Jun 27, 2015

දේදුණු කොඩියට ඇමරිකාවේ ඉඩ [ඉරිදා විචාර]


ක්ෂණිකව ලොවම කතාබහට ලක්වන මාතෘකාවක් වූ දේදුණු කොඩිය හෙවත් අමරිකා එක්සත් ජනපදය තුල සමරිසි විවාහ හෙවත් සමලිංගික විවාහ නීතිගත කිරීම දැඩි මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත්වෙලා. සතියක් පුරාවටම අමරිකාව පුරාවට සුළිසුලඟක් පරිද්දෙන් ඇදී ගිය සමලිංගික විවාහ නීතිගත කිරීමේ ප්‍රතිපත්තිය අවසානයේ ජනපද 50 තුලම ක්‍රියාත්මක කල හැකි පරිදි නීතිගත කිරීමට අමරිකානු ඉහළ අධිකරණය තීන්දු කිරීමත් තුලින් අමරිකාව පුරාම දේදුණු පැහැති ධජ ඉහල නැංවුණේ ලොවම අපේක්ෂා නොකල පරිදිය.

   එක්සත් ජනපද මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කීපයකි. හිලරි ක්ලින්ටන් සහ ජෙබ් බුෂ් තරඟයට පිවිසෙන බව පෙනෙන්නට ඇත. සමලිංගික විවාහ නීතිගත කිරීමත් මැතිවරණය උදෙසා වත්මන් රජය ගත්තා වූ පියවරක් යන්න සැක සහතිය. ඒ මන්දයත් ඉදිරි මැතිවරණයේදී පක්ෂ මාරුවක් සිදුවන බව පෙනේනට ඇති නිසාවෙනි.


   ඇතැම් ප්‍රාන්ත වල මින් පෙර සමලිංගික විවාහ නීතිගත කර තිබුණද සමස්ථ එක්සත් ජනපදය තුල එය ක්‍රියාත්මක නොවීය. මේවනවිට එම ජනපදය මේ තීන්දුව හඳුන්වන්නේ “දේශපාලනික සහ සමාජයීය වශයෙන් වැදගත්වන සැබෑ වෙනසක්“ ලෙසයි. එය ජනපති ඔබාමා විසින් ගත් කාලෝචිත තීන්දුවක් බව සඳහන් වේ, ඒ තුලින් අමරිකාව තුල වෙසෙන සමලිංගිකයන්ගේ අයිතීන් සඳහා මහා පිටුවහලක් බව වැඩිදුරටත් කියා සිටියි.

  මේ වනවිටත් 2001 වර්ෂයේ සිට නෙදර්ලන්තය,බෙල්ජියම,දකුණු අප්‍රිකාව,නවසීලන්තය ඇතුලු රටවල් ගණනාවක් සමරිසි විවාහ නීතිගත කිරීමට පෙළඹී ඇත. ඉදිරි වසර කීපයේදීද රටවල් කීපයක් ඒ ලයිස්තුවට එක්වීමට නියමිතය. 2005 වර්ෂයේදී එක්සත් රාජධානියද සමලිංගික විවාහ සඳහා සිවිල් අයිතිය පිරිනැමුණු අතර එහිදි ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් සමරිසි විවාහ සඳහා යොමුවිය. පසුගිය දිනක ශ්‍රී ලංකාව තුලද සමලිංගික නියෝජිතයන් පිරිසක් අගමැතිවරයා හමුවීම තුලින් ලොව පුරාම සමරිසි විවාහ නීතිගත කිරීමේ සංකල්පයට යම් නැඹුරුවක් ඇති බව පෙනෙන්ට විය.

අමරිකාව තුල මේ සිදුවීම නිසාවෙන් උද්යෝගිමත් දේදුණු වර්ණ සහිත ප්‍රචාරයන් ආරම්භවන්නට විය. ආගමික වශයෙන් මෙයට තහංචියක් නැති බව පෙන්වීමට දැන් ඔවුන් දැඩි උත්සහයක නිරතවෙමින් සිටිති. ඔවුන් තම ප්‍රචාරණයන් හඳුන්වා ඇත්තේ Love Wins හෙවත් ආදරය ජයගනී යන නාමයෙනි.

  එක්සත් ජනපද නීතිය තුල මින් මතුවට සමරිසි විවාහ සාමාන්‍ය විවාහයකට ඇති අයිතීන්,වරප්‍රසාද හිමි තත්වයට පත්වනු ඇත. එවිට එය එරට තුල සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත.


මේ තුලින් දැඩි බලපෑමක් ඇති වන්නේ ඉන්දියාව,තායිලන්තය වැනි සමලිංගිකයන් වැඩි පිරිසක් ජීවත්වන රටවල පරිපාලනයටය. එවැනි රටවල දැඩි ආගමික බැඳියාවන් තුලින් සමලිංගක විවාහයන්ට ඉඩ නොලැබෙන වාතාවරණයක් තුල සමරිසි විවාහ සඳහා ඇති ඉල්ලීම් ඉහලයාම තුලින් දේශපාලනික වශයෙන් බලපෑමක් එල්ලවීම නිසා පරිපාලකයන්ට සිය තීරණ වෙනස් කිරීමට සිදුවන වටපිටාවක් නිර්මාණයවීම වැලැක්විය නොහැකිය.

   කෙසේ වෙතත් දේදුණු ධජය අද සියළුම මාධ්‍ය තුල විශේෂ තැනක් ගෙන ඇත. ඒ අමරිකාව සමලිංගිකයන්ගේ අයිතියට ලබාදුන් තැන නිසාවෙනි. ඔවුන් එයින් සැම බැඳියාවක්ම පරදා ආදරයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තැන දෙන බව නොකියා ලොවටම කියා ඇති බව ඔවුන්ම කියනා කරුණයි.

   

3 comments:

  1. අපේ රටට ඔය ජරා නීතිය ගෙනාවොත් ඔය ජරා සත්තු මරනවා.

    ReplyDelete
  2. දැන් ලෝකෙ පුරාම එකම පුක් කෙළියක් යනව. පොෂ් වෙන්නනම් පුකේ අරින්න ඕන කියල ට්‍රෙන්ඩ් එකක් යනව

    ReplyDelete
  3. සිරාවටම ට්‍රෙන්ඩ් එකටත් කරනවද...😂😂😂😂

    ReplyDelete