Mar 16, 2013

ෆැන්ටසි පුරය - 2 වැනි කොටස



වැඩි වෙලාවක් සහ මහන්සියක් නැතිව මටත් රත්ගමයාටත් සුජාතා ආන්ටිගේ ගෙදර හොයාගන්නට පුළුවන් වෙච්ච එක හොඳට ගියා. නැත්නම් දවල්ට කාපු දේවල් ඉවරවෙනකන් හොයන්න උනානම් රෑට කන්න වෙන්නේ දත්මිටි තමයි. ගෙදර හොඳට හදපු සුන්දර පිලිවෙල ගෙයක්. වටේ පිටේ ගෙවලුත් එක වගේම තමයි. කොහොමත් ෆැන්ටසි පුරේ ගෙවල් සේරම එකම ක්‍රමේකට වගේ තමයි හදලා තිබුණේ. සුජාතා ආන්ටි මැද වයසේ බොහොම ප්‍රියමනාප කෙනෙක්, අපි බොහොම සුහදව  පිළිඅරගෙන සාලෙට එක්කගෙන ගිහින් බොන්න බීම එකකතු හදලා දුන්නා.

“මේ දරුවෝ දෙන්නා කොහේ කියලද කිව්වේ?“

සුජාතා ආන්ටි ප්‍රශ්න වටය කෙටි ප්‍රශ්නයකින් ආරම්භ කලා.

“මම ගාල්ලේ, මෙයා රත්ගම ආන්ටි..“

මම කිව්වම බීම එක අස්සෙන් රත්ගමයා විරිත්තුවා. ආන්ටි හිනාවෙලා උත්තරේ පිලිගත්තා.

“අපේ පවුලේ ඉන්නේ මමයි මගේ හස්බන්ඩ් ප්‍රියන්ත එයා වැඩ කරන්නේ ප්‍රයිවර්ට් කම්පනි එකක, පුතා රිද්ම..එයානම් තාම පුහුණුවකට යනවා..දුව රුවින්ද්‍යා..මට සුජාතා ආන්ටි කියලා කියන්නකෝ...මේ පැත්තනම් හරිම නිස්කලංකයි පුතාලාට“

එතකොටයි කාමරේක දොර රෙද්ද අස්සෙන් කොට කෙල්ලෙක්ගේ ඔලුව ආවේ..දොර රෙද්ද අතින් අරගෙන කටේ දාගෙන හප හප ඇඹරෙන්නේ සුජාතා ආන්ටිගේ දූ පොඩ්ඩ කියලා හිතුනා..තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නෑ ලොකුවට හිටියට...

“මචං මිරිස් ටිකක් ගෙනාවනම් මේකිට කියලා අඹරවා ගන්න තිබ්බා නොමිලේම..පේනවද අඹරන ඇඹරිල්ල ලැජ්ජාවේ...හත්තිලව්වේ හිරි ඔතප් තියන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව..“

රත්ගමයා මගේ කණට කරලා කිව්වා..අපි දෙන්නා ඒ පැත්ත බලන් ඉන්නවා දැකලා සුජාතා ආන්ටි හඬ අවදි කලා.

“ආ...ඒ තමයි මගේ දුව..“

එතකොටම ඇඹරිල්ල තවත් වැඩිවුණා. අපි දෙන්නා හිනාවෙලා ෂේප් වුණා.

“එහෙනම් පුතාලා කාමරේට යන්නකෝ...දුව අයියලාට කාමරේ පෙන්නන්කෝ..“

රුවින්ද්‍යා අපි උඩ තට්ටුවේ කාමරේ ළඟට එක්කගෙන ගියා..ඒක ලොකු කාමරයක් වගේ.

“මේකේ තව කොල්ලෙක් ඉන්නවා කිව්වා නේද නංගි...“

“ආ ඔව් අයියේ...එයා ගමේ ගිහින් දැන් ටිකකට කලින් ආවේ...ඇතුලේ ඇති...මම යන්නම් අයියේ...“

රුවින්ද්‍යා නංගි පාඩුවේ ඉන්න කෙනෙක් කියලා තේරුණා ටිකක් ඇඹරුවට...රත්ගමයා කාමරේ දොරට තට්ටුවක් දාන්න අත තියද්දිම දොර ඇරුණා. කාමරේ දැක්කමයි තේරුණේ තුන් දෙනෙක්ට වැඩිත් කියලා.


