මගේ නිවස ආසන්නයේ හුරුබුහුටි කෙළි පැටියෙක් ජීවත් වෙයි. යන්තම් අවුරුද්ද පිරුණු කාලයේ සිට පාරේ ගමන් කරන හැමදෙනාටම ලෝභ නැතිව අත වනන, හිනා වපුරන මේ කෙළි පැටික්කිය සුව දසුනක් මෙන්ම සැමගේ ආදරය දිනාගත් චරිතයකි. එහෙත් දැන් කෙල්ලට හිනාවෙන්නට, අත වනන්නට වෙලාව නැත. ඒ ඇය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ තවත් එක බිල්ලක් බවට පත්වූ නිසාවෙනි.
යන්තම් අවුරුදු තුන පසුවූ විටම දරුවා පෙර පාසල වෙත දක්කන්නට අම්මාටත්, තාත්තාටත් කලින් සීයා සහ ආච්චී මැදිහත් විය. කාර්යබහුල දෙමව්පියන් සැනසීමක් ලෙසින් සිතා කටේ කිරි සුවඳ යන්නට පවා කල් මදිවූ දරු පැටියා බෑග් මල්ලක් පිටේ එල්ලාගෙන, වතුර බූලිය අතේ එල්ලාගෙන, නිදිගැට කඩමින් පෙර පාසල දක්වා කැන්දාගෙන යන දෙමව්පියන්ගේ අභිලාෂයන් දරුවන් විසින් ඉටුකර ඇත්ද? මෙහි දෙපැත්තක් ඇත.
අධ්‍යාපන ක්‍රමවේද අතින් බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින ජපානය, නෝර්වේ, ස්වීඩනය වැනි රටවල පෙර පාසල ඇත්ත වශයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට හොඳ පදනමක් සපයන්නාවූ ස්ථානයන්ය. එහෙත් ඒ පෙරපාසල් වල දරුවන්ට අකුරු උගන්වන්නට නොවෙහෙසෙන අතර හැඩතල, වර්ණ සහ පරිසරය මෙන්ම සමාජය අධ්‍යයනය උදෙසා වැඩි කාලයක් වැය කරනු ලැබේ. පුද්ගලයෙකුගේ ජීවිතයට වැඩිම බලපෑමක් ඇතිකරන කාලය වනුයේ වයස 0-5 අතර කාලය බව පර්යේෂකයන්ගේ මතයයි, එනිසාවෙන් මේ කාල පරාසය තුල දරුවා පන්ති කාමරයක් තුල වහලෙක් බවට පත්කරනවා වෙනුවනට විධිමත් මූලික අධ්‍යාපනයක් ලබාදීමට බොහෝ රටවල් පෙළඹී ඇත. එහෙත් අපේ රට තුල අති බහුතරයක් පෙර පාසල් එසේද යන්න ඔබ සිතා බැලිය යුතුය.
මෑතක් වන තුරුම හිතුමතේ ආරම්භ කරන පෙර පාසල් සහ සුදුසුකම් නොලත් ගුරුවරියන් වෙනුවට විධිමත් පාඨමාලා සහ රජයේ අනුමැතිය යන කාරනා එක්වීම අගය කල යුතුය. එහෙත් එක් එක් ක්‍රමවේද වලට අනුව අන්තර්ජාතික හා එසේ නොවන ලෙස වර්ග කරන ලද පෙර පාසල් තුලින් දරුවා සැබෑ ලෙසම අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යාවිද. කුඩා දරුවෙක් පරිසරය තුලින්, සමාජය තුලින්, සංස්කෘතිය තුලින් ලබාගන්නා ප්‍රායෝගික දැනුම එකතු කරගන්නා සමය තුල දරුවා විෂය නිර්දේශයකට හිරකර තැබීම අද පෙරපාසල් වල මූලික ලක්ෂණයයි. කුඩා දරුවන් අතරේ ප්‍රකට සෑම කෙලි සෙල්ලමක්ම පාහේ දරුවාගේ මනස, දැනුම සහ ආකල්ප වර්ධනයට බලපාන අන්තර්ගතයන් සහිත ඒවාය. පෙර පාසල තුලදී දරුවන්ට එවන්නක් ලැබේද යන්න ප්‍රශ්නාර්ථයකි.
සැබෑ ලෙසම පෙර පාසල් අධ්‍යාපනය මීට වඩා විධිමත්විය යුතුය. එසේම අවුරුදු 3 න් 4 න් කිරි දරුවන් පරිද්දෙන් පෙර පාසලට දක්කනවාට වඩා වසරක කාලයක් විධිමත්ව පදනම් අධ්‍යාපනයක් ලැබීම වඩා ඵලදායී වනු ඇත. නැතිනම් කවදාක හෝ වියපත් දෙමව්පියන්ගෙන් දරුවන්ම මෙම ලිපියේ මාතෘකාවට යෙදූ පැනය අසනු නොඅනුමානය.
