Dec 11, 2010

සසුන පුදසුන මත දැල්වූ පහන් ටැඹ......

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්..වාරියපොල සුමංගල හිමියන්..මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්..කුඩාපොල හිමියන්..කිතලගම සීලාලංකාර හිමියන්(දිඹුලාගල හාමුදුරැවෝ) යනු අපේ ර​ටේ ජාතික ආගමික ​පිබිදුමට අනූපමේය දායකත්වයක් ලබාදුන් යතිවරයාණන් වහන්සේලාය..සැබවින්ම උන්වහන්සේලා ගණින්නාන්සේලා අතර සැබෑ බොදු ස්වාමීන්වහන්සේලා විය. මීට සය වසරකට පෙර හදිස්සියේ අපේ රට ජාතියෙන් උදුරාගනු ලැබූ පූජය ගංගොඩවිල සෝම හිමියන් නොහොත් අපේ සරල වදනින් ​සෝම හාමුදුරැවෝද අයත්වන්නේ පෙරකී යතිවරයාණන් වහන්සේලා අතලොස්ස අතරටමය

දෙසැම්බර් 12 වැනිදා සිහිවන විට අපට උන්වහන්සේගේ නික්මයාම නිතැතින්ම සිහියට නැගේ. මීට සයවසකට පෙර මුලු රටක් ශෝකයෙන් හොවා( මූලධර්මවාදී පාපිෂ්ටයන් අතලොස්සක් හැරෙන්නට) උන්වහන්සේ අප අතරින් සදහටම වෙන්විය. සෝම හිමියන් ජාතිය ආගම නැගුමට කල මෙහෙවර සිරිලක් වැසියන් ඉතා හොදින්ම දන්නා බව නොරහසකි. අදුරෙන් එළියට බොදු ජනයා ගෙන ඒමට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ.

දේව සංකල්පයන් දැඩිලෙස විවේචනයට ලක්කල උන්වහන්සේ ඉතා සෘජු ලෙසම ඒවාට පහර පිට පහර දුන්හ. බොදු බැතිය යන්නෙන් අන්ධානුකරණය යන සංකල්පය ඉවත් කිරීම හා විවිධ මිථ්‍යාදෘශ්ටික ඇදහීම් වලට යොමූවී සිටි නොදැනුවත් බොදු ජනතාව ඉන් ගලවා ගැනීමට උන්වහන්සේ රටපුරා ධර්මය රැගෙන යමින් නූතනයේ ධම්මපාලතුමාගේ කර්තව්‍යය සිදුකලහ.

නිරතුරැවම මාධ්‍ය මගින් මෙන්ම පුවත්පත් සහ කාලීන ධර්ම සාකච්ඡා පවත්වමින් ආගමික හා ජාතික උන්නතියට අපමණ මෙහෙයක් උන්වහන්සේ සිදුකලහ. ජනවිජය පදනම මගින් නොයෙක් ආකාරයේ ධර්ම කර්තව්‍යයන් සිදුකල අතරම අන්‍යාගමිකරණයට දැඩිලෙස විරැද්ධ පිළිවෙතක් දැරෑ සෝම හිමියන් එයට එරෙහිව සෘජුව නැගී සිටියහ. අවසානයේ උන්වහන්සේගේ මරණයටද එයම හේතුවක් වූ බව රහසක් නොවේ.

බොදුජනතාවට හා රටට දැයට හිතැති ජනතාවට උන්වහන්සේ පරමාදර්ශී වීර හිමිනමක් වූවත් මූලධර්මවාදී පාපිෂ්ටයන්ට නම් උන්වහන්සේ වහකදුරැ මෙන් විය. උන් වහන්සේගේ තිර අධිෂ්ඨානය වූයේ කෙදිනක හෝ මේ ගෝතම බුද්ධ රාජ්‍යයේ දහම් පහන් දල්වමින් එය ලොව පරමාදර්ශී බොදු රාජ්‍යයක් බවට පත්කිරීමයි. රටේ ජනතාව ඒ සදහා සෝම හිමියන් වටා එක්රොක්වුණි. නමුත් ​වෛරී බලවේග ඒ සදහා ඉඩ ලබා නොදුන්හ. රහසේ සිදුකෙරැණු සිදුවීම් මාලාවක ඵලයක් ලෙසින් උන් වහන්සේ අපට අහිමි විය.

