Apr 19, 2014

සුබ උපන් දිනයක් “අපේ ඉසව්ව“ සහ “සිතුවිලි පලස“


අප්‍රේල් 18 කියන්නේ අපේ ඉසව්ව සහ සිතුවිලි පලස කියන නිවුන් බ්ලොග් අඩවි දෙකේ සංවත්සරය සැමරෙන් දවස. හරියටම 2010 වර්ෂයේ අප්‍රේල් 18 වෙනිදා උදෑසන ගාල්ල වටරැක ප්‍රදේශයෙන් මුලින්ම අන්තර්ජාලයට එක්කල බ්ලොග් අඩවි දෙක අදවන විට සිව් වසරක කඩඉම පසුකරලා. නිරාමිස ප්‍රීතියක් විඳින්නට හැකි මට්ටමට මේ බ්ලොග් අඩවි දෙක අද පත්වෙලා. “සිව් අවුරුදු අස්වැන්න“ නෙලන මොහොතේ ඒ සතුට විඳින්නට හැකිවීම ඉතාමත් තෘප්තිජනක සිදුවීමක්.

   සිංහල සයිබර් අවකාශයට දෛනිකව එකතුවන බ්ලොග් අතරේ බොහොමයක් රසවිඳින්න අද අන්තර්ජාලයේ සිංහල වපසරිය තුල සැරිසරන හිතවතුන්ට හැකිවෙලා තියනවා. අපේ ඉසව්ව නිර්මාණය කලේ කාලීන, දේශපාලනික මති මතාන්තර ඉදිරිපත් කිරීමට සහ නව කතා, කෙටි කතා වෙනුවෙන්මයි. එහි ප්‍රතිපලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් 5ක් ඉදිරිපත් කරන්නට හැකිවුනේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි. ඒ අතරේ පාඨක සිත් ඇද බැඳ තබාගත් නව කතා තුනක් සම්පූර්ණ කල අතර “සංකලනි“  නවකතාව තවමත් පලවෙමින් පවතිනවා.


   ඒ අතරේ සිතුවිලි පලස වෙන්වුනේ කවි නිර්මාණ වෙනුවෙන්මයි. අද වනවිට ලංකාවේ ඇතැම් පාර්ශව උපුටාගෙන ස්වකීය ප්‍රකාශන ලෙස ඉදිරිපත් කරන තරමට සිතුවිලි පලසේ කවි පාඨක හදවත් ජයගෙන අවසන්. ලක්ෂ ගණනක් පාඨක සහෘදයන් වසර හතර පුරාවටම නිබඳවම රැඳෙමින් කල මෙහෙය ඉතාමත් සෙනෙහසින් සිහිපත් කල යුතුයි. ඒ වගේම සිංහල බ්ලොග් සහෘද හිතවතුන් ආදරයෙන් සිහිපත් කල යුතුමයි. නම් වශයෙන් සිහිපත් නොකලත් නිතර අදහස් දක්වන, අඩුපාඩු විවේචනය කරන හැමදෙනාම ඉතාමත් ආදරයෙන් මතක් කල යුතුමයි. අපේ ඉසව්ව සහ සිතුවිලි පලස නම් තැබූ මාගේ සොහොයුරු ජනිත චතුරංග ප්‍රේමරත්නටත්, මාගේ පුද්ගලකි පරිගණකය අක්‍රීය සමයන්හිදි මේ බ්ලොග් අඩවි පවත්වාගෙන යාමට තමන්ගේ පරිගණකය පුදකරන මා මිත්‍ර ධනුෂක් කාලිංග ලියනගේටත් ප්‍රණාමය පුදකල යුතුය.

   වසර හතරක් පුරාවට මාගේ සාහිත්‍ය දිවියේ වම් සහ දකුණු අත්වන මේ බ්ලොග් අඩවි සමග ගතකරන කාලයේ ලැබූදේ මෙන්ම අහිමිවූ දේ ද බොහෝමය. ලංවූවන් මෙන්ම වෙන්වූ ගණනද බොහොමය. ඒ හැමදෙන වෙතම මතකය පමණක් ඉතිරිකර 4 වැනි සැමරුමෙන් පසු යමක් කල යුතුද නැද්ද යන ප්‍රශ්නය ඉතිරිවී ඇත. අස්වැන්න පුදා කෙත හමාර කල යුතුය, නොමැතිනම් සිව් වසරක අස්වැන්න අපහාස විඳින්නට වුව හැක. නමුත් තීරණය ඉදිරි සතියට භාරදී ඇත. 

අපේ ඉසව්ව සහ සිතුවිලි පලස සමගින් පුරා සිව් වසක් රැඳි ඔබට ස්තූතියි!

10 comments:

  1. අවුරුදු හතරක් පුරාවට බ්ලොග් අවකාශයේ රැදී සිටියා සේ ඉදිරියටත් යෙහෙන් වැජබීමට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ් සහෝදරයා..

      Delete
  2. අවුරුදු 4ක්.නියමයිනේ.මගෙ උනුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4 ක් කියන්නේ අත්දැකීම් සම්භාරයක්.බොහොම ස්තූතියි දමිත් සහෝදරයා

      Delete
  3. සිවු වසරට සුබ පැතුම්.!! තවත් බොහෝ කල් යෙහෙන් අපේ වැජබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ෂැගියා

      Delete
  4. සුබ උපන් දිනයක්....!!!!!! :D

    ReplyDelete
  5. සුබ උපන්දිනයක් මා මිත්‍රයාණනි.. පහුගිය ටිකේ හිටියේ නැතුවයින් මේක මග හැරුනා.. දිගටම ලියමු.. තව දුර තියෙනවනේ අපිට යන්න.. සුබ පැතුම් ජනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං..උබ ඉතිං මේකේ යාවජීව සාමාජිකයනේ..මට වගේම උඹටත් මේකේ අයිතිය තියනවා

      Delete