Jun 19, 2015

2020 ජනපති... පාඨලී චම්පික රණවක


පාඨලී චම්පික රණවක 2020 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි යන කතාව කලඑළි බසින්නේ ලංකා දේශපාලනයේ සංක්‍රාන්ති සමයකය. වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ රජය විධායක බලතල සංශෝධනයකට සැරසෙන විට එයට එරෙහිව මතදැක්වූ චම්පික එවකට ප්‍රධාන මාතෘකාවක් විය. ඇතැම් අය පැවසුවේ චම්පිකට ජනාධිපති හීනයක් ඇති හෙයින් විධායක ජනපති ධූරය නැති කරනවාට කැමති නැති බවයි.



   ඇත්තටම චම්පික ජනාධිපති වන්නට නුසුදුසුද? යම් හෙයකින් චම්පික 2020 දී ජනාධිපති ධූරයට පත්වුවහොත් එය ශ්‍රී ලාංකේය දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇත. චන්ද්‍රිකා ආණ්ඩුවේ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව එදා චම්පිකලා පාරට බහිද්දි රටේ මතය වුනේද එයයි, අවසානයේ චම්පිකලාගේ මතය ජයගන්නා ලදි, එ.ජා.ප ආණ්ඩුව ගෙදර යවන්නට චම්පිකලා එදා පාරට බහිද්දි අවසානයේ රටේ මතය වුනෙත් එයයි, 2005 මහින්ද දිනවිය යුතු බවට චම්පිකලා මත දරද්දී අවසානයේ රටේ මතය වුනෙත් එයමයි, එම මතයම ජයගන්නා ලදි, 2010දී සරත් ෆොන්සේකාට එරෙහිව මහින්ද රැකගන්නට චම්පිකලා මතය දරද්දී අවසානයේ රටේ මතය වුනෙත් එයමය, 2015 මහින්ද ගෙදර යවන්නට චම්පිකලා මතය දරද්දී රටේ මතය වුනෙත් එයමය. “ජනතා මිතුරෝ“ සිට “ජාතික හෙළ උරුමය“ දක්වා චම්පිකලාගේ මතය අවසානයේ රටේ මතය වූ බැවින් දේශපාලන ඉතිහාස සටහනේ තීරණාත්මක සාධකයක් බව පැහැදිලිය.

   2020 චම්පිකලාගේ මතය ජනපති වන්නටනම් එය රටේ මතය විය නොහැකිද, ඇතැම්විට වර්තමාන දේශපාලන වපසරිය තුල එය මනාලෙස නොපෙනුනත් 2020 වන විට චම්පික පරදා ඉදිරියට යන්නට හැකි නායකත්වයක් පෙන්විය හැකි වාතාවරණයක් නැත. එසේම වසර 5 ක් තුල ජනාධිපති වන්නට තරම් අත්දැකීම් එකතු කල හැකි නව චරිතයක් බිහිවන්නටත් ඉඩක් නැත. 2020 වනවිට මහින්දට හෝ මෛත්‍රීට මෙන්ම රනිල්ටද ජනපති පදවිය දරන්නට තරම් මානසික තත්වයක් තිබීම අප්‍රායෝගිකය. ඊළග පෙල නායකත්වය තුලින් සජිත් හෝ නිමල් සිරිපාල ජනාධිපති වේවි යන්න හීන පමණි. එසේනම් දශක හතරක පටිසෝතගාමී ගමනේ ජනපති පදවියේ මං සලකුණු චම්පික ඉදිරියේ ඇති බව පැහැදිලිය.

   අනාගතයේ චම්පික ජනපති විය හැකිය. එයට ශක්‍යතාවක් ඇත. චම්පික ජනපති පදවියට නුසුදුස්සෙක් නොවේ. සංසන්දනාත්මකව බලන කල්හි චම්පිකට දර්ශනයක් සහිතව එතනට යා හැක. කෙසේ වෙතත් 2020 තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇත.

