පුටුවෙන් මම නැගිට්ටේ හිතේ තිබූ දුක තරහ සියල්ල දෝතට රැගෙනය. හදවතේ රිද්මය නොසැලකිල්ලෙන් වයන සිතාරයක තත් පරිද්දෙන් වේගයෙන් ක්‍රියාත්මකවේ. නුඹ මෙතරම් ඉක්මණ් වේයයි මා කිසි දිනක නොසිතුවෙමි. නුඹ මා ළයට ළය බැඳී ආදරය කල පරිද්දෙන් නුඹ මෙතරම් ඉක්මණින් නුඹ වෙන හිතකට ලංවේයයි මා කිසි දිනක නොපැතුවෙමි. ඒ පුවත මා නෙත් දෙකින් දකිනතුරු මා හද සන්තානයට නොදැනුනි. නමුදු දැන් එය නුඹේ වදන් වලින්ම මා නෙත් ඉදිරිපිටට දෘශ්‍යමාන කර ඇත. එය එසේනම් මා කල යුත්තේ කුමක්ද.
නුඹේ සුසුම් උණුසුම තවමත් මා මුවින් බැහැරගොස් නැත, නුඹේ මෘදු තොල්පෙති ආලිංගනයේ සුවය තවමත් මා හැර ගොස් නැත, නිතර මා අගය කල නුඹේ හඬ තවමත් මා සවනින් රැව් පිලිරැව් දීම නතර වී නොමැත. එහෙත් සියල්ල එතන තබා නුඹ ගොස් අවසන්ය. පුටුවෙන් නැගිට මතකයන් සියල්ල තත්පර කීපයකින් නෙත් ඉදිරිපිටට ගන්නට ජනේලය අසලට ගියෙමි.
නිබඳව නුඹ හැර ලොවක් නොසිතූ මා අද නුඹෙන් පසු ලොවක් ගැන සිතන්නේ කෙසේද. නුඹ යන්නට ගියද අද වනතෙක් නුඹ මා සතු නොවන බව හැඟී නොමැත. ඒත් අද එය හැඟුනි. මම තනිකඩව අසරණව ඇති බව දැනෙන්ට විය.
නුඹ සමග ගෙවූ අවසන් දිනය සිහිවන්නට විය. අවසන් තත්පරය දක්වා නුඹ මා සමග සතුටින් ගතකල හැටි ආවර්ජනය විය. නොගොස් බැරිකමට මෙන් බස් රථයට ගොඩවී සුපුරුදු හිනා මුහුණින් ගිය නුඹට මා බස් නැවතුමේ සිට අත වැනූ අයුරු සිහිවිය. මා හට අතවනන්ට ගොස් අතේ තිබූ යමක් වැටී නුඹට තවත් සිනහා ගිය හැටි මට තවමත් මතකය. ඒ මතක සියල්ලක්ම අතීතය ගෙනගොස් ඇත. ආදරය තබා නුඹ ගොස් ඇත. ජීවිතය එසේවන්නට ලියා තියෙන්නට ඇති. අන්තිම මොහොත එළඹ ඇති බව හැඟෙන්නට විය.
ජනේලය අසලින් ඉවත්ව හදිසියේ මතක් වූ යමක් සොයා ගියෙමි. කාමරයේ ඇඳ මත තිබී ජංගම දුරකතනය හමුවිය..නුඹේ අංකය සොයා ගන්නට තත්පරයක් ගතවිය. අවසන සොයාගතිමි. කෙටි පණිවිඩයක් නුඹේ නමට ලියැවුණි..
...බබා මේ මගේ අන්තිම පණිවුඩේ..මම ආයෙත් මොකුත්ම මම ගැන දැනගන්න තියන්නේ නෑ..දිවිතෙක් මම නුඹට මුණ නොගැසෙනු ඇත..මගේ මතක තබාගෙන මම මෙහිම රැඳෙමි..යන්නම් සදහටම..නුඹට ජයවේවා...
පණිවුඩය යවා නුඹේ අංකය සබඳතා ලයිස්තුවෙන් මකා දැම්මේ හිතේ ආවේගය දුක අතරමය. ඇස්දෙකේ රැඳුනු කඳුලු කෙදිනකවත් නොමැතිව සරදම් කරන්නට ගෙන තිබුණි. සියල්ල අවසන් කර නැවතත් දුරකතනය ඇඳමත තබා සුසුමක් හෙලීය. දැන් නුඹ මා ලඟ නැත..බබා..ඒ නුඹට ආදරේට කියූ නම..ජම්බු කුමාරි..එයත් තවත් සුරතල් නමක්..ඒ නුඹ සමගින් ගෙවූ සොඳුරුම ජීවිතයේ මම ලද අවසන් සැමරුම්ය.
නැවතත් යමක් මතක් වූ පරිද්දෙන් දුරකතනය ගෙන මතක ගබඩාව පිරික්සා බැලීය...නුඹ නමින් වූ ගොනුව..බබා ලෙස නම්කල ගොනුව විවෘත විය..සුදු පැහැති ඇඳුමින් සැරසී බෙල්ලත් ඇල කරගෙන සිනාසෙන්නට වෙර දරන මම ආසම කල නුඹේ අවසන් ඡායාරූපය එහිවිය..ඇස් දෙක වසා ගතිමි..කඳුලු මැදින් හදවතේ රිද්මය නතරකර ගතිමි..මොහොතක් ඉවසා යලිත් නුඹේ සොඳුරු රුවදෙස අවසන් වතාවට බැල්මක් හෙලීය..ඉපදෙන ආත්මයක් පාසා නුඹ මගේම වේවා..පැතුම හිත රැඳී තිබෙන අතර නැවත ඇස්වසා ගතිමි..ජංගම දුරකතනයේ යතුරු කීපයක් එබිනි..
..නුඹේ ඒ සොඳුරු රුව මැකී ගියේ දිගු සුසුමක් සමගය...සුබ ගමන් බබා..හැමදාටම...
෴ සත්‍ය සිදුවීමක් ඇසුරින්෴
ලස්සනයි! :)
ReplyDeleteලස්සනයි. කොහේද දැන් මෙයා යන්න හදන්නේ.
ReplyDeleteකෝ අනේ යාගෙ කතාව..??
ස්තූතියි යාළුවනේ..යන තැනක් නොදනිමි..
ReplyDeleteහිතට දැනුනා ගොඩක්.. මේක ඇත්ත සිද්ධියක් නිසා වෙන්න ඇති ඒ
ReplyDeleteඇත්ත සිද්ධියක්ද කියලා මම දන්නේ නෑ..මේක ටික කාලයකට කලින් මට හිතුන දෙයක්
Deleteලස්සනඉ හරිම මෙව්ව කතාවක්...
ReplyDeleteමෙව්වා කිව්වේ...
Deleteහම්මෝ... මේ දවස් වල බ්ලොග් වල ලියවෙන එව්වා කියවනකොට දුක වැඩි වෙනවා..
ReplyDeleteලස්සනයි, දුකයි, මොනෑ කියන්නද කියලා හිතාගන්න බෑ. :/
මෙලොව සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි..සියල්ල එක් මොහොතකට පමණි
Deleteසුබ අනාගතයක් :)
ReplyDeleteමේ කතාව ලිව්වේ අතීතේ..ඒ කියන්නේ එහි අනාගතය වර්තමානයයි..එයනම් එතරම් සුබ නොවිනි
Delete