වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්..වාරියපොල සුමංගල හිමියන්..මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්..කුඩාපොල හිමියන්..කිතලගම සීලාලංකාර හිමියන්(දිඹුලාගල හාමුදුරැවෝ) යනු අපේ රටේ ජාතික ආගමික පිබිදුමට අනූපමේය දායකත්වයක් ලබාදුන් යතිවරයාණන් වහන්සේලාය..සැබවින්ම උන්වහන්සේලා ගණින්නාන්සේලා අතර සැබෑ බොදු ස්වාමීන්වහන්සේලා විය. මීට සය වසරකට පෙර හදිස්සියේ අපේ රට ජාතියෙන් උදුරාගනු ලැබූ පූජය ගංගොඩවිල සෝම හිමියන් නොහොත් අපේ සරල වදනින් සෝම හාමුදුරැවෝද අයත්වන්නේ පෙරකී යතිවරයාණන් වහන්සේලා අතලොස්ස අතරටමය
දෙසැම්බර් 12 වැනිදා සිහිවන විට අපට උන්වහන්සේගේ නික්මයාම නිතැතින්ම සිහියට නැගේ. මීට සයවසකට පෙර මුලු රටක් ශෝකයෙන් හොවා( මූලධර්මවාදී පාපිෂ්ටයන් අතලොස්සක් හැරෙන්නට) උන්වහන්සේ අප අතරින් සදහටම වෙන්විය. සෝම හිමියන් ජාතිය ආගම නැගුමට කල මෙහෙවර සිරිලක් වැසියන් ඉතා හොදින්ම දන්නා බව නොරහසකි. අදුරෙන් එළියට බොදු ජනයා ගෙන ඒමට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ.
දේව සංකල්පයන් දැඩිලෙස විවේචනයට ලක්කල උන්වහන්සේ ඉතා සෘජු ලෙසම ඒවාට පහර පිට පහර දුන්හ. බොදු බැතිය යන්නෙන් අන්ධානුකරණය යන සංකල්පය ඉවත් කිරීම හා විවිධ මිථ්‍යාදෘශ්ටික ඇදහීම් වලට යොමූවී සිටි නොදැනුවත් බොදු ජනතාව ඉන් ගලවා ගැනීමට උන්වහන්සේ රටපුරා ධර්මය රැගෙන යමින් නූතනයේ ධම්මපාලතුමාගේ කර්තව්‍යය සිදුකලහ.
නිරතුරැවම මාධ්‍ය මගින් මෙන්ම පුවත්පත් සහ කාලීන ධර්ම සාකච්ඡා පවත්වමින් ආගමික හා ජාතික උන්නතියට අපමණ මෙහෙයක් උන්වහන්සේ සිදුකලහ. ජනවිජය පදනම මගින් නොයෙක් ආකාරයේ ධර්ම කර්තව්‍යයන් සිදුකල අතරම අන්‍යාගමිකරණයට දැඩිලෙස විරැද්ධ පිළිවෙතක් දැරෑ සෝම හිමියන් එයට එරෙහිව සෘජුව නැගී සිටියහ. අවසානයේ උන්වහන්සේගේ මරණයටද එයම හේතුවක් වූ බව රහසක් නොවේ.
බොදුජනතාවට හා රටට දැයට හිතැති ජනතාවට උන්වහන්සේ පරමාදර්ශී වීර හිමිනමක් වූවත් මූලධර්මවාදී පාපිෂ්ටයන්ට නම් උන්වහන්සේ වහකදුරැ මෙන් විය. උන් වහන්සේගේ තිර අධිෂ්ඨානය වූයේ කෙදිනක හෝ මේ ගෝතම බුද්ධ රාජ්‍යයේ දහම් පහන් දල්වමින් එය ලොව පරමාදර්ශී බොදු රාජ්‍යයක් බවට පත්කිරීමයි. රටේ ජනතාව ඒ සදහා සෝම හිමියන් වටා එක්රොක්වුණි. නමුත් වෛරී බලවේග ඒ සදහා ඉඩ ලබා නොදුන්හ. රහසේ සිදුකෙරැණු සිදුවීම් මාලාවක ඵලයක් ලෙසින් උන් වහන්සේ අපට අහිමි විය.