16 comments:

  1. ඔව් එහෙම වෙන්නත් බැරි නෑ...කොහේවත් හිටපු සිරා ජනාධිපති වුනානම් චම්පිකයා එහෙම නොවේවි කියලා කාට කියන්න පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. චම්පික කියන්නේ එක පාරට උඩට ආපු චරිතයක් නොවන නිසා පන්නරය එක්ක වෙනසක් කරන්න පුළුවන් වෙයි. පෞර්ශ්‍ය, දර්ශනය අතින් ඉතා ඉදිරියෙන් ඉන්නවා චම්පික

      Delete
  2. මම නම් කියන්නේ චම්පික ජනාධිපතිවීමට කිසිම සුදුසුකමක් නැති කෙනෙක් කියලා. නමුත් රටේ හැමෝම එසේ නොසිතන නිසා සමහර විට ඔහු ජනාධිපති වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. චම්පිකට සුදුසුකම් නෑ කියනවනම් අපිට සලකා බලන්න වෙන්නේ ජේ.ආර්ට, ප්‍රේමදාසට,විජේතුංගට,චන්ද්‍රිකාට සහ මහින්දට තිබුණ සුදුසුකම් ප්‍රමාණවත්ද කියන එක. සාපේක්ෂව අපේ රටේ ජනපති පදවියට පත්වුණ ඇත්තන්ගේ සුදුසුකම් එක්ක බලද්දි චම්පිකට තියන සුදුසුකම් ඉහටත් උඩින්..හැබැයි වටේට අපරාධකාරයෝ රැල්ලක් නැති එකනම් සැබෑම අඩුවක්

      Delete
    2. දැන් එතකොට කාටද සුදුසුකම් තියෙන්නේ

      Delete
  3. ජනාධිපති වෙන්නනම් ප්‍රධාන පක්ෂයකින් එන්න ඕන. නැත්නම් විධායක ක්‍රමය අහෝසි කරනව කියල පරන බොරු සින්දුව කියාගෙන එන්න ඕන
    රනිල්,මහින්ද ල වයස නිසා නූස්දුසු වෙයි නිමල් සිරිපාලලත් එහෙමයි. ඒත් සජිත්ට එහෙම වයසක් නෑ නේද. ඔය කාලෙ වෙනකොට රුවන් විජේවර්ධනල එහෙමත් අලුගහල දාල එයි.
    සංධානෙත් එස් බී ල ,පවිත්‍රල එහෙම දැනට වඩා ඉස්සරහට එයි.
    තව විමුක්ති ගැනත් කියන්න බෑ
    අපි නොසිතන අලුත්ම චරිත එන්නත් බැරි නෑ.
    චම්පික ජනාධිපතිවෙන්න තියන ඉඩ ඉතා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. චම්පික සුළු පක්ෂයක සිටීම ප්‍රධාන බාධාවක්. ඒ වගේම තේමා පාඨයක අඩුවත් ප්‍රබල අවාසිසහගත සාධකයක්. ඒත් ජාතික බලවේගයක් විදියට චමිපික ඉදිරියට ඒමට හැකියාව්ක තියනවා..
      සජිත්ගේ වයසේ ප්‍රශ්නයට වඩා ජනාධිපති කෙනෙක් වෙන්නට අවශ්‍ය පසුබිම සජිත්ට ගොඩනැගේවිද කියන ගැටළුව තිබෙනවා. මොකද ඔහුට ඇති ලොකුම අවාසිය වගේම වාසියත් රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වීම.. එස්.බී හෝ පවිත්‍රා ජනාධිපතිවනවා කියන කාරණය හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්ගේ සුරංඟනා කතාවල ලියන්නට අගේ කතාවක් මිසක් ලංකා දේශපාලනය තුල ප්‍රායෝගික දෙයක් නෙවෙයි.. විමුක්ති කුමාරතුංග කිසි දවසක ලංකාවේ දේශපාලනයට එන්නෙත් නෑ, ඒ වගේම දේශපාලනයට ඇවිත් රැල්ලක් ගොඩනගාගන්න කාලයක් හෝ පසුබිමක් ඔහුට ඇත්තෙත් නෑ.. ඔහුට ඇති එකම වාසිය විජය කුමාරතුංගගේ පුත්‍රයා වීම, නමුත් ඔහුට ඇති ලොකුම අවාසිය චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ පුත්‍රයා වීම

