Jul 23, 2016

මුරලි ඕස්ට්‍රේලියාවට දී පුකේ ඇඟිල්ල ගසා ගෙන සිටීම


දේශබන්දු මුත්තයියා මුරලිදරන් අද ඕස්ට්‍රේලියානු දඟ පන්දු යැවීමේ බලඇණියට පන්දු යවන ආකාරය කියාදෙමින් සිටියි. ලැජ්ජවිය යුත්තේ ඕස්ට්‍රේලියාව ද,මුරලි ද, නැත්නම් ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ද, නැත්නම් අපි ද කියා ගැටළුවක් මතුවී ඇත. බුද්ධිගලනය ගැන පර්යේෂණ වාර්තා පිටු ගණන් ලියන සහ ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කර ලොරි ගණන් ප්‍රකාශ ඉදිරිපත් කරන බලධාරීන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන අසූචි අස්සේ ලොව සුපිරිම දඟ පන්දු යවන්නාගේ උපදේශන සේවාව ලබාගැනීමට ලංකාවට නොහැකිවී ඇත. අප ලැජ්ජාවිය යුත්තේ කුමන මට්ටමකින්ද කියා අවබෝධකරගැනීමට එය ප්‍රමාණවත්ය.


මුරලිට ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ සංචිතයේ උපදේශක තනතුරක් සඳහා ආරාධනා ලැබෙන්නේ වසර කිහිපයකට පෙර වුවද මුරලි එය බාරගන්නට තීරණය කරන්නේ ඉතාම මෑතකදීය. එක් පැත්තකින් මුරලිගේ සේවය ලබාගන්නට ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට වුවමනාවක් තිබුණේ නැත, එසේම විදේශීය පුහුණුකරුවන් පමණක් හොඳය යන දුර්මතය සහ “සියරට දේ නරකම දේ“ යන සංකල්පය නිසාද මුරලි දෙස බලන්නටවත් අපේ ක්‍රිකට් පකීර්ලාට අවශ්‍යවූයේ නැත. ඒ අතින් ඕස්ට්‍රේලියාව  සතුරාගේ ප්‍රබලම අවිගෙන සතුරාටම ගහන තැනට වැඩ සංවිධානය කරනු ලැබූහ.

එක් පැත්තකින් ඕස්ට්‍රේලියාව යනු 1995 දී ඩැරල් හෙයාර් හරහා පළමු වරට මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් ඔහු ජාත්‍යන්තර පිටියෙන් පන්නා දමන්නට දතකෑ පාර්ශවයක් බව අමතක නැත. දෛවයේ සරදම ඕස්ට්‍රේලියාවට මෙන්ම මුරලිට ද කොකා පෙන්නා ඇතිබවට සැක නැත. මුරලිගේ සේවයට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඉතා ඉහළ මුදලක් ගෙවන බවට සැක නැත, මුරලි එසේ අයකලාට කිසි‍ඳු වරදක් නැත. ටෙස්ට් තරඟ 133කදී කඩුළු 800 ක් සහ එක්දින තරඟ 350කදී කඩුළු 534ක් ලබාගත් මුරලි යනු එසේ මෙසේ බඩුවක් නොවේය. එහි වටිනාකම ලංකාවේ පකීර්ලාට නොතේරුනද ඕස්ට්‍රේලියාව යනු ජාති,කුල,ගෝත්‍ර පමණක් නොව දේශසීමාද ඉක්මවා දක්ෂයාගෙන් වැඩ ගන්නා දියුණු රටක් බවට තේරුම්කර දී ඇත.

දැන් මුරලි ලංකාවේදීම ලංකාවට එරෙහිව පන්දු යවන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට උපදෙස් දෙමින් සිටියි. අපේ ක්‍රිකට් පාලකයින් ඇතුළු පිරිස පශ්චාත් භාගය අතගා කැමති ඇඟිල්ලක් පුකේ ගසාගෙන නහයට තබා ගඳ කොච්චර ගඳ ද කියා පරික්ෂා කර බැලුවාට කිසිම පාඩුවක් නැත. මුරලි තරම් ලංකාවේ පන්දු යවන්නන්ගේ අඩුපාඩු (විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්) දන්නා කෙනෙක් නැතිබව සහතිකය. එසේනම් මුරලි ලංකා කොඩියේ සිංහයාගේ කඩුවට බයවී තුරුම්පු හංඟාගෙන තමන්ගේ බඩ රස්සාවට අසාධාරණයක් කරාවි යැයි කිසිසේත්ම සිතිය නොහැකිය. තිලාන් සමරවීර මින් පෙර ඕස්ට්‍රේලියාවේ පිතිහරණ අංශය උපදේශකත්වය සැපයීය. අද මහේල ජයවර්ධන එම සේවයම එංගලන්තය වෙත සම්පාදනය කරමින් සටියි. චන්දික හතුරුසිංහ බංගලාදේශයේ පුහුණුකරු වෙද්දී බංගලාදේශය ලංකාවටද දුවන්නට නෙළුවේය. ඒ අතින් ලංකාව තමන්ගේ සම්පත් පිට යද්දී හැමදාමත් කලේ එකම එක දෙයය. ඒ වත්ත සුද්දාට දී ඇඟිල්ල පුකේ ගසාගෙන සිටීමය. 

හෙට සංගක්කාරට කරන්නේද මෙයමය..

3 comments:

  1. සන්ග්ගක්කාර ට ඕවාට වෙලාවක් නෑ මම දැක්කා මාළු ලෑල්ලක් දාගෙන ඉනවා හන්දියේ

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු බිස්නස් එක.කකුළුවෝ අමාත්‍යංශයට වඩා

      Delete
  2. Find the best details about cricket at edial to get more information

    ReplyDelete