මේ කතාව අහද්දි මතක් වුණා මේ වෙනස් ම විදිහේ දරුවෙක් ගැන... අපි අවුරුදු ගානකට උඩදී විවාහ වුණ අලුත ගෙයක් කුලියට අරන් ජීවත් වුණා නුවර පැත්තේ.... අල්ලපු ගෙදර හිටියා අවුරුදු 5 ක විතර දරුවෙක්.. ඒ කාලෙත් මොන්ටිසෝරි යනවා... මාර කටක්... නොදන්න දෙයක් නැහැ..... අපි කතාවට කියන්නේ හරියට පැහිලා කියලා..... ගෙදර දොරේ වැඩ නියමෙට දන්නවා.... දවසක් මගේ අත පිච්චිලා මට කිව්වා ඔ්ක බලාගෙන ඉන්න හොද නැහැ.. ඉක්මනට කෝමාරිකා කෑල්ලක් කපලා තියාගන්න කියලා..... උයද්දි ඒ පැත්තේ හිටියොත් බිරිදගෙන් අහනවා කහ දැම්මේ නැහැ නේද කියලා......
ReplyDeleteමෙයත් මොන්ටිසෝරි දැම්මා.... හැබැයි ඒයාට ඒක මළකරදරයක්... මෙයා කවදාවත් ඉගෙන ගන්න කැමති නැහැ... ගෙදර වැඩ වලට තමයි කැමති.... අම්මා කොච්චර කිව්වත් ඒයා නෙමෙයි ගානකට ගන්නේ.... සුපිරි ළමයෙක්........ හැබැයි මාර මොළයක්.....
මේකට වගකියන්න ඕන දෙමාපියන්. සාමාන්‍යයෙන් අකුරු ඉගැන්වීම අවශ්‍ය නොවන පෙරපාසල් වලින් බොහෝ දෙමාපියන් බලාපොරොත්තු වෙන්නෙ අකුරු ඉලක්කම් ඉගනගැනීම. මම නං කියන්නෙ අවුරුදු හතරෙන් විතර ඉස්කෝලෙට භාරදීල අවුරුද්දක් පෙරපාසලේ කලයුතු වැඩ කරල පටන් ගන්නයි වෙන්නෙ. එහෙම කලොත් හැමෝටම අවස්ථාව ලැබෙනව ඒකාකාරීව ඉගෙනගන්න. එහෙම නැත්නම් අද තියන තරගයත් එක්ක මේ පීඩනය වලක්වන්න කිසිසේත් බෑ. ඒකත් මදි නං අවුරුදු හතරෙන් පළමු ශ්‍රේණියට දාල සුපුරුදු විදියට ඉදිරියට ගියොත් අනිත් පැත්තෙන් අවුරුද්දක් ඉතිරි කරගන්න පුළුවන්. මොකද මොනවා කලත් ළමා කාලය නැතිවීම වලක්වන්න බැරි තත්වයකයි දැන් තියෙන්නෙ.
ReplyDeleteකතාවනම් ඇත්ත.. මෙහෙත් ඔය තත්වේ මම දකිනවා.. මෙහේ පෙර පාසල්, දිවා සුරැකුම් එකට යන්නේ.. ඉතින් හුඟක් වෙලාවට අවුරුද්දෙන් වගේ ළමයි එතන.. ලංකාවේ වගේ අකුරු කියවන්න නැකැත් බලන්න අනන් මනන් මෙහේ නැති හන්දා පොතක් දෙකක් තියෙන මල්ලක් අරන් යන පොඩි එවුන් අනන්තයි.. හැබැයි මෙහේ ක්‍රමේ එක්කනම් ඒකේ සාර්ථක බවක් තියෙනවා..
ReplyDeleteලංකාවෙත් පොඩිවුන් අවුරුද්දකින් විතර ඩේ කෙයාර් දානවා නම් හොදයි, අකුරු කියෙව්වේ නැතුවට පිළිවෙලකට වැඩ කරන්න පුරුදුවේවි. දැන් ළමයි ආච්චිලට සීයලට දාල යනවා, එයාල ළමයි හදාගස්වන්න දන්නේ නෑ, එයාලගෙන් පොඩිවුන් ඉගෙනගන්නේ මහමිනිස්සු වගේ පණ්ඩිත කතා කියන්න විතරයි. මේ කොමෙන්ට් කරලා තියන සේරමලා අගය කරලා තියෙන්නේ ළමයින්ව නොවේ නාකිමිනිසුන්ගේ පුංච් මොඩෙල් . ගොඩක් වෙලාවට අම්මල තාත්තල හිටියත ඔවුන් ළමයින්ට අවදානයක් යොමුකරන්නේ නෑ. එක්කෝ උයනවා හෝ tv බලනවා, ඒ අතරේ ළමයි ළමාකමට කරන වැඩ වලට මහා හයියෙන් කෑගහනවා.
ReplyDelete- ඇණයa