Nov 5, 2012

කියවන්නෙක්ගෙන් ලද ලිපියක්...


අද උදෑසන දෛනික විද්‍යුත් ලිපි පරික්ෂාව සිදුකරන විට මගේ විද්‍යුත් ලිපි ගබඩාවට අලුත් මෙන්ම නන්නාඳුනන්නෙක්ගෙන් ලිපියක් ලැබී තිබිණි. කියවූ විගස මුලින් දැඩි කලකිරීමකුත්, පසුව සැනසිල්ලකුත් පසුව යථාර්ථය පිලිබඳව ඇල්මකුත් ඇතිවිය. එබැවින් අනන්‍යතාව හෙලි නොකර අදාල ලිපිය ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.

අයියේ,

මම අයියගේ බ්ලොග් එක දැන් අවුරුද්දකට වඩා කාලෙක ඉඳන් කියවනවා. අයියගේ බ්ලොග් එක හොඳයි..ඇත්තටම මට කියවන්න හොඳයි..මම හිතන්නේ අයියා දැන් අවුරුදු දෙකකට වඩා කාලයක් බ්ලොග් ලියනවා නේද? ඒත් බලන්නකෝ අයියගේ බ්ලොග් එකේ විසිට්, රෑන්ක් අඩුයිනේ මාරෙට..ඒ මොකද ඒ. අයියා එච්චර කල් බ්ලොග් ලියලත් ඇයි කට්ටිය මේකට නොඑන්නේ..අයියා බ්ලොග් එක ප්‍රොමෝට් කරන්නේ නැද්ද..මම හිතන්නේ අයියා ඒක ගැන හිතුවොත් හොදයි.


   අයියගේ බ්ලොග් එකේ හොඳ ලිපි කලෙක්ෂන් එකක් තියනවනේ..මම ගොඩක් ඒවා කියෙව්වා...අර සමහර බර ලිපි මට තේරෙන්නේ නෑ අප්පා..ඒත් අනිත් තේරෙන ඒවානම් මරු..ඒත් අයියට පස්සේ බ්ලොග් ලියන්න ඊයේ පෙරේදා ආපු අයගේ බ්ලොග්වල දවසට මාර විසිට්,හිට්ස් තියනවනේ..මම දැක්කා සමහරු ඒවා ෆේස්බුක් එකෙත් දාලා තියනවා...ඒත් අයියා ඇයි ඒ ගැන හිතන්නේ නැත්තේ..අයියා අලුත් ආටිකල් වල ලින්ක් පේස්බුක් දාලා තියනවා දකිනවා..ඒත් ඒවට එක්කෙනෙක්වත් ලයක් කරන්නේවත් නැත්තේ එයාලා අයියා එක්ක තරහක්වත් තියද...ඒ වුණාට සැලෙන්න එපා අයියේ...

   කාගේ වුනත් ඇහැ යන්නේ ඉන්ටර්නෙට් එකේ නරක තැන්වලටනේ...අපේ උනත් එච්චරයි...18+, 16+, වැල වගේ කෑල්ලක් දාලා ආටිකල් එකේ මාතෘකාව ලියලා නිකං ලින්ක් ටික දැම්මම ඉබේම ක්ලික් වෙනවා..අන්න ඒකයි අවුල...නරකද අයියත් ඒක ටෙස්ට් කරලා බැලුවොත්...හික්ස්...යෝජනාවක් විතරයි හොදේ...එහෙම අයගේ බ්ලොග්වල මාරෙට හිට්ස්, කමෙන්ට් තොගයයි, පලෝවර්ස්ලා හෙණ ගනන්...මටත් හිතුනා දවසක් බ්ලොග් එකක් ලියන්න..ඒත් කම්මැලි නිසා නිකං හිටියා...ඒත් අයියේ ඔහොම හොඳ ලිපි ලියලා ඒවට ප්‍රතිචාරවත් නැත්නම් ලියලා වැඩක් තියද අයියේ...

   අයියා හොඳ පොතක් ලියන්න..අඩුම ගානේ විකිණිලා සල්ලිවත් ලැබෙයි..ඒ වගේම තාමත් හොඳ වටින දේවල් තියන පොත් කියවන්න කස්ටිය කැමතියි...ඒත් මේ සිංහල බ්ලොග්නම් යන විදිය හරි නෑ අයියේ..සමහර බ්ලොග් බලන්න අප්පිරියයි..හොඳ කවි බ්ලොග් ටිකක්නම් තිබුණා..ඒත් ඒවා දැන් අප්ඩේට් වෙන්නේ නෑ..වැඩි හරියක් මඩයි, ව ැලයි  තමයි තියෙන්නේ..