“ඈ බං අකියෝ...මේක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ෆැන්ටසි පුර ශාඛාවවත්ද...“

කාමරේ තිබුණ පුරා වස්තු වගේ පරණ පරණ දේවල් දැකලා රත්ගමයා බෙරිහන් දෙද්දි මටත් ඒකම හිතුනා..ඒ බෙරිහන් දීපු එකට පැත්තක දොරක් ඇරගෙන තුවායකුත් ඇඳගෙන හීන්දෑරි කොළුවෙක් එලියට ආවා..අපි දැක්කම හිනාවකුත් ගියා.

“ආ ඔයාලද අලුතෙන් ආව අය...හොඳයි හොඳයි..මම නාන්න ගියා“

අපි දෙන්නම ලෝභ නැතුව මිනිහට හිනාවුණා.

“මම ශයංග...මම තමයි මේ රූම් එකේ මෙච්චර කල් හිටියේ...තනියටත් එක්ක හොඳයි ඔයාලා ආපු එක...බෑග් තියලා වාඩි වෙන්න“

මේ යකාගේ ඔයා මෙයා කතා අහලා අපි දෙන්නම විකාර වෙලා හිටියේ. කොහොමහරි හොඳ කොල්ලෙක් කියලා තේරුණා. මිනිහා පරණ දේවල් වලට කැමති ඇන්ටික් පොරක්..ඒක නිසා තමයි කාමරේ ගොඩක් දේවල් පරණ දේවල් වලින් තියන් ඉන්නේ. කොහොම හරි අපි නාලා කියලා පොඩි නින්දක් එහෙම දැම්මා ශයංගයගේ කියවිල්ල අතරෙම.

                                  * * * * * * * * *

හවස් වරුවේ අපි තුන් දෙනා බැල්කනියට වෙලා කතා කර කර හිටිද්දි ශයංග ගියා අපි දෙන්නටත් එක්ක තේ හදන් එන්න. මිනිහා හරි හොඳ පොර..ඒ එනකං අපි දෙන්නා තැන ගැන කතා කලා.

“බං අකියෝ..තැනනම් අවුලක් නෑ වගේ නේද?“

“ඔව් බං...දැනටනම් අවුලක් නෑ..බලමුකෝ සුජාතා ආන්ටියේ හබී ප්‍රියන්ත ලොක්කයි පුතා ලොක්කයි ආවම තත්වේ..“

“ඒකත් ඇත්ත තමයි..“

එතකොටම පහල ගේට්ටුව පැත්තෙන් බයික් එකක සද්දේ ආවා...ගේට්ටුව ඇරුනා...ඇතුලට ආවේ හුරුපුරුදු ස්කූටියක්...ආපු දෙන්නා හෙල්මට් ගැලෙව්වා..හත්තිලව්වයි මේ අපි දෙන්නා මීට පැය ගාණකට කලින් හැප්පෙන්න ගිහිල්ලා අවුරුදු ගාණකට බැණුම් අහපු මල යක්ෂනියෝ දෙන්නා නේද..අපිව හොයාගෙන ඇවිත්ද මන්දා..අපි දෙන්නගේම ඉහ මොල රත්වෙන්න ගත්තා..එතකොටම ශයංගය ඇවිත් තේ..තේ ගානවා ඇහුනෙත් නෑ..

“ඒ බං ශයංග...කව්ද අර කෙල්ලෝ දෙන්නා...“

ශයංගයා බැල්කනියෙන් ඔලුව දාලා බැලුවා. ශයංගයගේ මූණත් කළුවුනා.

“අපෝ ඔය දෙන්නා මෙහේ නැවතිලා ඉන්නේ මං වගේ...උඩ තටුවේ කාමරේක..කොච්චි කරල් දෙකක්..“

ශයංගය කිව්වම මගේ මූණ ඇදවෙලා මම රත්ගමයා දිහා බැලුවා..රත්ගමයා නිකං ගොම ගොඩක් පෑගිච්ච සේතං වගේ මූණ ඇදවෙලා බලං ඉන්නවා මගේ දිහා.

                                       ***************

“මටනම් ඉන්න බෑ යකෝ මෙහේ....කොහොමද අර යස්සනියෝ දෙන්නා එක්ක ඉන්නේ...නිදහසේ ඉන්නනේ තැනකට ආවේ..“

රත්ගමයා කාමරේට වැදිලා බඩු ලේස්ති කරනවා වෙන තැනක් හොයන් යන්න.

“පිස්සු කරන්න එපා යකෝ...දැන් උඹම නේද කිව්වේ මෙතන හොඳයි කියලා..“

“ඒ දැන් ටිකකට කලින්නේ...ඒ මුන් දෙන්නා එන්න කලින්..මට බෑ මුන් එක්ක ඉන්න..අනිවා දවසක් දෙකක් යන්න කලින් මුන් දෙන්නා අපිට දාගෙන නෙලනවා..“

රත්ගමයා නහයෙන් අඬනවා..ශයංගයා ඇස්දෙක ටොම්බ සයිස් කරගෙන අපි දෙන්නගේ විකාරේ බලං ඉන්නවා.මම මිනිහට අපිට වෙච්ච අකරතැබ්බ සැකෙවින් කියලා දුන්නා.

