Jul 17, 2012

හේමකුමාර නානායක්කාර The Rising

හේමකුමාර නානායක්කාර යනු ශ්‍රී ලාංකේය දේශපානයේ කලින් කලට විවාදාත්මක තීරණ මෙන්ම පියවර ගන්නා චරිතයකි. එසේම ඒ තීරණ බොහෝවිට පවතින දේශපාලන ප්‍රවාහයට දැඩි බලපෑම් එල්ල කරන්නා වූ සාධක වී ඇති බව දේශපාලන ඉතිහාසපොත පෙරලීමේදී අවබෝධකරගත් හැක. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගත් සිය දේශපාලන ගමන්මග තුල ජනතාව අතර සිට ප්‍රායෝගිකව පොලවේ පයගසා දේශපාලනය කල පුද්ගලයෙක් ලෙස හේමකුමාර වට දේශපාලනිකමය වශයෙන් ස්ථාවර කාඩර්වරු පිරිසක් බිහිවී තිබීම ඔහුගේ ප්‍රධානතම ශක්තිය වේ. එක්සත් ජනතා නිදහස් සංධාන රජය බිහිවී එය ශක්තිමත් වෙද්දී ජනපති දෑත් සවිමත් කිරීමේ අභිලාෂයෙන් එතෙක් කල රැඳුනු කොල පැහැ සාටකය අත්හැරි හේමකුමාර එජාපයට පිවිසෙන්නෙත් වාමවාදී දේශපාලනික බෞතීස්මයෙන් අනතුරුව මතවාදීමය ගැටළු නිසාවෙනි.


    කෙසේ වෙතත් ගාලු දිස්ත්‍රික්කය තුල මෙන්ම සමස්ත ශ්‍රී ලංකාව තුල හේමකුමාරගේ ස්වරයට තැනක් ලැබුනු සමයක් තිබිණි. වාසුදේව නානායක්කාර සොයුරාගේ මතයට වෙනස් මතයක් ඔහු දැරුවත් විටෙක සමපාත වුනු මතය  පිළිබිඹු කරමින් ඔහු වත්මන් රජයට එක්විය. එහෙත් කිරුළු දරණ සමයේ පුද්ගලික හේතුවක් විදහා පාමින් දේශපාලනයෙන් සමුගෙන අමාත්‍යංශ උපදේශක තනතුරකට විතැන්වූ කාරණය එකල දේශපාලනය තුල යම් කුකුසක් ඇතිකල සිදුවීමකි. එයට බොහෝ දෙනෙක්ගෙන් ලැබුණ පිලිතුර වූයේ හේමකුමාර අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් දේශපාලනයෙන් විවේකගත් බවයි, අවංකව ඒ පිළිබඳ කණගාටු වුනෙමු. මන්ද මෙරට දේශපාලනයේ බහුතරයක් චරිත නින්ද්‍රාශීලී පිලිවෙතක් අනුගමනය කරන සමයක සිය හඬ අවදිකල චරිතයක් ලෙස ඔහු ප්‍රකට හෙයින් ඒ ස්වරය අහිමිවනු දැකීමට නුපුළුවන් හෙයිනි. නමුත් පසුව ඔහු අමාත්‍යංශයේ කටයුතුවලට එහෙ මෙහෙ දුවන දැකිය හැකි වුනත් පසුව එය සම්පූර්ණයෙන්ම සැඟවුනු කටයුත්තක් බවට පත්විය.

     මීට මාස කීපයකට කලින් හේමකුමාර රජය වෙතින් දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙන්නේ යලිත් වරක් රටතුල මාතෘකාවක් බවට පත්වෙමින්ය. එසේම ඔහු ඉන් අනතුරුව නැවත විවාදාත්මක ප්‍රකාශ සිදුකරමින් ප්‍රසිද්ධියේ රජය විවේචනය ආරම්භකරයි. වැල්ලේ පවා බඹරය කැරකෙන රජයක සිට එලියට බැස ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මේ දිනවල විරල සිදුවීමක් බැවින් එයට දැඩි මාධ්‍ය ආලවට්ටම්ද ලැබෙන්නට විය. එය හේමකුමාර නානායක්කාරගේ නැවත උට්ඨානය ලෙස නම්කල හැකිවිය. හේමකුමාර දැඩි ලෙස විවේචනාත්මක කියා සිටින්නේ මෙම රජය ප්‍රජාතන්ත්‍රවාදී නොවන රජයක් බවත්, මේ රජය තුල සිටින එහෙයියන් රජය ගන්නා ඕනෑම අමන තීන්දුවකට එහෙයි කියා රටට වින කරන බවය. රට තුල පවතින් තත්වය තුල එම ප්‍රකාශය බැහැර කල හැකි නොවන බැවින් හේමකුමාරගේ ඒ මතයට ජනතා ප්‍රතාචාරද අඩුනැතිව ලැබේ. හේමකුමාර මේ සිදුකරන්නේ තමාට සිදුවූ මදිපුංචි කමක් හෝ අඩුපාඩුවක් නිසා රජයට එරෙහිව කරුණු දැක්වීමක් වුනත් රනිල් ගෙන්, ෆොන්සේකාගෙන්, සජිත්ගෙන් හෝ ජවිපෙන් ඉටු නොවුන දෙය හේමකුමාර ලවා හෝ ඉටුකරගන්නට කැමති පිරිස මෙම මතයට දෑතම ඔසවති.

