කැම්පස් එකේ ගල්බැම්ම උඩ වාඩි වෙලා හවස්වරුවේ ජංගම දුරකතනයේ අතට අරගෙන ගේම් එකක් ගහමින් හිටියේ ඒ මොහොතේ කරන්න වෙන යමක් නොතිබුණු නිසා. ඉර හැංෙඟන්න යන බ්‍රවුන්ස් කඳුවැටිය පැත්තෙන් එන මුහුදු හුලං පාරට සීතල කරන ගත හිතට ගෙන්නේ අමුතුම සුවයක්. සිතිවිලි වලින් හිත පේවෙන වෙලාවක්.
"උඹ මොකද ඔතනට වෙලා අල හාරනවද?"
හිතවත් මිත්‍රයා ශානක දසනායක පිටට තට්ටුවක් දාලා ලඟින් වාඩිවුණා. ජේෂ්ඨ සහෝදරයෙක් වුනත් දන්න කාලේ ඉඳන් මචං කියලා කියනවා මිසක් අයියා මල්ලි හෝ සහෝදරයා අපි අතර කියවුනේ නෑ.
"නෑ බං..කරන්න දෙයක් නෑ දැන්..ගෙදර යන්නත් කම්මැලියි..වාඩියක් දාලා හිටියා.."
ශානකයා හැඟීමකින් තොරව ඈතින් පේන සයුරු මායිම දිහා බලන් හිටියා. හරියට භාවනාවක් කරනවා වගේ. සරසවි පිවිසුම් දොරට ඔබ්බෙන් ඉහත්තාවේ පේන් උපකුලපති නිලනිවහන සහ සරසවි ගිමන්හලට ඔබ්බෙන් ඉර බැහැලා යන හැටි බලන්න අපූරුයි. ඒත් ශානකයගේ මූණේ තිබුණේ කණගාටුවක්.
"මොකද බං..මූණ දෙක කරගෙන"
ශානකයා සුසුමක් පිටකරලා කතා කලා.
"වැඩක් නෑ බං..අරකි ආයෙමත් ඒකිගේ කොල්ලා එක්ක කොහේද ගියා..මම කතා කරයි කියලා පෝන් එකත් ඕෆ් කරලා"
ඒ කිව්වේ කව්රු ගැනද සහ කුමන කාරණයක් ගැනද කියලා මම හොඳට දැනගෙන හිටියා. ඒත් මට කියලා ඒකට කියන්න ලොකු දෙයක් තිබුණේ නෑ.
"ඉතිං බං ඒකි ඒකිගේ කොල්ල එක්ක යන්නේ නැතුව වෙන මොනවා කරන්නද..උඹ දැන දැනනේ බං ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා නිකං නහින්නේ"
මම කිව්ව දේවල් ශානකයට නොඇසුන ගානයි.
"උඹට තේරෙන්නේ නෑ බං..මගේ හිතේ තියන දේ..උඹට පැහැදිලිවම මෙතන තත්වේ තේරෙන්නේ නෑ.."
"රෙද්ද..මට මොනවද නොතේරෙන්නේ...මට මේකනම් හොඳට තේරෙනවා බං..උඹ නිකං අපරාදේ පෙට්‍රල් ගණං කාලේ සෑහෙන්න නාස්ති කරගන්නවා.."
ශානකයට හිනාගියත් ඌ බොරු තරහක් පෙන්නුවා
"අනේ පල රිලවා...යකෝ මම ඒකි දැකපු මුල්ම දවසෙත් දැනගෙන හිටියා ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා..ඒත් පුදුම හුරුපුරුදු බවක් දැනුනා බං දැකපු දවසෙ ් ඉඳලා..පස්සේ ඒකිට ලංවුණාම ඒකිගේ හිතෙත් පුංචි හරි අාදරයක් මම වෙනුවෙන් තියනවා කියලා තේරුනාම මට හොඳටම තේරුනා අපි සංසාරේ ඉඳලා පතාගෙන එනවා ඇති කියලා...හැමදාම රෑට හිතෙන්නේ ඔන්න ඔය ටික බං..නින්ද යන්නෙත් නෑ...මම දන්නවා බං ඒකි මට අයිත් නෑ කියලා..ඒත් ඒ සිතුවිල්ලට සීමාවක් නෑ බං..මාව එ් සිතිවිලි අතරේ අතරමං වෙලා"
මම සාවදානව ශානකයා හැඟීමෙන් කියපු දේවල් අහගෙන හිටියා.
