Dec 23, 2012

නුඹ සහ මා උපන් නගරය අතර..මා අතරමංව


හිමින් සීරුවේ ලයමඩල පසාරු කරන සුසුම් වැල් අද කොතරම් කුරිරුද යන්න සිතෙන නිමේෂයක්. එක පැත්තකින් එන හීන හුළඟත් ඇඟට කොච්චර වදයක් වෙලාද. ජීවිතේ මංසලක අතරමං වෙලා..ඒක හුදෙකලාව දීපු තෑග්ගක්ද දඬුවමක්ද හිතාගන්න බැරුව.

“මම ඔයාට ආදරේද නැද්ද මම දන්නේ නෑ...“

“ඔව්...කියන්න“

“ඒත් මම ඔයාට ගොඩක් කැමතියි...ඒ අවුරුදු ගාණක් තිස්සේ මම ආදරෙන් වචනයක්වත් නොකිව්වත්...ඔයා මටම ආදරේ කරන නිසා...“

“හ්ම්ම්“

පිටකරන්න සුසුමකට වඩා දෙයක් හිතේ තිබුණේ නෑ.

“මම මේ නගරෙට ආස නෑ..මම දන්නෑ ඒකට හේතුව“

හිතට දැනුනේ මහ පුදුමයක්. මම මගේ හදවතෙන් ආදරය කරන නගරයට මම හදවතින් ආදරය කරන කෙනා අකමැතිවීම. දෛවයේ එක්තරා අභියෝගක්.සරදමක්ද මන්දා.

Dec 22, 2012

ලෝක විනාශ දිනය 2012.12.21 “ඇතැමෙක්“ ගතකල හැටි


ලෝක විනාසය ගැන මතිමතාන්තර එන්නට පටන් ගත්තේ අද ඊයක නොවේ. ඉස්සර වල්ගාතරුවක් දුටු සැණින් පෘතුවි වැසියෝ ලෝක විනාසයක් ලඟ එනබව පවසමින් පිස්සු නැටූ කාලයක් තිබුණි. නමුත් අපි අපේ ජීවිත කාලයේම වල්ගාතරු කීපයක් දුටුවෙමු. ඒත් ලෝකයට සිදුවුණ කෙංගෙඩියක් නැත. මෙවර ලෝක විනාශය ගැන කතාන්තරය මතුවෙන්නේ මායාවරුන්ගේ ශිලා දින දර්ශනය 2012.12.21 න් අවසන් වීම යන සාධකය කේන්ද්‍ර කරගෙනය. මීට වර්ෂ ගණනාවකට පෙර සිටම මේ ගැන කතා පොත්,සඟරා සටහන් සහ චිත්‍රපට පෙන්නා මිනිසුන්ගේ ඔලුව විකාර කර තිබුණි. කොතරම් ප්‍රබුද්ධ දෙසුම් දෙසුවත් බොහොමයක් දෙනෙක් මේ පසුවුණු ලෝක අවසාන  කතාවට බියවූ බව සහතිකය. ඒ අතරින් එදිනෙදා මට හමුවෙන සහ විස්තර දන්නා ඇතමෙක් ලෝක විනාසය සිදුවෙන බවට කටකතා පලවූ දිනය වූ පසුගිය 21 වැනිදා ගතකල විදිය සඳහන් කල යුතුමය.

   අපේ අසල්වැසි මුත්තා කෙනෙක් සිටියි. ඔහුට දැන් වයස 75 කටත් ලඟය. දැන් බරටම පින් කරන මුත්තා කෙනෙක්ය. මරුවා පෙනෙන විට පින් සොයා මෙලෝ සිහියක් නැතිව දුවන පුරුද්ද යෙහෙන් පුරුදු වූ කෙනෙකි. 

Dec 16, 2012

ආදරය ගැන කෙටි යෙදුම් සමග රොමැන්ටික් ඔපෙරාවකට මාතර සූදානම්

කසුන් කල්හාර ජයවර්ධන. එක පැත්තකින් ලාංේය සංගීතයට මෑතකාලේ එක්වුණු වෙනස්ම මාදිලිේ ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක්. ඔහුේ ගීතවල තිබෙන වෙනස්ම රසයට ොබ බඳින පිරිසක් ඔහු වා එක්වෙලා ඒ ගීත රසවිඳිනවා. 
ඒ රසවින්ඳනයට තල්ලුවක් දෙන්නට
ඒ වේම මානුෂික කාරණයකට
සිංහලෙන් කියනවනම් පින් අේ වැඩකට යන කාරණා දෙකකට
කසුන් කල්හාර පලවෙනි වතාවට මාතරට ගෙන්නවනවා..

ගෙන්නන්ේ රුහුණ සරසවිේ කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින්..
අරමුණ පසුගිය දිනක සරසවි මිත්‍රත්වයට මෙන්ම සමාජයටම අහිමිවුණු සදාදරණීය සිසිත ප්‍රියංකර සෝදරයා වෙනුවෙන් නිර්මාණය කරපු අරමුදල තර කිරීමට.
මෙම අරමුදලෙන් දැඩි අසරණභාවයට පත්වෙලා ඉන්න ඔහුේ පවුේ අයට මූල්‍යමය හව්හරණක් දෙන්න රුහුණ සරසවිේ අපි එකතුවුණා..
ඒ සත්කාරයට විතරක් නෙවෙයි
සිංහල සංගීතේ නූතන රැඩිකල් ලකුණ
කසුන් කල්හාරේ ගීත රසවින්දනයට
නාලක අංජන කුමාර ඇතුලු වාදක වෘන්දේ සත්සර මුසුවට
සුන්දර හැන්ඳෑවකට අවස්ථාව
දකුේ හැෝටම ලැබෙනවා..

