Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Oct 15, 2011

හමුවුණා..අනේ හමුවුණා (පසුවිපරම)

හමුවුණා..අනේ හමුවුණා කියන්නේ මම විසින් සයිබර් අවකාශය වෙත ලියා පලකරන ලද කුළුඳුල් නවකතාවයි.කොටස් 13 කින් මේ කතාව අවසන් වෙද්දි ඒ කතාවේ කතා වස්තුව හා සිදුවීම් මාලාවේ ගලායාමට ගොඩක් අය ආසාවෙන් ඉඳලා තියනවා කියලා දැන්ගන්නට ලැබුණා. ඒ හේතුවෙන් පුද්ගලිකව අතිශ්‍යයින්ම සතුටුවන බව නිහතමානීව හා නිරාමිස ප්‍රීතියකින් යුක්තව ප්‍රකාශ කලයුතුමයි. කතාවේ අවසන් කොටස පලකිරීමත් සමග මෙන්ම කතාව පලවුණු ජූලි මාසේ මුල් සතියේ සිට ඔක්තොම්බර් මස දෙවන සතිය දක්වා මාස තුනක කාල පරිච්ඡේදය පුරා ලද පැසසුම් හා ගැරහුම් සියල්ල කියාපෑවේ ඒ ප්‍රයත්නයේ සාර්ථකත්වය කියලා කිව යුතුමයි.


  ඇත්තටම මෙම සයිබර් නවකතාව ලියන්න පටන් ගනිද්දි ඒ පිළිබඳ එ තරම් හොඳ අවබෝධයක් නොතිබුණත් කොටසින් කොටස ලියාගෙන යද්දි පාඨක ඔබගෙන ලැබුණු දිරිගැන්වීම් මේ කතාව ඉතාමත් හොඳින් අවසන් කරන්නට මහත් ශක්තියක් වුණා. විශේෂයෙන්ම මේ කතාවේ මුල් කොටස් 8 ම ලියන්නට සිදුවුණේ මාගේ අතිජාත මිත්‍රයාවන ධනුෂ්ක කාලිංග මඩවල ලියනගේ සහෝදරයාගේ පරිගණකයෙන්. මුලින්ම ඔහුට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පරිගණකය අකර්මන්‍ය වෙලා තිබියදී මේ සොදුරු නවකතාව ගොඩනගන්න තම පුද්ගලික පරිගණකය විතරක් නෙවෙයි තමන්ගේ කාමරය වගේම හිතන්න නිදහසත් ලබාදුන්නු නිසා. බොහෝ වෙලාවට කතාව හිතේ තියාගෙන ගිහින් මොටාගෙදර පන්සල පාරේ ධනුෂ්කගේ දෙමහල් නිවසේ උඩුමහලේ පාර පැත්තේ කාමරේට වෙලා තනියම කල්පනා කර කර කතාව ලියන්න ඔහු ලබාදුන්නු ඉඩකඩ නොවෙන්න මෙය මෙසේ අවසන් නොවෙන්නට ඉඩතිබුණා.

   එසේම මේ කතාව පියවරෙන් පියවර ලියාගෙන යද්දි එක් කොටසකට ලැබුණු අදහස් ගණන අතේ ඇඟිලි ගණනට වඩා යන්තම් වැඩිවුණත් එය අධෛර්යට පත්වෙන්න කිසිම හේතුවක් වුනේ නෑ කියලා කිව යුතුමයි. එම අදහස් පමණක් සලකලා බලලා කතාව ලිව්වනම් මුලින්ම කතාව නවත්වන්න වෙනවා අනිවාර්යයි. නමුත් අදහස් දක්වපු හැමදෙනාම නම් වශයෙන් මතක බවත් ඔවුන්ට හදවතේ ගැඹුරුම තැනින් තුති පුදකරන්නත් මම පසුබට වෙන්නේ නෑ.ඒ විතරක් නෙවෙයි ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරු මිතුරියන් මේ කතාව වෙනුවෙන් පලකරපු අදහස් බොහොම වටින බවත් ඒ අදහස් හා ෆේස්බුක් හරහා එවපු පණිවිඩ හා සුබ පැතුම් අගයකිරීම් හැමදේටම ගොඩක් ස්තූතියි. ඒ විතරක් නෙවෙයි බෙන්තර පාලමෙන් එහා පේස්බුක් එකතුවේ අනුෂ්ක, හිම හංසි, ගයාන් කල්හාර(නිතරම මේ කතාව හැඳන්වුයේ ඇල්ටෝ කතාව කියලයි),ප්‍රාර්ථනා අක්කා, කිඩෝ මල්ලි විශේෂයෙන් මතක් කල යුතුමයි. ඒ වගේමබ්ලොග් අවකාශයේ දිනේෂ් උමගිලිය, නිසුපා සොයුරිය හා පන්සල හන්දියේ සාරංග,හංසනී පතිරාජ ආදී හැමෝම බොහෝම වටිනවා කියලා කිව යුතුමයි.

