“ජේ.ආර්.ජයවර්ධනගේ දුෂ්ඨ ධනපති පාලනය පෙරළලා දාන්න අපි පන්ති කරනවා තමයි..ඔව් ඒක කාටවත් නවත්තන්න බෑ..යූ.එන්.පී එක තරුණ සමිති හදනවනම්, ශ්‍රී ලංකා එක තරුණ බලමණ්ඩල හදනවනම් අපිට පන්ති තියලා තරුණයෝ මේ කාලකණ්ණි ආණ්ඩුව එලවන්න පෙළගස්සවන්න බැරිද..හැබැයි පුතෝ අපි පන්ති පවත්වන එක නවත්තන්න උඹලගේ ඔය හෙණ්ඩුවට බෑ පුතෝ..“ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ හඬින් එසේ වදන් පිටවෙද්දි කකියන ලෙයද සහිතව අත්පුඩි ගැසූ දහස් ගණන් ලංකාව තුල විය. 89 යේ වෙඩි උණ්ඩ වලින් විජේවීර නිහඬවූ පසුව ජ.වි.පෙ තුලින් විජේවීරගේ හඬ නැවත ඇහෙන්නට වූයේ විමල් වීරවංශගෙන් බව පිළිගත යුතුය. ජ.වි්‍පෙ 89 මර්ධනයෙන් පසුව ඉතිරිවුණ සෝමවංශගෙන් ඒ හඬ නොඇසුණි. “මේ රටේ යුක්තිය,සාධාරණය පැත්තක දාලා බඩවියත වෙනුවෙන් දේශපාලනය කරන ආණ්ඩුවකට එරෙහිව කතා නොකරන කට මොකටද හත්තිලව්වේ,..එහෙන් කොටියා ගහනවා මෙහෙන් ආණ්ඩුව ගහනවා..චන්ද්‍රිකා නෝනා හිනාව දාගෙන කැබිනට් එක එක්ක සවාරි යනවා“ විමල්ගේ හඬ චන්ද්‍රිකා ආණ්ඩුවට එරෙහිව ජවිපෙ වේදිකාවේ සීනුව විය.
විමල් ජවිපෙන් විසිවෙන්නේ එහි අභ්‍යන්තරය තුල තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ බලවේග වල ප්‍රතිඵලයක් ලෙසින් බව ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රජයට එක්විය. “මට වෙඩි තැබුවේ ඇයි..සහ සීගිරිය බලන්නටවත් ගිහින් නෑ“ යන ප්‍රකාශ සමග විමල්ගේ සීනු හඬ නිමා විය. 2005 මැතිවරණයේ මහින්ද ගේ ජයග්‍රහණය වෙනුවෙන් රටපුරා හඬ නැගූ විමල් එවකට සිටි ජවිපෙන් දික්කසාද වී මහින්දගේම විය. එහෙත් මහින්දගේ උකුලේ සෘජුව වාඩිවීම සිය සමාජවාදී භූමිකාවට තර්ජනයක් වේ යැයි සිතූ විමල් අටවා ගත්තේ ජාතික නිදහස් පෙරමුණ නම් බෝඩ් ලෑල්ලය. ඔහුට තිබූ පුද්ගලික ජනප්‍රියත්වය සමග එක්වූ පිරිසක් සමග ගොඩනැගූ පක්ෂය නිසාවෙන් යම්තාක් දුරට හෝ මතවාදයක් සහිතව ගමනක් යාමට විමල්ට හැකිවිය. තමන්ට ලැබුණු ඇමති පදවිය සමග විමල්ගේ දේශපාලන ජීවිතයේ පරිවර්තනයක් විය. හුරු පුරුදු අධිරාජ්‍ය විරෝධී, සමාජවාදී විමල් වෙනුවට ක්ලීන් සූට්, ඇමති මොඩ්ල් විමල් ඉපදීම එහිදී සිදුවිය.
