Jun 20, 2011

ගිරවා හා සදාචාරය...

නිකං මාතෘකාව දැක්කම කට්ටියට හිනායන්නත් පුළුවන්. ගිරවා හා සදාචාරය කියන්නේ හරියටම ඌරා හා සෞඛ්‍ය වගේ මාතෘකාවක් කියලා මම දන්නවා. මේක එහෙම දෙයක් නෙවෙයි ගෝලීය කතාබහකුත් නෙවෙයි. අහපු කතාවක් සහ ඒකෙන් ගන්න පුළුවන් දෙයක් ගැන කියන්න යන්නේ. ඉතිං බොහොමයක් අය ඉස්සරනම් ගොඩක් ගෙවල්වල ගිරව් ඇතිකලා. ඒත් අද මිනිස්සුන්ට ඇතිවෙලාද ගිරව් අඩුවෙලාද කියන හේතු දෙකෙන් එකක් නිසා මේක ගොඩක් අඩුයි දැන්.


  කොහොමවුණත් මම මේක අහපු විදියට මහරගම කොල්ලෙක්ට වෙච්ච සිදුවීමක් තමයි. ඉතිං මේ කොල්ලාගේ යාළුවෙක් ඉඳලා තියනවා කෑගල්ල පැත්තේ. ඔය අරණායක පැත්තේ කැලේක ඉඳලා ගිරා පැටියෙක් හම්බ‍වෙලා මේ මහරගම කොල්ලට දීලා. ඉතිං පුංචි ගිරා පැටියා ගෙදර ගෙනැල්ලා බොහොම ආදරෙන් හදාගන්නවලු. ලස්සන කූඩුවක් හදලා ගෙදර ඉස්තෝප්පුවේ පැත්තක තමයි කූඩුව එල්ලලා තිබුණේ. ඉතිං පුංචි ගිරා පැටියට ගෙදර සේරම ආදරෙයිලු. මේ කොල්ලගේ අයියා ටිකක් සක්කිලියා. ඉතින් මේ යකාත් ගිරවට ආදරෙයි හැබැයි ටිකක් ගිරවට වදදෙනවා..එලියට අරන් විකාර කරනවා. හැබැයි කරුමේ කියන්නේ ගිරවත් වැඩියෙන් ආදරේ අයියට..අරතරම් සලකන කොල්ලට නෙවෙයි.(අදකාලේ කෙල්ලොත් එහෙමනේ..අනේ කතාකරලා වැඩැක් නෑ) ඉතිං මේ අමන ගිරවා අපේ කොල්ලා කියන ඒවා කියන්නේ නෑ..කොල්ලා කියනවා ගිරවා ලගට ගිහින් ...චූටී බත් කෑවද..බත් කෑවද කියලා..ගිරවනේද බල්ලට ගණන් ගන්නේ නෑ අපේ කොල්ලා..හැබැයි අයියා කියන ඕන මගුලක් කියනවා..

  මේ සක්කිලි අයියා කණමදයා වගේ බොනවා. බීලා ගෙදර ආවම තමයි ගිරවත් එක්ක පිස්සු නටන්න පටන් ගන්නේ. ඉතිං බීලා ඉන්න වෙලාවට අයියා ගිරව ආමන්ත්‍රණය කරන්නේ සුද්ධ සිංහලෙන්..ආ..වේ*** ගිරවෝ...වගේ ඒවත් ඊට අන්ත ඒවත් කියනවා..පස්සේ වෙච්ච ලොකුම අර්බුදය තමයි මේවා අහල නිකං නොහිටපු ගිරවා ගමටම ඇහෙන්න මේවා කියන එක..ඒ පලාතේ වටේම හිටියේ හොඳ වැදගත් මිනිස්සු. ගිරවගේ සදාචාර විරෝධී හැසිරීම නිසා තවදුරටත් ඉස්තෝප්පුවේ කූඩුව තියාගන්න බැරිවුණා..හේතුව තමයි පාරේ කව්රුහරි යනවා දැක්කගමන් මූ පටන් ගන්නවා කුණුහරුප වරුසාවක්.අර පාරේ යන කෙනා පේන්නේ නැති වෙනකම්ම මූ දන්න කුණුහරුප සේරම කියනවා. පස්සේ කොල්ලට දැන් ගෙදරින් දැඩි බරබර. කොල්ල හැදු‍වා මූ මුදාහරින්න.පස්සේ හිතුනා මූ තනියම ජීවත්වෙන්න දන්නෙත් නෑ ඇරත් මූ ගිහිල්ලා සමාජෙත් විනාශ කලොත්. පස්සේ කොල්ලා කූඩුව පිටිපස්සෙන් එල්ලලා. ගිරවත් තමන්ගේ තත්වෙට වෙච්ච හානිය දැකලා ටිකක් නිහඬ පිලිවෙතක් අනුගමනය කලාලු.

