Jul 28, 2012

අසාධ්‍ය ලෙඩාගේ අන්තිම ඉල්ලීම

කාලෙකට පස්සේ අහපු කතාවක රසය දෙන්න හිතුවේ ටිකක් ලේ පිරිසිදු කරගන්න එක්ක. මොකද මේ දවස්වල රටේ වාතාවරණය නිසාවෙන් ගොඩක් අය ඉන්නේ පිපිරි පිපිරි.ඉතින් කාලීන හා සමාජ මෙන්ම කලාව සම්බන්ධ ලිපිවලින් ටිකක් එපිටට ගිහින් සාමාන්‍යකරණීය කරපු කතාවක් ඉදිරිපත් කරන්න හිතුවේ ඒකයි. මේ කතාව සමහරවිට අහලත් ඇති, මගේ කණට ඇහුණෙත් ටිකක් කාලෙකට ඉස්සර. මෙන්න මේකයි කතාව. එක තරුණයෙක් හිටියලු බොහොම මහන්සියෙන් අලුත් රැකියාවක් එහෙම හොයාගෙන බොහොම ධෛර්ය සම්පන්නව මාසෙට ගාණක් හොයාගෙන  ජීවත් වෙන. ඉතිං දවසක් මේ තරුණයා කාර්යාලයේ වැඩකරගෙන හිටිද්දි දුරකතන ඇමතුමක් ආවලු තරුණයාගේ ගෙදරින්, ඒ පණිවුඩයෙන් කිව්වේ මේ තරුණයාගේ ලඟම ඥාතී කෙනෙක් වෙන මාමා කෙනෙක් අසාධ්‍යවෙලා රෝහලේ ඉන්නවා කියලත් ඒ මාමට මේ තරුණයා ඉක්මණින් මුණගැහෙන්න ඕන කියලත්. මේ පණිවුඩේට තරුණයා ටිකක් කලබල වුනා. මොකද මේ මාමා තරුණයට බොහොම ආදරෙන් සලකපු කෙනෙක්.කොහොම වුනත් තරුණයට මේ මාමාව බලන්න කාලෙකින් යන්නත් බැරිවෙලා තිබුණේ. අන්තිමට තරුණයා රෝහලේ මාමා ඉන්න කාමරේට ගියා.

  මාමා බලාගන්න හිටපු කීපදෙනා තරුණයා එක්ක කතා කරලා මේ තරුණයාට මාමව බලන්න ඉඩ දුන්නා.

“මේ දැනුත් අංකල් ඔයා ආවද කියලා ඇහුවා..“


ලෙඩ මාමා ගාව හිටපු නෑදෑවෙන කොල්ලා මේ තරුණයාට කිව්වා. තරුණයා මාමා ගාවට ගියා. මාමාගේ ලඟ හිටපු අය මේ දෙන්නට ඉන්න ඉඩදීලා එතනින් පිටවුනා. තරුණයා මේ ලෙඩ මාම දිහා බැලුවා. ලෙඩාට ටිකක් අමාරුයි. ඒත් තරුණයා ලෙඩා ලඟට ගිහින් මාමේ කියලා කතාකලා.

  ලෙඩා ඇස්දෙක ඇරලා තරුණයා දිහා බලලා අමාරුවෙන් තමන්ගේ අත තරුණයා දිහාට දික්කලා. තරුණයාගේ අත අල්ලගන්න තරම් ඒ අතට හයිය තිබුණේ නැතිනිසා තරුණයා ලෙඩ මාමගේ ඇඳේ ලෙඩාට ටිකක් මෙහායින් වාඩිවෙලා මාමගේ අත අල්ල ගත්තා. ඉතිං ලෙඩ මාමා තරුණයට මොකක්දෝ කියන්න උත්සහ කලා ඒත් වචන පැටෙලෙන නිසාත් ටිකක් අමාරු නිසාත් මාමට ඒ කියන්න තිබුණ දේ කියන්න බැරිවුනා. තරුණයා ලඟට ආවම හැඟීම්බර වැඩිවුණ ලෙඩමාමා ටික වෙලාවකින් වෙවුලන්න පටන් ගත්තා. බලන් හිටිද්දි ලෙඩ මාමට අසාධ්‍ය වුනා. ඒත් මාමා තරුණයට මොනවාහරි කියන්න හැදුවා.

   මේ ලෙඩ මාමා බොහොම ලොකු සල්ලිකාරයෙක්. කසාද නොබැඳපු නිසා සල්ලිවලට සේවකයෝ තියන් තමයි වැඩගත්තේ. තරුණයාට එකපාරට කල්පනා වුනේ මාමගේ දේපල ගැන. මාමගේ දේපල කාට ලියලා ඇත්ද. තරුණයාට හිතුනා තමන්ට කඩිමුඩියේ එන්න කියලා තමන්ගේ අතින් අල්ලගෙන මාමා කියන්න හදන්නේ ඒ දේපල වලින් ටිකක් හරි තමන්ගේ නමටත් ලියලා ඇති කියලා වෙන්න ඇති කියලා තරුණයා හිතුවා. තරුණයාගේ හිත සතුටින් පිනා ගියා. ඒත් මාමාට කිසි දෙයක් කියන්න බැරි විදියට එන්න එන්නම අසාධ්‍යවුනා. ඒ වෙනකොටත් මාමට හොඳටම අමාරුවෙලා තිබුණේ. තරුණයා මාමට ලංවෙලා කියන්න හදන දේ අහගන්න උත්සහ කලා.

