කසුන් කල්හාර ජයවර්ධන. එක පැත්තකින් ලාංකේය සංගීතයට මෑතකාලයේ එක්වුණු වෙනස්ම මාදිලියේ ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක්. ඔහුගේ ගීතවල තිබෙන වෙනස්ම රසයට ලොබ බඳින බොහෝ පිරිසක් ඔහු වටා එක්වෙලා ඒ ගීත රසවිඳිනවා.
ඒ රසවින්ඳනයට තල්ලුවක් දෙන්නට
ඒ වගේම මානුෂික කාරණයකට
සිංහලෙන් කියනවනම් පින් අතේ වැඩකට යන කාරණා දෙකකට
කසුන් කල්හාර පලවෙනි වතාවට මාතරට ගෙන්නවනවා..
ඒ ගෙන්නන්නේ රුහුණ සරසවියේ කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින්..
අරමුණ පසුගිය දිනක සරසවි මිත්‍රත්වයට මෙන්ම සමාජයටම අහිමිවුණු සදාදරණීය සිසිත ප්‍රියංකර සහෝදරයා වෙනුවෙන් නිර්මාණය කරපු අරමුදල තර කිරීමට.
මෙම අරමුදලෙන් දැඩි අසරණභාවයට පත්වෙලා ඉන්න ඔහුගේ පවුලේ අයට මූල්‍යමය හව්හරණක් දෙන්න රුහුණ සරසවියේ අපි එකතුවුණා..
ඒ සත්කාරයට විතරක් නෙවෙයි
සිංහල සංගීතයේ නූතන රැඩිකල් ලකුණ
කසුන් කල්හාරගේ ගීත රසවින්දනයට
නාලක අංජන කුමාර ඇතුලු වාදක වෘන්දයේ සත්සර මුසුවට
සුන්දර හැන්ඳෑවකට අවස්ථාව
දකුණේ හැමෝටම ලැබෙනවා..
ඒ මේ දෙසැම්බර් මාසේ 18..ඒ කියන්නේ අනිද්දා
වෙලාව හවස 5.00 ට
තැන තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාංගණය
අපි එදාට විතරක් නෙවෙයි
ප්‍රවේශපත් අදටත් මිලදී ගන්නට පුළුවන් කටයුතු යොදලා තියනවා
ඒ
මාතර විජිත යාපා පොත්හලෙන්
මාතර P & S එකෙන්
මැද්දවත්ත - ආසිරි සුපරි වෙළඳසැලෙන්
මාතර සමන් මල් එකෙන්
සහ රුහුණ විශ්වවිද්‍යාලයෙන්
මේ අවස්ථාව වැදගත් වගේම වටින අවස්ථාවක්
කාලෙකින් ඔබට ලැබෙන
අතඅරින්න එපා..
අපි සේරම සූදානම් කරගෙන
සත්සර මුසුව හැඩගන්නවන්න බලාගෙන ඉන්නවා
ඔබ එනවා කියලා අපි දන්නවා
ඔබ නැතුව කොහොමද මාතර මේ වගේ
සංගීත සැඳෑවක් හැඩ වෙන්නේ
ඒ අඩුව පුරවන්න ඔබ එන්නම ඕන
දැනුවත් කිරිමට ස්තුතියි.
ReplyDeleteමනසින් දිවියට
ෂිට් අප්පා...කොහේ එන්නද ඔච්චර දුරක්...?නැත්නම් අනිවා එනවා
ReplyDeleteAll the best, mate..!!
ReplyDeleteරොමෑන්ටික් ඔපෙරාව මමත් බැළුවා.. හැබැයි වීඩියෝ එකකින්.. සජීවිව බලන්න ආසයි.. බලමු ලංකාවට ආපු කාලෙක..
ReplyDeleteනියමයි.මම එක පාරක් බැලුවා අපේ ජ'පුර ට කසුන් ආව දවසේ.රුහුණ ළඟ තිබුනනං අනිවා එනවා ආයේ පාරක් බලන්න...
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අපුරු වැඩක් හොද ගායකයෙක් ජයෙන් ජය...
ReplyDelete