Jul 7, 2010

ඝාතනය


මම සොයමින් හිස් ලූ ලූ ඇත
දිව ගියෙමි
තියුණු ආයුධයක්ද රැගෙන
ඇය ආයාචනා කරමින් මා පසුපස
උමතුවූ නියා දිවඑමින්
මා වළකන්නට තැත් කළහ...
මා ඈ පසෙකට ඇද දමා
සොයමින් දිව ගියෙමි..
අවසානයේ හමුවිය
මා ඇත රැඳුණු අවිය එසවිණි
ඇයගේ මරලතෝනිය මැද
පහර පිට පහර ඇණ
මරා දැමුවෙමි..
අප සමගින් විසූ
තෙහැවිරිදි ආදරය ....

2 comments:

  1. වේදනාත්මක යථාර්තයක්.....:(

    ReplyDelete
  2. කටුකය එහෙත් ඇත්ත වර්තමානය

    ReplyDelete