වේලාව රාත්‍රී නවයයි..මෙතැන් සිට ප්‍රවෘත්ති ප්‍රකාශයට මැදිරිය බාරයි..මම ආයෙත් ඔයගොල්ලන්ව හමුවෙන්න ලස්සන ගීත රැසක් අරන් එනවා..එතෙක් සුබ රාත්‍රියක්...
තනුජ් කියලා ඉවර වෙනකොටම ලස්සන ගීතයක් වාදනය වුණා...
....එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා පිණිමල් වරුසාවේ....
වික්ටර් රත්නායගේ වශීකෘත හඬට සවන් දීගෙනම තාක්ෂන මැදිරියට ආවා.
...මචං තනුජ් උඹේ පෝන් එක කීප සැරයක්ම රින්ග් උනා..හදිස්සියක්ද දන්නෑ පොඩ්ඩක් බලපන්...
තාක්ෂණික මෙහෙයුම් කරන නාලක කිව්වේ ඒත් එක්කමයි. තාක්ෂණ කුටියේ තියලා යන ජංගම දුරකතනය බලන්න වෙන්නේ වැඩසටහන ඉවරවුනාම හරි විවේකයක් ලැබුණම හරි තමයි...
.......... 6 missed calls :: Lochana .....
තනුජ්ට හිතාගන්න බැරිවුණා ඇයි මෙච්චර ඇමතුම් ගාණක් ලෝචනා අරන් තියෙන්නේ කියලා. තමන්ගේ වැඩසටහන අහන්න පුළුවන් තැනක නොහිටියත් ලෝචනා දන්නවා තනුජ් මේ වෙලාවෙ ඉන්නේ..පිණිමුතු පලස වැඩසටහනේ කියලා..තනුජ් හිතේ බයත් එක්කම රින්ග් කලා..ඒත් ඒ එක්කම ලෝචනාලගේ ගෙදර සී.ඩී.එම්.ඒ දුරකතනයෙන් නැවතත් ඇමතුමක්..
...ඇයි ලෝචි..හදිස්සියක්ද රත්තරනේ??...
එකපාරටම ලෝචි මුකුත් කිව්වේ නෑ..ඒත් ටිකකින් සිහින් ඉකිබිදුමක් එක්ක වචන ආවා. ඒත් ආවෙ වචන නෙවෙයි ඇඩුම් හඬක් විතරමයි..
...අඬන්නෙ නැතුව කියන්න දරුවො මොකද වුනේ කියලා?..
එපාර ඇඩුම ටිකක් නතර කරලා ලෝචනා කතා කලා..
...ඔයා වැඩකද ඉන්නේ තනුජ්...
...මම දැන් බ්රේක් එකේ ඉන්නේ..තව විනාඩි 20 ක් තියනවා..කියන්න රත්තරනේ..ඇයි මේ..මගෙන් මුකුත් වරදක් වුනාද..පෝන් එක ගන්න බැරිවුනේ මම ස්ටූඩියෝ එක ඇතුලෙ හිටියේ ප්‍රෝගෑරෑම් එකේ...
..එහෙමද...අනේ සොරි තනුජ්...අද මට මාර දුකයි තනුජ්...කැම්පස් එකේ මට ඉන්නේ හොඳම යාළුවො දෙන්නයි කියලා ඔයා දන්නවනේ...එක්කෙනෙක් දැන් ටික දවසක ඉඳලා හරි වෙනස්..අපි දෙන්නට වෙනස් කම් කරනවා...මාවයා මගේ අනිත් යාළුවයි මග ඇරලා යනවා...දැන් කෝල් කරලත් මට දොස් කිව්වා...අනේ තනුජ් මම එයාට වරදක් කරලා නෑ...
ලෝචනාට මේ වගේ ප්‍රශ්න හැමදාම තියනවා. ජීවිතේ තනුජ් දැකපු සංවේදිම කෙල්ලා ලෝචි වෙන්න ඇති. ඒ සංවේදීකමට අහිංසක කමට තනුජ් ගොඩක් ආදරේ කලා..ඒත් මේ හැමතිස්සෙම වැටෙන කඳුළු වලට නම් තනුජ් කැමති වුනේ නෑ...
...මුලින්ම ඔය ටැප් එක නතර කරගන්න කෝ...
...ඔයා හරි නරකයි තනුජ්...මම තරහයි...හහහහහ
බොරු තරහක් මවාගෙන ලෝචනා නිහඬ වුනා.
..හරි හරි සොරි ඉතින්..අඩද්දි පුළුවන්ද හිත හදන්න...ඉතිං ඒ යාළුවාට ඔයා වරදක් කරලා නැත්නම් ඔයා දුක්වෙන්න දෙයක් නෑ..එයා මොකක් හරි ප්‍රශ්නෙක හරි වැරදි වැටහීමක හරි ඇත්තේ..ඒත් එයා දුක හිතින් ගියාම ඔයාටම ඇවිල්ලා කතා කරාවි..එතකන් හොඳ ළමයා වගේ අඬන්නේ නැතුව ඉන්න..හරිද..