      Delete
  4. hebei ehema Unoth hodama ekadipathiya buwa wenna puluwan

    ReplyDelete
    Replies
    1. චම්පික ඒකාධිපතියෙක් වෙයි කියලා හිතන්න අමාරුයි..මොකද චම්පිකගේ ඉතිහාසයේ තීරණ හා හැසිරීම් එක්ක අත්තනෝමතික ලක්ෂණ තිබුණත් ඒකාධිපති ලක්ෂණ සාපේක්ෂව අඩුයි..කොහොම වුනත් මිනිස්සු පුරෝකථනය කරන්න අපිට බැරි නිසා එහෙම නොවේවි කියලා කියන්නත් බෑ

      Delete
  5. මම ජොතිස්ය වේදියෙක් හැටියට දකින දෙයක් තමා චම්පිකට අගමති වෙන්න බැහැ. මීලග ජනාදිපති බිහිවෙන්නෙ එජාපෙන්.

    ReplyDelete
  6. මම ජොතිස්ය වේදියෙක් හැටියට දකින දෙයක් තමා චම්පිකට අගමති වෙන්න බැහැ. මීලග ජනාදිපති බිහිවෙන්නෙ එජාපෙන්.

    ReplyDelete
  7. 2020 චමිපික ජනාධිපති වෙන බවට මවිසින් FB එකට comment එකක් දැමිමා. සමහරෙක් ඒක හීනයක් කියලා කීව. අදටත් මම ඒ මතයෙම ඉන්නවා. හැබැයි ඒ මතයෙ මම ඉන්නේ ඔහු තනි පුද්පගලයෙකු වශයෙන් අධ්‍යයනය කරමිනුයි. අනවශ්‍ය පුද්ගලයින් ලංකර ගත්තොත් නමි ඔහුට අවාසියි. මා ජෞතිස කරැවෙක් නොවන අතර එය විශ්වාස කරන්නේද නැත. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. අපි බලමු.

    ReplyDelete
  8. ජෞතිසය කියන්නේ මොන බොරැවක්ද ?
    ජෞතිස කාරයො කියන්නේත් හොර හැත්තක්

    ReplyDelete
  9. චම්පික රණවක කියන්නේ යුගයෙන් යුගයට බිහිවෙන අසම සම දක්ෂ පුද්ගලයෙක් විශිෂ්ට දාර්ශනිකයෙක් නිව්ටන් , සෝක්රටිස් වැනි සියවසකට වරක් බිහිවෙන කෙනෙක් මෙරට ජනාදිපති වෙන්න ඔහුට නොමැති සුදුසුකම මොකද්ද හදවතට එකගව බුද්දීමත්ව කතා කරොත් ශ්‍රී ලංකාව නැගෙන ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ හැකි ජනාදිපති ඔහුයි



    ReplyDelete
  10. Hithanna ba gam matame kisidu kenek champika gana danumak na mokakda ratebalaya thiranaya venne samurdi karayo dena chanda valin .moun unp srilanka ha pohottuwa thama champika lata no chancec

    ReplyDelete
  11. අන් අය සමග බලන විට සුදුසු ම අය සිටින්නේ දෙදෙනෙක් පමණි. එනම් පාඨලි චම්පික හා ගොඨාභය රාජපක්ෂයි. මෙම දෙදෙනා තරමි රටට ජාතියට ආගමට ආදරය කරන මේ රට සිංහල බෞද්ධ රටක් යැයි පිළිගන්න වෙන වෙන කිසිවෙකුත් නැත. අඩුම තරමින් මහින්ද රාජපක්ෂවත් සෘජුව ම මේ රට සිංහල බෞද්ධ යැයි පිළිගන්නේ නැත. එබැවින් 2020 අවශ්‍ය නායකත්වය පාඨලි හෝ ගෝඨා ය.

    ReplyDelete