Feb 18, 2022

බොහෝ දේ කියාදුන් කාලයක් - Time teaches everything

 


මං හිතන්නේ පහුගිය මාස 6ටම මම මගේ යූ ටියුබ් චැනල් එකට එකම වීඩියෝ එකක්වත් දාන්න වුණේ නෑ. ඒ ජීවිතේ මට මුහුණදෙන්න සිදුවෙච්ච බොහොමයක් දේවල් නිසා. හරියටම පහුගිය අවුරුද්දක් වගේ කාලයක් කියන්නේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කාලයක්. ඒ කාලේ ගතවුණේ මාව සහ මගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්. මට හිතුනා එක පැත්තකින් මම මේ කොටුවෙලා ඉන්න තැනින් අඩියක් එළියට තියලා ආයෙත් චැනල් එක පටන්ගන්නත් එක්ක වීඩියෝ එකක් දාන්න, ඒක එක පැත්තකින් පාපොච්චාරණයක්, නැත්නම් ආත්ම කථනයක්. ඒ වගේම මට හා සමාන සිදුවීම්වලට මුහුණ දෙන ඕන කෙනෙක්ට පුංචි හරි උදව්වක් වේවි ඒකෙන් ගොඩ එන්න.

Jul 6, 2021

යළිත් දවසක හිනැහෙන්න - 09 කොටස

 


මෙතෙක් සියළුම කොටස් මෙතැනින් කියවන්න

දවස් කීපයක් තිස්සේ තද්ධිතට විවිධ රාජකාරී හේතු නිසා නගරයෙන් පිට යන්න සිද්ධවුණා. ඒ දවස්වල අනන්‍යාගේ සියළුම වගකීම් නැන්දා සහ රත්නේ මාමා බාරගන්න නිසාත් අවශ්‍ය ඕනෑම වෙලාවක චමීරා ඒ ආසන්නයේ රැඳෙන නිසාත් ඒ ගැන බයවෙන්න දෙයක් තිබුණේ නෑ. මැතිවරණ කටයුතු ඉලක්ක කරගෙන කරන ප්‍රසන්න සහ අප්‍රසන්න ප්‍රචාරණ යාන්ත්‍රණවලට ආයතනයක් විදිහට තද්ධිත රැකියාව කරන ආයතනය සම්බන්ධවෙලා හිටියත් බොහෝවිට තද්ධිත උත්සහකලේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඈත්වෙලා ඉන්න.

Jun 24, 2021

යළිත් දවසක හිනැහෙන්න - 08 කොටස


පසුගිය සියළුම කොටස් මෙතනින්

මිනිස්සුන්ගේ ජීවිතවලට එක් එක් කාලවලදි එක් එක් දේවල් වලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම තමයි දේවල් නිසා ජීවිතේ ඇතිවෙන වෙනස්කම්වලට අනුවර්තනය වෙන්න වෙනවා. කාලෙකට ඉහත තමන් කියවපු පොතක මේ අදහස ගැබ්වෙලා තිබුණා කියලා තද්ධිතට මතකයි. ඕනම මනුස්සයෙක්ගේ ජීවිතය කියන්නේ බොහොම සරලව සුමටව ගලාගෙන යන ගඟක් නෙවෙයි කියන එක අමුතු දෙයක් නොවුණට ජීවිතේ නිදහස වගේම සැනසිල්ල අවශ්‍යම කාලයේදී ඒවා නැතිවීම මානසික තත්වයට කරන්න පුළුවන් ලොකුම බලපෑමක්.

Jun 19, 2021

යළිත් දවසක හිනැහෙන්න - 07 කොටස

 


පසුගිය කොටස් සියල්ලම කියවන්න

ගාලු පාරේ එහා මෙහා යන වාහන සිය ගාණක අධික ශබ්දය අතරේ පවා ඇයට ඔහුගේ හුස්ම පිට කිරීමේ ශබ්ද ඇහුණා. මිට මොහොතකට කලින් හිටි ඔහු වෙනුවට යම්කිසි අසීරුතාවයකට පත්වුණු ඔහුගේ මුහුණේ හැඟීම් කියවන්න ඇය උත්සහ කලා.

Jun 13, 2021

යළිත් දවසක හිනැහෙන්න - 06 කොටස

 


පසුගිය කොටස් සියල්ලම මෙතැනින්

ෆේස්බුක් පණිවිඩය එක්කම තිබුණු ඇගේ නම දැක්කම තද්ධිතගේ මුහුණේ අපූරු හිනාවක් ඇඳුනා. ඒක කොයිම වෙලාවකවත් ඔහු බලාපොරොත්තු නොවුණු පණිවිඩයක් නිසාම මොනවගේ උත්තරයක් දෙන්න ඕනද කියන එක හිතාගන්න බැරිවුණා.

Jun 7, 2021

යළිත් දවසක හිනැහෙන්න - 05 කොටස

 


පසුගිය කොටස් සියල්ල මෙතැනින්

‘ඉක්මණට තීරණය දැනුම් දෙන්න මිස්..නැත්නම් අපි තුන්දෙනාටම නාන්න වෙයි..’