  ඒ වගේම මගේ විශ්ව විද්‍යාලයේ මිතුරන් කැල මේ කතාවේ කොටසක් නෑර ජීවිතේ ඇත්තම කතාවක් වගේ වින්දනීයත්වයට පත්කිරීම මට විශාල සතුටක් ලබන්න හේතුවුනා. විශේෂයෙන් සමීර,තෙදුෂිකා,නිසල්,සචිත්‍රි සහ ලහිරුනී මේ හැමෝම කතාව බොහොම ආදරයෙන් කියවලා අදහස් එකතුකරා. ඒ අතර සමීර හා තෙදුෂිකා බොහෝවිට කතාවේ කොටසක් කියවපු ගමන්ම කෙට් පණිවිඩයකින් හෝ දුරකතන ඇමතුමකින් අදහස් දැක්වීම මා මවිත කල හේතුවක් වුනා. ඒ වගේම මගේ ගම් ප්‍රදේශයේ නොදන්නා දන්නා බොහෝ දෙනෙක් මේ කතාව කියවමින් මට දුරකතන ඇමතුම් ලබාදෙමින් මාව දිරිමත් කලා. විදේශයන්හි ජීවත්වෙන ලාංකිකයන් මේ කතාවට උමතුවෙන් මෙන් බැලීම හා ඊ මේල් පෝෂක වලින් කියවීම මගින් ඔවුන් මේ කතාව තමන්ගේම කරගත්තා.

  පැසසුම් වගේම ලැබුනු ගැරහුම් මතක් කල යුතුමයි. සුළු වරදක් සිදුවූ සැනින් ඇති සියලු හොඳ මකා දැමීමේ පිළිවෙත මේ කතාව මතද ක්‍රියාත්මක වුනා. එයත් හිස නමා පිළිගන්නට සූදානම්. ඒ විතරක් නෙවෙයි මේ ලිපියේ ඉහල දක්වා ඇති මා විසින් නිර්මාණයකල ඡායාරූපය මාගේ ෆේස්බුක් ගිණුමේ ප්‍රදර්ශනය කරලා තියෙද්දි සමහරු මට චෝදනාකලා වක්‍රව හා සෘජුව මා ඒමගින් පුහු විදියට සැලෝලයිට් කතාවක් ප්‍රචාරණය කිරීමට උත්සහ කරනවා කියා. එයත් යම්තාක් දුරට හරි හිතේ දුකකින් බාරගත්තා.

  ඒ විතරක්ම නෙවෙයි මේ කතාව පලවුනු මාස තුනට මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා. කතාවේ ආරම්භයේදී මහා හයියක් වෙලා හිටපු සමහරු කතාවේ අවසන් භාගය වෙද්දි නොකියාම යන්න ගිහිල්ලත් තිබුණා. ඒත් හැමදේම ආදරයෙන් හා ගෞරවයෙන් බාරගන්නවා. මේ හැමදේම අතරේ හමුවුණා..අනේ හමුවුණා කියන මාගේ ප්‍රථම සයිබර් නවකතාව අවසන්  වුණා. එහිදී චතුරංග සහෝදරයා හොඳ අදහසක් දුන්නා මේ කතාව මුද්‍රණය කරන්න නැත්නම් ඊ බුක් එකක් ලෙස පලකරන්න කියලා.පලවෙනි විකල්පයට ශක්තියක් නැතිනිසා දෙවැනි විකල්පය සිදුකරන්නට බලාපොරොත්තුවෙනවා. ඒ වෙනුවෙන් චතුරංග සහෝදරයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

