Jan 18, 2012

ටයිටැනික් ඛේදවාචකය නැවතත් කරළියට ගෙන ආ “කොස්ටා කොන්කෝඩියෝ“ අනතුර


ටයිටැනික් යනු 1912 වර්ෂයේ අප්‍රේල් 11 වැනි එංගලන්තයේ සදන්මිටන් වරායෙන් ගමන් අරඹා අප්‍රේල් 14 වැනි දින එක්සත් ජනපදය පෙනෙන නොපෙනෙන දුරින් අයිස් කන්දක ගැටීම හේතුවෙන් විනාශ වූ එකල සුපිරිම ගණයේ කෘ ෘසර් නෞකාවකි. එම ඛේදවාචකය හේතුවෙන් එදා මෙදාතුර ඉතිහාසයේ නෞකා අනතුරකින් අහිමිවූ වැඩිම ජීවිත ගණන පෙන්වමින් 1500 කට ආසන්න පිරිසක් ජීවත් විය. පසුකලෙක එහි කතා සාරය ඇසුරින් ටයිටැනික් සුන්දර ආදර කතාවක්ද අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් අතින් නිමවිය.

ඉන් වසර සියයකට පසු නැවතත් ටයිටැනික් ඛේදවාචකය පුනරුප්පත්ති ය ලබන්නේ ඉතාලිය අසබඩ මුහුදේ දීය. ඒ පසුගිය දිනක නොසිතූ විරූ අයුරින් අනතුරට පත්වූ “කොස්ටා කොන්කෝඩියා“ නම් සුපිරි ගණයේ අධි සුඛෝපභෝගි මගී නෞකා අනතුර හේතුවෙන්ය. මෙම අනතුර හේතුවෙන් විස්සකට ආසන්න පිරිසකගේ මළසිරුරු හමුවූ අතර තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බවට වාර්තා වේ. මෙම අනතුරද ටයිටැනික් අනතුරට සමාන කමක් දක්වයි.


“කොස්ටා කොන්කෝඩියා“ යනු වත්මන් ලොව 26 වැනි විශාලතම මගී නෞවකාවයි. මෙය නිර්මාණය කර ඇත්තේ ලොව පස්වැනි තැනට විශාලතම කෘ ෘසර් වර්ගයේ මගී නෞකාව වන “ක්වීන් මේරි“ නෞකාවේ ආකාරයටය. ටොන් 115,400 ක් බරින් යුතු මේ නෞකාව සුපිරි තාක්ෂණය ඉහලින්ම භාවිතා කර තිබිණි. මගීන් 3078 කට සහ කාර්ය මණ්ඩලය 1060 කට ගමන් කිරීමේ හැකියාව මෙහි විය. නොබෝදා අනතුරට පත්වන විට මෙහි සම්පූර්ණ ධාරිතා මට්ටමට මගීන් සිට ඇත.

මෙම අධි සුඛෝපභෝගී නෞකාව අනතුරට පත්වන්නේ රාත්‍රී කාලයේදී ඉතාලියට බටහිර මුහුදේ ගිග්ලේ නැමති දූපතක් ආසන්නයේදීය.නෞකා වේ කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලි බලය විසන්ධි වී ඇති අතර නෞකාවේ මගීන් නිරුපද්‍රිතව ගොඩ බිමකට රැගෙන යන අටියෙන් නැව් කප්පිත්තා නැව ආසන්නවම පිහිටි දූපතක කුඩා වරාය වෙත රැගෙන විත් තිබෙනවා.එය නිශ්චිත ගමන් මාර්ගයෙන් පිට ගමන් කරමින් කුඩා වරායට ආසන්න කර මගීන් ජීවිතාරක්ෂක බෝට්ටු මගින් ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිට ඇත. මගීන් අනවශ්‍ය කලබලයට පත්වීම වැලැක්වීමට කාර්මික දෝෂය පිළිබඳ මගීන් දැනුවත් කරද නොමැති.