“මාමේ කියන්න...කියන්න...“

ඒත් මාමාට කියන්න බැරි තත්වයක් ඇවිත් තිබුණා. මාමාගේ අත්දෙක හොඳට වැඩ කරමින් තිබුණ නිසා මාමා ඒ අසල මේසේ තිබුණ නෝට් පොත පෙන්නුවා. තරුණයා ඉක්මණට නෝට් පොත අතට අරගෙන මාමාට පෑණ දුන්නා. මාමා මොකක්ද ලියලා තරුණයාට දුන්නා..දෙනකොටම මාමට තවත් අමාරුවෙලා සෙම පෙරාගෙන බෙල්ල කඩන් වැටුනා. තරුණයා ඉක්මණට නෝට් පොත සාක්කුවේ දාගෙන ඩොක්ටර්ස්ලට කෑගැහුවා.

 දොස්තරලා ඇවිත් උත්සහකලාට පණ ගන්න උත්සහය සාර්ථක වුනේ නෑ. ඉතිං මේ තරුණයට සෑහෙන්න දුකක් දැනුනා. මොනවා උනත් මාමා තමන්ට අන්තිම මොහොතේ හරි කියන්න උත්සහ කරන්න ඇත්තේ දේපල ගැන වෙන්න ඇති. තරුණයා බොහොම කණගාටුවෙන් ටික වෙලාවක් එතන ඉඳලා යන්න ගියා. ඉස්පිරිතාලෙන් පිටවෙලා පාරදිගේ හෙමින් හෙමින් යද්දි තරුණයාට මතක් වුනේ මාමා අන්තිම වචන ටික ලියලා දීපු නෝට් පොත තමන්ගේ සාක්කුවේ බවත් ඒක තමන් බැලුවේ නෑ නේද කියලත්, තරුණයා කලබලෙන් නෝට් පොත හෙව්වා.ඒක තිබුණේ දකුණු කලිසම් සාක්කුවේ. තරුණයා ඉක්මණට නෝට්පොත පෙරලලා බැලුවා. ඒකේ අපැහැදිලි අකුරින් මෙහෙම ලියලා තිබුණා.


“ඔතනින් නැගිටපන් කාලකණ්ණියෝ...තෝ වාඩිවෙලා ඉන්නේ මගේ සේලයින් බටේ උඩ...“

10 comments:

  1. එල එල....
    හැබයි ඕකෙ මුල් වර්ශන් එක තිබුණෙ ඔක්සිජන් බටේ උඩ කියලා..

    ReplyDelete
  2. මම අහපු කතාවේ තිබ්බේ චීනෙක් ලංකාවෙදි අනතුරකට ලක් වෙලා ඉද්දි ඒකව බලන්ඩ ගිය ලංකාවේ දේශපාලකයෙක්ට ඔහොම කොලේක ලියලා දීලා මළාලු.චීන තේරෙන්නැති ලොක්කා මේක චාන තානාපති කාර්යාලෙට යවලා සතියකට විතර පස්සේ උත්තරේ ආවලු 'ඔක්සිජන් බටෙං කකුල අහකට ගනින් බූරුවෝ' කියලා. කොයි වර්ශන් එක උනත් කතාව නියමයි.

    ReplyDelete
  3. දිනුකයාගේ කතාවත් පට්ට පට පට :D

    ReplyDelete
  4. අනේ ගල් බමුනා.. මදැයි හිනාවෙන්න ආවා...
    ආයේ මේ වගේ කතා ලියන්න ඉස්සර වෙලා ලගින් ලගින් යන වචන සෙට් එකක් දාලා සර්ච් පාරක් දාලා හිටපන් මලේ.. එතකොට හොයා ගන්න පුළුවන් කී දෙනෙක්ට පස්සෙද උඹ මේ කතාව කියන්න යන්නේ කියලා..

    හැබැයි මම වගේ නොලිය ඉන්නවට වඩා මෙහෙම හරි ලියන එක වටිනවා කෝටියක්...

    ReplyDelete
  5. ෂෝයි කතාව..පව් අර මනුස්සය..:(

    ReplyDelete
  6. haiyo......madai una wadak..... :D mamanam ada tama oya kathawa ahuwe ayya.....shoi kathawa.....

    ReplyDelete
  7. මදැයි අන්තිම කැමැත්ත පස්සෙ බැලූවා..

    ReplyDelete
  8. අහල තිබුනත් ආයි කියවලා රස වින්ඳා..

    ReplyDelete
  9. රහයි කතාව. මම අහලා තිබ්බේ නැ කලින්

    ReplyDelete