Dec 9, 2012

අහසේ අද්භූත එළියක්...දැක්කාද?


වේලාව - සවස 6
ස්ථානය - වැල්ලවායට නුදුරු ගම්මානයක ගැමි ගෙදරක්

සුමනදාස ඇඟපත හෝදගෙන ඇවිත් කුස්සියේ හිරමනේ වාඩිවොල හාමිනේ එක්ක ටිකක් කාත කර කර හිටියා. දවසෙම හේන් කොටලා මහන්සිවෙලා ඇවිත් හවහට ටෙලිවිෂන් එක ඉස්සරහ වාඩිවෙන්න කලින් සුමනදාස හාමිනේ එක්ක  ටිකක් කතාබහ කරන්න අමතක කරන්නේ නෑ.

“වැස්සට මොකෝ හාමිනේ තාම පොලව කට්ට වගේ“

“ඒකත එහෙමද..තාම පොළව පෙඟිලා නැතුව ඇති..“

“වෙන්ටැති හාමිනේ...“

“ඒ වුණාට පොලවේ සාරෙ අඩුවක් නැතුව ඇති  නේද?“
“ඔව් ඔව් ඒකනම් එහෙමයි“

ඒත් එක්කම සුමනදාසගේ ලොකු කොළුවා බෙරිහන් දෙන හඬ ඇහුණා එලිපත්ත පැත්තෙන්

“තාත්තේ...තාත්තේ පොඩ්ඩක් එන්නෝ....“

Dec 8, 2012

පාරේ බැහැලා යන්න බැරි වාහනේ

“දුවේ දුවේ..ඉක්මණට ගෙදර වරෙන්...අන්න අප්පච්චි වහ බොන්න හදනවා...“

උදේම කාර්යාලයට ආපු දුවට ගෙදරින් ආපු දුරකථන ඇමතුමත් එක්ක තරු පෙනුනා. උදේ ගෙදරින් එද්දිත් ගෙදර නොහිටපු අප්පචිචිට ගෙදර ආපු ගමන් වහ බොන්න හිතුනේ ඇයි කියලා දෝණි කල්පනා කලා. කෙටි නිවාඩුවක් අරගෙන කාර්යාලයෙන් පිටවෙලා දඩිබිඩියේ ගෙදර එන ගමනුත් දෝණි කල්පනා කලේ ඒක.

රාජ්‍ය සේවයේ කීර්තිමත් සේවා කාලයක් හමාර කරලා ඉසිඹුලමින් ගෙදර ඉන්න අප්පච්චි පහුගිය දවසක එකතුකරපු සල්ලිවලින් ත්‍රීවීල් එකකුත් ගත්තේ ගෙදර පාවිච්චියට. මෙච්චර දේවල් කරාට අප්පච්චිට වහ බීලා මැරෙන්න තරම් දෙයක් වුනේ නෑ කියලා දෝණිට හොඳටම විශ්වාසයි. තමන්ගෙන්වත් එහෙම නරක විදියේ අපවාදයක් ආවේ නැති බවත් දන්න නිසා දෝණිට හිතාගන්න බැරිවෙලා තිබුණේ වෙන්න යනදේ.

Dec 2, 2012

පව්කාර ස්ත්‍රියට ගල් ගසන පව් නොකල උන්...


මෙරට වෙසෙන ඇතමුන් පවසන්නේ මෙරට නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙසය, තවත් සමහරුන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය අතුරුදහන්වූ වල්බිහිරි බිමක් ලෙස අර්ථ දක්වති. කෙසේ නමුත් මෙහි සම්මිශ්‍රණය වන නිදහස් නිවහල් රාජ්‍යක් තුල ප්‍රජාතන්ත්‍රවාදය අතුරුදහන්වීම යනු රටක ජනතාවට මුලිනුත් දෙවනුව පාලන තන්ත්‍රයටත් දැඩි හානි සිදුවන සිදුවීමක් බව මතක තබාගත යුතුය. එසේ සිදුකරන්නේ ජනතාව හෝ පාලන තන්ත්‍රයනම් එය පාරාවලල්ලක් වී තමන් දෙසටම කැරකෙන බවද  සිතේ තබාගත යුතුය. නාමික ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට කොටුවී සිටින බුද්ධිමතුන් නිහඬවීමත්, සාවද්‍ය මතිමතාන්තර මත මාධ්‍ය පැවතීමත් අතීතයේ මහා රාජ්‍ය කඩාවැටීමේ පෙරනිමිති වූ බව අපගේ මතකයේ තවමත් රැඳී පවතී.

   වර්තමානයේ ලංකාවේ අධිකරණය සහ ව්‍යවස්ථාදායක අතර උත්තරීතරභාවය පිළිබඳ ගැටළුවක් ඇතිබව බොහෝ පුවත් වාර්තා වල සඳහන් වෙයි. මම ලොක්කා...නැතිනම් මමයි ලොක්කා කියා දෙපාර්ශවයම ක්‍රියාකාරකම් වලින් සහ වාචික හරඹයන්ගෙන් කුලල් කා ගන්නා තත්වයකට පත්ව තිබේ. එවැනි තත්වයක් තුල තමන්ගේ කාර්යභාරය කුමක්ද යන්න මේ පාර්ශව දෙකම අමතක කර ඇත. රටක් වශයෙන් ඉදිරියට යාමට මෙය බාධාවක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකයට ඔවා දීමට පෙර තම කිල්ලොටය පිලිබඳ සැලකිල්ලක් දක්වන ලෙස දෙන රතු ආලෝකයක් වැනිය.