   කොහොම වුනත් අයියේ ලියන එක නවත්තන්න එපා..දිගටම ලියන්න..අපි කියවනවා...අයියගේ දේශපාලන ලිපි මට නොතේරුනාට තේරෙන අය ලියන කමෙන්ට් වලින් ඒවා හොදයි කියලා තේරෙනවා...ඉතිං අයියේ බ්ලොග් එක ටිකක් ප්‍රොමෝට් කරලා ගත්තොත් තවත් හොඳයි කියලා හිතෙනවා...එතකොට තව සෙට් බැහැලා කියවාවිනේ...
අයියට සුබ ගමන්...

මීට
.........


( මෙම ලියමනට මා ලිවිය යුතු පිලිතුර කුමක්ද යන්න  මට තවමත් තීරණය කරගත නොහැකිවිය. මෙම ලිපිය ලියූ හිතවතාගෙන් මා නැවත වතාවක් ඉල්ලා සිටින්නේ ඉඩක් ඇති විටක නැවතත් 2010 වසරේ අප්‍රේල් මස සිට මා ලියූ සියලු ලිපි හෙමින් සීරුවේ කියවා බලන ලෙසයි...මෙයට පිලිතුරු ඒවායේ යහමින් ගැබ්ව ඇත...බොහොමත්ම ස්තූතියි මිත්‍රයා)

21 comments:

  1. සහතික ඇත්ත සහෝ. මට නම් හිතෙන්නේ අපේ රසවින්දනය බොහොම පහල බැහැලා කියලයි. නමුත් දිගටම ලියන එක වැදගත්. ජය...!

    ReplyDelete
    Replies
    1. මේක දාලා යන්නේ නම් නෑ සහෝ..මේක දාලා යන්නනම් මෙච්චර මහන්සිවෙලා අවුරුදු තුනක් මේක කරන්නේ නෑ මචං..උඹලා අපි කරන්නේ හෘද සාක්ෂියට එකඟව හොඳ දේ දෙන එකෙන් සමාජෙට යමක් කරන්න..සහ පුද්ගලික තෘප්තිය..ඒවා තාම නොඅඩුව ලැබෙනවා බං..

      Delete
  2. වල් පයිස් කියන ඒවා වගේම උඹ ලියන වගේ ලිපිත් බ්ලොග් අවකාසේ තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ විවිධත්වයක් තියෙන්නේ. කමෙන්ට්ස් හිට්ස් අඩුයි කියන කාරණේ උඩ උඹ වගේ උන් බ්ලොග් අවකාෂේන් ඈත් උනොත් එකත් ලොකු අඩුවක් වේවි

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම අරුණ සහෝදරයා...මම හැමදාම කියන දේ තමයි අපි අද අතීතය පිලිබඳව නිර්ණය කරන්නේ අතීතයේ සිටි පිරිස් ඒ කාලේ තිබූ තත්වයන් පිලිබඳව ලියූ ගල්පුවරු සහ අනෙක් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින්..ඒ කාලේ මිනිස්සු විකාර ලිව්වනම්,කුණුහරුප විතරක් ලිව්වනම් අද අපි අතීතය නොදන්නා මිනිසුන්..ඒ වගේම අපි අද මේ සයිබරයට ලියන දේවල් තමයි අනාගතයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි වෙන්නේ..අපි වර්තමානය විකෘති කලොත් අනාගතය වර්තමානය ගැන වැරදි චිත්‍රයක් හෝ නොදැනුවත්කමක් ගොඩනගාගනීවි

      Delete
  3. ඇත්ත කතාව!දැන් බ්ලොග් ඔක්කොම වල්බිහි වෙලා තියෙන්නේ....!

    ReplyDelete
    Replies
    1. ඇයි විශුද්ධියකට අත්වැල් බැඳනොගන්නේ

      Delete
  4. හපොයි.. අනේ මන්දා.. කියවන කෙනා නම් මොන දේ තිබ්බත් කියවනවා අය්යණ්ඩියේ.... තමන්ගෙම අනන්‍යයතාවයක් තියාගෙන ලියන එකයි වැදගත්.. තමන්ගෙම සිතුවිලි අකුරු කරගන්න එකත් ලොකු හපන්කමක්..
    ජය ඔබට!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒ තමන්ගේම සිතුවිලි විතරයි මට වැදගත්...හිට්ස් නෙවෙයි මිත්‍රයා

      Delete
  5. අද දවසේ මාකටිං කියන එකට විවිධ උපක්‍රම ඇවිත් තියනවානේ.විසිටර්ස්ලා 83000ක් ඉන්න බ්ලොගයකට මේක ලියුව මල්ලි කව්ද කියල මං තාම හිතනවා. කොහොම වුණත් වැඩේ නැගලා යනවා. මං බ්ලොග් ලියන්න ඇවිත් තාම මාස දෙක ඉවරවත් නැති එකෙක්.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. Marketing Strategies යොදාගැනීම ඵලදායීවන්නේ අලෙවිකල හැකි භාණ්ඩ උදෙසායි..සිංහල බ්ලොග්යනු අලෙවිකල හැකි දෙයක් නොවෙයිනේ මිත්‍රයා..ජයවේවා

      Delete
    2. ඔබ හරි ඒත් සිංහල බ්ලොග් හරහා තව බොහෝ දැ අලවිකළ හැකියි නේද

      Delete
    3. කල හැකිය..ඒවිට ඛණ්ඩනය වන හර සංකල්පය පිලිබදව කතාකර පලක් නැ ත..

      Delete
  6. මමත් නීරීක්ෂණය කරපු දෙයක් තමයි කියවන අය වැඩියෙන්ම කැමති කුණුහර්ප, විහිලු තහළු වලට කියලා. ඒත් ඉල්ලන දේම අපි දෙනවනම් ඇති වැඩක් නෑ. අපි ලියන ඒවායේ අපේ අනන්‍යතාවක් තියෙන්න ඕනේ. මම ලියන්නේ මගේ පවුලේ ඕනෑම කෙනෙකුට කියවන්න පුළුවන් ඒවා. අනික කාට හරි කියවලා දෙයක් එකතු කර ගන්න පුළුවන් ඒවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැදගත්...කවදහරි අපේ අනාගත පරපුරට හිරිකිතයක් නැතිව කියවිය හැකි දෙයක් විය යුතුයි සුදීක

      Delete
  7. ලිපිය ගැන නම් කියන්න කිසිම දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් අදහස් කලේ මම හිතන දේ වෙන්න ඇති කියලා මම හිතනවා

      Delete
  8. කියලා වැඩක් නෑ බං..
    මගෙත් මොකක් හරි මෙලෝ වැඩක් නැති කතාවක් දැම්මොත්නං හිට්ස් ගෝනි ගනං...
    ඒත් මහන්සි වෙලා විද්‍යා ප්‍රභන්ධයක් එහෙම ලිවුවොත් වැලේ වැල්...

    ReplyDelete
    Replies
    1. අද කොයි දේටත් ඒ ප්‍රතිඵලයම තමයි මිත්‍රයා

      Delete
  9. උඹේ දේශපාලන සහ කලාව සම්බන්ධ ලිපිවලට මම ඉතාම කැමතියි. බ්ලොග්එක බලන්න ආව දවසෙ ඉඳල මිස්වුනේම නැති තරම්. සාමාන්‍යයෙන් ඕනම බ්ලොග් එකක ඔය තත්වය තියනව. මම නං හිට්ස් ගැන එච්චරම හිතන්නෙ නෑ.

    ReplyDelete
  10. මමත් හිට්ස් ගැන එතරම් තැකීමක් නෑ..මට පෙන්වන්න ඕනවුනේ තත්කාලීන බ්ලොග් රසිකයාගේ චිත්ත සන්තානය දිශානුගතවි ඇති ආකාරය..ඒවා කාගේ වැරදිද යන්න නිර්නය කරන්න වෙහෙසවිය යුතු නෑ..මට අවශ්‍ය ඔළුගෙඩි ගණන නොවෙයි පිරුණු ඔලුගෙඩි ගණන සහ පුරවාගැනීමට කැමති ඔළුගෙඩි ගණනයි

    ReplyDelete
  11. math kiserayak aewith giyada aeth comment nam danne ada me liyanne comment noda man wage yana thawa kidenek aedda ?

    ReplyDelete