ලක් මාතාවට එඩිතර පුතෙක් නැතිවිය..ලෝකයට පරමාදර්ශී බොදු හඩක් නැතිවිය..අදුරෙන් එළියට එන්නට පාර කියන දහම් පොතක් අහිමි විය..බොදු සසුන් පුදසුන මත දැල්වුණු දහම් පහන් ටැඹ නිවී ගියහ...
මේ සෝම හිමි සැමරැම් මාසයයි..උන්වහන්සේ අපට පැවසූයේ ලොව්තුරැ බුදුහිමියන්ගේ ධර්මස්කන්ධයයි..එමග යමින් පිළිවතින් බොදු සිත දියුණු කරමින් පවිටු අදුරැ සෙවනැලි වනසාලමින් සෝම හිමියන් පැතූ බොදු රාජ්‍යය ගොඩනැගීමට පිළිවෙතින් සැරසෙමු...
දැයම පුබුදුවාලූ ඒ නිමල ස්වරය...අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ට නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ලැබේවා යන්න අපේ ඉසව්වේ පැතුමයි....!!!! ධනුෂ්ක කාලිංග මඩවල ලියනගේ

අශෝක හදගම යනු සිරිලංකාවේ සිනමා නිර්මාණකරැවෙකි. විවිධ මට්ටමේ රසාස්වාදය ඇත්තන්ට වෙනස් අන්දමේ දෙයක් දෙන්නට ගොස් රටේ නැති කතා අහගත් පොරකි. අශෝක මාමාගේ අලුත්ම නිර්මාණය විදූ ය. ගොඩක් දෙනෙක් නම් කියන්නේ ඔහු මින් පෙර ළමයින් ට වැඩිහිටි චිත්තරපටි හැදූ බවත් දැන් ඔහු එය කණපිට පෙරලා වැඩිහිටියන්ට ළමා චිත්තරපටි හදන බවය. කෙසේහෝ වේවා විදූ යන බයිස්කෝපය තවත් අක්ෂරයක් වෙයිද යන්න සැකසහිත නැත.
අශෝක මාමගේ අක්ෂරය කියවීමටත් පෙරම තහනම් විය. අ යන්නෙන් පටන් ගන්නා අක්ෂරය කියවන්නට නොදුන්නේ එහි අන්තර්ගතයෙන් අප සමාජයට ගතහැක්කක් නැති නිසාමදෝ එහෙමත් නැත්නම් සරැවපිත්තල සමාජයේ මුලුගැන්වුනු සමාජ යථාර්තයක් හෙළිදරව් කිරීමට ගත් උත්සහයක් නිසාද යන්න අපැහැදිලිය. දැන් අක්ෂරය තහනම් ය විදූ කලඑළියේය.
විදූ දෙස බලද්දී අපට හැගීයන කරැණ නම් දැන් දැන් අනෙක් සිනමාකරැවන් මෙන්ම අශෝක මාමාද විදග්ධ සිනමා කලාවේ සිට ජනප්පිරිය සිනමා කලාවට ආගමනය වීමේ සමයේ රැදී සිටින බවයි. එය වැරදියයි අපි කියන්නට උත්සහ නොගන්නෙමු. ජනප්පිරිය සිනමා කලාව බඩගැන මිස ඔලුව ගැන නොහිතයි යන්න අපට සීයට සීයක් සහතික කල නොහැකි බැවිනි. ඒත් වත්මන් සමාජයට වැඩදායී නිර්මාණයක් කිරීමෙන් ලැබෙන තෘප්තිය ඔහු විදීදැයි අපි නොදන්නෙමු.
