Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Dec 23, 2012

නුඹ සහ මා උපන් නගරය අතර..මා අතරමංව


හිමින් සීරුවේ ලයමඩල පසාරු කරන සුසුම් වැල් අද කොතරම් කුරිරුද යන්න සිතෙන නිමේෂයක්. එක පැත්තකින් එන හීන හුළඟත් ඇඟට කොච්චර වදයක් වෙලාද. ජීවිතේ මංසලක අතරමං වෙලා..ඒක හුදෙකලාව දීපු තෑග්ගක්ද දඬුවමක්ද හිතාගන්න බැරුව.

“මම ඔයාට ආදරේද නැද්ද මම දන්නේ නෑ...“

“ඔව්...කියන්න“

“ඒත් මම ඔයාට ගොඩක් කැමතියි...ඒ අවුරුදු ගාණක් තිස්සේ මම ආදරෙන් වචනයක්වත් නොකිව්වත්...ඔයා මටම ආදරේ කරන නිසා...“

“හ්ම්ම්“

පිටකරන්න සුසුමකට වඩා දෙයක් හිතේ තිබුණේ නෑ.

“මම මේ නගරෙට ආස නෑ..මම දන්නෑ ඒකට හේතුව“

හිතට දැනුනේ මහ පුදුමයක්. මම මගේ හදවතෙන් ආදරය කරන නගරයට මම හදවතින් ආදරය කරන කෙනා අකමැතිවීම. දෛවයේ එක්තරා අභියෝගක්.සරදමක්ද මන්දා.


“කියන්න...අහන් ඉන්නේ“

“ඔයා මිචිගාන් වල හැමදාටම ඉන්න කැමතිනම් මම ඔයත් එක්ක ඉන්නම්“

ඒක මහ පුදුමාකාර තීරණයක්. ආදරයට මේ නගරය..මම ඉපදුනු.හැදුණු වැඩුණු බෙසින්ලාව අදාල වෙන්නේ කොහොමද..තව මේක අපි මුණ ගැහුණ නගරය...හුදෙකලාවේ ලංවෙලා කතාකරපු නගරය..ඒක සදාකාලිකව අතඇරලා ආදරය වෙනුවෙන් අලුත් අඩියක් තියන්නේ කොහොමද.

“ඇයි ඒ...බෙසින්ලාව මගේ නගරය“

“ඒ උනාට මම මෙහේට ආස නෑ...“

ආයෙත් ලොකු නිහැඬියාවක්, ඒකට බාධාකරේ අහල පහල ඇවිදන් ගිය පරවි රෑන් විතරයි.

“ඔයා ඇවිත් අපේ අම්මලාගෙන් අහන්න...එයාලා කැමති වුනොත් මගේ අකමැත්තක් නෑ“

අවුරුදු ගාණක් ආදරේ කලේ මේ වගේ වචන ටිකක් වෙනුවෙන්ද කියලා හිත ප්‍රශ්න කලා. ඒ වගේම හිත උත්තර දුනා කොහොමහරි එයා ලැබෙනවනම් ඒක මොනවිදියට උනාම මොකද කියලා..

“ඒත් එතන ආදරේකට වඩා තියෙන්නේ යෝජනාවක් නේද...ආදරයක් නෑ නේද එතන“

ඇය බිම බලාගත්තා. තොල්පට තදවුණා

“මම දන්නෑ..ඒත් මට කරන්න පුළුවන් එකම දේ එච්චරයි“

ඒ පීඩාකාරී නිහැඬියාවේ රැඳෙන්න ඇය කැමතිවුණේ නෑ..අප අතරින් ඇය ඈතට අඩිය තියලා යන්න වුණා.

“එතන ආදරයක් නෑ...එතන තියෙන්නේ සාමාන්‍ය යෝජනවාක් විතරයි...ඒත් මගේ හිතේ අවුරුදු ගාණක් තිබුණ ආදරේ මෙහෙම තැනක තියලා යන්න පුළුවන්ද“

මම ඇහුවා..

ඇය පිළිතුරක් දුන්නේ නෑ.

මට පිළිතුරක් ලැබුනෙත් නෑ

2 comments:

  1. නියම කතාව ජනා.. කියවද්දි අමුතු හැගීමක් ආවා..

    ReplyDelete
  2. හ්ම්ම්.. ලොකු කතාවක පුංචි කොටසක්... :)

    ReplyDelete