Dec 9, 2012

අහසේ අද්භූත එළියක්...දැක්කාද?


වේලාව - සවස 6
ස්ථානය - වැල්ලවායට නුදුරු ගම්මානයක ගැමි ගෙදරක්

සුමනදාස ඇඟපත හෝදගෙන ඇවිත් කුස්සියේ හිරමනේ වාඩිවොල හාමිනේ එක්ක ටිකක් කාත කර කර හිටියා. දවසෙම හේන් කොටලා මහන්සිවෙලා ඇවිත් හවහට ටෙලිවිෂන් එක ඉස්සරහ වාඩිවෙන්න කලින් සුමනදාස හාමිනේ එක්ක  ටිකක් කතාබහ කරන්න අමතක කරන්නේ නෑ.

“වැස්සට මොකෝ හාමිනේ තාම පොලව කට්ට වගේ“

“ඒකත එහෙමද..තාම පොළව පෙඟිලා නැතුව ඇති..“

“වෙන්ටැති හාමිනේ...“

“ඒ වුණාට පොලවේ සාරෙ අඩුවක් නැතුව ඇති  නේද?“
“ඔව් ඔව් ඒකනම් එහෙමයි“

ඒත් එක්කම සුමනදාසගේ ලොකු කොළුවා බෙරිහන් දෙන හඬ ඇහුණා එලිපත්ත පැත්තෙන්

“තාත්තේ...තාත්තේ පොඩ්ඩක් එන්නෝ....“


කොළුවා කෑගහනවා ඇහුණා විතරයි සුමනදාස කලබල වෙලා නැ ගිට්ටා..හාමිනෙත් උයන පිහන ඒවා පැත්තක දාලා එලිපත්ත පැත්තට දිව්වා..හවහ පොත් පාඩම් කරකර හිටපු පොඩි කෙලීත් තාත්තයි අම්මයි පස්සෙන් එලියට දිව්වා.

“මොකද මොකද පුතේ...සතෙක්වත් කෑවද උඹව“

සුමනදාස කලබල වෙලා කෑගැහුවට මොකද කොළුවගෙන් එහෙම දෙයක්නම් පෙනුනේ නෑ. කොළුවත් වැඩිය ඇඟට ගන්නේ නැතුව හිටපු විදියට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුනා.

“නෑ නෑ තාත්තේ....අර බලන්නකෝ“

කොළුවා ආකාහේ දිහාට ඇඟිල්ල දික්කරා..තඹ පාටට ඉරබැහැලා යන ගොම්මන් වෙලාවේ ආකාහේ පැහැදිලිව පේන පැත්තට කොල්ලගේ ඇඟිල්ල දක්වෙලා තිබුණා. තාත්තා අම්මා වගේම නංගි පොඩ්ඩත් ඒ දිහාව බැලුවා.

පැහැදිලි ආකාහේ ඒ පැත්තේ අමුතු එලියක් දිලිසෙනවා..තරුවක් වගේමයි..එලියනම් හරිම සැරයි.

“ඒ මොක්කද හාමිනේ ඒ...“

“තරුවක්නම් වෙන්න බෑ මයෙ හිතේ...“

හාමිනෙත් තමන්ට දැණුන දේ කියලා දැම්මා. පොඩි එකීත් තමන්ගේ  දැනුම අනුව නිරීක්ෂණය කලා

“අම්මා හරි තාත්තේ...ඒක තරුවක් වෙන්න බෑ..ඊට වඩා ලොකුයි..අර අර ඊට වඩා ඒක හෙලවෙනවා..“

පොඩි කෙලී පෙන්නුවමයි කට්ටිය ඒක දැක්කේ. කට්ටියටම හූස් ගෑවුණේ ඒක දැක්කමයි.

“අම්මපල්ලා හාමිනේ ඒක හෙලවෙනවනේ..ඒකනම් තරුවක් වෙන්න බෑ..“

කට්ටියම බෙල්ලේ හතරකොන් රිදෙනකන් උඩබලියන් බලාගෙන හිටියත් එලිය නැතිවුනේ නෑ. ටිකක් රෑ වෙනකොට හාමිනේ කුස්සියට ගියා. කෙලී පාඩම් කරන්න ගියා, කොල්ලගේ තනියට අද්භූත එලිය මුර කරපු සුමනදාසත් කුස්සියට යන්න ගියා.

“තාත්තේ ඕක පිටසක්වල යානයක් වෙන්න බැරිද?“

කෙලී කියපු කතාවට සුමනදාසට ටිකක් බයත් හිතුනා. මේ දවස්වල විතරක් නෙවෙයි සුමනදාසලා පොඩි කාලෙත් පියාඹන පීරිසි වලින් එන කුරුමිට්ටෝ ගැන තදටම කතාව තිබුණා. සුමනදාසට ඒවා සේරම එකින් එක මතක් වුනා.

“ඒවා කියන්න බෑ දුවේ...අබුද්දස්ස කාලේ නොවැ..“

මේ අද්භූත එලියක් ආකාහේ තියනකං සුමනදාසට ටෙලිවිෂන් එකවත් දාන්න හිතුනේ නෑ.