ලක් මාතාවට එඩිතර පුතෙක් නැතිවිය..ලෝකයට පරමාදර්ශී බොදු හඩක් නැතිවිය..අදුරෙන් එළියට එන්නට පාර කියන දහම් පොතක් අහිමි විය..බොදු සසුන් පුදසුන මත දැල්වුණු දහම් පහන් ටැඹ නිවී ගියහ...

මේ සෝම හිමි සැමරැම් මාසයයි..උන්වහන්සේ අපට පැව​සූයේ ලොව්තුරැ බුදුහිමියන්ගේ ධර්මස්කන්ධයයි..එමග යමින් පිළිවතින් බොදු සිත දියුණු කරමින් පවිටු අදුරැ සෙවනැලි වනසාලමින් සෝම හිමියන් පැතූ බොදු රාජ්‍යය ගොඩනැගීමට පිළිවෙතින් සැරසෙමු...

දැයම පුබුදුවාලූ ඒ නිමල ස්වරය...අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ට නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට ලැබේවා යන්න අපේ ඉසව්වේ පැතුමයි....!!!!


ධනුෂ්ක කාලිංග මඩවල ලියනගේ








Dec 5, 2010

Free Tamil Eelam In Sri Lanka.....සිරිලක්වාසීනි ඉඩදෙනවාද?

පසුගියදා හීතෲ ගුවන් තොටුපළ අසල විරෝධතා දැක්වූ ඩයස්පෝරාවේ කාඩරයෙකුගේ වස්තරයේ පිටුපස දැක්වුනේ ​නිදහස් දෙමළ ඊලමක් ලං​ක​ාව් ලෙසයි. එසේනම් තවමත් මේ බෙදුම්වාදයේ ගිනිකෙළි අවසන් වී නැත. ලංකාවේ සිට න​ටාගනු බැරිවූ කල ජ්‍යාත්‍යන්තරය හමුවේ දැන් ඊළම යදින්නට යන බව පැහැදිලිය. ඉතිහාසයේ ​නොතිබූ සහ අනාගතයේ නොතිබෙන රාජ්‍යයක් පිළිබද සිහින මැවීම තවමත් අවසන් කර නොමැති බවට පැහැදිලි සාක්ෂි මෙයින් මතුවේ.
වේලුපිල්ලේ පිරබහරන​ගේ ඝාතනයත් සමගින් ලක්බිමෙන් අතුගෑවිගිය බෙදුම්වාදයේ අංකුර ජාත්‍යන්තරයේ තවමත් පැලවෙන්නට බලා සිටීම එක් අතකින් දැඩි අවදානම් තත්වයකි. අවියෙන් බැරිවූ තැන අනව්‍ශ්‍ය ජාත්‍යන්තර අතපෙවීමක් මගින් දෙමළ ඊළම දිනාගැනීමට අරඅදින බව සක්සුදක් සේ පැහැදිලිය. මරණයට මරණය නොවැටී දිනාගත් මව්බිම නැවතත් දෙකඩ කිරීමට ඉඩදීම කෙසේවත් කල නොහැකි දෙයකි.

අවිබලය පැරදවූ පමණින් කොටි අවසන් වූවායයි උපකල්පනය කොතරම් සාවද්‍යදැයි ලෝකය පුරා කොටි ක්රියාකාරකම්වලින් දැක ගත හැකි. අප අමතක නොකලයුතු කරැන නම් කොසෝවෝ රාජ්‍යය බිහිකලේ අවියෙන් නොවන බවයි. ජාත්‍යන්තරයේ කුමන බලපෑම පැමිණියත් බටහිර රටවල් වල අන්තගාමී හස්තයන් එක්වී ඊනියා ගිවිසුමක් මගින් කොසෝවෝ නැමති අවජාතක රාජ්‍යය බිහිකලා සේම ලංකාවේ ඊලමක් හෙට බිහිනොකරයි යන්න කාට උපකල්පනය කල හැකිද. අවිනොමැතිව කොසෝවෝ බිහි කල පරිද්දෙන්ම ඊලමක්ද බිහිකල හැකි බව අමතක නොකල යුතුය.