ඇතැම්විට විමල් මෙලෙස සිතුවා වන්නට ඇති. ජවිපෙ සමගින් එළි නොවන රජයක සිහිනයේ සිටීමෙන් තමන් වත් තමන්ට ආවඩන එවුන්වත් ගොඩදාගත නොහැකි නිසා පවතින ආණ්ඩුව සමග එක්ව තමනුත් හැදී තමන්ගේ එවුන්ටත් හැදෙන්නට ඉඩකඩ සාදා දීමා ප්‍රඥාගෝචර බව සිතන්නට ඇත. අඬන්න හිටි මිනිහාට ඇගිල්ලෙන් ඇන්නාක් මෙන් ජවිපෙ තුල විමල්ට වැටුණු බකට් නිසාම විමල්ට ඒ සිහිනය සැබෑ කරගන්නට අවස්ථාව ලැබුණි. අද ඉන්නේ එදා හිටි විමල් නොවන බව පැහැදිලිය. ගිනි කාස්ටක අවුවේ රතු තොප්පිය දාගෙන කොටුවේ බෙරිහන් දුන් විමල් වෙනුවට අද ඇමති ආරක්ෂක අංශය සමග සුඛෝපභෝගී රථයෙන් බිමට බසින හෙමි හෙමින් ලොකුවෙන බඩක් සහිත විමල් ඇමතිතුමා බවට විමල් පත්ව ඇත. එහෙත් ඇතැම් අයට එදා විමල් මෙන් අද විමල් දැනෙන්නේ නැත. කපුගේගේ සිංදු දැනෙන අයට බොහෝවිට ඉරාජ්ලාගේ සිංදු දැනෙන්නේ නැත. ලංකාව තුල සමාජවාදී රජයක් ගොඩනැගෙන බවක් පේන්නටත් නැත, සුළු ධනේෂ්වර පාලනයකට එහා යමක් දකින්නට අමාරු බව විමල් වීරවංශ සහෝදරයාටත් දැනෙන්නට ඇත. නමුත් අතීතය සිහිනයක් පමණි.
එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට කල මාරාන්තික උපවාසය බරක් ඔබාමාට, හිලරි ක්ලින්ටන්ට තබා ලංකාවේ එක්සත් ජනපද තානාපතිටවත් දැනුනාද කියා අපි නොදන්නෙමු. නමුත් දිනක් දෙකක් බලා ෆිල්ම් එකේ හොඳම හරියෙදී වීරයා මතුවෙන්නාක් සේ මහින්ද මතුවී තැඹිලි වීදුරුව නොපෙව්වානම් අද විමල් නමින් බොරැල්ල කනත්තේ ස්මාරකයකුත් හැදිලාය. තවද මහින්ද ඇරෙන්නට තමන්ගේ හාමිනේ තැඹිලි පෙව්වත් විමල් එදා නොබොන්නට සිතා සිටින්නට ඇත. කෙසේ වෙතත් ඒ සිද්ධියෙන් මහින්ද අයියා සහ විමල් මල්ලී මිතුදම තව තරවෙන්නට ඇත. දැන් විමල්ට රතු තොප්පියෙන් ඇති වැඩක් නැත. එදා “කම්පන“ තුල ගැයූ කපුගේ ගේ ගීත ඇපල් දුරකතනයකින් පද මාලාව බලාගෙන වේදිකාවක ගයන්නට හැරෙන්නට විමල්ට වැඩක් නැත. කොටින්ම කිව්වොත් තමන්ම අටවාගත් පංචායුධය පවා විමල්ට දැන් වැඩක් නැත. පලංචිය ගහන්ගේ බිත්ති උඩට බඳින තුරු පමණක් බව විමල් දැන සිටියාට පක්ෂයේ අනිත් අය නොදන්නවා විය යුතුය.
