Mar 13, 2017

බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා


දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප් එකේ හිටියේ කළුවර වැටෙනකල්ය. කළුවර වැටුණ ගමන් දඩිබිඩි ගා කලේ ගෙදර දුවන එකය. තත්ත්වේ හැටියට එළිය වැටිලා තියන වෙලාවක ගෙදර යන්නටත් බැරිය. පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ සිද්ධිය ටක්කෙටම දැන් ගෙදරට ආරංචිවෙලා තියෙන්නට ඕනය. එහෙනම් ගෙදර යන්න වෙන්නේ කණ් දෙකේ කිරල ඇබ දෙකක් ගහගෙනය. දියත පාර්ක් එක එක පුරා කිරල ගස් තිබුණත් අැබයකට ගන්නට කිරල ගහක අත්තක්වත් අල්ලන්නට බැරිය. දිනේෂ් තරහටම ගෝඨාට පළු යන්නට බැන්නේ හිතේ වේදනාවටමය. 


කළුවර වැටුණ පසුව හොර පාරෙන් ගෙදරට යන දිනේෂ්ට මතක් වුණේ ඒ දවස්වල රෝයල් එකේ තාප්පෙන් පැනලා හොර පාරෙන් ගෙදර ආ හැටිය. ඒ කාලේ රනිල්නම් මලාට තාප්පෙන් පනින්නේ නැත. ඒකට හේතුව එකක් රනිල්ට තාප්පෙට නැග ගන්නට බැරිය, අනිත් එක රනිල්ට දිනේෂ් ෂුවර්ම නැත. එදත් හොර පාරෙන් යද්දි දිනේෂ්ට රෝයල් එක මතක්වෙලා කඳුළු ආවටත් වඩා එකපතේ කාගෙන හිටපු කරූ තමන්ව දොට්ට දාපු එක ඉවසන්නටම බැරිය. “ලැජ්ජයි..කියලා කිව්වට ඉතින් පාර්ලිමේන්තුවෙන් දොට්ට දාන්න ඕනද?“ ගම්මන්පිල කිව්වේ ඒ වගේ කතාවකි. දැන්නම් දිනේෂ්ට ඇඬෙන්න ඔන්න මෙන්නය. ඉන්නේද ගෙදර ගේට්ටුව ලඟම නිසා අඬන්නත් බැරිය. ඒ අතර ගේට්ටුව ලඟ ඇති ලඳු කැලෑව පැත්තෙන් සර සර හඬක් ඇහුණ නිසා දිනේෂ් ඒ පැත්ත බැලුවේය..අප්පට සිරි තඩි සිංහ පෝතකයෙක් කැලයෙන් මතුවුණේ ඒ වෙලාවේමය. දඩි බිඩි ගා සරම වලාපට ගහගත්ත දිනේෂ් සෙරෙප්පු දෙකද දමා දුවන්නට සූදානම් විය.

“ඔහි හිටු අවලමා...දුවන්න එපා..තෝව මම කීතු කීතු කරනවා“

සිංහයා දුවන්නට ඔන් යූවර් මාක් කියාගෙන ඉන්න දිනේෂ්ට් කිව්වේය. දැන් දිනේෂ්ට චූ යන්නට ඔන්න මෙන්නය. සේරටම වඩා අවුල සිංහයා කතා කරන්නේ කොමද කියලාය. දිනේෂ්ට සිද්ධි ගණනාවක් මතක් විය, එකක් සිංහබාහුගේ සීන් එකය, අනිත් එක නාර්නියා ෆිල්ම් එකේ කතා කරන හුරතල් සිංහයා ගැනය..අන්තිමට ලයන් කිංග් එකත් ලාවට මතක් විය.

“ඔහේ කවුද..කො..කො...කොහොමද කතා කරන්නේ..“ දිනේෂ් ගොත ගහ ගහ අහනවිට සිංහයාට අසූ හාරදාහයි දශම පහට තදවිය.