නමුත් අවාසනාවකට ටයිටැනික් ඛේදවාඡකයේ ආකෘතිය එලෙසින්ම ආ රක්ෂා කරමින් නෞකාව කොරල් පරයක ගැටුණු අතර එයින් යාත්‍රාවේ බඳ කොටස හිල්වී ඒ තුලට ජලය කාන්දු වීම සිදුවී ඇත. මේ හේතුවෙන් යාත්‍රාව වේගයෙන් ඇලවීමට පටන් ගෙන ඇති අතර එහි පසුපස කොටස ගිලෙන්නටද පටන් ගෙන ඇත.
කලබලයට පත් මගීන් ජීවිතාරක්ෂක බෝට්ටු ක්‍රියාත්මක කිරීමටත් පෙර ජීවිතාරක්ෂක කබා ඇඳ මුහුදට පැන හැකි පමණින් මීටර 100ක් පමණ එපිටින් තිබූ දූපතට පිහිනා ඇත. එසේ කල නොහැකි අය කඩිමුඩියේ බෝට්ටු වලින් ජීවිතය බේරාගත්තද නැවේ මුලින්ම ගිළුනු කොටසේ සිටි මගීන්ට ජීවිතය බේරාගත නොහැකිවිය.

පාන්දර වෙද්දී යාත්‍රාව කෙමෙන් කෙමින් තව තවත් ගිලී යන්නට වූ අතර කිමිදුම්කරුවන් යොදා අතුරුදන් වූවන් සෙවීමද අපහසු විය. කෙසේ වෙතත් අවසානයේ ඉතාලි රජය මෙම නැව ගොඩගැනීමේ අදහස අත්හැරදැමීය. නැවත වතාවක් තාක්ෂණය පරයා සොබාදහම ජයගත්හ. කෙසේ වෙතත් නැව හා මගීන් අන්තරායක තත්වයකට පත්කිරීම හා නැව අත්හැර පලායාම හේතුවෙන් පසුව නැවේ කප්පිත්තා අත්අඩංගුවට ගනු ලැබීය.

වසර සියයකට පසු ටයිටැනික් ඛේදවාචකය සිහිකරමින් “කොස්ටා කොන්කෝඩියා“ මුහුදුබත් වූ අතර අනාගතයේ එහි පුවත මතින් සිනමා නිර්මාණ බිහිවෙනවා නියතය. එහෙත් එයින් අහිමි වූ ජීවිත හා ප්‍රතාපවත් යාත්‍රාව ගොඩගනු නොහැකිවනු ඇත.


කොස්ටා කොන්කොඩියා ටිකට් වෙන් කිරීමේ වෙබ් අඩවියේ ඡායාරූපය

කොස්ටා කොන්කෝඩියා අනතුරට දින කීපයකට පෙරාතුව තේජාන්විත ගමනේ

8 comments:

  1. කතාවක් තියනව, අලුතිං සිද්දවෙන කිසිම දෙයක් නෑ, සිද්ධ වෙන්නෙ පරණ දේවල් නැවත නැවත සිදු වීම කියල..............

    ReplyDelete
  2. ඔව් ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ..ආගමික ශාස්තෘවරුන් පවා ඒ ගැන විග්‍රහ කරලා තියනවනේ

    ReplyDelete
  3. මේ අවුරුද්දට ටයිටැනික් ගිලිලා අවුරුදු 100ක් වෙනවා නේද

    ReplyDelete
  4. මේ දවස් වල මෙහේ ප්‍රධානම ප්‍රවෘතිය ඕක.. අලියා කියපු කතාවත් එක්ක මමත් එකග වෙනවා...

    ReplyDelete
  5. එහෙනම් දිනේෂ් සහෝදරයගෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු විය යුතුයි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හ්ම මම ත නිවුස් වලින් දැක්කා විස්තරේ..

    ReplyDelete
  8. @වර්ණා - නිවුස් එකකට වඩා දෙයක් කියවන අයට දෙන්න මම හිතුවා

    ReplyDelete