දැන් විමල් නියම ශ්‍රී ලංකාකාරයෙකි. බණ්ඩාරණායක මහත්තයාටද වඩා ශ්‍රී ලංකාකාරයෙකි. හැමෝටම කලින් මහින්දගේ පිහිටට එන්නේ විමල්ය. ඉඳහිට පී.බී ට නමක් දෙකක් පටබැඳ රටේ මාධ්‍ය තමන්ගේ අලුත් මෝස්තර පේන ලෙසට තමන් දිහාවට ඉලක්ක කරගන්නවා මිසක් මහින්ද මොන කෙංගෙඩියක් කරගත්තද විමල්ට වැඩක් නැත. දවසක් දෙකක් මහන්සිවී යෝජනා ටිකක් හදාගෙන පත්තරවල හෙඩිමට, රූපවාහිනියේ සිරස්තරල වල ස්ථානගත වීම හැරෙන්නට විමල්ට කරන්නට ඕන දෙයක් නැත. ලැබෙන්න ඕන ඒවා දැන් ලැබෙනවාය, තරකරන්නට ඕන දේවල් දැන් ඉබේම තරවෙනවාය. නුදුරු අනාගතයේ දිනක ජවිපෙ සහෝදරයන් කොටුව ඉදිරිපිට රජයට එරෙහිව උද්ඝෝෂණ කරන විට ආරක්ෂක අංශද පෙරටු කරගෙන මොන්ටෙරෝවෙන් එතනින් යන විමල් වීදුරුව හැර තම අතීත සහෝදරයන්ට කෝචොක් හිනාවක් දා “පිස්සෝ ටිකක්“ යයි කියා නිල්පාට සාටකයකින් (ඇතැම්විට කුරහන්පාටද විය හැක) දාඩිය පිසදා නොගනීවියයි කාහටනම් කිව හැකිද.
ඒත් විමල්ට නොතේරෙන මහජනතාවට තේරෙන යමක් ඇත. නමුත් කවදාහරි විමල් එය තේරුම්ගනු ඇත.

උපවාසය සිඳු කළේ, එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල නොව, එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය අසලය..
ReplyDeleteවිමල් මේ මග යන බව අප කීවේ ඔහු ඔහුගේ පොත ලිවීමටත් කලිනි.
බොහොම ස්තූතියි මාතලන් මිත්‍රයා නිවැරදි කිරීම ගැන..“ඇත්ත වෙනුවට නැත්ත“ යනු විමල් කල දේ සහ කරන්නට යනදේ ඇතුලත් පොතක් බව කියවනකොට මටත් හිතුනා
Deleteමහෞව්ෂධ පඬිදුද කේවට්ටයෙකු ලඟතබා ගත්තේලු
ReplyDeleteමහරජ සට්ටම්ඹිරාලලා තියාගන්නේද එසේමය
Deleteවිමලසිරි ගම්ලත් එක්ක ඔය ඉන්න විමල් මැරෙන්න ඇති , විමල වීරවංශ කියලා පෙන්නේ විමලසිරි ගම්ලත් නෙවෙයි .
ReplyDeleteඇත්ත පත්තරේට ලියපු විමලසිරි ගම්ලත් මැරිලා බොහොම කල් මිත්‍රයා..
Deleteවිමල්ට ජවිපෙ ඇතුලෙන් කුමන්ත්‍රණ, කැපිලි කෙටිලි තිබුනේ නැත. ඒ වෙනුවට පක්ෂයෙන් හැකිතරම් ඔහුව ආරක්ෂාකරගැනීමට, ඔහුව තබා ගැනීමට හැකිතරම් දේ කලේය. පක්ෂ නායකත්වයටවත් නැති කැපකිරීම් පක්ෂය ඔහු වෙනුවෙන් කලේය. නමුදු කූඩැල්ලා මෙට්ටය උඩින් තැබීමට නොහැකි විය. එනිසා, තව දුරටත් පක්ෂය තුල ඔහුව තබා ගැනීම පක්ෂයටම විනාශයක් වන නිසා ඔහු එලවා දැමීය. එය කෙතරම් ඥානාන්විත ක්‍රියාවක්ද කියා අද මෙනවින් ඔප්පු වී ඇත.
ReplyDelete