මේ සදහා ජාත්‍යයන්තරය දැනටමත් පිඹුරැපත් සකසා අවසන්ය. අවශ්‍යව ඇත්තේ පෙරදිගින් ඒ පදයට නටන්නාවූ රෑකඩ එහෙත් බලයක් ඇති චරිත කීපයක් සොයාගැනීම පමණි. අවියෙන් පැරදවූ කොටි හෙට ජාත්‍යන්තරය විසින් සකසන ලද විධිමත් ලියවිල්ලක් මගින් කොසෝවෝ වෙන්කල පරිද්දෙන් ඊළමද වෙන්කරගත් දිනක සිදුවන්නේ ඇස්සට දත නියවීම පමණි.

මෙහිලා විදේශවල වෙසෙන ලාංකිකයන්ට සුවිසල් කාර්යභාරයක් තිබේ. ජාත්‍යන්තරව කොටි කර්තව්‍යයන් පිළිබද තොරතුරැ අප රටට ලැබෙනවා බොහෝම අල්පය. මන්ද ජාත්‍යන්තර රහස් සංවිධාන රැසක් ​කොටින් නිසා පෝෂණය වන බැවිනි. එබැවින් විදෙස්ගතව සිටින ලාංකිකයන්ට ඒ තොරතුරැ සමිපාදනය වෙනුවෙන් විසල් කාර්යය කොටසක් රට වෙනුවෙන් ඉටුකිරීමට තිබේ.
අනා​ගතයේ මේ පුංචි දිවයින කැඩී විසිරි යාම වැළැක්වීමට වර්තමානයේ අපෙන් සිදුවිය යුතු හැමදෙයම කිරීම අපසතු යුතුකමකි. අනෙකාට ඇගිල්ල දිගුනොකර තම තම කොටස හැකි පමණින් ඉටු කලහොත් මහා විනාශයක් නතර කරගත් හැක. නියපොත්තෙන් කඩන්න හැකි දෙය පොරවෙනුත් බැරි තත්වයකට ඇද නොදා විසෙන් විස නැසීම කල යුතුය. ජාත්‍යන්තර අතපෙවීමකට මේ රට පත්වුවහොත් සහය දෙන්නට කිසිදිනකට බටහිර රටවල් ඉදිරිපත් නොවිම සාමාන්‍ය දෙයකි.

එබැවින් අවදානයෙන් සිටිය යුතුය. පෑනෙන් කල හැකි දෙය..සයිබර් අවකාශයේ අපි කරන්නෙමු. සිරිලක් කොඩි​ය යටතේ ඒකීය රටක් ලෙසින් මෙය අනාගතයට පිරිනමන්නට නම් අප සතුව ඇති යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකල යුතුය. අවස්ථාවාදීත්වය පිටුදැක ජාතිකත්වය වැඩිදියුණු කරගත් යුතුය. එවිට අවියෙන් දිනු බිම හදවතිනුත් දිනාගත හැකිවනු ඇත.

Dec 4, 2010

අශෝක මාමා ගෙන පොඩිවුන්ට විදූ...ඉගන්ගන්න දෙයක්..


අශෝක හදගම යනු සිරිලංකාවේ සිනමා නිර්මාණකරැවෙකි. විවිධ මට්ටමේ රසාස්වාදය ඇත්තන්ට වෙනස් අන්දමේ දෙයක් දෙන්නට ගොස් රටේ නැති කතා අහගත් පොරකි. අශෝක මාමාගේ අලුත්ම නිර්මාණය විදූ ය. ගොඩක් දෙනෙක් නම් කියන්නේ ඔහු මින් පෙර ළමයින් ට වැඩිහිටි චිත්තරපටි හැදූ බවත් දැන් ඔහු එය කණපිට පෙරලා වැඩිහිටියන්ට ළමා චිත්තරපටි හදන බවය. කෙසේහෝ වේවා විදූ යන බයිස්කෝපය තවත් අක්ෂරයක් වෙයිද යන්න සැකසහිත නැත.

