන් ෴

9 comments:

  1. අන්තර්ගතය ගැන කිසිවක් නොකියමි. නිර්මානශිලිබව විශිෂ්ටය. ඉගෙන ගැනීමට වටනේය. hats off!!

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීලීබාවය ද යන්න හරියටම නොහැඟුනත් මෙහි අන්තර්ගත ක්‍රමවේදය සහ භාෂා භාවිතය මගේ අනන්‍යතාවය යැයි මා විශ්වාස කරනවා..ගොඩක් ස්තූතියි සහෝදරිය අදහසට

      Delete
  2. lassana keti kathawak.a wagema duka hitena kathawak ayya.tawath lassana katha tikak liyamuko jana ayye.eka nemei jana ayya,oyage chuti kana hodin neda?mama eyawa mathak kala kiyanna hode. :)

    ReplyDelete
    Replies
    1. හලෝ කාලෙකින්නේ..කොහේද හිටියේ ඔයා..අනිවාර්යයෙන් නවකතා නැතිවුනත් කෙටි කතා ටිකක්හරි ලියනවා...අහා මගේ කන්දෙකම හොඳට තියනවා මේ ටිකේ..හිකිස්..හා මම මතක් කලා කියන්නම්කෝ

      Delete
  3. kathawa iwara unata passe ayya damme deshapalane ganane.mama ewa kiyawanna asane.ekai me patte awe natte.ane jana ayye nawa kathawak liyamuko......oya hodaine..... :)nattam mama tala wenawa hode... :(

    ReplyDelete
    Replies
    1. හා බලමුකෝ තව එකක් ලියන්න..ඒත් මගේ අදහසක් නෑ තවදුරටත් නවකතා ලියන්න නංගී..දේශපාලනේ,කාලීන හැමදෙයක්ම ලියනවනේ ඉතිං මම මේකට..ඒවා ගණන් ගණ්න එපා හොඳද යාළුවා

      Delete
  4. ටික දවසකට පස්සේ බ්ලො අවකාශය පැත්තට අවේ මේ වගේ බ්ලොග් දකිනකොට නොබලා ඉන්නේ කොහොමද ? ලස්සනයි මිතුර ජය

    ReplyDelete