“නෑ නෑ දුවේ...පිටසක්වල යානයක් වෙන්න බෑ...අර ජයරත්න මහත්තයා කියනවනේ එහෙම දෙයක් තියනවනං...මම අහගෙන පහුගිය දවසකත් උන්නෑහේ ප්‍රවෘත්තිවලට කියනවා එහෙම ඒවා නැතිලු..ඒවලින් ලංකාවට ප්‍රශ්නයක් නැතෙයි කියලා“

හාමිනේ හැන්දත් අරන් සාලෙටම ඇවිත් තමන් අහපු ඒවා කිව්වා.

“ඒ උන්නැහේ ආකාහෙට ගිහින් බලලද...ඒ උන්නැහෙත් අපි වගේම බිම ඉඳන් නොවැ ඕවා කියන්නේ...කව්ද දන්නේ පිටසක්වල යානයක්වත් පාත් වෙනවද කියලා“

එතකොටම ආයෙත් කොලුවා එලියේ කෑ ගහනවා.

“තාත්තේ තාත්තේ...අර එලිය ටික ටික ලොකු වෙනවා“

සුමනදාස දඩි බිඩි ගාල එලියට පැනලා ආකාහේ බැලුවා. ඇත්ත නේන්නම් කලින් තිබුණට වඩා එලිය ගොඩක් ලොකු වෙලා..දැන් එක එක පාටත් පේනවා.

“ඔහෙ පලයන් ඇත්ත නෙව...මේකනම් පිටසක්වල යානයක්ම තමයි...මට පේන්නේ එන්නෙත් අපේ ගෙවල් පැත්තටමයි...කුරුමිට්ටෝ මෙහෙට බහියිද දන්නේ නෑ...කාලා හමාරයි එහෙම වුනොත්“

තාත්තගේ කතාවට ඔල්මොරොන්දන් වුණු ලොකු කොල්ලා සුමනදාස දිහා විකාරෙන් වගේ බලන් හිටියා. සුමනදාස අඩියට දෙකට ගෙට ගියා.

ගිහින් කමිසයක් එහෙම දාගෙන මල්ල අතට ගනිද්දි හාමිනේ බැලුවා ඒක

“ඔහේ කොහෙද මේ ගොම්මන් වෙලාවේ යන්න හදන්නේ...“

“කඩේට ගිහින් හොඳවයින් ඇම්බුන් ඇවරියකුයි, මීකිරි හට්ටියකුයි ගේන්න“

හාමිනේ ඇස්දෙක නලලේ තියන් බැලුවා.

“ඒ මොකටද?“

“ඇයි හාමිනේ අර පිටසක්වල එවුන් හදිස්සියෙවත් මෙහෙට ආවොත් දෙන්න දෙයක්වත් නෑනේ ගේ හරියක“

හාමිනේට ඒක අහලා යකා නැග්ගා. හරකා කියලා මෙහෙමත් මෝඩ වැඩ කරන්න යනවද.

“අනේ මේ..ගෙට වෙලා ඉන්න...පිටසක්වල එවුන් ඔහේගේ ඇම්බුන් ඇවරිය කන්න එන එකක් නෑ...මමනම් ඔය පිටසක්වල කතා විශ්වාස කරන්නේ නෑ“

සුමනදාස කමිසෙ ගලවලා වාඩි වුනා. දැන්නම් ටිකක් හිතට බයත් එක්ක. උන්නැහේට මතක් වුනේ තමන් අහලා තිබුණු කතාවක්. ඇමරිකාවේ පැත්තකට පිටසක්වල ජීවියෝ අලුත්ම ආයුධ වලින් ගහපු කතාවක්. ඒක මතක් වෙද්දි ඇඟත් සීතල වුනා.

“තාත්තේ ...තාත්තේ මෙහෙ එන්නෝ..“

කොලුවගේ කෑගැහිල්ලට කල්පනාවේ හිටපු සුමනදාස උඩගියා. ඒක නිසා කලින් වගේ දඩිබිඩියේ දුවන්නේ නැතුව ඇතුලෙම ඉඳන් මොකද කියලා ඇහුවා

“මේක තව තව ලොකු වෙනවා...පාත් වෙනවා“

“ඒකත් එහෙමද...ගොඩක් පාත්වෙලාද“

“ඔව් තාත්තේ දැන් ගොඩක් හොඳට පේනවා...මේක අමුතුම එකක්“

ඒ කතාවට සුමනදාස ටිකක් වික්ෂිප්ත වුණා

“මොකක්“

ටිකක් හියියෙන්ම ඇහුවා

“ඔව් තාත්තේ....අම්මෝ...තාත්තේ තාත්තේ මෙන්න මේකේ කොඩියකුත් ගහලා තියනවා“

ඒ පාරනම් සුමනදාසගේ විතරක් නෙවෙයි හාමිනේගෙත් කකුල් දඩිබිඩි ගාලා එලියට දිව්වා..කෙල්ලත් පස්සෙන් ආවා