අශෝක මාමගේ අක්ෂරය කියවීමටත් පෙරම තහනම් විය. අ යන්නෙන් පටන් ගන්නා අක්ෂරය කියවන්නට නොදුන්නේ එහි අන්තර්ගතයෙන් අප සමාජයට ගතහැක්කක් නැති නිසාමදෝ එහෙමත් නැත්නම් සරැවපිත්තල සමාජයේ මුලුගැන්වුනු සමාජ යථාර්තයක් හෙළිදරව් කිරීමට ගත් උත්සහයක් නිසාද යන්න අපැහැදිලිය. දැන් අක්ෂරය තහනම් ය විදූ කලඑළියේය.

විදූ දෙස බලද්දී අපට හැගීයන කරැණ නම් දැන් දැන් අනෙක් සිනමාකරැවන්​ මෙන්ම අශෝක මාමාද විදග්ධ සිනමා කලාවේ සිට ජනප්පිරිය සිනමා කලාවට ආගමනය වීමේ සමයේ රැදී සිටින බවයි. එය වැරදියයි අපි කියන්නට උත්සහ නොගන්නෙමු. ජනප්පිරිය සිනමා කලාව බඩගැන මිස ඔලුව ගැන නොහිතයි යන්න අපට සීයට සීයක් සහතික කල නොහැකි බැවිනි. ඒත් වත්මන් සමාජයට වැඩදායී නිර්මාණයක් කිරීමෙන් ලැබෙන තෘප්තිය ඔහු විදීදැයි අපි නොදන්නෙමු.

කෙසේ වෙතත් විදූ ගැන ඉදිරියට දැනගත හැකිවේය. එය පරණ අශෝක මාමාම නැවත පොලිෂ් කරන්නක් ද නැත්නම් අලුත් කෙනෙකු බිහි කරන්නනෙක්ද යන්න තීරණය කල හැක. ඒත ඔහු ඉදිරිපත් කරන සමාජ සංසිද්ධීන පෙරදිග සමාජයට ගැලපීමට මදක් අපහසුය. අන්න ඒ හේතුවෙන් අශෝක මාමාගේ නිර්මාණ රිජෙක්ට් වීම වැලැක්වීම කල හැක්කේද ඔහුට පමණි.

Dec 3, 2010

දමිළ ඩයස්පෝරාවේ උඩුබිරැම පිටුපස ජයලත් සැබවින්ම සිටියාද....?

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදි දිනේෂ ගුණවර්ධන මහතාගේ කතාවත් සමගින් රටපුරා ඇවිලි ගිය පුවත වූයේ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනයේදී ජනපතිතුමන්ගේ පැමිණීමට විරෝධය දක්වන විට හා ඒ සිදුවීම් දාමය පිටුපස එජාප පාර්ලිමේන්තු නියෝජිත දොස්තර ජයලත් ජයවර්ධන සිටයා යන්නයි. ඒ පිළිබදව තවමත් එකින් එක පරස්පර විරෝධී අදහස් මතුවෙමින් තිබේ. එසේ සිටියානම් එය සමාව දිය නොහැකි තරමේ වරදකි. එය දේශයට විනකරන කරතව්‍යයකි. ඒ සදහා දිය යුතු දඩුවම එදා පවන ගීත තැටියේ නන්දා මාලනී කියූ ලෙසම රට පාවා දෙනඋන්ගේ මුහුණට කෙළගැසිය යුතුය යන්න සිදුකල යුතුමය.

එහෙත් තවමත් එය ඔප්පු වී නොමැති හෙයින් ​එවන් වූ දැඩිදඩුවම් වලට අවතීර්ණ වීමට කල් වැඩිය. ජයලත් ජයවර්ධන මහතා යනු පසුගිය යුද සමයේද මෙවැනි චෝදනා වලට කීප අවස්ථාවකදිම ලක් වූ පුද්ගලයෙකි. කලක් කොටි දොස්තරයයි නමක්ද පටබැද තිබුණේ කොටි පුල්ලි පිටේ මතුවීමේ සැකයකටදැයි අපට එකල හැගුනේය. උතුරේ සංවර්ධන කටයුතු කියා හැමදාම එහි ගොස් කොටින් අතරින් මතුවීම එකල දැඩි මතභේදයකට තුඩු දුන් සිදූවීමක්ද විය.

