- මිතුල ඇඟිලි ගැණ ගැන හිටියේ කඨිනේ දවසට අදාල පැය ගාණ එනකම්. හරියට වැඩක් කරගන්නෙත් නැතුව පිස්සු නටපු නිසා එදා නිවාඩු දාලා කඨිනේ වැඩවලට උදව් කරන්න පන්සලට ගියා. කොහොමත් මිතුල යාළුවෝ එක්ක එකතුවෙලා වැඩ කරද්දි මරුමුස් වැඩ කරනකොට වගේම බොහොම කැපවීමෙන් වැඩකරනවා කියලා ගමම දන්නවා. ඒ හොඳනම නැතිවෙන්නේ කරන අවලම් වැඩනිසාම තමයි.
ගමේ පන්සලේ කඨිනේ කියන්නේ ගමේ උදවියට බොහොම වැඩ රාජකාරි පැවරෙන දවසක්. වස් කාලේ ඉවරකරන්න පිරිත් එහෙම කියලා පහුවෙනිදා උදේ දානෙන් ඉවරවෙන කඨිනේ වැඩවලට ගමේ මිනිස්සු බොහොම කැමැත්තෙන් දායක වෙනවා. ධම්මවංශ ලොකුහාමුදුරුවොත් එක්ක හොඳ නොහොඳකම් තියන හැමෝම වැඩවලට උදව්කරනවා, මොකද ගමේ පන්සලේ වැඩේ නිසා. වෙනදට එලි පහලියට බහින්නේ නැතුව ගමේ කොල්ලන්ගේ ඇස්වලින් වහන් වෙලා හිටපු සංකලනිත් ඇස්වලට අහුවුණේ කඨිනේ වැඩවලට ආපු නිසා.
මිතුලයි යාළුවෝ ටිකයි පණ දාගෙන උදේ ඉඳන් පන්සලේ වැඩවලට උදව් කලේ කන්නේ බොන්නෙවත් නැතුව. මිතුලගේ ඇස් හොය හොය හිටියේ සංකලනී කොයි වෙලාවේ හරි ඒවි කියලා. බුදු ගේ පැත්තේ වැඩකරද්දි එතනට කෙලින්ම පේන පන්සලේ මකර තොරණින් ඇතුල්වෙන දායක පිරිසක් දැක්ක ගමන් මිතුලගේ ඇස් හොයන්නේ සංකලනී. ඒත් හවස් වරුව වෙනකම්ම එයා පන්සලට ආවේ නෑ.
“ඒයි බං...මේකි එන එකක් නැද්ද බං..“
මිතුල සිසුරුගේ කණට කරලා ඇහුවේ අනිත් එවුන්ට ඇහෙන්නේ නැති වෙන්න. ඒත් රබර් කණ් උපතින්ම ලද්දා වූ යාළුවෝ ටිකට යස අගේට මිතුල කියපු දේ ඇහුණා.
“නෑ නෑ බං ඒවි...දවල් වරුවේ එන්නේ නැතුව ඇත්තේ ගෙදර මොකක් හරි වැඩක් නිසා වෙන්න ඇති..ඒකිගේ ගෙදර අයත් ඇවිත් හිටියේ නෑ මම හිතන්නේ...රෑට ඒවි බං උඹ කලබල නොවී ඉඳපං..“
සිසුරු මිතුලගේ හිත හදන්න එහෙම කිව්වට සිසුරුගේ හිතත් දෙගිඩියාවෙන් තිබ්බේ සංකලනී එයිද කියන කාරණේ ගැන.
“ඒ වුණාට එදා බාල්දි පෙරලුන සීන් එක නිසා ඒකි පන්සල වර්ජනය කරනවද දන්නේ නෑ බං...අනිවාර්යයෙන් අපිත් අද ඉන්නවා කියලා ඒකි දන්නවනේ..“
මිතුල කියපු කතාව සිසුරුගේ හිතෙත් තිබුණා. ඇත්තටම එදා සිද්ධියේ ආනුභාවය නිසා සංකලනී පන්සල පැත්ත පලාතකට අඩිය නොගහ ඉඳීවිද? නෑ එහෙම වෙනඑකක් නෑ. ඒකිට තරහක් තියනවනම් තියෙන්න ඕන මේ හාරත බූරුවා එක්ක මිසක් පන්සල හරි බුද්ධ ධර්මේ එක්ක හරි නෙවෙයිනේ. සිසුරු එහෙම හිතුවා.
