Jun 16, 2011

Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම..

මේක කියෙව්වට පස්සේ ඔයගොල්ලන්ට හිතේවි මෙහෙම පොරවල් තාමත් මේ ලෝකෙ ඉන්නවද කියලා. ඉන්නවා..ඒකට මම සාක්ෂි. මේක මරු කතාවක් වගේම අන්තිමට ඛේදාන්තයක් වෙන්න ගිහින් නූලෙන් බේරිච්ච සිදුවීමක්. සමහර විට ‍ඒ සමාජ ක්‍රමේ වැරැද්ද නිසා වෙන්න පුළුවන් නැත්නම් අපේ එකාගේ වැරැද්ද නිසා වෙන්නත් පුළුවන්.

  කතානායකයා පසන්. මගේ අතිජාත මිත්‍රයෙක්.මිනිහා ටිකක් අමුතු පොරක් කෙල්ලෝ ගැන දැක්වුවේ ටිකක් ස්වාධීන මත. පොදු මතේට ලව් කිරිල්ල මිනිහා ප්‍රතික්ෂේප කරා. ඒ දවස්වල නිකමට වගේ මිනිහා මාතර සුප්‍රසිද්ධ සුද්දන්ගේ කාලේ හදාපු බාලිකාවක කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඒත් ඒක නිකං නමට වගේ. මොකද පසන්ගේ ආකල්ප ටිකක් පරස්පර විරෝධී වැඩියි. ඔන්න ඔය දවස්වල තමයි Twilight චිත්‍රපටයේ පලවෙනි කොටස ලෝකේ පුරා නැගලා යන්න පටන් ගත්තේ. මගේ යාළුවෙක් බලලා මටත් වරුණෙ කිව්වා විතරයි මටත් බලන්න හිතුනා. 


   මං අඳුරන කෙල්ලෙක් ලග තිබිලා තැටියක් හොයාගෙන මගේ අතිජාත මිත්‍රයෙක්ගේ ගෙදර බලන්න සෙට් වුනේ තනියම බලන්න කම්මැලි නිසා. මගදි පසන් කාරයත් සෙට්වුණා. ඔන්න ඉතිං අපි තුන්දෙනාම බලනවා. අම්මේ බෙල්ලා කිසිම කැතක් නැතුව අර අමනුස්සයෙක්ට බොක්කෙන් ආදරේ කරනවා. අපිට ඉවසගෙන ඉන්න බෑ. චිත්‍රපටියනම් මරු. අපි තුන්දෙනාම හෙණ සැටිස්. අපි ඉතිං ‍ෆිල්ම් එකේ තැටිය අතට ගත්තට පස්සේ ඉතිං තවත් ඔය කතාව ඇගට ගන්න ගියේ නෑ.

  හත්තිලව්වේ අපි ඇගට නොගත්තට පසන් කාරයා ඕක ඇගට නෙවෙයි මයිල් ගහක් ගාණට අරගෙන. පස්සේ ඌ හැමවෙලේම කතා කරන්නේ බෙල්ලාගෙයි එඩ්වර්ඩ්ගෙයි ආදරේ ගැන. ඌ ෆිල්ම් එක බලලා සතියකට විතර පස්සේ හන්දියෙදි කරපු ප්‍රකාශයකින් අපි සෙට් එකම නිකං විකාර උණා.
"මචං මේ නිකං සීනිබෝල කෙල්ලන්ට ලව් කරලා වැඩක් නෑ..බලපං අර ටුලයිට්(මුට කියාගන්නත් බෑ) ‍ෆිල්ම් එකේ කෙල්ල නිකං සුපර් කොල්ලෝ හිටිද්දි යකෙක්ට ආදරෙන් මැරෙන්න හදනවා..මටත් එහෙම වෙන්නයි ඕන..මටත් ඕන අසාමාන්‍ය ගණයේ ආදරයක්..එකේ රැඩිකල් ගතියක් තියෙන්න ඕන"