කෙසේ වෙතත් දැන් තත්වය අනුව නැවතත් දොස්තර මහතාට එරෙහිම උත්තරිතර සභාගැබේදීම යථෝක්ත චෝදනාවම එල්ලවී ඇත. ඔහුටම මේ චෝදනාව එල්ල වන්නේ ගින්නක් නැතිව දුමක් නැගිය නොහැකි බවට සාධක සැපයීමක් ලෙසින්දෝ දැන් දැන් අපටද හැගී යයි. පසුගිය යුද සමයේදී රටම කොටින්ට විරැද්ධව කට​ ​හොලවද්දී මෙතුමන්ගේ කට වැසී තිබුනේ දන්ත රෝගයක් හේතුවෙන් වෙන්නට ඇතැයි අප උපකල්පනය කරමු.
ජයලත් ජයවර්ධන මහතා පසෙකින් තැබු පසු ජනපති සංචාරයට දින කිපයකට පෙර බිරිතානියේ සිට ඩයස්පෝරාව මෙහෙයවූ සම්මේලනයට සහභාගී වී කලු පැහැති වස්තරයකින් සැරසී සිරිලංකාව නිරැවත්කල විකාරබාහු කරැණාරත්න පිලිගත යුත්තේ කෙසේද යන්න අපට ගැටලුවක් ඇත. පිරබාහරන් නැමති අලුගෝසුවා සමග නාන තටාකයේ ජලකරනම් ගැසූ බවටද චෝදනා ලැබ සිටින ඔහු පිළීගැනීමට රටට හිතැති ඔබව බාර කිරීම අපේ ඉසව්වේ අපේ කාර්්‍යයි.




රජය තුලද රටට විනකරන පිරිසක් ඇත. ඔවුන්ද හොදින් හදුනාගැනීම වඩා ඉක්මණින් කලයුත්තකි. එවිට ඔවුන් පිළිගන්නා අයුරැද තීරණය කිරීම පහසුය. නමුත් අංගුලිමාල නැමති දාමරිකයාගේ කල්කිරියාවන් ගැන අංගුලිමාල නැමති තෙරැන්ට දෙස් තැබීමනම් අනුවණ කිරියාවකි. එය ඔලුවෙන් සිතිය යුත්තකි. ජයවර්ධන දොස්තර මහතා හෝ වේවා..විකාරබාහු හෝ වේවා...මනෝ ගනේෂන් නම් කොටින්ගේ කොළඹ නියෝජිතයා හෝ වේවා රටට වින කරයි නම් ඔවුන්ට කල යුත්ත ජනතා අධිකරණයට බාරය.

විකිලික්ස්....තහනම් කලේ ඇයි???.....ඇත්තම කතාව

අදවන විට අමරිකාව මූලික කරගෙන ලෝකයටම නවමු පුවත් යාවත්කාලීන කල විකිලීක්ස් වෙබ් අඩවිය ම​තභේදාත්මක හේතූන් මත අඩපණ කර ඇත. රටක රහස් ලොවට හෙලිකිරීම යහපත් හා සාධාරණීය කරණය කිරීමට අපේ ඉසව්ව ඉදිරිපත් නොවෙයි. ඒත් ඒ හෙලිකල රහස් අතර අපේ ලංකාවද රැදී තිබීම යනු අපද එම කතාවට තවත් එක් මාතෘකාවක් සපයා ඇති බවට හෙලිවීමත් සමගම අපි ඒ පිළිබද සත්‍ය තත්වය හෙලිදරව් කරගැනීම වඩා යෝග්‍ය බව අපි අවබෝධකරගත යුතුය.

අමරිකාව පවසා ඇති ආකාරය අනුව විකිලීක්ස් වෙබ් අඩවිය කර ඇති වැරැද්ද නම් අමරිකානු රහස් ​විකිලික්ස් වෙබ් අඩවිය හරහා ලොවට හෙලිදරව් කිරීමයි. ඒ හේතුවෙන් මීට පෙර අමරිකානු රජය අදාල වෙබ් අඩවියේ හිමිකරැට රතු නිවේදනය නිකුත් කලත් ඉන්පලක් නොවූ අතර විකිලික්ස් තවදුරටත් අමරිකාවට මෙන්ම ලෝක දේශපාලනයටද වැදගත් වන රහස් රැසක් අමු අමුවේ ලොවට ගෙනහැර දැක්වීය.