  ගොඩක් දෙනෙක් ඉල්ලා සිටියා තවත් කතාවක් ඉක්මණින්ම ලියන්න කියලා. වැඩරාජකාරි දහසක් අතරේ මේ නවකතාව ලියද්දි ගොඩක් දෙනෙක් කරපු චෝදනාවක් තිබුණා අපේ ඉසව්වේ පලවුනේ හොඳ අර්ථවත් ලිපි පමණක් බවත් මේ නවකතාවෙන් එහි ප්‍රතිරූපයට හානියක් සිදුකලා කියන චෝදනාව. ඒ හැමදේටම පිලිතුරු දෙමින් මේ කතාව ලියන් ගියා වගේම තවත් වෙනස් විදියේ කතා ඉදිරියටත් ලියන්නට අදහස් කරන බව සඳහන් කල යුතුමයි. දැනටත් හිතේ කතා කීපයක්ම හොල්මන් කරමින් තිබේ. එකක් ක්‍රියාදාම රහස් පරීක්ෂක කෙටි නවකතාවක් හා සංවේදී ආදර කතාවක්. මේ දෙකෙන් හොඳයි කියලා හිතෙන එක කලින් ලියන්න අදහස් කරන් ඉන්නවා.

  ඉතින් අපේ ඉසව්ව සමගින් රැඳී ඉඳිමින් මේ ආදරණිය කතාව රසවිඳපු ඔබ සැමට ගොඩක් ස්තූතියි. නැවතත් හමුවෙමු සොඳුරු කතාවකින්..


11 comments:

  1. හුරේ... E-Book එනෝ... !

    නියමයි සහෝ... නිර්මාණයකට හොඳ අතින් මල් වගේම, මඩ අතින් ගලුත් එනවා තමයි... ඒවා මැදහත්ව විඳ ගන්නවා මිසක් වැඩිය කල්පනා කරන්න එපා... මම මෙහෙම කිව්වේ ඔබ අධෛර්්‍ය වෙයි කියලා... ලියන එක නවත්තන්න එපා...

    ඔන්න එහෙනම් ඊලඟ එක ඇක්ෂන් එක ඕනේ හොඳේ...!!! ඒකත් එළටම ලියමු... රහස් පරීක්ෂක කථා වලට ගැහැණු ළමෝ නම් අකමැති වේවි. ඒත් ඉතින් හුඟ දෙනෙක් කැමති මෘතෘකාවක්නේ...

    ආදර කථා බොළඳයි තමා අප්පා...! බොළඳ නොවී ආදරය කළා කියලා කවුරු හරි කියනවා නම් එයා කරලා තියෙන්නේ ආදරය නෙවී, වෙන මොකක් හරි එකක්... ! හමුවුනා අනේ හමුවුනා කථාවේ බොළඳකමට යටින් හොඳ අර්ථයක් තිබුණා. කථා වස්තුව නම් ටිකක් විතර කොමන් තමා. ඒත් හොඳට ගොඩ නංවලා තිබුනා. කියවන්න යමක්, හිතන්න යමක් තිබුනා... ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි

    මගේ නමත් සඳහන් කලාට ස්තුතියි. ඉදිරිය දෙස බලා ඉන්නම්...! ජයවේවා සහෝ...!!!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි සහෝදරයා..අදහස් ගොන්නක් යනු මට මල් වට්ටියකි..

    ReplyDelete
  3. කතාවනම් උපරිමයි!
    එවුනට මම නම් කතාව කියෙවුවෙ අන්තිම කොටසත් දැම්මට පස්සේ. කලින් දැකල තිබුනට මට මේකේ නම ඇල්ලුවේ නැ නිකන් හෙන බොළදයි වගේ හිතුනා :-)
    කියවනකොට නේ එල කියල තෙරුනේ.අපරාදේ මුල ඉදන් කියවන්න තිබුනේ.
    අපේ මාතර කොල්ලෙක් නේ.මමත් තිහගොඩ.
    තව කතාවක් දානකන් බලන් ඉන්නේ.