..හරි තනුජ්..ඒත් මට මාර දුකයි...මට කර කියාගන්න දෙයක් නැතුව ඔයාට ගත්තේ..මට මේ හැම දුකක්ම කියන්න ඉන්නේ ඔයා විතරයි...
හිතේ තිබුණු හැමදේම අවංකවම ලෝචනා කිව්වා..දරාගන්න බැරි ආදරයක් තනුජ්ට දැනුනා.තමන්ගේ හැම මහන්සියක්ම දුකක්ම ඒකට හේදිලා ගියා..
..හා හා..දැන් ඉතින් ඒවා අමතක කරලා දාමූ..හහහහහ
...ඔය ..මොකද හහහහහ ගාන්නේ...මම තරහ වෙනවා..
ලෝචනා පොඩි එකෙක් වගේ දඟලවන්න තනුජ් හැමදාම ආසකලා.
..අද තනියම නේද..ඒක නිසා දැන් රෑට කෑම කාලා..හොඳට දොර ජනෙල් වහලා..පරිස්සමට නිදාගන්න යන්න හොඳද...
..හොඳමයි සර්....
..අන්න හොඳයි...මං ඔයාට ගොඩක් ආදරෙයි ලෝචි...ආයෙ අඩන්න බෑ හරිද..
...මමත් ගොඩක් ආදරෙයි තනුජ්..නෑ නෑ අඩන්නේ නෑ...
දෙදෙනාම ටිකක් නිහඩ වුනා.
..තනුජ්...
..ඇයි ලෝචි...
...ඔයා ගොඩක් හොඳයි..ඇත්තටම...
..අපොයි..මම හරි නරක එකෙක්...
..අනේ නෑ ඔයා හරි හොඳයි...ඒකයි මට ඔයාව නැතුව මොහොතක්වත් ඉන්න බැරි...
ඒ හැම වචනයක් එක්කම දුකතනය නිහඬ වුනා. හැමදේම මතකයක් විතරක් බවට ඉතිරි කරලා.
පිස්සු කොරයි අයියෙ....
ReplyDeleteආදරේ වෙලාවකට පුදුමාකාරයි.. තේරුම් ගන්න හරි අමාරුයි...
ReplyDelete@පිසාචයා - ස්තූතියි මල්ලි
ReplyDelete@දිනේෂ් - ඒකම තමයි අදරේ තියන අරුමේ සහ කරුමේ..ස්තූතියි දිනේෂ්
මගේ 3 වෙනි ආසාව :D
ReplyDeleteමොකක්ද බනියා තුන්වෙනි ආසාව???
ReplyDeleteලව් ඉදිරියේ වැඩුණු කෙල්ලන් කොල්ලන් ගොංපාට් හැසිරීම දක්වන්නේ අැයිදැයි තේරු් ගන්නට තැත් කරමි! :(
ReplyDeleteලස්සනයි අෑ
මේකත් මෙගා සීරීස් යන කතාවක්ද... කෝ අනිත් කතාවෙ ඉතුරු කොටස.
ReplyDeleteඑක හුස්මට කියවගෙන ගියා..
ReplyDeleteනියමයි.
(මාතර කිව්වම කොහොමත් නියම තමයි.නැද්ද මලේ)
ඒ පාර මොකක්ද??
ReplyDeleteලස්සනයි,.. ඒත් හැම මතකයක්ම අන්තිමේ ගේන්නේ වේදනාවක් විතරයි..
ReplyDelete@තනි අලියා - සිරාවට මටත් ඕක හිතෙනවා..ඒත් ඒක ආදරේ වැඩිවෙන්න කියලා වෙන්න ඇති...ස්තූතියි යාළුවා
ReplyDelete@පිණිබිඳු - නෑ..නෑ මේක කෙටි කතා පොඩ්ඩක්..නිකමට ලිව්වේ. නව කතාවේ 11 වැනි කොටස ඉක්මණින්ම දානවා
@පබලු- ස්තූතියි සහෝදරී..අපි දෙන්නම ඉතිං මාතර අභිමානේ ඇඟේම දුවන දෙන්නෙක්නේ..නේද?
ReplyDelete@නිසුපා - මේක කෙටි කතාවක්.හොඳද කියලනම් දන්නෑ..
@ප්‍රාර්ථනා - ස්තුතියි යාළුවා..මතකයන් වේදනා වෙන්නේ මතකයන් හිත්පිත් නැති විදියට අමතක කරලා දැම්මමයි..
"....එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ
ReplyDeleteමතකද ඔබ මා පියවර මැන්නා පිණිමල් වරුසාවේ...."
මටත් ඔහොම ගිය හැටි මතකය් ......හෙහ්...හෙහ්...හෙහ්.....
හා හා අතීතේ මතක අතර පිං පං බෝල ගහනවද? තෑන්ක්ස් අන්කල්
ReplyDeleteඅඩේ මෙගා 2ක් එකපාර දාන්න එපෝ අනෙක ඉක්මනට ලියන්නකෝස්
ReplyDeleteආදරේ සුන්දරයි.............. ජිවිතේ මල් මිටයි... මේ පැත්තේ ආවමයි... අපි මෙහේ නවතින්න තිරනය කලා ජයවේවා
ReplyDelete