May 1, 2013

“සිතුවම“ කෙටි කතා එකතු - අපේ ඉසව්වෙන් පුංචි තිළිණයක්

“අපේ ඉසව්ව“ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයට එක්කරලා පසුගිය අප්‍රේල් 17 ට අවුරුදු තුනක් සපිරෙනවා. සිංහල බ්ලොග් අවකාශය තුල වසර තුනක් පුරාවට ලියපු දේවල් වලට බොහොම ඉහල ආත්ම තෘප්තියක් තිබෙන බව කිව යුතුමයි.අපේ ඉසව්ව බ්ලොග් අඩවියේ නිවුන් සහෝදරයා වන “සිතුවිලි පලස“ බ්ලොග් අඩවියත් කවියෙන් අවුරුදු තුන සපුරන්නෙත් එදාටමයි.ප්‍රතිපත්තියක් විදියට වසර 4 ක් සිංහල බ්ලොග් අවකාශයේ රැඳෙමින් වසර තුනක් බ්ලොග් රචනයේ යෙදෙමින් ආරක්ෂා කරපු දේ තමයි රටට,සමාජයට හෝ පුද්ගල මනසට අහිතකර නොවන සදාචාර සම්පන්න බ්ලොග්කලාවක යෙදීම සහ පුද්ගල චින්තන අභිවෘද්ධීයට,වින්දනයට,දැනුමට වඩාත් වැදගත්වන දේ රචනයේ යෙදීම කරන්නට ලැබුණ එක බොහොමත්ම සතුටක්.

    ඉතින් අවුරුදු තුනක් සපිරුන දවසේ දෙන්න හිටපු පුංචි තිළිණයක් පමා වෙලා හරි ඔබට අද දෙන්න හැකිවුණා. ඒ තමයි මම විසින්ම රචනා කරපු “සිතුවම“ කියන කෙටි කතා එකතුව. මේ කෘතිය ඊ-පුස්තකයක් විදියට පහතින් බාගත(Download) කරගන්න ඔබට පුළුවන්. 


      මෙම සිතුවම කෙටි කතා  එකතුව කෙටි කතා 9 කින් සමන්විත වනවා. ඒ සියලුම කෙටි කතා 2010 සිට 2013 දක්වා අපේ ඉසව්ව බ්ලොග් අඩවියෙන් සිංහල සයිබර් අවකාශයට මා විසින්ම ඉදිරිපත් කරපු කෙටි කතා.
  • නුඹ සහ මම උපන් නගරය අතර
  • ලද හැමදේටම වඩා නොලද එකම දේ වටිනා බව
  • රෑ සමනලියකගෙන් පාර අසාගෙන
  • සන්තාප මාවත
  • අවසානයේ අවසන් විය
  • සිතුවම
  • කැන්ටරය
  • පින්තූරය
  • නුඹ නාව නෙතු ගාව

කෙටි කතා මෙලෙස ඊ-පුස්තකයක් විදියට එක්කරලා ඔබට ඉදිරිපත් කරන්නට හැකිවුණා. මින් පෙරත් අපේ ඉසව්ව ප්‍රකාශන ලෙසින් මෙවැනිම පුස්තක කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට හැකිවුණා. ඒවා මෙතැනින් ඔබට බාගත කරගන්නට පුළුවන්.

  ඉතින් මේ පුංචි තිළිණය ඔබ සතුටින් බාරගනීවි කියලා මම විශ්වාස කරනවා.මෙම කෙටි කතා නවය බ්ලොග් අඩවියේ පලවූ විට බොහොමයක් ප්‍රතිචාර ලැබී තිබුණා.එසේ ප්‍රතිචාර දැක්වූ අයට වගේම වසර තුනක් පුරාවටම අපේ ඉසව්ව සහ සිතුවිලි පලස යන මගේ සාහිත්‍යමය හස්ත යුගලය සමග සිටි ඔබට බොහොම ස්තූතියි කියලත් කියන්නම ඕන. ඉතින් “සිතුවම“ කෙටි කතා එකතුව රසවිඳලා මිතුරන් අතරේ බෙදාහැරලා ඔබගේ අදහස් කියන්න කියලත් පුංචි ඉල්ලීමක් කරනවා

16 comments:

  1. අදේ ඒ වැඩේ මරු, දෙයියනේ කියලා ඩේටා ටිකත් බේරන් ලස්සන කතාවක් බලන්න පුළුවන්, මේ ඒක නෙවෙයි, මූණු පොතෙන් කොයි ගියේ? O.o

    ReplyDelete
    Replies
    1. මූණු පොතෙන් ඉවත්වුණා ශම්මි.බොහොම ස්තූතියි.කියවලා බලන්නකෝ හොඳද නැද්ද කියලා.

      Delete
    2. එලස්. බ්ලොග් එකටයි ඊ පුස්තක වලටයි සිමා කරන්නේ නැතුව ඔය ටික මුද්‍රණය කරලා පොතක් විදියට එලි දැක්වුවොත් හොදයි නේද ?

      ඔන්න උඹ මුණු පොතෙන් ගිය එකට ශෝකය පල කරලා මම බ්ලොග් පෝස්ට් එකකුත් දැම්මා ;)

      Delete
    3. අමම ගහයි බැට් එකෙන්..මම දැනුයි දැක්කේ තොගේ පෝස්ට් එක..කනවා උඹව ඉඳපිය..

      මුද්‍රණය ඉදිරියට කරන්න හිතන් හොඳ නිර්මාණ ටිකක් කරන්න හිතන් ඉන්නවා අරුණයා.බලමුකෝ.