    ReplyDelete
  4. රහස් පරීක්ෂක කතාවක් මගේ හිතෙත් තියෙනවා.. හරි යාළුවා ඉතින් මගේ ගමේ මිතුරනේ.. ඒනිසා මං මගේ ඒ කතාව පස්සට දාලා වෙනින් එකක් ලියනවා..
    මං මේ කතාවට එකතු උනේ මැදදි.. මොකද මං ලංකාවේ හිටපු අතරෙනේ මේක පටන් අරන් තිබුනේ.. මේ කතාව මං ගොඩක් ආසාවෙන් කියෙව්වේ.. ඒ ඇයි කියලා ඔබ දන්න නිසා මං ආයෙ ආයේ ඒ ගැන කියන්න යන්නේ නෑ..
    මං ඉස්සෙල්ලම ලියපු කතාවටත් යාළුවා කියන්න වගේ තිබුනේ අඩු කමෙන්ට් ගානක්.. ඕවා ඔහොම තමයි.. දිගටම ලියන්න.. මං අනිවාර්යෙන් මේ පැත්තේ එනවාම තමයි..

    ReplyDelete
  5. @මහිම - ගොඩක් ස්තූතියි..නැවතත් කතාවක් ලියනවා ඉක්මණින්ම..

    @දිනේෂ්- අනිවාර්යයෙන්ම..බොහොම සතුටින් පිළිගන්නවා සහෝදරයා

    ReplyDelete
  6. ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි හැම කොටසක්ම වරද්දන්නෙ නැතුව කියෙව්වා. හැබැයි හැම කොටසටම කමෙන්ට් කරන්න නම් බැරි උනා. මම කියවත්දි සමහර වෙලාවට කොටස් දෙක තුන එක පාරට කියෙව්වෙ. කොහොම උනත් ගොඩක් සංවේදී හදවතට දැනෙන නිර්මාණයක්. නින්දා අපවාද එක්ක හිත වට්ටගන්නෙ නැතුව ඉන්න පුලුවන් ඔයාට. දුක දැනෙයි ඒත් ඒ දුකත් පන්නරයක් කරගෙන ඉදිරියට යන්න පුලුවන් හයිය තියනවා. තව ලස්සන කතාවක් ලියන්න, මම නම් කැමතියි රහස් පරීක්ෂක කතාවක් ලියවෙනවා නම්. ෂර්ලොක් හෝම්ස් කතා පොඩි කාලෙදි ආසවෙන් කියෙව්ව නිසා ඒ ආසාව තාමත් තියනවා.

    ගොඩක් ස්තූතියි ලස්සන නිර්මාණයක් අපි අතරට ගෙනාවාට.

    ReplyDelete
  7. @හංසි - ඇත්තටම ගොඩක් ස්තූතියි හංසනී..ගොඩක් ලොකු හයියක් වචන ටික..

    @Gayan - yep yep hope to do so machan..

    ReplyDelete
  8. කතාව ලස්සනට ලියල තියෙනවා.. චිත්ත රූප මැවෙනවා කියවගෙන යද්දි.. සමහර තැන් වලදි නම් ඇඬෙනවා.. කතාව නිකම් ඇඟටම දැනෙනවා හොඳට එතකොට.. තවත් මේ වගේ කතා ලියන්න... ඔබට ජය..!

    ReplyDelete
  9. niyamai ayye harima lassanai katawa mama okkoma kiyeuuwa .
    oyata tawa tawa lassana kata liyanna puluwan wenna kiyala suba pathanawa
    mama asama matara kello kollo gena oya kiyala tiyen aewata
    mamat matara kellek tamai

    ReplyDelete
  10. LPS- බොහොම ස්තූතියි සහෝදරයා..පලමු ප්‍රයත්නය වුනත් උපරිමයෙන් කරන්න උත්සහ කලා..

    Anonymous- බොහොම ස්තූතියි යාළුවා..මාතර කොල්ලො කෙල්ලෝ ගැන මාතර අපි ඇර වෙන කව්රු දන්නවද ඒ වගේම උන් ගැන අපි ඇර වෙන කව්රු ලියන්නද

    ReplyDelete