“හරි හරි බලමුකෝ රෑට...“
මිතුලයි යාළුවෝ ටිකයි හවස් වෙනකන් වැඩකරලා ගෙවල්වල ගියේ නාලා කියලා රෑට ආයෙත් පන්සල් එන්න බලාගෙන. මොකද පිරිත් වැඩවලට නිදිමරන්න තිබුණ නිසා මහන්සි අරින්න කට්ටියටම වුවමනා වෙලා තිබුණා. මිතුල බලාපොරොත්තුවත් හිතේ තියාගෙන ගෙදර ගියා.
* * * * * * * * * * *
මහන්සියටත් එක්ක හවස නිදාගත්ත නිසා මිතුලට ඇහැරුනේ පන්සලේ බෙරගහන සද්දෙටයි. ගෙදරට මීටර් දෙසීයක විතර දුරින් පිහිටලා තිබුණ නිසාත් පන්සල තිබුණේ ගමේ උසම තැන නිසාත් මිතුලලගේ ගෙදරට පන්සලේ සද්දේ හොඳට ඇහුණා. මිතුලගේ ගෙදරට ගමේ උදවිය කිව්වේ පිටබැද්දර ගෙදර කියලා. ඒක ඉස්සර ඉඳන් එන නමක්. පාර අයිනෙම නිසා ගෙදර ගමත් එක්ක හොඳට සම්බන්ධකම් තියන තැනක්. මිතුලගේ තාත්තා රට ගියේ මීට අවුරුදු ගණනාවකට කලින්. නිවාඩුවට ඇවිත් යනවා මිසක් තවමත් ලංකාවේ නවතින්න තාත්තට අදහසක් නෑ, මිතුලට හිටියේ අක්කා කෙනෙක් විතරයි. අක්කා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. මිතුලත් මෙහෙම පිස්සු නැටුවට දක්ෂ පරිගණක තාක්ෂණ ගුරුවරයෙක්. ඒත් ගමේදි තමන් කව්ද කියන එක අමතකවීම තමයි ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව.
මිතුල අවදි වෙද්දිත් අම්මයි අක්කයි මිතුලට නිදාගන්න දීලා පන්සලට ගිහින්. කළුවර වෙලා තිබුණ නිසා මිතුලට හිතුනේ ගොඩක් රෑ වෙලා කියලා. වෙලාව බැලුවම තාමත් හයයි තහයි. ඒත් සංකලනී මතක් වෙද්දි මිතුලට පරක්කු වෙන්න බැරිවුණා. තාම හිතාගන්න බෑ තමන්ට ඕන වෙච්ච දේට සමාව අරගෙන හිත නිරවුල් කරගන්නද නැත්නම් එතනින් එහාට වෙන දෙයක්ද කියලා..මිතුලගේ හිත අවුල් ජාලෙක පැටලෙන්න පටන් ගත්තා..ආදරයක්වත්ද? කෙහෙල් මල..බාල්දි පෙරලලා ආදරේ කරන්න පුළුවන්ද රෙද්දක් ඇඳගෙන..
පන්සල පාර එදා බොහොම ලස්සනට සරසලා තිබුණා. බල්බ් වැල් වලින් පහන් කණු වලින් සැරසිලා තිබුණේ හරියටම වෙසක් දවස්වල වගේ. අඩුවකට තිබුණේ වෙසක් දවස්වලට ගෙවල්වල එල්ලන වෙසක් කූඩුයි එලිය පෙට්ටියි විතරයි. තමන්ගේ යාළුවෝ පන්සලේ ස්ථානගත වෙලා ඉන්න බව මිතුල දැනගත්තේ ජංගමේට ඇවිත් තිබුණ කෙටි පණිවුඩ දැක්කම.
“තොපි කොතනද ඉන්නේ අවලං කාලකණ්නි...?“
මිතුල දුරකතන ඇමතුමක් අරගෙන සද්දෙ දැම්මේ ඉෂාරට.
“පන්සලේ ඉන්නේ යකෝ අපි...සංවරව කතා කරපං අවලමා..අපි ඉන්නේ ආවාස ගේ ලඟ..අපි වැඩ වරෙන් මෙතනට..“
ඉෂාර එහෙම කියලා කට් කලා. මිතුල හෙමින් සීරුවේ පන්සල මැදින් ආවාස ගේ පැත්තට යන්න ගියා. ඒ වෙනකොටත් හාර පන්සීයක සෙනගක් පන්සලට එකතුවෙලා හිටියා. ගමේ අය විතරක් නෙවෙයි අහල පහල ගම්වල අයත් කඨිනේ දවසට එකතුවෙන නිසා පන්සල් බිම සම්පූර්ණයෙන්ම ජනාකීර්ණ වෙලා තිබුණා. ඇතැම් අය කඨිනෙට සම්බන්ධ එක එක වැඩ. අනිත් අය කාලෙකට පස්සේ එකතුවෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙනවා.