එය ලෝකයටම උණු උණුවේ කැවුම් මෙන් පුවතක් විය. නමුත් අමරිකාවටනම් එය එසේ නොවීය. ඉරාක යුද්ධයේ අසමත් වූ තැන්..ජනසංහාර සිදුවීම්..ඇප්ගනිස්ථාන යුද්දයේ සිදුවූ වැරදීම් හා සංහාර පමණක් නොවෙයි පෙන්ටගනය හරහා ලෝක තහනම් සංවිධාන පෝෂණය කරමින් ලෝක සාමය ගැන පොලිස් පාට් දැමීමේ සැබෑ පුවත් ​විකිලික්ස් හරහා ලොවටට එලිදරව් වීම අමරිකාවට දරාගන්නටම බැරිවිය.


අවසානයේ තහනම් කිරිමට ඔන්න මෙන්න තිබියදී තවත් ඓතිහාසික හෙලිදරව් කිරීම් දෙකක් සිදුකලේය. එකක් නම් රැසියානු අගමැති වරයා සම්බන්ධ පුවතකි. අනෙක් කරැණෙන් කියවුනේ ලාංකික අපගේ ඇග කිලිපොලා යන පුවතකි. ඉන් කියවූයේ ලංකාව පිළිබද රහස් තොරතුරැ රැගත් ලිපියක් අමරිකානු තානාපති කාර්යාලය හරහා අමරිකාවට යවා ඇති බවයි. එහෙත් මේ පුවත එලිවීමත් සමගම වාගේ විකිලීක්ස් තහනම් විය.

අමරිකාව නොසිතූ නොපැතූ පරිදි මුලුගැන්වී කල නැටුම් පෙන්ටගනයෙන් පාරට පැන නිව්යෝර්ක් වොෂින්ටන් පමණක් නොව ඉන්දියාවේ ලංකාවේ වීදි වලද තෙනා කෙලින්නට වීම අමරිකාවේ නිරැවත ලොවට පෙන්නන්නක් විය. අමරිකාවේ වෙබ් අඩවියක් මගින් අමරිකාව පතුරැ ගැසීම ගැන එක පැත්තකින් දුකය. එක පැත්තකින් හිනහය තවත් පැත්තකින් භයානකය.


නියර මෙහෙමනම් කුඹුර කොහොමදැයි උපකල්පනය කරගත හැකිවාක් මෙන් මේ එලියට ආවේ සාම්පල් පමණය.තම කොපමණ ඇත්දැයි දන්නේද අමරිකාව පමනය. ඔය ආවේ කසකාරයාය....පෙරහැර තාම මග එති. එබැවින් තව තව ඒවා හෙලිදරව් විය හැකිය. ආරංචියේ හැටියට නම් මෙය ආරම්භකලේ විකිලික්ස් පමණක් වුවත් එය දිගට කරගෙන යාමට ලෝක පරසිදු පුවත් වෙබ් අඩවි ගණනාවක් සුදානමින් ඇති බවයි. එය එසේනම් අමරිකාව දැන් වැඩ වරද්දාගෙන තිබේ.

හිටපු අමරිකානු ජනපති බිල් ක්ලින්ටන් මේ වෙනුවෙන් පවසා​ සිටියේ මෙම කර්තව්‍යය නිසා සිදුවන්නේ බොහෝ දෙනෙකුගේ රැකියා නැතිවීමත් බොහෝ​ දෙනෙකුගේ ජීවිත නැතිවීමත් බවයි. අමරිකාව රහස් සංවිධාන (කොටි සංවිධානය ද ඇතුලුව) පෝෂණය කිරීමෙන් ලොවට කිරීමට බලාපොරොත්තුවූ කොඩිවිනය දැන් ආපස්සට හැරවී ඇත. එය විකිලීක්ස් තහනම් කිරිමෙන් නැවැත්විය හැකියයි අපි විශ්වාස නොකරයි. එබැවින් මේවා අතිසාරයට අමුඩ ගැසීම වැනි දෑය. එබැවින් අයාගත් දෑසින් කොඩිවිනය කෙටූ ඇත්තන්ටම එය හැරවී පල දෙන අයුරැ සයිබර් අවකාශයට වී අපි බලා සිටිමු.

