Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jun 7, 2012

අවසානයේ අවසන් විය... [කෙටි කතාව]



හැමදෙයක්ම වගේ නිසල හින්දම බද්දෙගම හෝල්ට් එකත් නිසල වෙලා තිබුණා. කීප දෙනෙක් විතරක් හිටපු බස් කීපයක්ම නවත්තලා තිබුණා. මම සහ ඔයා අඩියක විතර පරතරයක් තියාගෙන ඇස්දෙක දිහා බලාගෙන හිටියා. ඔයාගේ පුරුදු හිනාව මූණේ තියෙද්දි.

“දැන් කොහේටද යන්නේ ඔයා ?“

මම ඇහුවේ ටිකක් කණට ලංවෙලා. බෝල දෙකක් වගේ දඟලන ඔයාගේ ඇස් දෙකේ සතුට වගේම දුකත් මිශ්‍ර වෙලා තිබුණා.

“මීපාවලට යනවා..යාළුවෙක්ගේ ගෙදර“

හිනාවෙලා ඔයා කිව්වා. ආයෙත් අපි දෙන්නා අතර නිහඬතාවක්.

“ඔයා ගියාම මමත් යනවා ගෙදර..ඒත් අද ලැබුණු මතක සේරම අරගෙන“

මගේ වචන ඔයාගේ පපුවේ සීතල වතුර වගේ වදිද්දි හුස්මක් ඉහලට අරගෙන ඔයා හිනාවුණා.

“පරිස්සමින් යන්න හොඳද“

“ඔයත් පරිස්සමින් යන්න බබා“


යන්න කියලා බස් එකට නගින්න ගියාට ඔයාගේ කකුල් දෙක ඔයාටම වාරු නෑ. මේ බස් නැවතුමේ මම තනිකරලා යන්න ඔයාගේ ඇඟේ සෛලයක් සෛලයක් ගානේ ඉඩ දෙන්නෙ නෑ කියලා හොඳට දැනුනා.

“ඔයා යන්න බබා...පරක්කු වුනොත් අම්මා හොයාවි“

එහෙම කිව්වම ඔයා යන්තම් යන්න හිත හදාගත්තා. හීන් සීරුවෙ මට අත වනලා යමින් තිබුණු බස් එකටම ඔයා නැග්ගා. මූණේ ඒ තිබුණු හිනාව බස් එක නොපෙනී යනකන් නෙවෙයි දවස් ගණනාවක් මගේ ඇස්දෙකේ තදට බැඳුනු දැල්ලක් වගේ රැඳිලා තිබුණා.

                                       * * * * * * *

   මම එහෙම ලියලා සටහන් පොතින් අතගත්තා. කටු පෑන පැත්තකින් තියලා ජනේලයෙන් එලිය බැලුවා. ජනෙල් පොලු අතරින් ලිඳගාව ඉද්ද ගහේ මල් පිපිලා තියනවා පෙනුනා. කිරි සුදු පාට මල්. මතකය එතනින් ආයෙත් ආවේ නෑ.

  ඒ අපේ අන්තිම හමුවීම. ඔයාවත් මමවත් නොහිතපු විදියට ඒක අන්තිම හමුවීම වුනා. හැමදේම වෙනස්වුනා, ජීවිතේ තත්පරෙන් තත්පරේ හිත හැදුණා, කැඩුණා ආයෙත් හැදුණා. ඒත් ඒ මතක වලට ආයෙත් යන්න හිතට බැරිවුණා.

 දන්නවද බබා තාමත් ඒ අඩිය තියපු තැන්වල මතක එහෙම්ම ඇති. ඒ නොමැකෙන පා සටහන් උඩ දැන් අපිට අඩිය තියන්න බැරිවෙලා. ඔයාගේ අඩිය ලොකුවෙලා, මගේ අඩිය පොඩි වෙලා, ඒ මදිවට ඔයා නිකන් වෙලාවටවත් නොගලවන සෙරෙප්පු දෙකකුත් දාගෙන. ඒ පාසටහන් උඩින් කොහොමවත් යන්න බැරි වෙලා.

 ආයෙත් සටහන් පොත උඩට කටු පෑනත් එක්ක අත ගත්තා. ලොකු හුස්මක් අරගත්තා. බබා...ඔයා වෙනුවෙන් හැමදාම ලියන්න තරම් හිත දැන් හයිය නෑ. මේ සංසාරේ මෙතනින් ඉවර නෑ. අපේ මතක හැමදාම කොහේ හරි තියේවි, මමත් කොහේ හරි ඉඳීවි, කරපු නොකරපු නොලබපු ලබපු දේවලුත් කොහේ හරි රැඳේවි...ඔයා වෙනුවෙන් ලියන අන්තිම වචන ටික මම ලියනවා...

“මෙලොව ඇත්තේ යාම් ඊම් පමණි“

සරත්චන්ද්‍ර මහත්තයගේ මලවුන්ගේ අවුරුදුදා...ඇත්ත අපි ගියා අපි ආවා..දැන් ආයෙත් අපි යනවා...ඇත්ත බබා හැමදේම ගිහින්. හිතාගන්න බැරි විදියට.


- නිමි -

8 comments:

  1. කතාව මගේ හිතට නම් බොහොම සමීප වුණා.. උපරිමයි අයියේ!
    ජය!!

    ReplyDelete
  2. mekaa matanam aththama kathaawak, athdakimak magema. lassanata liyalaa thiyenawa

    ReplyDelete
  3. මාරම ලස්සනට ලියලා තියෙනවා අයියේ.හිතට දැනෙනවා ගොඩක්.

    ReplyDelete
  4. සිරා කතාව ජනා..

    ඒත් ලියලා තියෙන්නේ වෙන කෙනෙක් නේද? කවුද ඒ?

    ReplyDelete
  5. සිරා. . . . . . . . ආ ආ ආ ආ ආ ආ ආ
    ලෙසටම ලියල තියෙනවා :)

    ReplyDelete
  6. hitata wadunu,lassana kathawa.ayya meka lassanata liyala tiyenawa.

    ReplyDelete
  7. අමුතුය් කතාව හැබය් ලස්සනය්

    ReplyDelete
  8. මම ආසයි අය්යේ මේ කතාවට,මේ විදියටම නොවුනත් බොහෝදුරට මේ හා සමාන අත්දැකීමක් නිසා.

    ReplyDelete