“මම කව්ද...මම තොගේ තාත්තා බොලව්..තූ නොදකින් තෝ කරන ඒවට මට හතර විලිලැජ්ජයි බොලව්..“

දැන් දිනේෂ්ට හිතාගන්නට බැරිය. බැරිවෙලාවත් මේක ආන්ඩුවේ මායවක් වෙන්නට බැරිද? තාත්තා පිලිප් විදිහට බොරු සිංහයෙක් එව්වා වෙන්නට බැරිද. පහුගිය කාලයේ සිංහ ලේ පෙන්නුවෙත් මෙන්න මේ වගේ වැඩ වලින්ය. ඒ නිසා දිනේෂ්ට දැන් තමන්ගේ තාත්තාවත් ෂුවර නැත.

“අප්පොච්චා..කොහොමද සිංහයෙක් වුනේ...“

“සිංහයෙක් වුණේ..කටින්ද බොල අහන්නේ..තොපි නේද බොරළුගොඩ සිංහයා..බොරළුගොඩ සිංහයා කිය කිය කෑ ගැහුවේ...තොපේ අලුගුත්තේරු ප්‍රාර්ථනාවලට හෙණ ගැහිලා යන්න ඇත්තටම මම සිංහයෙක් වෙලා ඉපදුණා යකෝ..දැන් මේ හතර හන්දි පණ නැතිවෙනකල් කැලයක් කැලයක් ගානේ ඇවිදලා ට්‍රොස්කිවාදෙත් අමතකයි බොල..“

දැන්නම් දිනේෂ්ට මේ තාත්තා කියා බුදු ෂුවර්ය. තාත්තාගේ දේශනාවත් මේ වගේම නිසා සිංහයෙක් වෙලා තාත්තට අත්වුණ ඉරණම ගැන දැන් දිනේෂ්ට හෙණ දුකය.

“අනේ අප්පොච්චා සිංහයෙක් වෙච්ච එක ගැන මට සෑහෙන්න කණගාටුයි..“

“තොට කණගාටුයි..තෝ නෙවෙයි බොල මමයි විලිලැජ්ජාවෙලා ඉන්නේ තෝ කරන තකතීරු වැඩවලට..තෝ පාර්ලිමේන්තුවෙන් එලෙව්වා නේද අද..ලැජ්ජයි යකෝ..තෝ කොහොමද රෙද්දක් ඇඳන් ගෙදර ආවේ..“

සිංහයා දිගටම කියාගෙන යද්දී දිනේෂ්ට විලිලැජ්ජාවේ බැරිය. එකක් තාත්තා නිසා මොකුත් කියන්නට බැරිය, අනික සිංහයා නිසා අවුල් හදාගෙනත් බැරිය. දැන් දිනේෂ් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේය.

“ඒ වුණාට අප්පොච්චා මම සාධාරණ දේ ගැන කතා කලේ..අර තකතීරු කරූවා..ඕකට හොඳක් වෙන්න එපා..ඕකා රනිල්ට ඕන දේ තමයි කලේ..“

දිනේෂ් අඳෝනාව කියාගෙන යද්දි සිංහයාට ආයෙත් මල පැන්නේය. ගොරවාගෙන දත් විලිස්සාගෙන දිනේෂ් ගාවට පැන අත්දෙක දිනේෂ්ගේ උරේට තියා බිම පෙරලා යට කරගත්තේය.

“උඹ එක වචනයක් කියන්න එපා..මගේ පුතා නොවුණනම් මම උඹව මෙතනම ඉරනවා නිකන් එම් සී එකේ එවුන් ටිකට් ඉරනවා වගේ. . උඹ මොන සාධාරණයක් ගැන කතා කරන්න ගිහිල්ලද යකෝ එලියට දැම්මේ..අර ජනතාවගේ සල්ලිවලින් ගෙදර වැඩකරන ගෑනිටත් වාහන දීපු එකාලගේ සැප ගැන කතාකරන්න යන එකද බොල සාධාරණේ..එහෙම එකක් කොහෙද බොල අපි දන්න සාමජවාදේ තියෙන්නේ..මට කියලා මැරුම් කන්න එපා උඹ..“

දිනේෂ් ඔළුවත් පාත්කරගෙන ට්‍රයි කලේ නැගිටින්නය. නැගිටින්නම බැරිය සිංහයා ඇඟ උඩය.