පසන් කාරයා කියවගෙන යනවා අපි වෙව්ලනවා. හත්දෙයියනේ මේ යකා රැඩිකල් ලව්. අසාමාන්‍ය ලව් කියලා මොන  මලයකින්නියක් සෙට් කරගනීවිද දන්නේ නෑනේ. අපි එපාය ඒවා පස්සේ විඳින්න. මුගේ කෑල්ල කියන්නේ අපේත් යෙහෙලියක් වෙනවනේ. අනේ මමනං විකාරවුණා පසන්ගේ කතාව අහලා.
"මචං තොට පිස්සු හැදීගෙන එනවද..මෙච්චර ලස්සන වැදගත් කෙ‍ල්ලෝ හිටිද්දි..අර උඹ ට්‍රයි කරන නිලූෂා හිටිද්දි උඹ මොකටද බං මල යකිණ්නියෝ එක්ක යාළුවෙන්න හදන්නේ..වඳින්නම් බොට අපේ බොටු  ටික පරිස්සම් කරලා දීපං"

වරුණ කාරයා පසන්ට වැද වැද කිව්වා. පසන් කාරයා ඕකට ධර්ම බාසාවෙන් ප්‍රකාශයක් කලා.

"නෑ බං වරුණ..මට මලයකිණ්ණියක් කරගහගන්න ඕන නෑ..මට ඕන වෙනස් විදියක අසාමාන්‍ය ගණයේ ගෑණු ළමයෙක්..උඹලා හැමෝම දුවන පීල්ලේ දුවන්න මම කැමති නෑ.."

ඒ කතාවෙන් අපේ හිතට ටිකක් සැනසිල්ලක් ආවා. කොහොමවුනත් මුට මල යකින්නියෝ එපාලුනේ. ඒත් මූ මොන විදියේ කෙල්ලෙක් හොයාගනීවිද. අසාමන්‍ය ගනයේ කෙල්ලෝ කියලා ජාතියක් අපි දන්නේ නෑනේ. මූ මන්ද බුද්ධික කෙල්ලෙක් වත් කරගහගනීවිද. කමක් නෑ ඒකත් කාට හරි සරණක් වෙන්නන‍නේ. කොහොමහරි ඔය සිද්ධිය වෙලා ටික දවසක් ගියා. 

  මම අපේ වරුණටයි.ධනුෂ්කයටයි කිව්වා පොඩ්ඩක් පසන් කාරයා ගැන හොයලා බලපං කියලා. ඉතිං උං හෙව්වට විශේෂ මොකුත් වුණේ නෑ. මං ඉතිං ෆිල්ම් එක ගෙනාපු මෝඩකමට බැන බැන හිටියට මට හිතුණා පසන්ට ඕක අමතකවෙලා යයි ටික දවසකින් කියලා. ඒත් දවසක් හවසක වරුණයා අරං ආපු ආරංචියකින් මගේ මයිල් ස්මයිල් වුණා..

"මචං ජනේ...අන්න අර ගස් ගෙම්බා සෙට්කර ගන්න යනවා මරු අසාමාන්‍ය කෑල්ලක්..අපි වසලා ඉවරයි වගේ බං..අයියෝ බං"

සෙට් කරගන්නේ කව්ද කියලා දෙවනි කොටසින් බලමු.

6 comments:

  1. අසාමාන්‍ය කවුද කියලා බලන්න තවත් දවසක් ඉන්න වෙලා. ඒකත් නරක නෑ

    ReplyDelete
  2. ඕකනේ කියන්නෙ... හොඳ හරියට එද්දි මතු සම්බන්ධයි කොරනවනෙ... කැතයි.. කැතම කැතයි... හරි නරකයි...

    ReplyDelete
  3. නෑ නෑ කොල්ලනේ නිදිමත නිසා නැවැත්තුවේ අද දානවා ඉතුරු කෑල්ල..අනේ සොරි වෙයල්ලා

    ReplyDelete
  4. ඊලග කොටසින් කිව්වේ නැත්නම් බලාගමු ඉතුරු හරිය. :)

    අපෙත් ඔහොම එකෙක් හිටියා. ඒකා සුපර් මෑන් ෆිල්ම් එක බලලා ඊක ඌට ආවේශ වෙලා. බෙඩ් ශීට් එක බෙල්ලේ ගැට ගහන් හොස්ටල් එකෙන් බිමට පනින්න හදනකොටම අල්ලගත්තා. නැත්නම් ඉතින් ඉවරයි.

    ReplyDelete
  5. අපොයි දානවා දානවා..මම හිතන් හිටියේ මෙහෙම එවුන් අඩු ඇති කියලා..ඉන්නවනේ ගොඩක්

    ReplyDelete