"හරි හරි බං..ඒකට කමක් නෑ..යමං ටී එකක් ගහන්න...මට ගෙදර යන්නත් ඕන දැන්.."
අපි දෙන්නා නැගිටලා උඩ කැන්ටිම දිහාවට ගියා.
* * * * * * * *
රෑ නින්ද යාගෙන එද්දිම ජංගම දුරකතනය දෙපාරක් සද්ද වුනේ කෙටි පණිවුඩයක් ආව බව කියන්න.
Sameera : 10.32 PM
- Ko ban uba mata liyanawa kiyapu song eka. evanne nedda ban eka. mokakda ban ikmanata liyapanko. ubata oka maha wedak neveine. bs tc.gn
කෙටි පණිවිඩය ආවමයි සමීරයට ලියලා දෙනවා කියපු සිංදුව මතක් වුනේ.
Me : 10.48 PM
- Hari hari ban samaweyan..hari mama heta ubata aniwa liyala mail karanawa.sure and shot. bs tc gn.
දැන් නිදිමතත් ගියා. මූ නිසා නින්දත් කැඩුනා. දැන් ඉතින් හෙට දෙනවා කියලා පොරොන්දු උනානම් ලියන්න වෙනවා සිංදුව. ඇ ෙඳන් නැගිටලා සාලේ වටමේසෙට ඇවිත් නෝට් පොත දිග ඇරලා කටු පෑන අතට ගත්තා. එකපාරටම මතකෙට ආවේ දවල් ශානකයා හැඟීමෙන් කියපු කතාව..ඒකත් එක්ක නොදැනීම මම පදවැල් ලිව්වා.
හුරුකමක්ද සසරේ
නොනිම් මතක අතරේ
හෙමින් හෙමින් රාත්‍රියට
මතකයට ඇවිත්..
නෙතට හොරා හිතට නැගෙන
මතක පොදි ගණන්
රැදේ නුඹෙ නමින්
නොනිඳන නෙත් ගිමන්හලේ
නිදන මහද අවදි කරන
සිතුවිලි නොනිමේ
නුඹ නොනිදන බව දැන දැන
ලතැවෙන සිත ඉකි නොගසන
බව මට නොදැනේ
මතක පොදි ගණන් - රැදේ නුඹෙ නමින්
වැලපෙන හද පවන් සැලේ
ගැහෙන දෙහද අතර රැදෙන
කඳුලැලි මුසුවේ
යලිත් නොඑන බව දැන දැන
විමසන සිත යලි ගොළුවෙන
බව මට නොදැනේ
මතක පොදි ගණන් - රැදේ නුඹෙ නමින්
පද - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
හඬ- සමීර රාජපක්ෂ
නද - දිලුම් නුරාධ
හැම ගීතයක්ම වගේ එක්කෝ කාගේ හරි අත්දැකිමක්... එහෙම නැත්තං ඒ ගීතය ප්‍රචාරයවෙන කොට ගොඩක් දෙනෙක් ඒ ගීතය තමන්ගේ අත්දැකීමක් කර ගන්නවා.....
ReplyDeleteඒක ගීතයේ අනන්‍යතාව මිත්‍රයා. එසේ නොකරගන්නවානම් ඒ ගීතය ප්‍රතික්ෂේප කලා හා සමානයි..ස්තූතියි අදහසට
Deleteසැබෑ අත්දැකීම් ඇසුරින් ලියැවුණු ගීත තමා බොහෝ විට හදවතට කිට්ටු වෙන්නෙ..දැනුවත්ව හෝ නොදැනුවත්ව හදවත අඳුනගන්නවා ඒවයෙ තියෙන අව්‍යාජත්වය...
ReplyDeleteඅහා මගේ පරණ මිතුරියක් කාලෙකින්..බොහොම සතුටුයි
Deleteසිංදුව ඇහුවා... ලස්සන නිර්මාණයක්
ReplyDeleteLassana adahasak...a wagema lassana nirmanayak..
ReplyDelete