“මචං අපිට ලේසියෙන් තැනක් හොයාගන්න වෙන්නේ නෑ..ඒක නිසා ටිකක් ඉඳලා බලමු උන් ලෙඩක් අදීවිද කියලා...කව්ද දන්නේ පාරේදි සිංහ පාට් දැම්මට මෙතනදි බලු පාට් ද කියලා..අනික මේක උන්ගේ ගෙදර නෙවෙයිනේ..“

මම කිව්වම රත්ගමයා ටිකක් සන්සුන් වුනා.

“අකිල කියන කතාව ඇත්ත..“

ශයංගයත් සපෝට් එක දුන්නා..

කොහොම හරි ෂේප් එකේ රෑ වුනා..අපි කඩෙන් ගෙනත් කෑවා ශයංගයා එක්ක. මෙහේ ඉතින් කඩෙන් තමයි කෑම. ෆැන්ටසි පුරේ කඩවල කෑම එච්චරම අවුලකුත් නෑ වගේ. අර ගෑණු දැරිවියෝ දෙන්නගේ සද්දෙකුත් නෑ..අපි තුන්දෙනත් කාමරේටම වෙලා හිටිද්දි රෑ වුනා.

“මේක හරි වැඩක්නේ යකෝ...කවුද යකෝ දොර වැහුවේ...කාලා බීලා එනවා බලං ඉන්න බැරි එකෙක්ද...කරුණාකරලා මේ දොර අරිනවද නැත්නම් මම ඇරලා පෙන්නන්නද?...“

විනාඩි ගාණක් ගියේ නෑ පහල පැත්තෙන් මහා සද්දයක් අවේ අපේ නිදහසට නැවත බාධා කරමින්.



- 3 වැනි කොටස මෙතනින් -
                                 

16 comments:

  1. නියම කතාව අප්පා. අර ඉස්සෙල්ලා ලියාගෙන ආපු කතාව ඉවර වුනාද??? මතක නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක පටන් ගත්තු තැනම් වාරණයක් ආවා සුදු අක්කේ..කතාවේ අයිතිකාරයා මට ලියන්න එපා කියලා තර්ජනය කලා අනේ..එපාර මේක පටන් ගත්තේ ගිය සතුයේ

      Delete
  2. ඇත්තටම හැඩ කථාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි සහෝදරී

      Delete
  3. ශුවර් එකට ගෙදර මනුස්සය ශොට් එකක් දාගෙන ඈවිත් වගේ.. :පි..

    ReplyDelete
    Replies
    1. ඉවසපන් මස්සිනේ ඊළඟ කොටස එනකං

      Delete
  4. මොකාද යකෝ ඔහොම බෙරිහන් දෙන්නේ . .

    අංකල් කාරයා වත්ද?

    අහ් රත්ගමයා කෙල්ලන්ට ඔයි තරම් බය ඇයි බන් :D

    ReplyDelete
    Replies
    1. ඒවා රත්ගමයාගේ සැඟවුණු රහස්..එලිකිරීම තහනම්ය..

      Delete
  5. ලබන සතියේ දෙන්නා අම්බානකට කයිද>

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඒ කොල්ලෝ දෙන්නා ගැන අසුභවාදීවම හිතන්නේ

      Delete
  6. අවුලක් නැත්ද අවුලක් නැත්තෙමත් නැද්ද මන්දා...

    බලමු මොකද වෙන්නේ කියලා ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ලොකු අවුලක් තියනවා මචං

      Delete
  7. :D :D maru kathawa hode :D :D kathawe charitha adurana nisa mawila penawa :P :P :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රාර්..හිමහංසිගේ ඇඹරිල්ලනම් හොඳට මැවිලා පේනවා ඇති නේද..හිකිස්

      Delete
  8. හීන්දෑරි කොළුවෙක්????? උබට පිස්සුද බන්.මන් වගේ හොද බොඩි බිල්ඩර් කෙනෙක්ට නිගා කරන්න එපා ... :පි :පි ..එල එල ජනා දිගටම ලියපන්

    ReplyDelete
    Replies
    1. ඒක කියපං උඹව දැකලා නැති එකෙක්ට..තැන්කූ මස්සිනා..දිගටම උඹේ චරිතය තියනවා මචං

      Delete