කෙසේ වෙතත් විදූ ගැන ඉදිරියට දැනගත හැකිවේය. එය පරණ අශෝක මාමාම නැවත පොලිෂ් කරන්නක් ද නැත්නම් අලුත් කෙනෙකු බිහි කරන්නනෙක්ද යන්න තීරණය කල හැක. ඒත ඔහු ඉදිරිපත් කරන සමාජ සංසිද්ධීන පෙරදිග සමාජයට ගැලපීමට මදක් අපහසුය. අන්න ඒ හේතුවෙන් අශෝක මාමාගේ නිර්මාණ රිජෙක්ට් වීම වැලැක්වීම කල හැක්කේද ඔහුට පමණි.
තිස්වසරක කුරිරැ යුද්ධය අවසන් කල ජනපතිතුමන් සාපරාධී යුධ අපරාධ චෝදනා මත ලන්ඩනයේදි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති බවට අද ජාත්‍යන්තර වෙබ් අඩවි කීපයක්ම හෙලිදරව් කලා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇමරිකානු රහස් හෙලිකලායයි චෝදනා ලැබ සිටින විකිලීක්ස් වෙබ් අඩවිය විශේෂ හෙලිදරව්වක් කරමින් පවසා සිටියේ මෙරට අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලියවිල්ලක් පිළිබදවයි. නැවත වතාවක් අමරිකානු රජය මගින් අදාල වෙබ් අඩවියට රතු නිවේදන නිකුත් කිරිමට මෙය තවත් හේතුවක් විය.
තවද ජනපතිවරයාගේ බිරිතානී සංචාරයට පෙර එරට අගමැති සිදුකල අභූත චෝදනාවත්..චැනල් 4 වීඩීයෝවේ නැවත දර්ශනයත්..දමිළ ඩයස්පෝරාවේ උඩුබිරැමත් එක සිදුවීමක පුරැක් ලෙසින් සම්බන්ධ වෙමින් ඇති අතර අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලිපියද මෙහි තවත් පුරැකකි. මෙම සිදුවීම් දාමයේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ කොටි කාඩරයන් පරාජය කල රාජ්‍යය නායකයා සාපරාධී චෝදනා මත ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමයි. නමුත් එය කෙසේ හෝ වැලකිම යහපතකි
පසුගිය දින කීපයේ සිදුවූ සිදුවීමු අනුව තවමත් එල්.ටී.ටී.ඊ හොල්මන් ජාත්‍යන්තරය අතර හොල්මන් කරන බව මනා කොට පෙන්වීය. තිස් වසරක යුද්ධය නිමාකල අතිගරැ ජනාධිපතිදුන් ගේ එංගලන්ත සංචාරය ආරම්භකල මොහොතේම ලන්ඩනයේ ආරක්ෂාව වැඩිම හා වැඩිම පිරිසක් ආගමනය විගමනය වන ගුවන්තොටුපල බවට බිරිතානිය පාරම්බාන හීතෲ තොටුපලට රැස්වූ එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාවේ කාඩරයන් උඩුබුරන්නට පටන්ගත්හ. කිසිදිනක බල්ලන්ගේ උඩුබිරැමට සිංහයන් බිය නොවන බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ මැතිදුන් තම ගමන නැවතීම සිදුනොකලහ
දරැණු යුද්ධයක් පැවති සමයේ පවා රාජ්‍ය නායකයින්ට යහතින් සිය කර්තව්‍යයන් කිරීමට තරම් සිරිලක් බිම සවිමත් වෙද්දී ලෝකෙට ලොක්කන් බවට නරිවාදන් දෙසා බාන බිරිතානියට ගරැගාම්භීර රාජ්‍ය නායකයෙක්ට ආරක්ෂාව සැපයීමට නොහැකිවීම ගැන ලැජ්ජා විය යුත්තේ නොවේද?