චමීරා තීරණයක් ගන්න බැරිව ලතවෙද්දි තද්ධිත අහස දිහා බලලා වැස්ස ගැන පුරෝකථන කරද්දි අසරණකමත් එක්කම මූණේ තියන හැඟීම් ටික පිටකරගන්න වුවමනාවෙන්ම ඇය අහස දිහා බලලා ඇස්දෙක පුංචි කරලා කට තදකරගත්තා. මීට මොහොතකට කලින් තමන්ගේ මුවින් පිටවුණු වචන ටික එක්ක මෙච්චර දවසක් හොඳට හිතලා බලලා වැඩකරපු තමන්ගේ අදහස් මොහොතත් එක්කම වෙනස්වීම චමීරාට විශ්වාස කරන්නත් අමාරුයි.

Jun 4, 2021

යළිත් දවසක හිනැහෙන්න - 04 කොටස

 


පසුගිය කොටස් සියල්ලම මෙතැනින් කියවන්න

පාට පාට ඇඳුම් ඇඳගත්ත පැටව් පේලීයට ඉඳගෙන අත් අල්ලගෙන සිංදු කියනවා. පරිසරයම ඒ සුන්දර නාදයන් එක්කම උදේ කාලය අමුතු සතුටකින් ගතකරනවා වගේ. ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ පොඩ්ඩෝ සේරම වගේ මිදුලේ කොළපාට තණපලස මත ගී කියමින් නටමින් ඉන්න දිහා ඈත ඉඳන් චමීරා හීන් හිනාවක් එක්ක බලාගෙන හිටියා. ඇයට මතක් වුණේ තමන්ගේ පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිලා කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට ගියපු හැටි. ගෙදර ඉඳන් වැඩි දුරක් නැති නිසා පයින්ම තාත්තා එක්ක උදේ යන ගමනෙදි ටිකක් දුර ගිහින් කකුල් රිදෙද්දි තාත්තා වඩාගෙන ගියපු හැටි මතක්වෙලා ඇස්දෙකට කඳුළුත් ආවා. දැන් මේ පොඩ්ඩෝ ගතකරමින් ඉන්නේ තමන් ඒ ගතකරපු කාලය කියලා මතක් වෙද්දි එක පැත්තකින් කාලය කොච්චර නම් වේගයකින් ගමන් කරලද කියලා චමීරාට පුදුමත් හිතුණා.

Jun 1, 2021

යළිත් දවසක හිනැහෙන්න - 03 කොටස

 


පහුගිය කොටස් 1 2

බ්‍රවුන්ස් හිල් කියන්නේ මාතර වෙරළේ ඉඳන් බැලුවම කෙළවරෙන්ම පෙනෙන සුන්දර කඳුවැටිය. ඒ මැද්දෙන් වංගු ගනිමින් දිවෙන මාතර-කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි ගොඩක් වෙලාවට දෙපැත්තේ දකින්න ලැබෙන්නේ සුඛෝපභෝගී නිවාස සහ හෝටල්. බ්‍රවුන්ස් හිල් නමත් එක්ක යටත් විජිත කාලයේ මාතර කතා ප්‍රවෘත්ති ගොඩක් මාතර ඉතිහාසයේ තියනවා. බ්‍රවුන්ස් හිල් වලට ඔබ්බෙන් ඈතින් පේන්නේ දෙවුන්දර තුඩුව. හවස් කාලෙට මේ තුඩුවෙන් විහිදෙන ආලෝකය ලංකාවේ උසම ප්‍රදීපාගාරයෙන් ඉපදෙනවා.

May 29, 2021

යළිත් දවසක හිනැහෙන්න - 02 කොටස

 


පළමු කොටස මෙතනින්

හවස් ආකහේ කළුකරගෙන කොහේදෝ නොතිබිච්ච වැස්සක් මතුවෙමින් තිබුණා. නිල්වලා ගඟ මුහුදට වැටෙන්න ඕන්න මෙන්න තියෙද්දි අරගන්න ලොකුම වංගුව පේන තෙක්මානෙට ඔබ්බෙන් තිබුණු කිරළ ගස්වලට එහා ඈත කළුපාට වළාකුළු තරඟෙට වගේ එක තැනකට රොක්වුණා. මිදුලේ ඉඳන් බැලුවම හරි අපූරුවට බටහිර පැත්තෙන් පේන මාතර නගරය වගේම පීක්වැල්ල කන්ද පාමුලින් ගමන්කරන මාතර-තංගල්ල පාරත් එක්කම මොකක්දෝ ප්‍රේමයකින් වෙලේවත්තේ ඉඳන් ටික දුරක් ගමන් කරලා පල්ලිමුල්ල හරියෙන් වෙන්වෙලා යන නිල්වලා ගඟ වැහි කළුවර නිසා තද දම්පාටින් පීක්වැල්ල කඳු මුදුනට පෙනුනා.

May 27, 2021

යළිත් දවසක හිනැහෙන්න - 01 කොටස

 


මාතර-නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඒ වෙද්දි පැවැත්වෙමින් තිබුණේ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ප්‍රවර්ධන ආයතන ගණනාවක මැදිහත්වීමෙන් සිද්ධවුණු මේ අවස්ථාවට දකුණු පළාත නියෝජනය කරන බොහොමයක් ප්‍රවර්ධනය සහ දැන්වීම්කරණය ව්‍යාපාරයක් විදිහට කරගෙන යන බොහොමයක් ආයතන වෙනුවෙන් විවිධ මට්ටම්වල නිලධාරීන් සහභාගීවුණා.