Jul 2, 2013

ජීවිතයක් බේරා ගන්නට දයාබර ඉල්ලීමක්

රත්නපුර ලෙල්ලුපිටය පතුල්පානේ ජීවත්වෙන දමිඳු තත්සර ජයවර්ධන පුංචි පුතාට තාමත් අවුරුදු 13. ඉගනගන්න බොහොම දක්ෂයෙක්, සීවලී විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ බොහොම කැපී පෙනෙන චරිතයක්. ඒත් කවුරුවත් නොහිතපු විදියට දමිඳු තත්සර පුතා ලෙඩ ඇඳට වැටුනේ කාටවත් දරාගන්න පුළුවන් විදියට නෙවෙයි. දමිඳු පුතා දවස පතා බොහෝ වේදනාවක් වින්දා. අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වුනේ දමිඳු පුතා දරුණු ගනයේ අස්ථි රෝගයකින් පෙලෙන බවයි.


දුමිඳු පුතාගේ අම්මා පාසල් ගුරුවරියක්, ඇගේ නම මල්කාන්ති. තාත්තට තවම ස්ථිර රැකියාවක් නෑ. වැඩිමහල් අක්කලා දෙන්නම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බොහොම අමාරුවෙන් ඉගනගත්තු දරුවන්. ඔවුන් හැමෝටම දුමිඳු පුතාගේ මේ රෝගී තත්වය නිසා අසරණවෙලා. මේ ජූලි 20 වැනිදාට පෙර සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී රුපියල් ලක්ෂ 90 ක වියදමකින් සැත්කමක් කරන්න වෙලා.

 බොහොම අමාරුවෙන් ජීවත්වෙන දුමිඳු පුතාගේ පවුලේ අයට ලක්ෂ 90 ක් කියන්නේ හීනෙන්වත් හිතන්න අමාරු ඉලක්කයක්. නමුත් අපි ඒ දේ කලයුතුයි. මොකද කෝටි ගණන් වලට මිනිස්සුන්ගේ ජීවිත නැති කරන කාලෙක ලක්ෂ 90 ක් වැය කරලා අහිංසක දෙමව්පියන් යුවලකගේ එකම පුතුගේ වගේම රටේ අනාගතයට ලොකු දෙයක් කරන්න පුළුවන් පුංචි මල් කැකුලකගේ ජීවිතය බේරගන්න අපි හැමෝටම අවස්ථාවක් ලැබිලා. හිත තවමත් උණුවෙන ලාංකික හදවත් තියන අපේම මිනිසුන්ටයි මේ අහිංසක ආරාධනාව.

හීනයක් වෙලා තියන ලක්ෂ 90 ක ඉලක්කය හැබෑවක් කරන්න අපි හැමෝම එකතුවුනොත් පුළුවන් වෙයි. දුමිඳු පුතා වෙනුවෙන් ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ 1035215 දරණ ගිණුම් අංකයේ ඩබ්ලිව්.ඒ.මල්කාන්ති හේමචන්ද්‍ර නමින් ගිණුමක් විවෘත කරලා තිබුණා. හිත් උණුවෙන් අපේම හදවත් වලට යමක් කරන්න පුළුවන්නම් ඒක ඔබ හැමදෙනාටම ලොකු පින්කමක් වේවි. මේ පුංචි දරුවට මැරෙන්න ඉඩදීලා බලන් ඉන්න අපි කාටවත් හැකියාවක් නෑ. සිව්පාවන් වෙනුවෙන් පවා අරමුදල් තිබෙන රටක මනුස්ස ජීවිතයක් වෙනුවෙන් කීයක් හරි පරිත්‍යාග කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා. වැඩිදුර තොරතුරු 071-8125205 අංකයෙන් දැනගන්න පුළුවන්. දුමිඳු පුතාව ජීවත් කරවන්න අපිට පුළුවන් වුනොත් එදාට අපිට පින් සිතින් ජීවත් වෙන්න පුළුවන් වෙයි.

(අවසානයේ සිංහල බ්ලොග් සහෘදයන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. සිංහල බ්ලොග් අද ලෝකය පුරා ලාංකිකයන් අතරේ ජනප්‍රිය මාධ්‍යයක්. ඔබට පුළුවන් නම් ඔබගේ යතුරු පුවරුවේ මේ පුංචි දරුවා වෙනුවෙන් එක ලිපියක් රචනය කරන්න, එය ඔබගේ බ්ලොග් අඩවියේ පල කරන්නට. ඒක ලොකු පිනක් වගේම හිතට යමක් කලා කියලා ආත්ම තෘප්තියක් දැනෙන දෙයක් වේවි. ඒක මගෙන් පුංචි ඉල්ලීමක්)

2 comments: