Aug 9, 2011

හමුවුණා...අනේ හමුවුණා...5 වැනි කොටස



*********************************************************************************

  මම ෆ්ලොරන්ස් එකෙන් එලියට බැස්සේ හීනෙන් වගේ. හිතේ මහා බරක් තිබුණා. අතේ තිබුණු බෑග් දෙකේ බර කලින් ගොඩක් දැනුනත් දැන් තදින්ම දැනෙන හිතේ බර නිසා බෑග් බර අමතක වෙලා වගේ. කාත් එක්කද ඉරූ අරවිදියට ආදරෙන් කතාකලේ. දෙයියනේ මගේ හීන ලෝක සේරම එකම තැන බිදිලා යාවිද? හිතාගන්න බැරි විදියට මම අසරණ වෙලා. ඉරූ කාටහරි අයිතිනම් මම මොකද කරන්නේ. ඇයි මට ඒක හරියටම දැනගන්න බැරිවුණේ.

   ෆ්ලොරන්ස් එකෙන් එළියට බැහැලා හීමිට ඇල්ටො පොඩ්ඩට නැගලා බෑග්දෙක පිටිපස්සේ ෂීට් එකට දැම්මා. ටික වෙලාවක් සුක්කානම අත්දෙකෙන්ම අල්ලගෙන කල්පනා කලා. වාහනේ පණගන්වන්න වත් හිතක් නෑ..ඒත් හිත ඒ සිද්ධිය සාධාරණීකරණය කරලා මම සාමකාමී කරන්න හදනවා...කව්රුහරි ඉරූ අදුරන කෙනෙක් වෙන්න ඇති...ඒත් අරවිදියට කතාකරනවද කොල්ලෙක් එක්ක ඇරෙන්න..

   නොදැනීම වගේ ඇස්දෙකත් රතුවෙලා. වා‍හනේ පණගන්වගෙන පුරුද්දට වගේ හිමින් හිමින් බෝධිය පහුකරලා ආවා. මහනාම පාලම උඩදි තදබදය අතරේ නවත්තගෙන හිටිද්දි ඈත මෝය කට පැත්තෙන් පේන දර්ශනේ දකිද්දි හිතට හරිම අසරණ කමක් දැනුනා..ඉදලා ඉදලා මම කරන්න ගත්තු ආදරණීය ආදරය ඇරඹුමම කදුලක් වේවිද?..‍අනේ මංදා..ටිකක් වේගය වැඩිකරලා ගෙදර ආවා. ඇවිත් කතා නොකරම කාමරේට ගිහින් දොර වහගෙන ඇදට වැටුණා.

   ඒ අතරේ ෆ්ලොරන්ස් එකෙන් පිටවුණු ඉරුදිකා ඉක්මණින්ම ගියේ ස්ටේෂන් හන්දියට. සෙන්තෝමස් එක ගාවින් පාර මාරුවෙලා අමිල ස්ටූඩියෝ එකගාවට ගියේ විදුලි වේගයෙන්..නවීන පන්නේ පල්සර් යතුරු පැදිය නවත්තගෙන මූණත් කළුකරගෙන ඉන්න මූණ දැක්කම ඉරුදිකා ටිකක් බයවුණත් එක්ක...ඉරුදිකා එනවා  දැක්ක ගමන් ඔහු යතුරු පැදියේ කණ්ණාඩියේ එල්ලුවේ අතේ තිබුණ හිස්වැසුම..ඊලගට ඔරවලා බැලුවා ඉරූ දිහා..

...මම දැන් කීයේ ඉදන් මෙතනද...කෝල් ගන්නවා ගන්නවා ආන්සර් කරන්නෙත් නෑ...

ඔහු කියාගෙන ගියේ වටේ පිටේ අයටත් ඇහෙන්න..ඉරූ හිනාවුණේ සමාව ඉල්ලන් ප්‍රවේශයක් ගන්න

...අනේ   සොරි මගේ අයියණ්ඩියේ..වැඩ ගොඩයිනේ අද....

අයියණ්ඩියේ? එතකොට මේ හිටියේ ඉරූගේ අයියා. එකම අයියා. ධනංජය..එතකොට ‍සදීප ලග හිටිද්දි කතාකරෙත් අයියම තමයි. පවි සදීප බයවුණු තරමක්..

...සොරි තමයි..යංකෝ ගෙදර මම අම්මා එක්ක බලාගන්නම්..

යතුරු පැදියට දෙන්නම නගින ගමන් අයියා ඉරූට ආදරණීය තර්ජනයකුත් කලා..ඉරූ බයික් එකට නැගලා අයියව බදාගත්තේ උතුරන සහෝදර සෙනෙහසින්..

...මගේ අයියා මට සමාව දෙනවා..මම දන්නවෝ...

...ඔව් ඔව් සමාව තමයි...මම අම්මට කියලා තමයි ගිය සතියේ ගියේ යන්න දෙන්න එපා කියලා කොහේවත්..බබා ඔයා තමයි අම්මටත් බන්නවන්නේ...

යතුරු පැදිය හක්මණ පාරේ යන ගමන් අයියා කිව්වා. ධනංජය වැඩ කරන්නේ ‍කොළඹ පුද්ගලික ආයතනයක පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙක් විදියට. ගෙදර එන්න වෙන්නේ සතියකට සැරයක්. ඒ ආවත් ඉක්මණට ආයෙත් දුවනවා. ඉරුදිකාට තමන්ගේ එකම අයියගේ මේ කාර්යබහුල ජීවිතය හොදටම ඇතිවෙලා තිබුණේ..අදත් ගෙදර ආවේ දවල් වෙලා. එනකොටත් ඉරූ නැති නිසා තමයි ටවුන් එකට ගිය ගමන් නංගිවත් දාගෙනම එන්න කතාකර ගත්තේ. 

  තමන්ගේ නංගි පොඩ්ඩ හුරතල් වෙලා සමාව ඉල්ලද්දි මොන අයියටද හිත තදකරගෙන ඉන්න පුළුවන්. ධනංජයත් ටිකක් කෑගහලා සමාව දුන්නා. කොහොමහරි ගෙදර යද්දි දෙන්නා හොදටම යාළුයි.

******************************************************

   පහුවෙනිදා කාර්යාලෙට ගියෙත් හිත හොදින් නෙවෙයි. බලාගෙන හිටියේ කොයිවෙලාවේ හරි ඉරූ තමන්ට කෝල් එකක් දෙයි කියලා. ඒත් හිතේ සැකයක් තිබුණා ඒ වෙලාවේ ඉරූ නම්බර් එක ගත්තේ වදෙන් ගැලවෙන්න දෝ කියලා..ඒ විතරක්ද අර මුකුළු කර කර කෝල් කරපු කෙනා..ඒක මතක් වෙද්දි මගේ ඇගේ මාළු නටනවා...අ‍පරාදේ නිකං ඕක මතක් කරලා දවස සවුත්තු නොකරගන්න හිතා ගත්තා.

  තමන්ගේ කාර්යාල කාමරේ හරි හුරුබුහුටි විදියට තියාගෙන ඉන්න හරිම ආසවක් තියනවා. ඒක ජීවිතේ වැඩි කාලයක් ගෙවෙන තැන නිසා ගෙදර වගේම ආසවෙන් තියන් ඉන්න මාර දුකක් විදිනවා. ඉතිං කාර්යාල කාමරේට ආවත් හිතේ තිබුණු පුස්කාපු ගතියනම් හරිගියේම නෑ. වෙනදට මොන ප්‍රශ්නේ තිබුණත් ඔපීස් රූම් එකට ආවම සේරම හරියනවා..ඒත් අද..

  ඒ අතර සීනුව නාදවුනා දොර අසල තියන. කව්ද පාන්දර?

..කම් ඉන්...

..ගුඩ් මෝර්නින් මිස්ට සදීප...

මගේ දෙවනියා නුවන්ත..උදේම සුපුරුදු කේලාම් ටික අරගෙන ඇවිත්. දැන් ඉතිං පැයකට යන එකක් නෑ. මට ඕන වුනේ ටිකක් තනිවෙලා ඉන්න. කොහෙද..

...සර් මම පොඩි බඩ්ඩක් ගෙස් කරන්නම්...

නුවන්තගේ කතාවට මම විකාර වුණා..මොකාටද මේ යකා එන්න හදන්නේ.

...හා කරමු බලන්න..

කල්පනා කර කර හිටපු නුවන්තයා එකපාරටම දාර ගලක් අතෑරියා වගේ අතෑරියා හෙණ කේලමක්. කරුමේ කියන්නේ ඒක මම ගැනනේ.

...සර් ලගදිම බදිනවා...