  ටික දවසකට පස්සේ අපේ මහරගම කොල්ලගේ ගෙදර සීයගේ දානේ තියන්න ලේස්ති වුණාලු. මේ කොල්ලගේ මාමා ‍විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතිං මාමා තමයි දානෙට මූලික වුනේ. දානේ දවස්වල ගිරවා එලියේ හිටියොත් නෑදෑයො දානෙටත් නොඉඳ යන බව දැනගත්තු ගෙදර උදවිය කොල්ලට කිව්වලු ගබඩා කාමරෙන් ගිරවා එල්ලන්න කියලා. දානේ දවසට කලින් දවසේ සේරම නෑදෑයෝ ඇවිත් ගෙදර එක යුද්ධයයිලු.

 දැන් ගිරවට මල පැනලලු ඉන්නේ කන්නත් වෙලාවට නෑ. ඉරඑළිය දකින්නත් නෑ.කතාවක් දාන්නවත් කව්රුත් නෑ. ඉතිං ඔය අස්සේ ‍අපේ කොල්ලටත් හෙණට වැඩ. ඒ අතරේ ඩොක්ට මාමා  කොල්ලට කතාකරාලු තැඹිලි වල්ලක් කඩාගෙන එන්න. ඉතිං දෙන්න තැඹිලි කඩාගෙන උස්සගෙන එනවලු ගබඩා කාමරේට. මේ වෙලාවේ ඔලුවේ තිබුණු ජරමර නිසා කොල්ලට අමතක වුනාලු ගබඩාකාමරේ ගිරවා ඉන්නවා කියලා. ඉතිං කොල්ලා තැඹිලි වල්ල උස්සගෙන හිටපු නිසා ගබඩාවේ දොර ඇරගෙන මුලින්ම ඇතුලට ගියේ ඩොක්ට මාමා තමයි.

  ගබඩා කාමරේට ඩොක්ට මාමා ඇතුල්වුණා විතරයි පටන් ගත්ත නේද කුණුහරුප වරුසාවක් ඩොක්ට මාමාට දුවාගන්න තැනක් නැතිවුනා. අපේ කොල්ලට දෙලෝ රත්වුනා. අනේ බයෙන් බිරාන්තවෙච්ච ඩොක්ට මාමා අන්ද මන්ද වෙලා කාමරෙන් මූණත් රතුවෙලා එලියට එද්දි කොල්ලගේ පිටිපස්සෙන් නෑදෑයෝ රොත්තම විකාරෙන් වගේ බලන් ඉන්නවලු. දොර වැහුවම තමයි යංතං කුණුහරුප කෝච්චිය නතර වුණේ.

  ‍මේකත් හරියට අර ගිරව් දෙන්නගේ කතාව වගේ තමයි. නරක ඇසුර තමයි සේරටම මුල..මගුල තමයි අහිංසක ගිරවුන්ට කුණුහරුප උගන්නන්න එපා යෝදයෝ...

9 comments:

  1. අහිංසක ගිරවුන්ට කුණුහරුප උගන්වන්න එපා.ඌ ගිරවා වගේ කියවන්න ගන්නවා. ඒ නිසා ඒ වැඩේ නම් කරන්නම එපා.

    ReplyDelete
  2. හනේ සෝයි ගිරවා නේ හි හි....

    ReplyDelete
  3. නරක ඇසුර නිසතමයි ඕකට එකම හේතුව.. ඉතින් ඊට පස්සේ ගිරවට මොකද දන්නේ නෑ කලේ??

    ReplyDelete
  4. @මධුරංග - මමත් ඒක තමයි කියන්නේ සහෝදරයා

    @කිඩෝ - ඔව් ඔව් මේ වගේ එවුන් හරී සෝයි

    @ගිනි - තෑන්ක්ස් සහෝ

    @දිනේෂ් - අනිවාර්යයෙන් දිනේෂ්

    ReplyDelete
  5. පට්ට ස්ටෝරිය. ලොවෙත් නෑ.

    ReplyDelete
  6. ගිරවෙක් වගේ සතෙක්ට කතා කරන්න පුරුදු කරනවනම් සභ්‍ය දේවල් විතරක් පුරුදු කරවන්න....

    ReplyDelete
  7. @කසුන් - ලොවි ගහෙත් නෑ..තෑන්ක්ස්

    @මකුළුවා - අනිවාර්යයෙන්

    ReplyDelete
  8. කාලයක් අපේ ගෙදර හිටියා ගිරවියෙක් ඌ ආසාවට එක වචනයක් වත් අපිත් එක්ක කතා කලේ නෑ..! අපේ ගෙදර හිටිය බල්ලාගේ නම් විතරයි කිය කිය ඌට කතා කලේ..! අනේ දැන් ඒ දෙන්නම නැහැ නේ..! :(

    ReplyDelete
  9. හික්ස්..ඔය බලු ගිරව් ඔහොම්මයි..අපේ අල්ලපු ගෙදර ගිරවෙක් හිටියා..ඌ මම දැක්කම පාත්තයා..හොරා හොරා ගානවා..මම උගෙ අහවල් ලබ්බක් හොරකං කරලද මංදා

    ReplyDelete