      හේමකුමාරට අනුව ඔහු නුදුරු දිනකදී නව පක්ෂයක් පිහිටුවනු ඇත. එයට කුමන නමක් ලැබේවිද අපි නොදන්නෙමු, එහෙත් ඔහු කියනා ආකාරයකට මේ රටේ නිහඬ හා අසාධාරණයට ලක්වූ විද්වතුන් හා ජනතාව එම පක්ෂයට එක්රොක්වනු ඇති බවයි. එය සනාථ කිරීමට තවමත් සාධක නැත. එහෙත් රටට සමාජ ව්‍යාපාර අවැසි සමයේ ( "රටට අවශ්‍ය තවත් පක්ෂයක්ද නැත්නම් සමාජ ව්‍යාපාරයක්ද“ ලිපිය කියවන්න) තවත් පක්ෂයක් ඇරඹීම සමාජීය විහිලුවකි. එය වාසුදේවගේ පක්ෂය, බාහුගේ පක්ෂය, විමල් ගේ පක්ෂය වැනි පුද්ගල කේන්ද්‍රගත බෝඩ්ලෑලි පමණක් නොවනු ඇතැයි කාට කිව හැකිද. එසේනම් හේමකුමාරගේ මේ නැගීසිටීම සිදුවන්නේ නියමාකාරයට නොවේ. එය සංශෝධන සහිතව සිදුවේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නැගීසිටීමක් වනු ඇත.

7 comments:

  1. පක්ෂයකින් තවත් පක්ෂයකට විතැන් වීම,
    පැවතීම,
    පැවතීම හරියාකාරව වූවාට ජනමතය තුල අතරමංවීම,
    සිය පැවත්ම වෙනුවෙන් මරා රෙජිමයේ මූලස්ථාන අස සිය පැවත්ම තහවුරු කිරීම,
    පැවතීම ගැටලු වූ කල යලිදු විතැන් වී නව පක්ෂයක ලෙස දේශපාලන ගොහොරුවෙන් ඉස්මතුවීමට තැත්දැරීම
    යන සියලුම කාරණා හේමකුමාර අත්හදා බලා අවසානය..,
    එහෙත් ඒ සියල්ලෙන්ම මතු ඔහුගේ උට්ඨානය සිදුවූයේ ඔහු බලාපොරොත්තු වූ ආකාරයට නොවේ. හරිනම් ඔහු තවත් කාලයක් ඉඅවසා මේ තීරණය ගන්නට තිබුණි.
    විමල් මේ ආකාරයෙන් නව රෙජිමයක් තනා නියමාකාර ලෙස එය මරා වෙත පිළිගැන්වූ නිසා විමල්ගේ පැවැත්ම නියමාකාරයෙන් මේ වන විටත් සිදුවෙමින් තිබේ..,
    එහෙත් නානායක්කාර වරුන්ගේ සාමාජිකයෙකුලෙස නව පක්ෂයක් සමඟ ඉස්මතුවීම තුල හේමකුමාරට ඉටුකරන්නට තව බොහෝම වැඩ රාජකාරි තිබේ.
    කුමක් වුවත් තනි පුද්ගල කැරළි සාර්ථක වන ප්‍රතිශතය ලංකාව තුල ඉතා ඌණ ය. ඒ දඬු හාත්පස විහිදාගත් බූවල්ලකු රට පාලනය තුල තවමත් ක්‍රියත්මක වී සිටින නිසා ය.

    ReplyDelete
  2. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ලංකාවෙ තියනව කියල මම නං හිතන්නෙ නෑ. හේමකුමාර මහත්තය කියන, දැන් තියන, මේ අවුල එයා පාර්ලිමේන්තුවෙ ඉන්න කාලෙත් තිබුන. නමුත් ඒක දකින්න නම් අත්තටු කැපෙන්නම වෙනව. මංගල සමරවීරට-ශ්‍රීපති සූරියාරච්චිට, අර්ජුන රණතුංගට උනෙත් ඒකම තමයි.

    ReplyDelete
  3. අනේ පලයන් බන් රාජ් යන්න ... මු දන්න මගුලකුත් නෑ පඩි ටෝක් වල සීමාවකුත් නෑ ....

    ReplyDelete
    Replies
    1. අනේ මංගල ගැන කිව්වම ඇයි ඔච්චර තරහ ගන්නෙ?

      Delete
  4. මල්ලී ඔයාගේ බ්ලොග් එක හොයා ගන්න බැරුව හිටියේ. අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ. එහෙනම් ඔයාට අනාගතය දැකීමේ ඉවක් තියෙනවා.

    ReplyDelete
  5. දේෂපාලඥයෝ ගැනනං කතාකරන එක තේරුමක් නෑ.
    ඔය ඔක්කොම මුලිං පට්ට මීටර් පට්ට ඩයල්.
    පස්සෙ පස්සෙ වෙනකොට අජපල්..
    උදා- ජේ.ආර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, රනිල්, වික්‍රමභාහු කරුණාරත්න..
    මේ මිනිස්සු කැම්පස් වල නීති පීඨ වල තියලා තියෙන රෙකෝඩ් තාම කඩලා නෑ..
    ඒත් පස්සෙ කාලේ...?????

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම පට්ට මීටර් පට්ට ඩයල්.උං මුළිං මිනිස්සුංව ගොනාට අන්දන්න වැඩ කරනවා වගේ පෙන්නනවා පස්සෙ පටං ගන්නවා ගහන්ඩ.උංට මොළේ තියෙනවා.අපියි ගොන්නු.

      Delete