ඒ අය මැදින් යද්දි මිතුලට ඉබේටම බිම බැලුනේ තමන් සහ තමන්ගේ යාළුවෝ කට්ටිය කරපු මරුමුස් වැඩවලට සම්බන්ධ පාර්ශව සුදට සුදේ ඇඳගෙන ඇවිත් තමන්ගේ දිහා රොත්ත පිටින් කන්න වගේ බලාගෙන ඉන්නකොට.
“තුන්සිය හැටපස් දවසෙම නරුම වැඩකරලා අද සුදු පාටට ඇඳගෙන පන්සල් ඇවිල්ලද? හා හා ඒකත් හොඳයි...“
ගමේ ටිකක් කට වැඩි තරුණ වයස ඉක්මවපු හිච්චි මහත්තයා මිතුල ලඟින් යද්දි එහෙම ඇහුවම මිතුලගේ හිතේ තිබුණ පීඩනය ඉක්මවා ගියා.
“ඇයි මොකෝ...ප්‍රශ්නයක්ද ඒක?“
මිතුල අහපු විදියට හිච්චි මහත්තයා ටිකක් බයවුණා. මොකද මිතුලට වැඩිය මොකුත් කියනවා කියන්නේ හෙට උදේ වෙද්දි තමන්ගේ ගෙදර වහල වුනත් බිමට පාත්වෙන්න බැරිකමක් නෑ කියලා දැනන් හිටපු නිසා.
“නෑ මොකුත් නෑ..“
“මොකුත් නැත්නම් අටපට්ටමට කොල් එකක් දීලා විස්තරේ කියලා පස්සේ කෞතුකාගාරගත වෙනවා..එතකොට වැඩිදුර ප්‍රදර්ශනේ කරන්න පුළුවන්..“
මිතුල කටකැඩිච්ච කතාවක් කියලා එතනින් ගියේ යාළුවෝ හිටපු තැනට. මිතුලගේ ඇස් පන්සල පුරාම හෙව්වේ සංකලනී. එහෙම හොයද්දි ගමේ තමන් දන්න අඳුනන කෙල්ලෝ හිනාවුනා. ඒවට පිලිතුරු හිනා යොමුකලත් හිතේ තිබුණේ නොසන්සුන් කමක්.
යාළුවෝ සෙට් එක සුදට සුදේ ඇඳගෙන බොහොම පිලිවෙලකට ඉටිකොල වගයක් නවනවා. මිතුල එතනට ගිය ගමන් යාළුවන්ට තිබුණේ එකම ප්‍රශ්නයයි.
“කෝ සංකි ඇවිත්ද...?“
පැනපු ගමන් ඉෂාර ඇහුවා.
“මමත් තොපෙන් ඒක තමයි අහන්න හැදුවේ...මමනම් දැක්කේ නෑ බං. ඇවිත් නෑ වගේද..“
මිතුලගේ මුළු හිතම මැලවිලා ගියා වගේ වුනා. ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හිටියට ඒක ඉටුනොවෙන වග පේන්න තිබුණා. මිතුල කමක් නෑ කියලා හිත හදාගන්න උත්සහ කලා.
“මිතුල මල්ලි..පොඩි වැඩක් තියනවා තව එක්කෙනෙක් එක්ක එන්න පුළුවන්ද..“
පොඩි හාමුදුරුවෝ ඇවිත් එහෙම කියනකොට මිතුලයි යාළුවො ටිකයි නැගිටින ගමන් උත්තර දුන්නා.
“හා හොඳයි හාමුදුරුවනේ...“
මිතුලයි ඕෂධයි පොඩි හාමුදුරුවන්ගේ පස්සෙන් ගියා. හාමුදුරුවෝ ගියේ දන් ගේ පැත්තට.
“මිතුල..ඕෂධ එක්ක එකතුවෙලා එහෙනම් දැහැත් වට්ටි ටික සූදානම් කරන්න..මම අන්න දන්ගේ ඇතුලේ කොණේම මේසේ බඩු සූදානම් කරලා තියනවා..හැබැයි ටිකක් ඉක්මන් කරන්න හොඳද..“
“හරි අපේ හාමුදුරුවනේ..“
එහෙම කියලා මිතුලයි ඕෂධයි දන්ගේට ඇතුල්වුණා. ඒ වෙනකොටත් ටික දෙනෙක් දන්ගෙයි එක එක වැඩ. විශේෂයෙන්ම කෑම සම්බන්ධ වැඩ. මිතුලගේ කටට කෙලත් ඉනුවා.