සාපරාධී යුධ අපරාධ චෝදනා මත ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ තැතක් හෙලිවේ

තිස්වසරක කුරිරැ යුද්ධය අවසන් කල ජනපතිතුමන් සාපරාධී යුධ අපරාධ චෝදනා මත ලන්ඩනයේදි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති බවට අද ජාත්‍යන්තර වෙබ් අඩවි කීපයක්ම හෙලිදරව් කලා. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇමරිකානු රහස් හෙලිකලායයි චෝදනා ලැබ සිටින විකිලීක්ස් වෙබ් අඩවිය විශේෂ හෙලිදරව්වක් කරමින් පවසා සිටියේ මෙරට අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලියවිල්ලක් පිළිබදවයි. නැවත වතාවක් අමරිකානු රජය මගින් අදාල වෙබ් අඩවියට රතු නිවේදන නිකුත් කිරිමට මෙය තවත් හේතුවක් විය.

තවද ජනපතිවරයාගේ බිරිතානී සංචාරයට පෙර එරට අගමැති සිදුකල අභූත චෝදනාවත්..චැනල් 4 ​වීඩීයෝවේ නැවත දර්ශනයත්..දමිළ ඩයස්පෝරාවේ උඩුබිරැමත් එක සිදුවීමක පුරැක් ලෙසින් සම්බන්ධ වෙමින් ඇති අතර අමරිකානු තානාපති කාර්යාලය මගින් යැවූ රහස් ලිපියද මෙහි තවත් පුරැකකි. මෙම සිදුවීම් දාමයේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ කොටි කාඩරයන් පරාජය කල රාජ්‍යය නායකයා සාපරාධී චෝදනා මත ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමයි. නමුත් එය කෙසේ හෝ වැලකිම යහපතකි

Dec 2, 2010

බිරිතානිය ලැජ්ජාවිය යුතුය....ඒත් එසේ ලැජ්ජාවක් නැති බව ද දනිමු

පසුගිය දින කීපයේ සිදුවූ සිදුවීමු අනුව තවමත් එල්.ටී.ටී.ඊ හොල්මන් ජාත්‍යන්තරය අතර හොල්මන් කරන බව මනා කොට පෙන්වීය. තිස් වසරක යුද්ධය නිමාකල අතිගරැ ජනාධිපතිදුන් ගේ එංගලන්ත සංචාරය ආරම්භකල මොහොතේම ලන්ඩනයේ ආරක්ෂාව වැඩිම හා වැඩිම පිරිසක් ආගමනය විගමනය වන ගුවන්තොටුපල බවට බිරිතානිය පාරම්බාන හීතෲ තොටුපලට රැස්වූ එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාවේ කාඩරයන් උඩුබුරන්නට පටන්ගත්හ. කිසිදිනක බල්ලන්ගේ උඩුබිරැමට සිංහයන් බිය නොවන බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ මැතිදුන් තම ගමන නැවතීම සිදුනොකලහ

දරැණු යුද්ධයක් පැවති සමයේ පවා රාජ්‍ය නායකයින්ට යහතින් සිය කර්තව්‍යයන් කිරීමට තරම් සිරිලක් බිම සවිමත් වෙද්දී ලෝකෙට ලොක්කන් බවට නරිවාදන් දෙසා බාන බිරිතානියට ගරැගාම්භීර රාජ්‍ය නායකයෙක්ට ආරක්ෂාව සැපයීමට නොහැකිවීම ගැන ලැජ්ජා විය යුත්තේ නොවේද?