අද ලංකාවේ ඊලාම් කොඩියක් දිග අරින්නට හදන මොනයම් කාඩරයෙක්ට හෝ වේවා වෙන දෙය ඔබව වැටහෙනවා ඇත. ලංකාව කොටි අවසන් කර ඇත.බිංදුවටම අවසන් කර ඇත. නමුත් බිරිතානියට තහනම් සංවිධානයක් වන කොටින් ගේ නාඩගම් නතරකර ගැනීමට බැරිවීම විලිසංහදිය ඇති අයෙක්ට හිටගෙන මුත්තරා පිටවෙන වැඩකි
හැමදෙයින්ම පේන්නේ මේ පුංචි රට කොටි පැරැද්දවීම ගැන තවමත් ලෝකෙට ලොක්කන්ට හොදටම දැනී ඇති බවයි. ඒ ලැජ්ජාවට කරන්නට ඇති එකම දේ මෙය පමණක් බව අපට සිතාගත හැක. ඒත් හෙට දින වුවද එංගලන්ත අගමැති මේ සිරිලකට ආවොත් අවසන් සටන පැවති බිමට පවා ගෙන ගොස් පිරබාහරන් නැමති අලුගෝසුවා මරාදැම්මේ මෙහියයි පෙන්නන්නට තරම සවිමත් රණවිරැවන් පිරිසක් මේ රටේ සිටීම සිරිලක් අම්මාට මහා ආඩම්බරයකි.
මේ මොහොතේ බොරදියේ මාලුන් දඩයම් කරන්නන් සිටින බවද පෙනෙන නමුත් එදත් කොටින්ට අතදුන් සිංහල කොටින් ගේ පුල්ලි දැක බලා ගත හැකි තවත් ස්වර්ණමය අවස්තාවක් බව අප කිවයුතුමය. අපි මේ මොහොතේ ලාංකිකයන් වශයෙන් එකාවන්ව සිටිය යුතුය.
මේ පිළිබද ඡායාරෑප සහිතව අපේ අනෙක් අඩවියේ ලිපියකින්ද අනාවරණය කර ඇත. එය ඔබට මෙතැනින් එම ලිපිය බැලිය හැක.
මේ වකවානුව චැන්ල් 4..අල් ජසීරා..හියුමන් රයිට් වැනි ආයතන ලංකාවට සාපරාධී යුධ අපරාද චෝදනා එල්ල කරන සමයකි. එබැවින් සියලු දේ කනින් අසා නුවණින් කටයුතු කල යුතු සමයකි. එබැවින් ලෝකය ඉදිරියේ අපේ රට පෝරකයට ගෙනයාමට එරෙහිව අප පෙලගැසිය යුතු අවස්ථාවකි.
එදා ලංකාවටම සතුට පිබිදුන දවසකි. ලංකාවාසී හැමදෙනාම කතාබහ කලේ කලකට පසුව මේ පුංචි දිවයිනෙන් බිහිවන කතෝලික දේව සභාවට ආලෝකයක් වන සිරිලක් පහන් තරැව ගැනයි. අතිඋත්තම මැල්කම් රංජිත් අගරදගුරු හිමාපාණෝ වතිකානුවේදී පාප් වහන්සේ අතින් කාදිනල් හිස් පළදනාව ලබන අයුරැ ආගමික භේදයකින් තොරව ලක්වැසියන් හද පිරි සන්තෝසයෙන් බලා සිටියහ.
කාදිනල් තනතුරේ වැදගත්කම ලෝකවාසි ජනතාව ඉතා හොදින්ම දන්නා අතර එය නිසිකලට අපේ අගරදගුරු තුමන්ට හිමිවීම ඉතා සතුට දනවන සිදුවීමක් බව හදවතින්ම ප්රකාශකල යුතුය.
උන්වහන්සේ ලක්පොලොවට පය තබන මොහොතේ ආගමික සහජීවනය පෙන්නුම කරමින් සෙත් පිරිත් සජ්ජායනය කිරීමත්, සැදැහැවත් ලෙසින් ඒ පිරිත් අසා සිටීමෙනුත් උන් වහන්සේ එය තවත භාවිතාවෙන්ම ඔප්පු කල සේක.
අපි උන්වහන්සේට උන්වහන්සේගේ ආගමික දර්ශනය අනුව දෙවි පිහිටාශිර්වාදය පතන අතර අපේ දර්ශනය අනුව සිරිලක් පොළවේ කාදිනල් උතුමන්ට තෙරැවණ් සරණ පතමු.