“ඒයි බං....“
ඕෂධ මිතුලගේ අතට ඇණලා පෙන්නුවේ දන් ගෙයා එහා කොණේම බුලත් පුවක් තියලා තිබුණ මේසේ ලඟ හිටපු ගෑණු ලමිස්සියෝ රොත්ත.
“අප්පට සිරි...සංකලනි නේද..“
මිතුලගේ හිත ඇතුලෙන් මල්වෙඩි පත්තු වෙන්න පටන් ගත්තා. සංකලනී සුදු පාට ඇඳුමක් ඇඳගෙන අහිංසක විදියට බිම බලාගෙන ඉඟුරු කෑලි කපනවා.
This comment has been removed by the author.
ReplyDeleteඅඟහරුවාදා දානවා බං
Deleteඅඟහරුවාදා එමි... :)
ReplyDeleteඅනිවා දමමි :)
Deleteඔකට තමයි කොලුවො කියන්නෙ කන්න පින තියෙ නම් ඉබ්බ ගෙට එනව කියල තුනපහත් පිටෙ බැදන්
ReplyDeleteසිරාවට ඒකනම් සහතික ඇත්ත කතාව
Deleteපොඩි හාමුදුරුවෝ මිතුලව හරිම තැනට එක්ක ගිහින් තියෙන්නෙ ඔය :)
ReplyDeleteඑහෙම තමයි බං හිතවත් හාමුදුරුවරු
Deleteඅගහරුවාදයි සිකුරාදයි අපි වගේ හොද පාඨකයන්ට පොල්ල තිබ්බ එක ගැන බලවත් විරෝදය..
ReplyDeleteඅඟහරුවාදා බැරිවුණ එක සිකුරාදා දැම්මා බං..මට බුකිය හරහා දැඩි තර්ජනත් ආවා..
Deleteතර්ජන නම් දාන්න මටත් මතක් වුනා.. ඒත් ලියන එකේ අමාරුව දන්න හන්දා මම දානකම බලන් හිටියා..
Deleteඅන්න ඒකනේ බං..මේක ලියන්න ගත්තම එක දිගට පැය ගාණක් ලියන්න ඕන බං...නවත්ත නවත්ත ලියනකොට රසේ නැති වෙනවා කතාවේ
Deleteහිත ඇතුලෙ මල්වෙඩි පත්තුවෙනවා කියන එක හරිම ලස්සන උපමාව,කොහොමත් කතාව හොඳට ලියවෙනවා,මම කලින් කොටස් දෙකත් බැලුවා.
ReplyDeleteබොහොම ස්තූතියි හැලප කඩේ අයියා..ඔය මගේ හිතේ පත්තු වුන විදියේ ඒවා තමයි
Deleteකතාව හොදට ගලාගෙන යනවා. නොවරදවාම අගහරුවාදාට එන්නම්.
ReplyDelete- ප්‍රියා.
අනිවාර්යයෙන්ම ප්‍රියා..අඟහරුවාදාට මුණගැහෙමු
Deleteමල්වෙඩි පත්තුකර ගෙනම ඔහොම යං...
ReplyDeleteසැරටම පත්තු කරනවා මස්සිනා
Deleteඅඩේ ආයෙත් එකක් ලියනවද. උඹේ ඉස්සෙල්ල කතාව මම කියෙව්ව ලඟදි දවස් දෙකකදි එක දිගටම.
ReplyDeleteඑල එල රාජ් සහෝදරයා..මේකත් කියවලා බලන්නකෝ හොඳද කියලා
Deleteagaharuwada eyene
ReplyDeleteඅද බ්‍රහස්පතින්දා. කෝ අනිත් කොටස???
ReplyDeleteඅද බ්‍රහස්පතින්දා. කෝ අනිත් කොටස???
ReplyDeleteඔන්න මමත් කියවන්න පටන් ගත්තා... පංසලේ ආදර කතාව.... :D
ReplyDelete//කෙහෙල් මල..බාල්දි පෙරලලා ආදරේ කරන්න පුළුවන්ද රෙද්දක් ඇඳගෙන..///
ReplyDeleteහික්ස්.. පට්ටයි අෆ්ෆා
අන්න හාමුදුරුවෝ :3
ReplyDelete