අද ලංකාවේ ඊලාම් කොඩියක් දිග අරින්නට හදන මොනයම් කාඩරයෙක්ට හෝ වේවා වෙන දෙය ඔබව වැටහෙනවා ඇත. ලංකාව කොටි අවසන් කර ඇත.බිංදුවටම අවසන් කර ඇත. නමුත් බිරිතානියට තහනම් සංවිධානයක් වන කොටින් ගේ නාඩගම් නතරකර ගැනීමට බැරිවීම විලිසංහදිය ඇති අයෙක්ට හිටගෙන මුත්තරා පිටවෙන වැඩකි

හැමදෙයින්ම පේන්නේ මේ පුංචි රට කොටි පැරැද්දවීම ගැන තවමත් ලෝකෙට ලොක්කන්ට හොදටම දැනී ඇති බවයි. ඒ ලැජ්ජාවට කරන්නට ඇති එකම දේ මෙය පමණක් බව අපට සිතාගත හැක. ඒත් හෙට දින වුවද එංගලන්ත අගමැති මේ සිරිලකට ආවොත් අවසන් සටන පැවති බිමට පවා ගෙන ගොස් පිරබාහරන් නැමති අලුගෝසුවා මරාදැම්මේ මෙහියයි පෙන්නන්නට තරම සවිමත් රණවිරැවන් පිරිසක් මේ රටේ සිටීම සිරිලක් අම්මාට මහා ආඩම්බරයකි.

මේ මොහොතේ බොරදියේ මාලුන් දඩයම් කරන්නන් සිටින බවද පෙනෙන නමුත් එදත් කොටින්ට අතදුන් සිංහල කොටින් ගේ පුල්ලි දැක බලා ගත හැකි තවත් ස්වර්ණමය අවස්තාවක් බව අප කිවයුතුමය. අපි මේ මොහොතේ ලාංකිකයන් වශයෙන් එකාවන්ව සිටිය යුතුය.

මේ පිළිබද ඡායාරෑප සහිතව අපේ අනෙක් අඩවියේ ලිපියකින්ද අනාවරණය කර ඇත. එය ඔබට මෙතැනින් එම ලිපිය බැලිය හැක.

මේ වකවානුව චැන්ල් 4..අල් ජසීරා..හියුමන් රයිට් වැනි ආයතන ලංකාවට සාපරාධී යුධ අපරාද චෝදනා එල්ල කරන සමයකි. එබැවින් සියලු දේ කනින් අසා නුවණින් කටයුතු කල යුතු සමයකි. එබැවින් ලෝකය ඉදිරියේ අපේ රට පෝරකයට ගෙනයාමට එරෙහිව අප පෙලගැසිය යුතු අවස්ථාවකි.


සිරිලක් පොළවේ කාදිනල් උතුමන්


එදා ලංකාවටම සතුට පිබිදුන දවසකි. ලංකාවාසී හැමදෙනාම කතාබහ කලේ කලකට පසුව මේ පුංචි දිවයිනෙන් බිහිවන කතෝලික දේව සභාවට ආලෝකයක් වන සිරිලක් පහන් තරැව ගැනයි. අතිඋත්තම මැල්කම් රංජිත් අගරදගුරු හිමාපාණෝ වතිකානුවේදී පාප් වහන්සේ අතින් කාදිනල් හිස් පළදනාව ලබන අයුරැ ආගමික භේදයකින් තොරව ලක්වැසියන් හද පිරි න්තෝසයෙන් බලා සිටියහ.

කාදිනල් තනතුරේ වැදගත්කම ලෝකවාසි ජනතාව ඉතා හොදින්ම දන්නා අතර එය නිසිකලට අපේ අගරදගුරු තුමන්ට හිමිවීම ඉතා සතුට දනවන සිදුවීමක් බව හදවතින්ම ප්‍රකාශකල යුතුය.

උන්වහන්සේ ලක්පොලොවට පය තබන මොහොතේ ආගමික සහජීවනය පෙන්නුම කරමින් සෙත් පිරිත් සජ්ජායනය කිරීමත්, සැදැහැවත් ලෙසින් ඒ පිරිත් අසා සිටීමෙනුත් උන් වහන්සේ එය තවත භාවිතාවෙන්ම ඔප්පු කල සේක.

අපි උන්වහන්සේට උන්වහන්සේගේ ආගමික දර්ශනය අනුව දෙවි පිහිටාශිර්වාදය පතන අතර අපේ දර්ශනය අනුව සිරිලක් පොළවේ කාදිනල් උතුමන්ට තෙරැවණ් සරණ පතමු.