“ඒත් අප්පොච්චා යූ.එන්.පී කාරයන්ට මෙහෙම නටන්න දෙන්න බෑ. ඇරත් මාව පාර්ලිමේන්තුවෙන් එලියට දාද්දි වැඩිපුරම හිනාවුනේ ආන්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ..“

සිංහයා ආයෙත් දත් විලිස්සා ගත්තේය.

“තෝ දැනගනින්..තෝ නිකන් බූරුවෙක් වගේ ඕන එකටයි එපා එකටයි පාර්ලිමේන්තුවේ බෙරහන් දෙන එකෙන් අපේ පරපුරටම තෝ ලැජ්ජාකරනවා..අනිත් එක තව ටික දවසක් ඔහොම බෙරිහන් දුන්නොත් තෝ පාර්ලිමේන්තුව ඇතුලෙම නහරයක් පුපරලා මැරෙනවා..එහෙම වුනොත් උඹ ඉපදෙන්නේ අමුතුම සතෙක් වෙලා..ඒක මතක තියාගනින්..“

දිනේෂ්ට කට වසාගෙන ඉන්නටම බැරිය. ඒ නිසා සිංහයාගේ ඉස්සරහා ආයෙත් කට ඉස්සර විය.

“ ඒ වුණාට අප්පොච්චත් ඉස්සර පාර්ලිමේන්තුවේ අසාධාරණයට විරුද්දව කතාකරපු කෙනෙක් නේ..මම කලේ අප්පොච්චගේ නම ගෙනියන එක..“

ඒ පාර සිංහයා දිනේෂ්ට පයින් පාරක් දුන්නේ තරු විසිවෙන්නටය.

“තෝ දැනගනින් උඹ දැන් අර සයිටම් එකට විරුද්ධව වේදිකාවල බෙරිහන් දෙනවා උඹට මතකද පහුගිය ආන්ඩුව කාලේ ඕවා හොඳයි කියලා බෙරිහන් දුන්නෙත් උඹමනේ මුලින්ම..යකෝ දෙපිටකාට්ටුවෙක් වගේ වැඩකරලා මගේ වලටත් හෙණගහන වැඩකරන්න එපා තවත්..තෝ මගේ එකෙක්ද කියලත් මට සැකයි දැන්..සේරටම කලින් මගේ චරිතාපදානයක් වත් කියවලා තෝ මම ගැන හරියට දැනගනින්..තකතීරුවා..“

දිනේෂ් බැනුම් වේගය වැඩිවෙනකොටම ඇස්දෙක වහගත්තේ ලැජ්ජාව වැඩිකමටමය. අන්තිමට ඇස්දෙක ඇරලා බලනකොට සිංහයා නැත. දිනේෂ් හෙමීට නැගිටලා වැලි එහෙම ගසලා දාලා සරමත් ඇඳගෙන ගේ පැත්තට යන්නට වුනේ මොකුත් නොවුණ ගානටය.

3 comments:

  1. මූ බොරලුගොඩ පිම්පියා

    ReplyDelete
  2. තෝ දැනගනින් උඹ දැන් අර සයිටම් එකට විරුද්ධව වේදිකාවල බෙරිහන් දෙනවා උඹට මතකද පහුගිය ආන්ඩුව කාලේ ඕවා හොඳයි කියලා බෙරිහන් දුන්නෙත් උඹමනේ මුලින්ම

    ඔන්න ඕකනේ අපේ දේශපාලකයන්ගේ තත්වෙ

    ReplyDelete