Jun 16, 2011

අතින් ඇල්ලීම නොහොත් අතගත් කිරිල්ලී

මේ සිදුවීම වෙලා එච්චර කාලයක් නෑ සරසවි ජීවිතයේ මම විඳපු සුන්දර වගේම විනෝදජනක අත්දැකීමක් විදියට මැරෙනකම් මේක අමතක වෙන එකක් නෑ. ඉතිං මේ සිදුවීමට සම්බන්ධ ගෑණු ළමයා අදටත් මට ගොඩක් ළඟ කෙනෙක් නිසා මේ සිදුවීමේ සැර බාල කරලා තමයි කියන්න වෙන්නේ. ඉතිං අපේ සහෝදරවරුත් මේ ගෑණු ළමයට මොකුත් කියන්න එපා හොඳද. මොකද මේ සිදුවීම මට සුන්දර අත්දැකීමක් වුණාට ඒ කෙලි පොඩ්ඩට තවත් මලපැනීමේ සිදුවීමක් වුණාද දන්නේ නෑනේ.

  ඉතිං මේක සිද්ධ උන දවසේ අපේ කැම්පස් එකේ ආපන ශාලාව බොහෝම කාර්යබහුල වේලාවක්. නවකයෝ ඇවිත් ශිල්ප දක්වන කාලේ. ඉතිං හවස් වරුවේ මට දේශන නැති වෙලාවක මං වාඩිවෙලා ඉන්නවා මේසෙක. වාඩිවෙලා තනියම සිංදුවක් කියාගෙන ඉන්නවා. ඉතිං ඔන්න ඒ වෙලාවේ මම කියන මේ කෙලිපොඩිත්ත අපේ වසරේම ගෑණු ළමයෙක. අපි ‍දෙන්නා ඉතිං හෙණ පිට් ඔය පිට් එක නිසාම ඉතිං මම පුංච් සද්දයක් දාලා කතාකරාම ඇවිත්  ලගින් වාඩිවුණා. ඉතිං ඔහොම වාඩිවෙලා එක එක ඒවා ගැන කතාකරන එක ‍අපේ සාමාන්‍ය පුරුද්දක්. ඔහොම යන චැට් ඉතිං ගොඩක් දුර ඇදි ඇදී යනවා. ඉතිං එදත් පුරුදු විදියටම අපි එක එක ඒවා ගැන ගොඩක් වෙලා කතාකර කර  ඉන්නවා.

    ඉතිං අපි දෙන්නගෙම පුරුද්දක් තියනවා මොකක් හරි දෙයක් අල්ලගෙන පොඩ්ඩක් රණ්ඩුවෙන එක ජොලියට. කාලෙකින් රණ්ඩු වුණෙත් නැති හින්දා දෙන්නම හිටියේ හරි අමාරුවෙන්. ඔන්න මේ වෙලාවේ මගේ අතේ තිබුණා පෙන් ඩ්‍රයිව් එක. මම ඉතිං ඒකේ වලිගෙන් අල්ලගෙන කරකව කරකව හිටියේ. මේක දැකපු ගෑණු ළමයට රණ්ඩුවකට පොටක් මතක් වෙලා ඉදිරුවා මම කරකව කරකව හිටපු පෙන් එක. මමත් නිකං හිටියේ නෑ ආයෙත් උදුරලා අරගෙන මිට මොලව ගත්තා.මේකිත් අතඅරින්නෙම නෑ දමාගෙන පෙන්එක උදුරනවා. මගේ අතින් උදුරලා ගන්න පුල් ට්‍රයි. ඒත් ඉතිං වැඩේ අමාරුයි. මේ වැඩකට නෙවෙයි නිකං ඉන්න බැරිකමට දෙන්නටම. දැන් කෙලිපොඩිත්ත මගේ අතහූරනවා පෙන් එක උදුර ගන්න. මේ වෙලාවේ මටත් ඉන්නම බැරිවෙලා තිබ්බේ අතහූරද්දි. දැන් පෙන්එක දුන්නොත් මේකි උඩපනිනවා සේරටම පේන්න. ඒකත් නෝන්ඩි වැඩේනේ වටේ පිටේ මේසවල සේරම හිටියේ දන්න කියන එවුන්.