“මොකක්ද පුතේ කොඩිය“

දුවන ගමන්ම සුමනදාස ඇහුවා

“ශ්‍රී ලංකා කොඩියකුයි...තව කොඩියකුයි තියනවෝ“
ඒක ඇහුවම සුමනදාසගේ මයිල් කෙලින් උනා..ඒ මොකක්ද යකඩෝ ඒ ලංකාවේ කොඩිය ගහපු පිටසක්වල යානේ. සුමනදාස එලිපත්තට බැහැලා උඩින් එන විශාල ආලෝකයෙන් ගැලවෙන්න ඇස්දෙක උඩින් අත තියලා උඩ බැලුවා. බැලුවා විතරයි සුමනදාසගේ කන්දෙක රත්වුණා

“අප්පට උඩු හාමිනේ...මේ අර රෝහිත බේබි උඩ ඇරපු චන්දිරිකාව නේද?...මල හත්තිලව්වයිනේ...මේක මොකද මෙහේට පාත්වෙන්නේ“

ඒක අහපු හාමිනේටත් තරු විසිවුණා.

“හත්දෙයියනේ...මේ පැත්තටමයි පාත්වෙන්නේ...චීන්නූ කලා කිව්වම මට හිතුණා නොරෙච්චෝලේ වගේම වෙන්න ඇති කියලා“

“ඉතිං හත්තිලව්වේ මේක චීනෙන් නග්ගපු එක කොඩිය අපේ කියලා මෙහෙට පාත්වෙලා හරියනවද...“

“අනේ මන්දන්නෑ දෙයියනේ...ඇරපු තැනට ගිහිල්ලා නෑ වගේ මේක...පාත් වෙන්නේ ගෙවල් පැත්තටමයි“

“අතට අහුවෙන දෙයක් අරගෙන ජීවිතේ බේරගන්න දුවමු යෝදියේ“



13 comments:

  1. අග මඩ කැල්ල නැතිව තිබුනනං අපුරුම පෝස්ටුවක්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා සාහිත්‍ය කියන්නේ ඇත්ත නෙවෙයි..මැවීම සහ ප්‍රත්‍යකෂකරණය..වැනීම වගේම වැනසීමත් එතන තියනවා...අවුරුදු තුනක් පුරා සිංහල බ්ලොග් කලාවේ ඒ සංකල්ප නොතිබ්බනම් අද ඉතිරිවෙයි ලබ්ධික වචන ගොඩක්...ස්තූතියි මිත්‍රයා අගය කීරීමට..කේයස් කරෙත් ජීවත කාලේ පුරා මඩ ගහපු එක...මමත් පුළුපුළුවන් වෙලාවට මඩක් දෙකක් ගහනවා..හැබැයි සාහිත්‍යමය මඩමිසක් අමු අමු කුප්ප මඩ නොවෙයි

      Delete
    2. oya uda gonata terenne ne u kondak nati anduwe 2.50 pattara karayek

      Delete
  2. ඔන්න සුදු වෑන් එකක් පන බේරාගන දුහපං

    ReplyDelete
    Replies
    1. කැලේ ගස් කැලේම ගස් නසනවා අඩුයි මිත්‍රයා..වරිගෙට වරිගේ කැපෙන්නේ එකම වරිගේ නිසා නොවැ

      Delete
  3. අනේ ඉතිං ඔ්කත් මිනිහෙක්ගෙ ගේකට ම පාත් උනා නේ! :D

    ReplyDelete
  4. මං හිතුව කොහෙ හරි පණ බේරගෙන දුවන්න ඇති කියලා පහුගිය ටිකේ උඹ පේන්න නැති කොට. ඕක වැටෙන්න වෙන තැනක් තිබුනෙම නැතැයි. නියමයි. ජය...!

    ReplyDelete
  5. අනේ අප්පේ අපේ පොඩි බේබිගේ පුංචි හීනේ.....

    ReplyDelete
  6. නිදහස් සංකල්ප වලට ඉඩ දෙන්න... ඒකට කාගෙන්වත් තහනමක් නෑ...
    මරු...... එච්චරයි කියන්න තියෙන්නෙ...

    ReplyDelete
  7. නියම රචනාව ජනා සහෝ... හුඟ කාලෙකින් මේ පැත්තේ ආවෙත් ! නැද්ද අළුත් කථාවක් එහෙම ?

    ඒලියන් උණ ආයෙමත් නැග ගෙන එනවා නේද ? ඇත්තටම එහෙම එකක් තියෙනවද මන්දා ? මොනවා වුනත් පරිස්සමෙන්ල නාසා එකෙනුත් කියලා තියෙන්නේ ලංකාවේ දකුණු පැත්තේ ගුරුත්වාකර්ෂණය අඩුයි කියලා !!!

    ReplyDelete
  8. හෑ...
    ඉස්සෙල්ලමද මන්ද මේ පැත්තට ආවෙ... නියම පොස්ටුව..අපුරුවට ලියල තියනවා...
    මඩ ටිකත් මරු....

    ReplyDelete
  9. හත් ඉලව්වයි made in china නේ :P

    ReplyDelete