      Delete
  2. සහෝදරයා මේ නිර්මාණ මුද්‍රිත ප්‍රකාශනයක් විදියට එලිදැක්වුවොත් අන්තර්ජාලය පරිශීලනය නොකරන පාඨකයින්ටත් වැදගත් වේවි. සුබපැතුම් මචං. ජය...! (නොකියම මුණු පොතෙන් ගිය එක ගැන අපේ විරෝධය)

    ReplyDelete
    Replies
    1. මුද්‍රති ප්‍රකාශනයක් විදියට එලිදක්වන්න තරම් හොඳ මට්ටමේ නිර්මාණයක් තාම මගෙන් බිහිවුනේ නෑ කියලා තමයි මම හිතන්නේ මචං.කොහොම වුනත් බොහොම ස්තූතියි මචං.කියවලාම බලපං කෝ.මුහුණු පොතෙන් හදිස්සි වෙන්ව යාමට හේතුව ඒ දිහාවට වැඩි වශයෙන් අවධානය යොමුවීම සහ කාලය කියන ගැටළුව සහ පසුගිය සමයේ ඉඳන් මාව ඉලක්ක කරගෙන පිරිසක් සිදුකරන නින්දා සහගත ක්‍රියාවලියක් හේතුවෙන් පුද්ගලික දත්ත ආරක්ෂාව උදෙසා මූණු පොතේ ගිණුම වසා දමන්නට සිදුවුනා.නොදන්වා ඉවත්වයාම ගැන සමාවෙයන් මචං

      Delete
  3. නියමයි ජනා.. මම උඹව මුල් කාලේ ඉදන්ම දන්නවා.. උඹේ හැම නිර්මාණයක්ම බැළුවා.. කමෙන්ට් කලා.. (දේශපාලන එවුවනම් මග ඇරලා ඇති)

    මං ලග තාමත් උඹ ලිවුව හමුවුනා අනේ හමුවුනා කතාව ඩවුන්ලෝඩ් කරපු එක තියෙනවා.. සතුටුයි ජනා උඹ ගැන.. මේකත් කියන්න දෙයක් නෑ.. මම අර ගත්තා.. දැන් දැන් බ්ලොග් වල හොද නිර්මාණ කරන එක ලේසි වැඩක් නෙමෙයි කියලා හිතනවා.. ඒත් උඹට ඒක ජය ගන්න පුළුවන් බව විශ්වාසයි.. සුභ පැතුම් ජනා..

    ප.ලි බුකියේ වැදගත් සංවාදයක් පටන් ගන්න හිතද්දිම උඹ ඒක දාලා ගිය එක ගැන කණගාටු වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂ්.මගේ ලිපියක උඹේ කමෙන්ට් එකක් නැත්නම් ඒක ලිපියක් වෙන්නේ නෑ වගේ තමයි.බොහොම ස්තූතියි බං උඹේ ඒ කැපවීමට.බොහෝවිට මේ කෙටි කතා සේරම වගේ උඹ කියවලා ඇති.

      බුකියේ විතරද බං වැදගත් සංවාද පටන් ගන්න පුළුවන්.බ්ලොග් අවකාශයෙත් ඒක යස අගේට කරන්න පුළුවන්.ආරම්භය විතරයි දෙන්න ඕන මචං

      Delete
  4. හිටහං හිටහං බාගන බලමු

    ReplyDelete
    Replies
    1. බලලම කියමුකෝ එහෙනම්

      Delete
  5. අදමයි ගොඩ වෙන්න ලැබුණේ. නව කතාවට කෙටි කතාවට පෙම්බැඳි හිතක් හඳුනාගැනීමට ලැබීම සතුටක්. ඔබේ උත්සහය සාර්ථක වේවායි පතමි. කතා එකින් එක හෙමිහිට කියවල බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වචන ටිකට.ඔබටත් සුබ පැතුම් සාර්ථක අනාගතයකට

      Delete
  6. ඔක්කොම බා ගත්තා "හමු උනා" e-book එක එළකිරියේ තිබ්බ ලින්ක් එකකින් කලින් බා ගත්තා. හැබැයි තවම කියවලා නැ. මම හිතුවේ එතන තිබුන අනිත් නවකතා වගේ සීනිබෝල නව කතාවක් කියලා. අද රැ කියවන්නම් එක.
    පොඩි උපදෙසක් දෙන්නම් ebook එකක් විදිහට එලි දක්වනකොට කළු පසුබිමේ සුදු අකුරු වලින් එලි දක්වන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් ගොඩක් දෙනෙක් ස්මාර්ට් ෆෝන් පාවිචි කරන නිසා. මම උනත් වැඩ කරන තැනින් දවල්ට මේවා download කරගෙන රැට මගේ ෆෝන් එකෙන් තමයි කියවන්නේ. computer screen එකට වැඩිය ඇහැට අමාරුයි ෆෝන් එකේ screen එකේ එලිය. computer screen එකේදී උනත් මේ ක්‍රමය ඇහැට පහසුයි තද කළුම නොවුනත් අළු පාටට හුරු කළු පාට තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. බොහොම වටිනා උපදෙසක් මිත්‍රයා.ඉදිරියෙදි ඒ ක්‍රමය අනුගමනය කරන්න උත්සහ කරලා බලන්නම්.බොහොම ස්තූතියි අදහසට

      Delete
  7. මට මේ සිංහල ඩවුන්ලෝඩ් කරලා කියවන්න බැ මොකද කරන්නේ ඒකට

    ReplyDelete
  8. යාලු මට ඩවුන්ලෝඩ් කරලා කතා බලන්න බැනේ උදව් කරන්න

    ReplyDelete