  මේ වෙලාවේ ආවා මට යක්ෂයා ගෙන එන ජල්තර් අදහස්. දැන් මේකි මගේ අතඅල්ලගෙන මැරෙන්න හදනවනේ. මම කරේ ටිකක් බලං ඉදලා වටේ ඉන්න සේරටම ඇහෙන්න මහා හයියෙන් කිව්වා..


"හරි සුදූ...ඔයාට මගේ අතඅල්ලන්න ඔච්චරම ඕනනම් අපි යන් එලියේ බැම්ම උඩට..මෙතන රණ්ඩු වෙන්න ඕන නෑ"

මේක ඇහුණා විතරයි මහ සද්දෙන් වටේ හිටපු එවුන් සේරම අපි දෙන්නගේ විකාරේ දිහා බැලුවා. මගේ අතින් අල්ලන් හිටපු කෙලි පොඩිත්තගේ අත නිකං කරන්ට් වැදුණා වගේ අතඇරුනේ විදුලි වේගෙන්. අනේ මූණු පොඩිත්ත රතුවෙලා. ඇස්දෙක බලන්න දුකයි. කට ඇඹරිලා ගියා. නිකං නොගහ බැරිකමට වගේ මගේ උරහිසට එකක් ගහලා හිමීට මාරුවෙලා ගියේ වටේ හිටපු එවු‍න්ගේ පුංච් පුංචි සද්ද අස්සෙන්ම.


  කොහොම වුණත් අදටත් දුක සැප බෙදාගන්න මේ ගෑණු ළමයා ඉන්නවා. මේවගේ දේවල් අදටත් වෙනවා. ඒත් ඒ සහෝදරකමනම් චුට්ටක්වත් අඩුවෙලා නෑ.

6 comments:

  1. අන්තිම ටික නම් දැම්මෙ ගුටි කන්න වෙන නිසා නේද.

    ReplyDelete
  2. මට නම් සහෝදරියකගේ සහෝදරත්වය විදින්න ලැබිලා නෑ. මට ඉන්නෙම මල්ලිලා නේ. මොනා උනත් හිතුන දේ ලස්සනටම ලියලා. අර කිව්වත් වගේ අන්තිම ටිකක් ලීවේ නංගි කොස්සෙන් තමයි කියන බයටෙයි ????

    ReplyDelete
  3. අපොයි ඔව්..අනිවාර්යයෙන්ම මේක කියෙව්වොත් මට කන්නම වෙනව..ඒක නිසා තමයි ඒ ටික දාලා ෂේප් වු‍නේ..අද කොහේ ඉන්නවද දන්නෙත් නෑ..

    ReplyDelete
  4. හක් හක් රිටර්න් කම්මුල් පාරක් එහෙම ආවනං මරු නේ..

    අඩෝ දැන්නං අලුත් ටෙම්ප්ලේට් කෑල්ල මරු ලෝඩ් වෙන්නත් ඊයෙ වගේ හැටපැයක් යන්නෑ.. එල..

    ReplyDelete
  5. කට්ටියම කියනවා වගේ අන්තිම ටිකනම් දාලා තියෙන්නේ ෂේප් වෙන්න හිතාගෙන..

    ReplyDelete
  6. @කිඩෝ- තාමනං ආවේ නෑ බං..අලුත් ටෙම්ප්ලිට් එකට මුල් වුනේ උඹලගේ ඉල්ලීමි..ස්තූතියි මචං

    @‍දිනේෂ් - අම්මප මෙච්චර කතාවක් ලිව්වා හැම එකාටම පේන්නේ මේකේ අන්තිම වාක්‍ය විතරයිනේ..අනේ අනේ දිනේෂ්..කමක් නෑ ඉතිං

    ReplyDelete