..මොකා..මේ මම...තමුසෙට පයිත්තියන්ද ඕයි..මම එහෙම එකක් ගැන හිතලවත් නෑ..

මම සේරම අප්සට් මූඩ් අමතක කරලා කිව්වා..

...සර්ට නැතිවුනාට සර්ගේ ගෑනු ලමයට එහෙම අදහසක් ඇති..නැතිනම් සර් එක්ක ෂොපින් යාවියැ...

මොකක්ද මේ යකා මේ කියන්නේ. මගේ ඔලුවට දැන් තමයි කාරනේ ආවේ. රොයිටර් පුවත් සේවේ මාතර විශේෂිත නියෝජිතයා වෙච්ච නුවන්තට මමයි ඉරූයි ෆ්ලොරන්ස් එකේ ඉන්නවා දර්ශනය වෙලා ඇති. ඒකනම් සහතිකයි.

...තමුසෙ ඔය කියන්නේ ඊයේ ෆ්ලොරන්ස් එකේ හිටපු එකද?

..අන්න හරි සර්...අන්න නියම තැනට ආවා...සර් පාටියක් දෙනවද දැන්ම..දෙනවනම් කලින් කියන්න සර්...මම අද ෂෝට් ලීව්..නැත්නම් මට මිස් වෙයි..

...තමුසේ මගුලක් කතාකරනවා..ඒ මම දන්න කෙ‍ල්ලෙක්...

...ඔව් ඉතිං සර් අපි කව්රුවත් නොදන්න කෙල්ලෙක් කසාද බදින්නේ නෑනේ...

හිතේ තිබුණු දුක අස්සේ මේ යකා කියන කතාවලට හිත තවත් අවුල් වෙනවා.

...ඒකි බදින්න කෙනෙක් ඉන්නවා ඕයි...

මම තරහටම කිව්වා. නුවන්තගේ මූන අදුරුවුණා..

...ඒකත් එහෙමද..එහෙනම් දුක තමයි...‍

..මොන දුකක්ද අයිසේ...මේ බයිල නොගහ දැන් ගිහින් ඊයේ සමන්ති මිස් ඉවර කරපු ප්‍රොජෙක්ට් ෆයිල් එක ගේනවා...

නුවන්ත හිනාවක් දාගෙන පිටවෙලා ගියා. හිතට යන්තං නිවනක් දැනුනා. ඒත් හි‍තේ දුක දවසෙම තිබුණා.

******************************************************

  අවුරුදු ගාණක් තිස්සේ ඇදි ඇදී යන මෙගා කතාවක් අහම්බෙන් වගේ බලලා ඇදට ගියේ නිදාගන්න නෙවෙයි. කාලෙකට පස්සේ හිතුනා පොතක් කියවන්න. හිතේ බරගතිය යන්නත් එක්ක පිටුවක් දෙකක් කියෙව්වා. යසුනරි කව්බතාගේ ලස්සන පොතක්. මම ගොඩක් ප්‍රියකරන ලේඛකයෙක්. පොතට වශීවෙලා හිටිද්දි දුරකතනය නාදවුණා.

...හෙලෝ...

...හෙලෝ මේ සදීප අයියද?...




  

6 comments:

  1. හෆ්ෆච්චියේ.. ඉතිරි ටිකත් දාන්න ඉක්මනට :D

    ReplyDelete
  2. හැක් හැක් මම හිතුවේ මේ ලව් එකටත් විකට් දෙකට කැඩෙන්න බෝලයක් ආව කියලා... තාම නෝමල් දුවනවනේ අවුලක් නෑ.... ඉක්මනට අනිත් ටිකත් දාන්න

    ReplyDelete
  3. සෙන්තෝමස් එක ගාවින් පාර මාරුවෙලා නේ ගියේ .... එල එල ..වැඩේ හරියනව මචන්.... ඔහොම යං....

    ReplyDelete
  4. හයියෝ අප්පා... අගේ කරනවනේ !!! මේ, ඔයාගේ ඇඩ් වැඩියි හොඳ ද ? මෙගා එකක් නටන්නටද හදන්නේ ?

    එළ එළ... සදීපයට කෙල්ල සෙට් වෙයි වගේ නේ... එහෙනම් ලබන පෝස්ට් එකෙන්ම පාටිය ගමු !!!

    ReplyDelete
  5. ලකුණු 10 යි...

    දේව්දාස්...

    ReplyDelete